Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

එංගලන්තය හා බටහිර ඉන්දීය කොදෙව් අතර පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් කොදෙව්වලට කඩුලු 7ක පරාජයක් හිමිවීම නිසා ශ්‍රී ලංකාවට 2019 ලෝක කුසලානයට කෙළින්ම සුදුසුකම් ලැබිමේ අවස්ථාව හිමිවිය.
මෙම පරාජයත් සමගම අයි.සී.සී. ශ්‍රේණියේ ප්‍රසාද ලකුණු 86ක් ලබා සිටින ශ්‍රී ලංකාව අභිබවා යාමට කොදෙව් පිලට ඉදිරි තරග ජය ගත්තද නොහැකි බව අයි.සී.සී.ය නිවේදනය කරයි.

ලෝක කුසලානයට කෙළින්ම සුදුසුකම් ලැබිම සඳහා ශ්‍රී ලංකාව හා කොදෙව් අතර සටනක් නිර්මාණය වී තිබූ අතර ඉන් ජය ගැනීමට ශ්‍රී ලංකාවට හැකිවිය.
මේ අනුව කොදෙව් පිලට කණ්ඩායම් 10ක් සහභාගි වන ලෝක කුසලාන සුදුසුකම් ලැබිමේ තරගාවලින්ට ක්‍රීඩා කිමට සිදුවී තිබේ. මේ පිළිබඳව අදහස් දක්වා ඇති ශ්‍රී ලංකා එක්දින නායක උපුල් තරංග සිය සතුට පළකළ බව අයි.සී.සී.ය නිවේදනය කරයි.
අපි අසීරු අවස්ථාවකට මුහුණදීලා හිටියේ. එම අවස්ථාවෙන් අපි ගොඩ ආවා. අපිත් ගමන රැඳී සිටින ක්‍රීඩා ලෝලීන්ට ස්තූතියි යැයි තරංග පවසා තිබේ.

ලෝක කුසලාන වලදී ශ්‍රී ලංකාව හැමදා පෙරලියක් කරන කණ්ඩායමක් බවට පවසන තරංග ඉදිරි තරගවලදීද ශ්‍රීලංකා නාමය ඉහළට ඔසවා තැබිමට ක්‍රීඩා කරන බව ප්‍රකාශ කරයි.
කොදෙව්වන් හා එංගලන්තය අතර පැවැති පළමු එක්දින තරගයේදී මුලින්ම පන්දුවට පහරදුන් කොදෙව් පිල පන්දුවාර 42දී කඩුලු 9ට ලකුණු 204 ක් ලැබූ අතර එංගලන්තය පන්දුවාර 30.5දී කඩුලු 3ට ලකුණු 210ක් ලබා ජයගත්තේය.එංගලන්තය වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ ජොනී බේස්ටෝව් ලකුණු 100ක් ලබමින් තරගයේ වීරයා සම්මානය දිනා ගත්තේය.

පානදුර ක්‍රීඩා සමාජයේ ක්‍රීඩකයන්ට පැනවූ තරග තහනම සහ දඩ මුදල අසාධාරණ  බවත් එය ඉවත් කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අභියාචනයක් ඉදිරිපත් කරන බව ඊයේ (20දා) පැවැති මාධ්‍ය හමුවකදී පානදුර ක්‍රීඩා සමාජයේ  නිලධාරීහු පැවැසූහ.

පානදුර ක්‍රීඩා සමාජය හා කළුතර කායවර්ධන කවය අතර පැවැති තරගයේදී සිදුවූ සිදුවීම්  සම්බන්ධව පරීක්ෂණය කළ ස්වාධීන පරීක්ෂණ කමිටු වාර්තාවෙන් පසු පානදුර ක්‍රීඩා සමාජයේ  නායක චාමර සිල්වා ට වසර 2 ක තරග තහනමක් හා  සෙසු ක්‍රීඩකයන්ට  වසරක තහනමක්ද ක්‍රීඩා සමාජයට රු. ලක්ෂ 5ක දඩයක්ද නියම කර තිබුණි.

මෙම තරගයේදී කිසිදු තරග පාවාදීමක් සිදු නොවූ බව පවසන ක්‍රීඩා සමාජය මෙම සිදුවීමේදී විනිසුරුවරයා හා තරග තීරකවරයා ක්‍රියාකළ ආකාරය විවේචනය කළේය.

“තරගයේ අවසන් දිනයේ විනිසුරුවරුන් හෝ තීරක කිසිම චෝදනාවක් කළේ නෑ. ඔවුන්ගේ තරග වාර්තාවේද එසේ  කියලා නෑ. ඒත් පසුව තමයි ඔවුන් මෙම චෝදනාව කරලා තියෙන්නේ.” යැයි ‍ලේකම්වරයා පැවැසීය.
මෙම පරීක්ෂණයේ පළමු දිනයේදී සියලුම ක්‍රීඩකයන්  රැගෙන ගිය බවත් නීතිඥයන්ගෙන් පමණක් කරුණු විමසූ අතර කිසිදු ක්‍රීඩකයෙකුගෙන් ප්‍රශ්න කිරීමක් සිදු නොවූ බවද මෙහිදී ප්‍රකාශ විය.
ඉන්පසු කිහිප වරක් පරීක්ෂණය සඳහා නීතිඥයන් සහභාගි වූ නමුත් ක්‍රීඩකයන් රැගෙන එන ලෙස දැනුම් නොදුන් බවද ක්‍රීඩා සමාජ නිලධාරීහු පැවැසූහ.

මෙහිදී විනිසුරුවන් ක්‍රියා කළ ආකාරය පිළිගත නොහැකි බවත්  එක් විනිසුරුවරයකු චෝදනාවලට ලක්වූ අයකු බවත් ප්‍රකාශ විය.
මෙම පරීක්ෂණයට පැමිණි වරාය නියෝජිතයා තමන් මේ ගැන කිසිත් නොදන්නා බව පවසා ඇති බවත් ආයතනය වෙනුවෙන් සහභාගි වූ බව ප්‍රකාශ කර ඇති බවද හෙළි විය.
ජාතික පිල නියෝජනය කර ඇති ක්‍රීඩකයන් මෙන්ම වයස අඩු ක්‍රීඩකයන්ද ක්‍රීඩා සමාජයේ සිටින බැවින් මෙම දඬුවම ඉවත් කිරීමට ක්‍රිකට් බලධාරීන් සමග සාකච්ඡා කරන බවද ක්‍රීඩා සමාජ නිලධාරීහු පැවැසූහ.
තමන්ට අහිමි කළ ජයග්‍රහණය මෙන්ම ලකුණුද නැවත ලබා ගැනීමට සටන් කරන බවත්   බොරු ප්‍රචාරවලට නොරැවටෙන ලෙසත් වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

දයා හේමන්ත සිල්වා - පානදුර

පානදුර ක්‍රීඩා සමාජය සහ කළුතර කායවර්ධන කවය අතර පැවැති ටියර් ‘බි’ තරගයේදී සිදුවූ සිදුවීම් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ කමිටුව හමුවේ නිදහසට කරුණු කීමේ අවස්ථාව චාමර සිල්වා ඇතුළු කණ්ඩායම් දෙකම පැහැර හැරි බව පරීක්ෂණ කමිටු සභාපති අසේල රැකව මහතා ඊයේ (18දා) පැවැති මාධ්‍ය හමුවේදී පැවැසීය.
ජනවාරි 23, 24 සහ 25 යන දිනවල මග්ගොන සරේ ක්‍රීඩාංගණයේ පැවැති කළුතර කායවර්ධන කවය සහ පානදුර ක්‍රීඩා සමාජය අතර ටියර් ‘බි’ තරගයේදී ක්‍රීඩාවේ ජීව ගුණයට හානිවන අයුරින් ක්‍රීඩා කිරීම නිසා නායකයින් දෙදෙනාට වසර දෙකක්ද, සෙසු ක්‍රීඩකයන්ට සහ පුහුණුකරුවන්ට එක් වසරකද, ක්‍රීඩා සමාජ දෙකට රු. ලක්ෂ 5 බැගින් දඩයක්ද, පැනවීමට ක්‍රිකට් විධායක කමිටුව පසුගියදා තීරණය කළේය.
ඒ පිළිබඳව කරුණු පැහැදිලි කිරීමට පැවැති මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ රැකව මහතා පැවැසුවේ 27 දෙනකුට චෝදනා පත්‍ර ඉදිරිපත් කළ බවත්, පළමු අවස්ථාවේදී නීතිඥයන් මාර්ගයෙන් කරුණු ඉදිරිපත් කළ නමුත්, පසුව සියලුම පරීක්ෂණ අවස්ථා මගහැරි බවයි.
මෙම තරගයේදී අවසන් දිනයේදී චාමර සිල්වා ක්‍රීඩා නොකිරීම පිළිබඳව පරීක්ෂණ කමිටුව දැනුවත්දැයි විමසූ විට රැකව මහතා පැවැසුවේ උදරාබාධයක් හේතුවෙන් අවසන් දිනයේදී ක්‍රීඩා නොකළ බව දැනගත් බවයි.
එහෙත් මේ පිළිබඳව කිසිදු කරුණක් හෝ හේතුවක් චාමර සිල්වා පරීක්ෂණ කමිටුව හමුවේ හෙළි නොකළ බවත්, අවසානයේදී තරගයේ දින තුන ගැනම සැලකිල්ලට ගෙන විනිසුරුවන් සහ තරග තීරක ලබාදුන් වාර්තාව පදනම් කරගෙන තම නිර්දේශ ඉදිරිපත් කළ බවයි.
මෙම තරගයට පසු දින තරග විනිසුරුවන් සහ තරග තීරකවරයා තරග කමිටුවට වාර්තාවක් ලබා දී ඇති අතර එය පදනම් කර ගනිමින් පරීක්ෂණ පැවැත්වීමට ත්‍රිපුද්ගල ස්වාධීන පරීක්ෂණ කමිටුවක් පත් කළේය.
මෙහිදී ක්‍රීඩකයන්ට තම නිර්දෝෂී භාවය ඔප්පු කිරීමට සහ සිදුවූ සිදුවීම සම්බන්ධයෙන් සත්‍ය හෙළිකිරීමට මාස 6ක කාලයක් ලබාදුන් නමුත් සියලුම ක්‍රීඩකයන් එය පැහැර හැරීම කනගාටුවට කරුණක් බව රැකව මහතා පැවැසීය.
අවසානයේදී සියලුම දෙනාට ලිඛිතව කරුණු දැක්වීමටද අවස්ථාවක් ලබාදුන් නමුත්, එයද පැහැර හැරීමෙන් පසු විනිසුරු සහ තරග තීරකගේ වාර්තා පදනම් කරගෙන කණ්ඩායම් දෙකේ 27 දෙනා වැරදිකරුවන් බවට පත් කිරීමට තීරණය කළ බවද රැකව මහතා පවසයි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රැකව මහතා පැවැසුවේ මෙම සිදුවීමට ක්‍රීඩා සමාජ නිලධාරීන් හෝ පිටස්තර අය සම්බන්ධ බවට කිසිදු පැමිණිල්ලක් හෝ සාක්ෂියක් නොලැබුණු බවයි.
මෙම අවස්ථාවට එක්වූ අන්තර් ක්‍රීඩා සමාජ තරගාවලි ප්‍රධානී කේ. මතිවානන් මහතා පැවැසුවේ මෙම සිදුවීමේදී කිසිදු මුදල් පරිහරණයක් සිදුවී නොමැති බවත්, ක්‍රීඩාවේ ජීවගුණයට කණ්ඩායම් දෙකම හානි පමුණුවා ඇති බවයි. 
චාමර සිල්වාට නායකයා වශයෙන් කරුණු ඉදිරිපත් කිරීමට අවස්ථාව හිමි වූ නමුත් ඔහු එය මග හැරි බවයි. 
තහනමට ලක්වූ ක්‍රීඩා සමාජයක පාසල් ක්‍රිකට් ක්‍රීඩකයකුද සිටින බැවින් ඔහුට දඬුවම ලිහිල් කිරීමක් සිදුකරන්නේ දැයි විමසූ විට තරග කමිටු සභාපති බන්දුල දිසානායක මහතා පැවැසුවේ ඕනෑම ක්‍රීඩකයකුට අභියාචනාවක් ඉදිරිපත් කිරීමට අවස්ථාව ඇති බවයි. 
එසේ අභියාචනයක් ඉදිරිපත් කළහොත් ඒ පිළිබඳව සලකා බලා තීරණයක් ගැනීමට ක්‍රිකට් විධායක කමිටුවට හැකි බවද දිසානායක මහතා පැවැසීය.
 
මංගල ධර්මප්‍රේම 

සිංගර් ශ්‍රී ලංකා සමාගමේ අනුග්‍රහය ඇතිව වෙළෙඳ සේවා ක්‍රිකට් සංගමය 25 වැනි වරටත් සංවිධානය කරන වෙළෙඳ සේවා ප්‍රමුඛ පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ පසුගියදා පැවැති තරගවලදී ශතක රැස් කිරීමට ධනංජය ද සිල්වා (එල්.බි. ෆිනෑන්ස්) සහ තිලකරත්න ඩිල්ෂාන් (මාස් යුනිචෙලා) සමත් වූහ.
ධනංජය ද සිල්වා (එල්.බි. ෆිනෑන්ස්) කොමර්ෂල් කේ‍රඩිට් ෆිනෑන්ස් පිලට එරෙහිව ලකුණු 118ක් රැස් කළ අතර, තිලකරත්න ඩිල්ෂාන් (මාස් යුනිචෙලා) ටී. ජේ. ලංකා පිලට එරෙහිව ලකුණු 107ක් රැස් කළේය.
 
මාස් යුනිචෙලා ටී. ජේ. ලංකා   
මාස් යුනිචෙලා: 269 (පන්දුවාර 49.4) තිලකරත්න ඩිල්ෂාන් 107, මහේල උඩවත්ත 46, චාමර සිල්වා 45, රමිත් රඹුක්වැල්ල 29, ලක්ෂාන් සඳකැන් 3/65, නුවන් ප්‍රදීප් 2/52
ටී.ජේ. ලංකා: 177 (පන්දුවාර 28.4) චරිත් අසලංක 51, සචිත්‍ර සේනානායක 28, කිත්රුවන් විතානගේ 26, ළහිරු ජයරත්න 4/18, දිල්රුවන් පෙරේරා 3/31
මාස් යුනිචෙලාට ඩක්වර්ත්-ලුවිස් ක්‍රමයට ලකුණු 26ක ජයක්.
 
හැටන් නැෂනල් බැංකුව - ජෝන් කීල්ස්
හැටන් නැෂනල් බැංකුව: 226/5 (පන්දුවාර 50) මාධව වර්ණපුර නොදැවී 92, මින්හාජ් ජලීල් 56, මලිත් කුරේ නොදැවී 50
ජෝන් කීල්ස්: 207 (පන්දුවාර 48) රොෂේන් සිල්වා 3, සඳුන් වීරක්කොඩි 33, දිමුත් කරුණාරත්න 31, භානුක රාජපක්ෂ 30, සජීව වීරකෝන් 3/40, මලිත් කුරේ 2/33
හැටන් නැෂනල් බැංකු පිලට ලකුණු 19ක ජයක්.
 
කොමර්ෂල් කේ‍රඩිට් - එල්.බි. ෆිනෑන්ස් 
එල්.බි. ෆිනෑන්ස්: 267/9 (පන්දුවාර 50) ධනංජය ද සිල්වා 118, සහන් ආරච්චිගේ 45, ළහිරු ගමගේ 4/52, සචිත් පතිරණ 2/35, මලින්ද පුෂ්පකුමාර 2/57 
කොමර්ෂල් කේ‍රඩිට් ෆිනෑන්ස්: 268/5 (පන්දුවාර 45.3) ජෙහාන් මුබාරක් නොදැවී 84, උපුල් තරංග 48, ළහිරු මධුසංක නොදැවී 46, ඩිල්ෂාන් මුණවීර 21, ඉසුරු උදාන 2/35, ධනංජය ද සිල්වා 2/37
කොමර්ෂල් කේ‍රඩිට් ෆිනෑන්ස්ට කඩුලු 5ක ජයක්.
 
සම්පත් බැංකුව - හේලීස්
හේලීස්: 202/9 (පන්දුවාර 50) මධුරංග සොයිසා 36, හර්ෂ විතාන 30, ඇන්ඩි සොලමන් 28, සජිත් දිසානායක 27, ජීවන් මෙන්ඩිස් 3/33, ප්‍රභාත් ජයසූරිය 3/43, තරිඳු කෞශාල් 2/38
සම්පත් බැංකුව: 205/5 (පන්දුවාර 39.2) කෞෂාල් සිල්වා නොදැවී 82, සමීන් කඳනාරච්චි 29, 
ප්‍රිමෝෂ් පෙරේරා 28, අවිෂ්ක ප්‍රනාන්දු 28, ලසිත් ඇඹුල්දෙණිය 2/30
සම්පත් බැංකුවට කඩුලු 5ක ජයක්.
 
ඩිමෝ - කැන්රිච් ෆිනෑන්ස්
ඩිමෝ: 251/8 (පන්දුවාර 46) පුලින තරංග 59, ජේසන් පෙරේරා 49, හෂාන් දුමිඳු 28, සම්මු අශාන් 20, අකිල ධනංජය 3/62, රොෂාන් අනුරුද්ධ 2/55
කැන්රිච් ෆිනෑන්ස්: 214 (පන්දුවාර 46) යොහාන් මෙන්ඩිස් 50, රොෂාන් ලක්සිරි 50, පැතුම් නිශ්ශංක 24, සම්මු අශාන් 3/31, රමේෂ් මෙන්ඩිස් 2/36
ඩිමෝ පිලට ලකුණු 37ක ජයක්.

ශ්‍රී ලංකා පාසල් රග්බි සම්මේලනය මයිලෝ අනුග්‍රාහකත්වයෙන් සංවිධානය  කරන එක් පිලකට දස දෙනකු සහභාගි වන මයිලෝ අන්තර් පාසල් අවු. 14න් පහළ
පළමු කොටසේ රග්බි තරගාවලිය මේ මස 16 සහ 17දා කොළඹ රාජකීය ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වේ.
කණ්ඩායම් 32කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙවර තරගාවලිය එක් කාණ්ඩයකට කණ්ඩායම් 4 බැගින් ඇතුළත් කරමින් කාණ්ඩ 8ක් යටතේ පැවැත්වේ.
මූලික වටයේ තරග 16දා පෙරවරු 7.00ට ආරම්භ කෙරෙන අතර, 17දා පෙරවරු 7.00 සිට අවසන් වටයේ තරග ආරම්භ කෙරේ.
17දා සවස පළිහ, බඳුන, පළඟ සහ කුසලාන අංශයේ අවසන් තරග පැවැත්වීමට සංවිධායකයන් කටයුතු යොදා තිබේ.
තරගාවලියට සහභාගි වන කණ්ඩායම්
‘ඒ’ කාණ්ඩය :- රාජකීය විදුහල, ඩී.එස්. සේනානායක විදුහල, ආනන්ද විදුහල, ඇහැලියගොඩ මැදි විදුහල
‘බි’ කාණ්ඩය :- ගල්කිස්ස විද්‍යා විදුහල, ශා. බෙනඩික්ට් විදුහල, වේල්ස් කුමර විදුහල, කේරි විදුහල
‘සී’ කාණ්ඩය :- ශා. ජෝසප් විදුහල, විද්‍යාර්ත විදුහල, ලලිත්
ඇතුළත්මුදලි විදුහල, නාලන්දා විදුහල
‘ඩී’ කාණ්ඩය :- වෙස්ලි විදුහල, ශා. අන්තෝනි විදුහල, රිච්මන්ඩ් විදුහල, මලියදේව විදුහල
‘ඊ’ කාණ්ඩය :- ධර්මරාජ විදුහල, පිළියන්දල මැදි විදුහල, පානදුර රාජකීය විදුහල, වේළුවන විදුහල
‘එෆ්’ කාණ්ඩය :- ශා. පීතර විදුහල, තර්ස්ටන් විදුහල, ශා. සිල්වෙස්තර විදුහල, ශ්‍රී සුමංගල විදුහල
‘ජී’ කාණ්ඩය :- ත්‍රිත්ව විදුහල, කිංග්ස්වුඩ් විදුහල, ශා. ජෝන්ස් විදුහල, ලුම්බිණි විදුහල
‘එච්’ කාණ්ඩය :- ඉසිපතන විදුහල, මහානාම විදුහල, සහිරා විදුහල, මොරටුව මහා විදුහල

ප්‍රභාත් විදානපතිරණ

ඇමෙරිකාව සහ කැනඩාව අතර කිංග් සිටිහි පැවැති එක්දින ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලාංකිකයකු වන රෝයි ප්‍රසංග සිල්වාගේ තුන් ඉරියව් දස්කම් හේතුවෙන් කඩුලු 5ක ජයක් වාර්තා කිරීමට ඇමෙරිකාව සමත් විය.

මුලින්ම පන්දුවට හර දුන් කැනඩාව පන්දුවාර 40.2කදී ලකුණු 141කට දැවී ගිය අතර, ඇමෙරිකාව පන්දුවාර 40.1කදී කඩුලු 5ට ලකුණු 144ක් ලබමින් ජය වාර්තා කර තිබේ.

මෙහිදී ඇමෙරිකාව නියෝජනය කළ රෝයි ප්‍රසංග සිල්වා පිත්තෙන් දස්කම් දක්වමින් නොදැවී ලකුණු 38ක්ද, පන්දුවෙන් දස්කම් දක්වමින් ලකුණු 32ට කඩුලු 4ක් බිඳ හෙළමින් ජය තහවුරු කර තිබේ.

කැනඩාව වෙනුවෙන් ක්‍රීඩා කළ තවත් ශ්‍රී ලාංකිකයකු වන ශ්‍රීමන්ත විජේරත්න ලකුණු 29ක් වාර්තා කරමින් කැනඩාව වෙනුවෙන් වැඩිම ලකුණු රැස් කළ ක්‍රීඩකයා බවට පත්විය.

ලකුණු තත්ත්වය
කැනඩාව පන්දුවාර 40.2කදී - 141යි
ශ්‍රීමන්ත විජේරත්න 29, සාඩ් බින් සෆාර් 23, දහින්සා 24, රෝයි සිල්වා 32/4, හචින්සන් 27/3
ඇමෙරිකාව පන්දුවාර 40.1කදී - 144/5යි රෝයි සිල්වා නොදැවී 38, අබ්දුල්ලා සයිඩ් 32, කලීල් 26, පී.කේ. පටෙල් නොදැවී 16, පර්වේස් 41/2

IMAGE

සැමියාගේ බිමත්කම සහ නොගැළපීම නිසයි විවාහය බිඳ වැටුණේ

IMAGE 2017 Nov 23 13:33
තිලකා රණසිංහගේ ජීවිතයේ වඩාත්ම සතුටු වූ අවස්ථාව හා වැඩියෙන්ම දුක් වූ අවස්ථාව සිහිපත් කරන්න...
Views - 4641

ලංකාව හැර ගිය නතාෂා ආපහු ඇවිත් කියපු කතාව

IMAGE 2017 Nov 23 08:03
නතාෂා පෙරේරා පහුගිය කාලයේ වැඩිපුර දකින්නට ලැබුණේ නැහැ. ඒ ඇය තමන්ගේ ආදරණීය සැමියා ප්‍රිහාන්...
Views - 4251

55 වියැති බැංකු ලොක්කා 29 කන්තෝරු නෝනා සමඟ 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Nov 22 12:50
බැංකුවක උසස් නිලයක් දරන පනස්පස් හැවිරිදි සිය සැමියා වසර ගණනාවක් තිස්සේ විසිනව හැවිරිදි රජයේ...
Views - 7377

අහසේ සිට බිමට පනින එස්.ටී.එෆ්. යුවතියෝ

IMAGE 2017 Nov 22 10:55
අම්පාර උහන ගුවන් ධාවන පථයෙන් අහසට නැඟගත්, එම්. අයි. 17 වර්ගයේ හෙලිකොප්ටරය  නිලඹර දෙපළු කරමින්...
Views - 4646

මිහිදුම සහ වැස්ස ගැන 'කාලගුණ විද්‍යාවෙන්' බොරු කී‍වේ ඇයි?

IMAGE 2017 Nov 22 10:43
මේ දිනවල අළුයම් කාලයේ අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක දැඩි මිහිදුම් තත්ත්වයක් දක්නට ලැබුණු බව...
Views - 2975

මුගාබේගේ බිරිඳ ද පක්ෂයෙන් නෙරපයි

IMAGE 2017 Nov 21 09:37
වසර 37  ක කාලයක් සිම්බාබ්වේ දේශය පාලනය කළ රොබට් මුගාබේ නිවාස අඩස්සියට ගනිමින් හමුදාව එරට...
Views - 3783

Please publish modules in offcanvas position.

Web Analytics