Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා සංගමය සංවිධානය කරන 48 වැනි ‘ශ්‍රීමත් ජෝන් ටාබට් කුසලාන’  කනිෂ්ඨ පාසල් මලල ක්‍රීඩා තරගාවලිය අද (8දා) දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ.
අඛණ්ඩව 5 වැනි වරටත් සිලෝන් බිස්කට්ස් සමාගමේ ‘රිට්ස්බරි’ අනුග්‍රාහකත්වයෙන් පැවැත්වෙන මෙවර තරගාවලිය ලබන 10දා දක්වා ක්‍රියාත්මක කෙරේ.
අවුරුදු 15න් පහළ, අවුරුදු 14න් පහළ, අවුරුදු 13න් පහළ සහ අවුරුදු 11න් පහළ වයස් සීමා යටතේ බාලක-බාලිකා තරග ක්‍රියාත්මක කෙරෙන මෙවර තරගාවලියට දිවයිනේ පළාත් 9ම නියෝජනය කරමින් තරගකරුවන් 3000කට ආසන්න පිරිසක් සහභාගි වීමට නියමිතව තිබේ.
බාලක තරග ඉසව් 33 කින් සහ බාලිකා තරග ඉසව් 32කින් සැදුම්ලත් මෙවර තරගාවලියට හංවැල්ල, නාවලපිටිය සහ ‍පොළොන්නරුව ආශ්‍රිතව ක්‍රියාත්මක කරන ලද මුල් අදියරේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් සහභාගි වෙති.
අද පෙරවරු 8.45ට පැවැත්වෙන සමාරම්භක උත්සවය අධ්‍යාපන අමාත්‍යාංශයේ විශේෂ ක්‍රීඩා උපදේශක සුනිල් ජයවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. 
(සපුමල්)

මේ මස 27, 28 සහ 29 දිනයන්හි නාවලපිටිය ජයතිලක ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සැලසුම් කර තිබූ 48 වැනි ශ්‍රීමත් ජෝන් ටාබට් කුසලාන කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය කඳුකරයට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට තීරණය කළ බව ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා සංගමය දන්වා සිටියි.
මේ අනුව නොවැම්බර් 8, 9 සහ 10 යන තෙදින පුරා දියගමදී මලල ක්‍රීඩා උළෙල පැවැත්වේ.
අවුරුදු 12න් පහළ, 13න් පහළ, 14න් පහළ සහ 15න් පහළ (බාලක-බාලිකා) වයස් සීමාවන් යටතේ මෙවර තරග පැවැත්වෙන අතර, ක්‍රීඩක ක්‍රීඩිකාවන් 4500ක් පමණ තරගාවලියට සහභාගි වීමට නියමිත බව පාසල් මලල ක්‍රීඩා සංගමය දන්වා සිටියි.
 
(සපුමල්)

දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී ඊයේ (15දා) සවස නිමාවට පත්වූ 33 වැනි සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා උළෙලෙහි සමස්ත ශූරතාව දිනා ගැනීමට බස්නාහිර පළාත (ලකුණු 1268) සමත් වූ අතර, අනුශූරතාව මධ්‍යම පළාතටද (ලකුණු 526), තෙවැනි ස්ථානය වයඹ පළාතටද (ලකුණු 438) හිමිවිය. 
මෙවර අති ශූරතම ක්‍රීඩකයා ලෙස අකුරම්බොඩ වීර කැප්පෙටි‍පොල ජාතික පාස‍ලේ එස්.පී. අරුණ දර්ශන සම්මාන ලැබූ අතර, වෙන්නප්පුව ශුද්ධ වූ පවු‍ලේ කන්‍යාරාමයේ බි.එම්. හෂිනි ප්‍රබෝධා අති ශූරතම ක්‍රීඩිකාව ලෙස සම්මාන ලැබුවාය.
අරුණ දර්ශන අවු. 20 න් පහළ මී. 400 ඉසව්වේදී දැක්වූ තත්. 47.19ක දක්ෂතාව පදනම් කර ගනිමින්ද, හෂිනි ප්‍රබෝධා අවු. 20න් පහළ තුන් පිම්ම ඉසව්වේදී දැක්වූ මීටර් 13.22ක දක්ෂතාව පදනම් කර ගනිමින්ද අදාළ සම්මානවලට හිමිකම් කීවේය.
අකුරම්බොඩ වීර කැප්පෙටි‍පොල ජාතික පාස‍ලේ ඉගෙනුම ලබන නිවුන් සොහොයුරන් වන අරුණ දර්ශන සහ පසිඳු බවන්ත දක්ෂතම ජවන ක්‍රීඩකයා සහ විසිකිරීමේ ක්‍රීඩකයා සම්මාන ද්විත්වය දිනා ගැනීමද කැපී පෙනෙන සිදුවීමක් විය.
එස්. අරුණ දර්ශන බාලක මී. 400 ඉසව්වේදී තත්. 47.19ක දක්ෂතාවක් දක්වමින් දක්ෂතම ජවන ක්‍රීඩකයා ලෙසද, එස්. පසිඳු බවන්ත බාලක හෙල්ල විසිකිරීම ඉසව්වේදී මීටර්. 57.01 දක්ෂතාවක් දක්වමින් දක්ෂතම විසිකිරීමේ ක්‍රීඩකයා ලෙසද සම්මාන දිනා ගත්හ.
මෙවර පැනීමේ ඉසව් ආශ්‍රිත දක්ෂතම ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාව සඳහා පිරිනැමුණු සම්මානය දිනා ගැනීමට වෙන්නප්පුව ශුද්ධ වූ පවු‍ලේ කන්‍යාරාමයේ බි.එම්. හෂිනි ප්‍රබෝධා (බාලිකා තුන්පිම්ම - මී. 13.22) ද, දක්ෂතම කඩුලු මතින් දිවීමේ ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාව සඳහා පිරිනැමුණු සම්මානය කොළඹ ශා. ජෝශප් විදුහ‍ලේ ෂෙහාන් දිලූෂ කාරියවසම් (බාලක මීටර් 110 කඩුලු - තත්. 13.91) ද දිනා ගත්හ.
දින 5ක් පුරා දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැති මෙවර මලල ක්‍රීඩා තරගාවලියෙහි සමස්ත බාලක ‍‍‍ජ්‍යෙෂ්ඨ ශූරතාව දිනා ගැනීමට ප්‍රසාද ලකුණු 105 හිමිකර ගත් මීගමුව මාරිස්ටෙලා විදුහල සමත් වූ අතර, ප්‍රසාද ලකුණු 187ක් හිමිකරගත් වලල ඒ. රත්නායක මැදි විදුහලට සමස්ත බාලිකා ‍‍‍ජ්‍යෙෂ්ඨ ශූරතාව හිමිවිය.
සමස්ත බාලක අනුශූරතාව කොටහේන ශා. බෙනඩික්ට් විදුහලටද (ලකුණු 97), බාලිකා සමස්ත සම අනුශූරතාව රත්නපුර සුමනා බාලිකා විදුහලට සහ රාජගිරිය ගේට්වේ ජාත්‍යන්තර පාසලට  (ලකුණු 62) හිමිවිය.
බාලක තෙවැනි ස්ථානය ලකුණු 92ක් ලැබූ වලල ඒ. රත්නායක මැදි විදුහල සතු විය.
මෙවර තරගාවලියේ කනිෂ්ඨ බාලක සමස්ත ශූරතාව කුරුණෑගල ශ්‍රීමත් ජෝන් කොතලාවල විදුහල (ලකුණු 37) දිනාගත් අතර, කනිෂ්ඨ බාලිකා සමස්ත ශූරතාව මීගමුව ආවේ මරියා කන්‍යාරාමය (ලකුණු 29) සතුවිය.
කනිෂ්ඨ බාලක අනුශූරතාව කොළඹ රාජකීය විදුහල (ලකුණු 20) සතු වූ අතර, තෙවැනි ස්ථානය වෙන්නප්පුව ශා. ජෝෂප් වාස් විදුහල (ලකුණු 19) සතුවිය.  
කනිෂ්ඨ බාලිකා අනුශූරතාව රත්නපුර සුමනා බාලිකා විදුහල (ලකුණු 23) සතු වූ අතර, තෙවැනි ස්ථානය නාවල ජනාධිපති බාලිකා විදුහල (ලකුණු 22) සතුවිය.
මෙවර බාලක සහය දිවීමේ ශූරතාව කොටහේන ශා. බෙනඩික්ට් විදුහල (ලකුණු 37) දිනාගත් අතර, වලල ඒ. රත්නායක මැදි විදුහලට (ලකුණු 46) බාලිකා සහය දිවීමේ ශූරතාව හිමිවිය.
සහය දිවීමේ බාලක සම අනුශූරතාව පන්නිපිටිය ධර්මපාල සහ මීගමුව මාරිස්ටෙලා (ලකුණු 20) දිනාගත් අතර, බාලිකා අනුශූරතාව කුරුණෑගල ශ්‍රීමත් ජෝන් කොතලාවල විදුහල (ලකුණු 22) සතුවිය.
මිශ්‍ර පාසල් ශූරතාව දිනා ගැනීමට වලල ඒ. රත්නායක මධ්‍ය මහා විදුහල (ලකුණු 269) සමත් වූ අතර, වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලට (ලකුණු 73) අනුශූරතාව හිමිවිය. 
ලකුණු 69ක් ලැබූ පන්නිපිටිය ධර්මපාල විදුහල (ලකුණු 69) තෙවැනි ස්ථානයට පත්විය. 
ක්‍රීඩා 28ක් වෙනුවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 39700කගේ සහභාගිත්වයෙන් පසුගිය 2දා කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩාංගණයේදී ඇරඹුණු 33 වැනි සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙ‍ලේ සමාප්ති උලෙළ ඊයේ (15දා) අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

අධ්‍යාපන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන 33 වැනි සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා තරගාවලියෙහි අවුරුදු 20න් පහළ බාලක සහ බාලිකා මීටර් 100 ඉසව්වේ රන් පදක්කම් දිනා ගැනීමට චානුක සන්දීප සහ අමාෂා ද සිල්වා සමත් වූහ.
මලල ක්‍රීඩා උළෙලෙහි දෙවැනි දිනය වූ ඊයේ පැවැති බාලක මීටර් 100 අවසන් තරගයේදී මීගමුව මාරිස්ටෙලා විදුහ‍ලේ බි.ඩී. චානුක සන්දීප තත්. 10.89 ක කාලයක් සටහන් කරමින් රන් පදක්කම දිනාගත් අතර, බාලිකා මීටර් 100 අවසන් තරගයේදී තත්පර 12.14ක කාලයකින් තරගය නිමා කරමින් රන් පදක්කම දිනා ගැනීමට මහනුවර ස්වර්ණමාලි  විදුහ‍ලේ  ඩී.ටී. අමාෂා ද සිල්වා  සමත් වූවාය.
අවු. 20න් පහළ බාලක මී. 100
1. බි.ඩී. චානුක සන්දීප (තත්. 10.89) මීගමුව මාරිස්ටෙලා 2. ඒ.එස්.එම්. රෆාන් (තත්. 10.96) නිකවැරටිය අඹුක්කගම මුස්ලිම් මහ විදුහල, 3. එල්.කේ.එස්. පෙරේරා (තත්. 10.97) කොළඹ නාලන්දා විදුහල
අවු. 20න් පහළ බාලිකා මී. 100
1. ඩී.ටී. අමාෂා ද සිල්වා (තත්. 12.14) මහනුවර ස්වර්ණමාලි බාලිකා විදුහල, 2. ෂර්මිලා ජාන් (තත්. 12.60) රාජගිරිය ගේට්වේ ජාත්‍යන්තර පාසල, 3. එස්.පී. සාමෙත් (තත්. 12.63) මහනුවර විහාරමහාදේවි බාලිකා විදුහල
අවු. 16න් පහළ බාලක මී. 100
1. එස්. මිලින්ද පෙරේරා (තත්. 11.31) - හලාවත ශා. මරියා විදුහල, 2. ඒ.ඩී.ඊ.ඩී. කුලසිංහ (තත්. 11.53) ගල්කිස්ස ශා. තෝමස් විදුහල, 3. රිසිනු රන්දික ලියනගේ (තතඅ්. 11.57) ගාල්ල රිච්මන්ඩ් විදුහල
අවු. 16න් පහළ බාලිකා මී. 100
1. සදීපා හෙන්ඩර්සන්  (තත්. 12.67) රාජගිරිය ගේට්වේ ජාත්‍යන්තර පාසල, 2. එස්.ඊ.එම්. ප්‍රනාන්දු (තත්. 12.95) මහනුවර යහපත් එ¾ෙඩ්රාගේ කන්‍යාරාමය, 3. ඩිල්මා දිනූෂා යසිනි (තත්. 13.05) කොළඹ යසෝධරා විදුහල
අවු. 18න් පහළ බාලක මී. 100
1. වයි.සී.එම්. යෝධසිංහ (තත්. 10.90) කෑගල්ල ශා. මරියා විදුහල, 2. ටී.එම්.එස්.ඩී.එස්. රත්නසිරි (තත්. 10.97) ඇඹිලිපිටිය මොරකැටිය මහා විදුහල, 3. ඩබ්ලිව්. යොහාන් ධනුෂ්ක (තත්. 11.01) කොටහේන ශා. බෙනඩික්ට් විදුහල
අවු. 18න් පහළ බාලිකා මී. 100
1. ඩබ්ලිව්.ජී. එවන්ති ඉමේෂිකා (තත්. 12.37) මාතර ශා. මරියා කන්‍යාරාමය, 2. ෂේලින්දා ජෙන්සම් (තත්. 12.44) රාජගිරිය ගේට්ටේ ජාත්‍යන්තර පාසල, 3. පේදරු දේවින්‍යා පෙරේරා (තත්. 12.57) කොළඹ මියුසියස් විදුහල

සපුමල් වීදිය බණ්ඩාර

ඔස්ටේ‍්‍රලියාවේ ගෝල්ඞ්කොස්ට් හිදී පැවැත්වීමට නියමිත 2018 පොදුරාජ්‍ය මණ්ඩලීය කී‍්‍රඩා උළෙලට සමගාමීව ලොව පුරා පොදුරාජ්‍ය මණ්ඩලීය සාමාජික රටවලට රැුගෙන යන බි‍්‍රතාන්‍ය මහා රැුජිනගේ පණිවුඩය රැුගත් විශේෂ යෂ්ටිය අද (12) පස්වරුවේ ජනාධිපති මන්දිරයේදී ජනාධිපති ගරු මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමා වෙත භාරදෙනු ලැබීය.

1930 දී බි‍්‍රතාන්‍යයේ පැවති පළමු පොදුරාජ්‍ය මණ්ඩලීය කි‍්‍රඩා උළෙලේදී පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල නායිකාව ලෙස එලිසබත් මහ රැුජිණ නිකුත්කළ පණිවිඩය රැුගත් මෙම යෂ්ටිය කී‍්‍රඩා උළෙල පැවැත්වෙන සමයේ පොදුරාජ්‍ය මණ්ඩලීය සාමාජික රටවල ප‍්‍රදර්ශනය කිරීම සම්ප‍්‍රදායකි.

යෂ්ටිය රැුගත් විශේෂ නියෝජිත පිරිස අද පස්වරුවේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් ශී‍්‍ර ලංකාවට ළගා වූහ.
අනතුරුව කොළඹ කිංග්ස්බරි හෝටලය අභියස සිට අලංකාරවත් පෙරහැරකින් යෂ්ටිය ජනාධිපති මන්දිරය වෙත රැුගෙන ඒම සිදු විය.

එහිදී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා විසින් එය උණුසුම් ලෙස පිළිගනු ලැබීය.
කී‍්‍රඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ඇතු`ථ මැති ඇමතිවරු පිරිසක් ද, සුසන්තිකා ජයසිංහ, ශී‍්‍රයානි කුලවංශ. දමයන්ති දර්ශා, ඩිලන්ත මාලගමුව යන මහත්ම මහත්මීන් ඇතු`ථ කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් රැුසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.


 

නෙස්ටමෝල්ට් සමස්ත ලංකා පාසල් අර්ධ මැරතන් තරගාවලියේ තෙවන අදියර යටතේ බස්නාහිර, දකුණ සහ ඌව පළාත් තරග සැප්තැම්බර් 30දා පස්වරු 4.00ට මාතර උයන්වත්ත ක්‍රීඩාංගණය අසලින් ආරම්භ කෙරේ.
මෙම තරගාවලියට සමගාමීව සමස්ත ලංකා පාසල් කි.මී. 5 ක් දුරැති මාර්ග ධාවන තරගයක්ද පැවැත්වෙන අතර, සියලුම තරග සඳහා අවුරුදු 15ට වැඩි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පමණක් සහභාගි විය හැකියි.
අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්‍රීඩා අංශය මගින් සංවිධානය කරන මෙම තරගාවලියට නෙස්‍ලේ ලංකා සමාගමේ නෙස්ටමෝල්ට් පූර්ණ අනුග්‍රාහකත්වය සපයයි.
තෙවැනි අදියරේ තරගවලට සහභාගි වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ නිලධාරීන්ගේ රක්ෂණාවරණය නෙස්‍ලේ ලංකා සමාගමේ උප සභාපති බන්දුල එගොඩගේ මහතා විසින් දකුණු පළාත් භාර නියෝජ්‍ය ‍පොලිස්පති ඩබ්ලිව්.කේ. ජයලත් මහතාට භාරදුන් අයුරු ඡායාරූපයෙන් දිස්වේ. අධ්‍යාපන අමාත්‍යාංශයේ විශේෂ ක්‍රීඩා උපදේශක සුනිල් ජයවීර මහතා ඇතුළු නිලධාරීහු රැසක් මෙම අවස්ථාවට එක්වූහ.

Page 1 of 11

IMAGE

සැමියාගේ බිමත්කම සහ නොගැළපීම නිසයි විවාහය බිඳ වැටුණේ

IMAGE 2017 Nov 23 13:33
තිලකා රණසිංහගේ ජීවිතයේ වඩාත්ම සතුටු වූ අවස්ථාව හා වැඩියෙන්ම දුක් වූ අවස්ථාව සිහිපත් කරන්න...
Views - 3883

ලංකාව හැර ගිය නතාෂා ආපහු ඇවිත් කියපු කතාව

IMAGE 2017 Nov 23 08:03
නතාෂා පෙරේරා පහුගිය කාලයේ වැඩිපුර දකින්නට ලැබුණේ නැහැ. ඒ ඇය තමන්ගේ ආදරණීය සැමියා ප්‍රිහාන්...
Views - 3627

55 වියැති බැංකු ලොක්කා 29 කන්තෝරු නෝනා සමඟ 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Nov 22 12:50
බැංකුවක උසස් නිලයක් දරන පනස්පස් හැවිරිදි සිය සැමියා වසර ගණනාවක් තිස්සේ විසිනව හැවිරිදි රජයේ...
Views - 6708

අහසේ සිට බිමට පනින එස්.ටී.එෆ්. යුවතියෝ

IMAGE 2017 Nov 22 10:55
අම්පාර උහන ගුවන් ධාවන පථයෙන් අහසට නැඟගත්, එම්. අයි. 17 වර්ගයේ හෙලිකොප්ටරය  නිලඹර දෙපළු කරමින්...
Views - 4131

මිහිදුම සහ වැස්ස ගැන 'කාලගුණ විද්‍යාවෙන්' බොරු කී‍වේ ඇයි?

IMAGE 2017 Nov 22 10:43
මේ දිනවල අළුයම් කාලයේ අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක දැඩි මිහිදුම් තත්ත්වයක් දක්නට ලැබුණු බව...
Views - 2569

මුගාබේගේ බිරිඳ ද පක්ෂයෙන් නෙරපයි

IMAGE 2017 Nov 21 09:37
වසර 37  ක කාලයක් සිම්බාබ්වේ දේශය පාලනය කළ රොබට් මුගාබේ නිවාස අඩස්සියට ගනිමින් හමුදාව එරට...
Views - 3372

Please publish modules in offcanvas position.

Web Analytics