Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ආර්. ප්‍රේමදාස පිටියේ ඊයේ (6දා) පැවැති 20-20 තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කිරීමට ඉන්දියාව සමත් විය.
මේ අනුව මෙවර තරගාවලියේ ටෙස්ට්, එක්දින සහ 20-20 තරග සියල්ලම ජය ගැනීමට ඉන්දියාව සමත් විය.
20-20 තරගයේදී මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව පන්දුවාර 20 දී කඩුලු 7 ට ලකුණු 170 ක් ලබා ගත් අතර ඉන්දියාව පන්දුවාර 19.2 කදී කඩුලු 3 ට ලකුණු 174 ක් ලබමින් ජය ගත්තේය.
ඉන්දියාව වෙනුවෙන් පිත්තෙන් දස්කම් දැක්වූ කෝලි සහ මනීෂ් පාන්ඩේ ජය තහවුරු කළ අතර චහාල් පන්දුවෙන් දස්කම් දක්වමින් ලකුණු 43 ට කඩුලු 3 ක් බිඳ දැමීය.
ලකුණු හඹා යාමේදී කඩුලු 2 ක් ලකුණු 42 ක් තුළ බිඳ වැටුණද නායක කෝලි සහ පාන්ඩේ එක්ව තෙවැනි කඩුල්ලට ලකුණු 119 ක සම්බන්ධතාවක් තබමින් ජය තහවුරු කළහ.
කෝලි හතරේ පහර 7 ක් සහ හයේ පහරක් සහිතව ලකුණු 82 ක්ද පාන්ඩේ පන්දු 36 කදී හෙතරේ පහර 4ක් සහ හයේ පහරක් සහිතව නාදැවී ලකුණු 51 ක්ද වාර්තා කළේය.
මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව මුණවීරගේ ප්‍රහාරයෙන් පළමු පන්දුවාර 6 දී ලකුණු 60 ක් රැස් කළද කඩුලු බිඳ වැටීමෙන් වේගය අඩාල විය. එහෙත් ප්‍රියංජන් සහ ඉසුරු උදාන අවසන් පන්දුවාර කිහිපයේදී ප්‍රහාරයක් දියත් කිරීමෙන් ශ්‍රී ලංකාවට ලකුණු 170 ක් රැස් කර ගත හැකිවිය.
නායක තරංග ලකුණු 5 කට සහ දික්වැල්ල ලකුණු 17 කට දැවී ගිය අතර මැතිව්ස්ගේ ඉනිම ලකුණු 7 කට සීමාවිය.
සිය ප්‍රථම 20-20 අර්ධ ශතකය වාර්තා කළ ඩිල්ෂාන් මුණවීර පන්දු 29 කදී හතරේ පහර 5 ක් සහ හයේ පහර 4 ක් සහිතව ලකුණු 53 ක් වාර්තා කළේය.
යළිත් ශ්‍රී ලංකා මැද පෙල අසාර්ථකවූ අතර තිසර (11) සීක්කුගේ (11) සහ ශානක (00) අසාර්ථක වීමෙන් කඩුලු 7 ක් ලකුණු 134 ක් තුළ බිඳ වැටුණි.
8 වැනි කඩුල්ල වෙනුවෙන් ප්‍රියංජන් සහ උදාන ලකුණු 36 ක සම්බන්ධතාවක් තැබූ අතර ප්‍රියංජන් පන්දු 40 දී හතරේ පහරක් සහ හයේ පහර 2 ක් සහිතව නොදැවී ලකුණු 40 ක් ලැබූ අතර උදාන නොදැවී ලකුණු 19 ක් වාර්තා කළේය.
ඉන්දියාව වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ චහාල් කඩුලු 3 ක්ද කුල්දිප් යදාව් කඩුලු 2 ක්ද බිඳ හෙලූහ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා වශයෙන් වර්තමානයේ කටයුතු කරන ගරු තිලංග සුමතිපාල මහතා සූදු කර්මාන්තයේ නිරතව සිටින බවට සඳහන් කරමින් මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය හා සමාජ මාධ්‍ය හරහා  ප්‍රචාරය සහ සංසරණය කරනුලබන අපකීර්තිමත්, අපහාසාත්මක හා දුෂ්ට ලිපි සහ කතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැඩිව ප්‍රතික්ෂේප කර සිටී.
ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා හට අපහාස කිරීමේ උනන්දුවක් දක්වන පාර්ශ්වයන් විසින්  ෆේස්බුක් සහ ට්විටර් හරහා උසිගන්වන ලබන චෝදනා ගැනත්, විශේෂයෙන්ම 2017.09.04 දිනැති සිලෝන් ටුඩේ සහ 2017.09.03 දිනැති සන්ඩේ ටයිම්ස්  පුවත්පත්වල පළ වූ ලිපි වන“Is is the end of the innings for Sumathipala at SLC” සහ “Sumathipala accepts connection to betting company”පිළිබඳව පහත දැක්වෙන පරිදි පැහැදිලි කිරීමට කැමැත්තෙමි.
 
01. සම්පූර්ණ අධිකරණ වාර්තාවේ සඳහන් කරුණු අතරින් තෝරාගත් කරුණු පමණක් පළ කරමින් හිතාමතාම සහ අසාධාරණ ලෙස සත්‍ය කරුණු සඟවමින් සහ/හෝ අවනිශේධනය කරමින් ‍පොදු මහජනතාව වෙතට වෙනස් වූ මතයක් ගෙන යාමේ  උත්සහයක් මෙම ලිපි මගින් සිදු කර ඇති අතර, වැඩිදුර ප්‍රශ්න කිරීම් වලදී ගරු තිලංග සුමතිපාල  මහතා ප්‍රකාශ කොට ඇත්තේ ඔහු සහ ඔහුගේ පවු‍ලේ අය සූදු කර්මාන්තයේ නිරතව සිටින බවට වූ පිළිගත් ‍පොදු මතයක් ජනතාව තුළ පවතින බවත්, ඔහු සෘජු හෝ වක්‍රව එකී කිසිදු සූදු ව්‍යාපාරයන් හට සම්බන්ධ වී නොසිටින බවයි. (2012/1/24 අධිකරණ වාර්තාවෙන් උපුටා දක්වා ඇත.)
02. උක්ත සඳහන් කළ තෝරාගත් කොටස  ගරු සුමතිපාල මහතා විසින් මෑතකදී සිදු කරන ලද්දක් බවට හුවා දැක්වීමේ  උත්සහයක් ගෙන ඇති අතර, සත්‍ය වශයෙන්ම  එම ප්‍රකාශයන් සිදුකර ඇත්තේ වර්ෂ 2011 පෙබරවාරි මස අදාළ නඩුවේ සාක්ෂි දෙමින් වන අතර එනම් වර්ෂ 2016 ජනවාරි මාසයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති  ධුරයට  පත්වීමට බොහෝ කලකට පෙරය.
03. ගරු තිලංග සුමතිපාල මහතා විෂයෙහි අපහාසාත්මක වන උක්ත කී පුවත්පත ලිපි විකෘතිව නිර්මාණය කර ඇත්තේ අහෝසි කරන ලද ක්‍රීඩා නීති හා රෙගුලාසි මත පිහිටා බවත්, එමගින් සත්‍ය කරුණු සඟවා මහජනයාගේ සිත් තුළ වැරදි  සහ  අපහාසාත්මක හැඟීම් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා වෙත ඇති කිරීමට කටයුතු කර ඇත. 
04. ඉහත සඳහන් කරුණුූ වලට අමතරව, ගරු තිලංග සුමතිපාල මහතා 2015 වර්ෂයේදී  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති  තනතුර සහ ඔහුගේ නාම යෝජනා භාර දීමේ දින  වන විට එකී රෙගුලාසිවල සඳහන් වූ සියලු සුදුසුකම් සපුරා සිටි අතර කිසිදු නුසුදුසු කමකට භාජනය වී නොතිබිණ.
05. තවද, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ  (ICC) විධායක කමිටුව ගරු තිලංග සුමතිපාල මහතා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අධ්‍යක්ෂකවරයෙකු ලෙස පිළිගැනීමට පෙර එහි ආචාරධර්ම නිලධාරියා  විසින් පවත්වන ලද පරිපූර්ණ පරීක්ෂණයකින් පසු එහි ආචාර ධර්ම සංග්‍රහය යටතේ අදාළ සියලුම අදාළ වගන්තිවලට ගරු සුමතිපාල මහතා අනුකූලතාවය දක්වන බවට පිළිගෙන ඇත. 
06. ඒ අනුව ක්‍රීඩා අමාත්‍යාංශය සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් සිදු කරනු ලැබූ  නිසි පරීක්ෂණ වලින් අනතුරුව ගරු තිලංග සුමතිපාල මහතා සූදු කර්මාන්තය සඳහා සෘජුව හෝ වක්‍රව හෝ සම්බන්ධයක් නොමැති බවට කිසිදු සැකයකින් තොරව තහවුරු වී ඇත. 
07. තවද ගරු සුමතිපාල මහතා හා සූදු කර්මාන්තය  අතර පවතින යැයි චෝදනා කරනු ලැබූ සබඳතා පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පූර්වයෙන් සලකා බලනු ලැබූ නිර්ණායකයන් පූර්ණ ලෙස තෘප්තිමත් කර සිටියදී, මින් පෙර විසඳූ කරුණක් සම්බන්ධයෙන් නැවත පරීක්ෂණයක් අවශ්‍ය නොවන බව වැඩිදුරටත් පෙනී යයි.  
ඉහත කාරණා සැලකිල්ලට ගනිමින් වාර්තාකරණයේ වගකීම හා සාධාරණත්වය ඉටු කරනු වස් විවිධ පාර්ශ්වයන්වල පෙළඹවීම් හරහා සිදුකරන අනුමානයන් හා පුරෝකථනයන් පළ කිරීමෙන් හා ප්‍රකාශයට පත් කිරීමෙන් හා එමගින් ශ්‍රී ලංකාවේ  ක්‍රිකට් ක්‍රීඩාවට සිදුකරන හානියෙන් වැළකී සිටීමට කටයුතු කරන ලෙස අපි ඉල්ලා සිටිමු.
2016 ජනවාරි මස තේරී පත් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වර්තමාන පාලනාධිකාරය, ශ්‍රී ලංකා ක්‍රිකට් හි පැවැති අස්ථාවරත්වය ප්‍රතිනැංවීමේ කටයුතු කරමින් මේ වන විට  එහි සැලකිය යුතු ප්‍රගතියක් අත් කරගෙන ඇත. වර්තමානයේදී ශ්‍රී ලංකා ක්‍රිකට්  ආයතනය වසර 5ක ආයතනික පාලන සැලැස්මක් යටතේ ක්‍රියාත්මක  වන අතර, පැවැති ණය බරෙන්  මේ වන විට පූර්ව ප්‍රකෘර්තිමත් වී ඇත. තවද ශ්‍රී ලංකා  ක්‍රිකට් ආයතනය වෘත්තීය මාර්ගෝපදේශනයක් සහිතව  නිවැරදි දිශාවට මේ වන විට ගමන් කරයි. වර්තමානයේ  පවතින තරගකාරී  පරිසරය තුළ ඇති ඉල්ලුම සපුරාලීමට සම්පූර්ණයෙන්ම  ප්‍රතිව්‍යුහගත කර ඇති ක්‍රිකට් ක්‍රීඩාව සඳහා විශාල මුදල් ආයෝජනයක් හා සම්පත් විශාල වශයෙන්  යොදවා ඇති අතර ඒවායේ ප්‍රතිඵල දෘශ්‍යමාන වීම සඳහා  යම් කාලයක් අවශ්‍යවේ.
ඒ අනුව, පෞද්ගලික න්‍යාය පත්‍රයන් මගින් පටු අරමුණු මුදුන් පමුණුවා ගැනීමේ පරමාර්ථයෙන් සහ ඔවුන්ගේ ආත්මාර්ථකාමී අභිප්‍රායයන් වෙනුවෙන්  ක්‍රියාත්මක වන වැරදි  හා ද්වේශ සහගත කටකතා සහ විවිධ පළකිරීම් සහ ප්‍රචාරයන් මගින් නොමඟ  නොයා සත්‍ය කරුණු මත කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ යහපත වෙනුවෙන් සෑම මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යයක් විසින්ම මෙම ප්‍රකාශයට නිසි ප්‍රචාරය ලබාදෙන ලෙසත්, ජාත්‍යන්තරය ඉදිරියේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට වන අපකීර්තිය සහ හානිය  වළක්වාලමින්  අප දැඩිව ආදරය කරන ක්‍රිකට් ක්‍රීඩාව නගා සිටුවීමට සහායදීමට කටයුතු කරන ලෙසත් කාරුණිකව ඉල්ලා සිටී.
 
ප්‍රධාන විධායක නිලධාරී, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 20-20 ක්‍රිකට් තරගය අද (6දා) රාත්‍රී 7.00 ට ආර්.ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙයි.
ශ්‍රී ලංකා පිල උපුල් තරංග විසින් මෙහෙයවනු ලබන අතර ඉන්දීය පිල විරාත් කෝලි විසින් මෙහෙයවනු ලබයි.
මෙවර තරගාවලියේ සියලුම තරග පරාජය වී සිටින ශ්‍රී ලංකාවට ගෞරවය රැක ගැනීමේ අවසන් අවස්ථාව අද හිමිවී තිබේ. 
එක්දින තරගාවලියට ක්‍රීඩා නොකළ ජෙෆ්රි වැන්ඩසේ, දසුන් ශානක, සුරංග ලක්මාල්, විකුම් සංජය, ඉසුරු උදාන සහ සීක්කුගේ ප්‍රසන්න 20-20 කණ්ඩායමට කැඳවා තිබේ.
මේ අතර කුසල් මෙන්ඩිස්ට විවේකයක් ලබාදී ඇති අතර දිනේෂ් චන්දිමාල් සහ චාමර කපුගෙදර ආබාධ හේතුවෙන් ක්‍රීඩා නොකරයි.
ශ්‍රී ලංකා පි‍ලේ පිතිකරුවන් ලෙස තරංග, දික්වැල්ල, මුණවීර සහ මැතිව්ස් ක්‍රීඩා කරන අතර තුන් ඉරියව් ක්‍රීඩකයන් ලෙස තිසර, වනිඳු, මිලින්ද, දසුන් සහ සීක්කුගේ සංචිතයට නම් කර තිබේ.
දඟ පන්දු යවන්නන් ලෙස ජෙෆ්රි වැන්ඩසේ සහ අකිල ධනංජය නම් කර ඇති අතර වේග පන්දු යවන්නන් ලෙස මාලිංග, ලක්මාල්, ඉසුරු උදාන සහ විකුම් සංජය සංචිතයට එක්කර තිබේ.
ඉන්දීයාව එක්දින තරගාවලියට ක්‍රීඩා කළ සංචිතයම නම් කර ඇති අතර අද තුන් ඉරියව් ක්‍රීඩකයන් රැසක් ක්‍රීඩා කරනු ඇතැයි වාර්තාවේ.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මේ දක්වා 20-20 තරග 10 ක් පවත්වා ඇති අතර ඉන් තරග 6 ක ජය ඉන්දියාවටත් 4 ක ජය ශ්‍රී ලංකාවටත් හිමිවී තිබේ.
ශ්‍රී ලංකාවේදී 2009 සහ 2012 දී පැවැති 20-20 තරග දෙකෙන්ම ඉන්දියාව ජය ගෙන තිබේ.
 
ශ්‍රී ලංකා සංචිතය
උපුල් තරංග (නායක), ඇන්ජලෝ මැතිව්ස්, නිරෝෂන් දික්වැල්ල, ඩිල්ෂාන් මුණවීර, දසුන් ශානක, මිලින්ද සිරිවර්ධන, වනිඳු හසරංග, අකිල ධනංජය, ජෙෆ්රි වැන්ඩසේ, ඉසුරු උදාන, සීක්කුගේ ප්‍රසන්න, තිසර පෙරේරා, ලසිත් මාලිංග, සුරංග ලක්මාල්, විකුම් සංජය
 
ඉන්දීය සංචිතය
විරාත් කෝලි (නායක), ෂිකර් ධවාන්, ලෝකේෂ් රාහුල්, රෝහිත් ෂර්මා, අජින්ක්යා රහානේ, එම්.එස්. දෝනි, හාර්දික් පාන්ඩ්යා, අක්ෂාර් පටෙල්, කුල්දීප් යදාව්, බුවනේෂ්වර් කුමාර්, ජස්ප්‍රිට් බුම්රා, මනීෂ් පාන්ඩේ, යස්වෙන්දර් චහාල්, කෙදර් ජදාව්, ෂර්දුල් තකූර්
 
මංගල ධර්මප්‍රේම

වෙළෙඳ සේවා ක්‍රිකට් සංගමය සංවිධානය කරන වෙළෙඳ සේවා ‘බි’ කොටසේ ක්‍රිකට් තරගාවලිය සඳහා යුනිලීවර් සමූහ ව්‍යාපාරයේ “ෆෙයාර් ඇන්ඩ් ලව්ලි මෙන්” අනුග්‍රහය දැක්වීමට ඉදිරිපත් වී සිටියි.
මෙවර තරගාවලිය සඳහා ජෝන් කීල්ස් ‘බි’, පවර්ටෙක් සිමෙන්ට්, මොබිටෙල් ‘ඒ’, මාස් සිලුයේටා, සිංගර් ශ්‍රී ලංකා ‘ඒ’, කොමර්ෂල් කේ‍රඩිට් ‘බි’ සහ යුනිලීවර් ශ්‍රී ලංකා යන කණ්ඩායම් 7 පළමු වටයේදී ලීග් ක්‍රමයට තරග වදියි.
පළමු වටයේ තරග සැප්තැම්බර් 9 දින සිට ඔක්තෝබර් 4 දින දක්වා පැවැත්වෙන අතර, අවසන් පූර්ව තරග ඔක්තෝබර් 8 සහ 11 යන දිනයන්හිදීද, අවසන් තරගය ඔක්තෝබර් 14 දා පැවැත්වේ.
යුනිලීවර් ෆෙයාර් කෙයාර් ‍‍‍ජ්‍යෙෂ්ඨ සන්නාම කළමනාකරු දමින්ද පෙරේරා මහතා සහ අලෙවි කළමනාකාරිනී (ස්කින් ඇන්ඩ් කෙයාර්) නිලූෂි ජයතිලක මහත්මිය අනුග්‍රාහකත්ව චෙක්පත වෙළෙඳ සේවා ක්‍රිකට් සංගමයේ සභාපති නිරාන් මහවත්ත මහතාට ප්‍රදානය කළ අයුරු ඡායාරූපයෙන් දිස්වේ.
(පමෝද්)

එළැඹෙන පාකිස්තානු ක්‍රිකට් සංචාරයේ ටෙස්ට් තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම තෝරා ගැනීම සඳහා ක්‍රීඩකයන් 25 දෙනකුගෙන් සමන්විත සංචිතයක් නම්කර තිබේ.
මෙම සංචාරයේදී ටෙස්ට් නායකයා ලෙස දිනේෂ්
චන්දිමාල් නම්කර ඇති අතර, සුදු පැහැති පන්දුවෙන් ක්‍රීඩා කිරීම සඳහා සිත යොමුකර ගැනීමට එක්දින සහ 20-20 නායක උපුල් තරංග ටෙස්ට් සංචිතයෙන් මාස 6ක් ඉවත්ව සිටින බව දන්වා ඇති බව ක්‍රිකට් නිවේදනයේ දැක්වේ.
එම ටෙස්ට් සංචිතය මෙසේයි.
දිනේෂ් චන්දිමාල් (නායක), දිමුත් කරුණාරත්න, කෞෂාල් සිල්වා, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, ලහිරු තිරිමාන්න, නිරෝෂන් දික්වැල්ල, සධීර සමරවික්‍රම, රංගන හේරත්, සුරංග ලක්මාල්, නුවන් ප්‍රදීප්, ලක්ෂාන් සඳකැන්, විශ්ව ප්‍රනාන්දු, ලහිරු කුමාර, ජෙෆ්රි වැන්ඩසේ, මිලින්ද සිරිවර්ධන, ධනංජය ද සිල්වා, දුෂ්මන්ත චමීර, දිල්රුවන් පෙරේරා, මලින්ද පුෂ්පකුමාර, රොෂේන් සිල්වා, අකිල ධනංජය, චරිත් අසලංක, ෂමින්ද එරංග, ධම්මික ප්‍රසාද්

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ආර්. ප්‍රේමදාස පිටියේ ඊයේ (3දා) පැවැති අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 6 ක ජයක් ලැබූ ඉන්දියාව තරගාවලිය තරග 5-0 ක් ලෙස ජය ගැනීමට සමත්විය.
මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව පන්දුවාර 49.4 කදී ලකුණු 238 කට දැවී ගිය අතර ඉන්දියාව පන්දුවාර 46.3 කදී කඩුලු 4 ට ලකුණු 239 ක් ලබමින් ජය ගත්තේය.
ඉන්දියාව වෙනුවෙන් විශිෂ්ට පිතිහරඹයක නිරත වූ නායක විරාත් කෝලි සිය 30 වැනි එක්දින ශතකය ලැබූ අතර බුවන‍ෂේවර් කුමාර් ලකුණු 42 ට කඩුලු 5 ක් බිඳ දමමින් ඉන්දීය ජය තහවුරු කළේය.
ලකුණු 239 ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ඉන්දීය කඩුලු 2 ක් ලකුණු 29 ක් තුළ බිඳ වැටුණද කෝලි සහ මනීෂ් පාන්ඩේ තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 99 ක සම්බන්ධතාවක් තැබූ අතර පුෂ්පකුමාර ක්‍රියාත්මක වීමෙන් පාන්ඩේ ලකුණු 36 කට පිටියෙන් ඉවත් විය.
ඉන් පසු පිටියේ එක්වූ කෝලි සහ කෙදර් ජදාව් සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 109 ක සම්බන්ධතාවක් තබමින් පහසු ජයක් වාර්තා කළේය.
සිය 30 වැනි එක්දින ශතකය වාර්තා කරමින් 2017 වසරේ ලකුණු 1000 සීමාව පසු කළ විරාත් කෝලි පන්දු 116 කදී හතරේ පහර 9 ක් සහිතව නොදැවී ලකුණු 110 ක් වාර්තා කළ අතර කෙදර් ජදාව් ලකුණු 63 ක් ලබා ගත්තේය.
ශ්‍රී ලංකාව වෙනුවෙන් වේගවත් ආරම්භයක් ලබා දෙමින් පන්දු 34 කදී හතරේ පහර 9 ක් සහිතව ලකුණු 48 ක් වාර්තා කිරීමට උපුල් තරංග සමත්වූ අතර දික්වැල්ල සහ මුණවීර අසාර්ථක වුහ.
ඉන් පසු පිටියේ එක්වූ තිරිමාන්න සහ මැතිව්ස් ශ්‍රී ලංකා ඉනිම ගොඩනංවමින් සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 122 ක සම්බන්ධතාවක් තැබුවද බුවන‍ෂේවර් තිරිමාන්න දවා ගැනීමත් සමගම ඉනිම බිඳ වැටුණි.
කිරිමාන්න පන්දු 102 කදී හතරේ පහර 3 ක් සහ හයේ පහරක් සහිතව ලකුණු 67 ක් ලබා ගත් අතර මැතිව්ස් පන්දු 98 කදී හතරේ පහර 4 ක් සහිතව ලකුණු 55 ක් ලබා ගත්තේය.
ඉන් පසු පැමිණි කිසිදු පිතිකරුවෙකු සාර්ථක නොවූ අතර ශ්‍රී ලංකා ඉනිම ලකුණු 238 කට අවසන් විය.
පන්දුවෙන් දස්කම් දැක්වූ බුවන‍ෂේවර් කුමාර් ලකුණු 42 ට කඩුලු 5 ක් බිඳ හෙලූ අතර බුම්රා කඩුලු 2 ක් බිඳ දැමීය.
IMAGE

55 වියැති බැංකු ලොක්කා 29 කන්තෝරු නෝනා සමඟ 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Nov 22 12:50
බැංකුවක උසස් නිලයක් දරන පනස්පස් හැවිරිදි සිය සැමියා වසර ගණනාවක් තිස්සේ විසිනව හැවිරිදි රජයේ...
Views - 2336

අහසේ සිට බිමට පනින එස්.ටී.එෆ්. යුවතියෝ

IMAGE 2017 Nov 22 10:55
අම්පාර උහන ගුවන් ධාවන පථයෙන් අහසට නැඟගත්, එම්. අයි. 17 වර්ගයේ හෙලිකොප්ටරය  නිලඹර දෙපළු කරමින්...
Views - 1546

මිහිදුම සහ වැස්ස ගැන 'කාලගුණ විද්‍යාවෙන්' බොරු කී‍වේ ඇයි?

IMAGE 2017 Nov 22 10:43
මේ දිනවල අළුයම් කාලයේ අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක දැඩි මිහිදුම් තත්ත්වයක් දක්නට ලැබුණු බව...
Views - 819

මුගාබේගේ බිරිඳ ද පක්ෂයෙන් නෙරපයි

IMAGE 2017 Nov 21 09:37
වසර 37  ක කාලයක් සිම්බාබ්වේ දේශය පාලනය කළ රොබට් මුගාබේ නිවාස අඩස්සියට ගනිමින් හමුදාව එරට...
Views - 1833

ඒ ආදර කතාව ඉවරයි මම දැන් සින්ගල්

IMAGE 2017 Nov 19 17:31
සිරස ජුනියර් සුපර් ස්ටාර් කියන්නේ මේ දවස්වල ප්‍රේක්ෂකයන් ආදරයෙන් වැළඳ ගත් රියැලිටි...
Views - 5469

කේන්ද්‍රයක මාරක අපල තිබීමටත් වඩා නොතිබීම භයානකය

IMAGE 2017 Nov 19 15:19
මහජන බැංකු විශ්‍රාමික සංගමයේ පිළියන්දල කැස්බෑව ශාඛාවේ අටවන සංවත්සරික සභාව පසුගිය...
Views - 3417

Please publish modules in offcanvas position.

Web Analytics