Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

සරවනමුත්තු ක්‍රීඩා මණ්ඩපයේ තාවකාලික ගොඩනැගිල්ලක ආරම්භ කරන ලද නව කාර්යාලය පවත්වාගෙන යාම සඳහා ක්‍රිකට් විනිසුරුවන්ගේ සංගමයට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් රුපියල් ලක්ෂ 16ක මුදලක් පිරිනමනු ලැබිය.
පී. සරවනමුත්තු ක්‍රීඩා මණ්ඩපයේ පැවැති නව කාර්යාලය විවෘත කිරීමේ උත්සවයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා විසින් ක්‍රිකට් තරග විනිසුරුවන්ගේ සංගමයේ භාණ්ඩාගාරික රොෂාන් ධම්මික මහතා වෙත අදාල චෙක්පත පිරිනැමූ අයුරු ඡායාරූපයෙන් දිස්වේ.

වසර 74ක දීර්ඝ ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් විනිසුරුවන්ගේ සංගමයට විශාල අඩුපාඩුවක්ව පවතින කාර්යාලයක් සහිත මූලස්ථානයක් ඉදිකිරීමට රුපියල් ලක්ෂ 50ක මුදලක් තරග විනිසුරුවන්ගේ සංගමයේ සභාපති බුද්ධික පතිරණ මහතා වෙත පරිත්‍යාග කිරීමට සූදානම් බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා මෙහිදී ප්‍රකාශ කළේය.

මෑත කාලයේ විවිධ පාර්ශ්වයන් විසින් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් සහ ක්‍රිකට් ක්‍රීඩකයන් සම්බන්ධයෙන් පළ කර ඇති විවිධ චෝදනා පිළිබඳ සොයා බැලීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී ඒකකය මූලික විමර්ශනයක් ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ (24දා) තහවුරු කළේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මූලස්ථානයේ පෙරේදා (23දා) පැවැති රැස්වීමකදී ක්‍රිකට් විධායක කමිටුව විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් සහ අනෙකුත් පාර්ශ්වයන් හට උපදෙස් ලබා දෙමින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් සිදුකරනු ලබන එම පරීක්ෂණය සඳහා සිය පූර්ණ සහයෝගය ලබා දෙන ලෙස දැනුම් දී ඇත.
මෙම පරීක්ෂණය පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා මෙසේ කියා සිටියේය.
“මෙවන් පරීක්ෂණයක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී ඒකකය විසින් ආරම්භ කිරීමට තීරණය කිරීම ගැන අප ඉතාමත් සතුටු වෙනවා”
“මෙම පරීක්ෂණයට අදාළව තොරතුරු ඇති සහ තොරතුරු දන්නා සියලු දෙනාට එම සියලුම තොරතුරු සහ සාක්ෂි ප්‍රකාශ කිරීම හා ලබා දීම මගින් මෙම පරීක්ෂණයට සහාය වෙන ලෙස අපි ඉල්ලා සිටිනවා.” එමගින් ශ්‍රී ලංකා ක්‍රිකට් අභිමානයට හා ක්‍රීඩකයන්ගේ කීර්ති නාමයට අනවශ්‍ය ලෙස හානි පමුණුවීමකින් තොරව නිසි අයුරින් ක්‍රීඩාවේ දියුණුව සඳහා අප හට කටයුතු කළ හැකිවේ.
අපි විශ්වාස කරනවා පසුගිය කාලයේදී විවිධ අයුරින් දෝෂාරෝපණයන්ට ලක් වූ ජාතික ක්‍රීඩකයන් හට සිය නිර්දෝෂීභාවය ඔප්පු කිරීමට ද මෙය මහඟු අවස්ථාවක් වනු ඇතැයි කියා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම පරීක්ෂණය ඉතා කඩිනමින් සම්පූර්ණ කිරීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සමග සමීපව කටයුතු කිරීමට තීරණය කර ඇති අතර, එමගින් මෙම චෝදනා ලත් ක්‍රීඩකයන් සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ඉතා ඉක්මණින් නිම කර ඔවුන් හට ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදීමට අවශ්‍ය නිදහස සහ මානසික ඒකාග්‍රතාවය ලබා දීමට කටයුතු කරනවා” යැයි එම නිවේදනයේ සඳහන් වේ.

මේ මස 28දා ආරම්භ වෙන ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා 16 දෙනකුගෙන් යුත් පාකිස්තානු සංචිතය නම්කර තිබේ.
සෆ්රාස් අහමඩ්ගේ නායකත්වයෙන් යුත් මෙම සංචිතයට පාකිස්තානු සුපිරි ක්‍රීඩක දෙපළක් වන යුනිස් ඛාන් සහ මිස්බා උල් හක් ඇතුළත් නොවන අතර, නවක ක්‍රීඩකයන් කිහිපදෙනකුටම අවස්ථාව හිමිවී තිබේ.
 
පාකිස්තානු ටෙස්ට් සංචිතය 
සෆ්රාස් අහමඩ් (නායක), අසාර් අලී, ෂාන් මසූඩ්, සමී අස්ලාම්, බාබර් අසාම්, අසාද් ෂෆීක්, හැරිස් සොහෙල්, උස්මාන් සලහුදීන්, යසීර් ෂා, මොහොමඩ් අස්ගාර්, බිලාල් අසීෆ්, මීර් හම්සා, මොහොමඩ් අමීර්, හසන් අලී, මොහොමඩ් අබ්බාස්, වහාබ් රියාස්

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර තරග 2කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා පිල ලබන 24 දා ආරාබි එමීර් රාජ්‍යය බලා පිටත්ව යයි.
මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාව ප්‍රථම වරට දිවා/රාත්‍රී ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීමට නියමිතව ඇති අතර එම තරගය ඩුබායිහිදී පැවැත්වේ.
තරගාවලිය සඳහා දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයෙන් යුත් 15 දෙනකුගෙන් සමන්විත සංචිතය නව තේරීම් කමිටුව විසින් නම් කර තිබේ.
තරගාවලිය සඳහා තෝරා තිබෙන කණ්ඩායම පිළිබඳව සෑහීමකට පත්වන බවත් සමබර කණ්ඩායමක් ලැබි ඇති බවත් නායක දිනේෂ් චන්දිමාල් පවසයි.
මැතිව්ස් ආබාධයකට ලක්වීම කනගාටුවට කරුණක් වන නමුත් තරගාවලියේදී හොඳ සටනක් දීමට බලා‍පොරොත්තු වන බවද චන්දිමාල් කියයි.
මෙම තරගාවලියේ පළමු තරගයට ආබාධයක් හේතුවෙන් හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් ක්‍රීඩා නොකරන අතර ළහිරු තිරිමාන්න උපනායක ලෙස නම් කර තිබේ.
උපුල් තරංග ටෙස්ට් තරගවලින් මාස 6ක විවේකයක් ගැනීම නිසා ආරම්භක පිතිකරු ස්ථානයකට යළිත් කෞෂාල් සිල්වා කැඳවා තිබේ.
මේ අතර නවක ක්‍රීඩක සධීර සමරවික්‍රම පළමුවරට ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට කැඳවා තිබිම විශේෂ සිදුවීමකි.
පසුගිය ශ්‍රී ලංකා ඒ හා අන්තර් ක්‍රීඩා තරගාවලියේදී කැපී පෙනෙන දස්කම් දැක්වූ සධීරට සිය හැකියාව පෙන්වීමට මෙම තරගාවලිය හොඳ අවස්ථාවක් වී තිබේ.
මැද පෙළ පිතිකරු රොෂේන් සිල්වා කණ්ඩායමට කැඳවා ඇති අතර සිය ස්ථානය තහවුරු කර ගැනීමට ඔහුටද අවස්ථාවක් හිමි වී තිබේ.
මේ අනුව ශ්‍රී ලංකා පි‍ලේ පිතිකරුවන් ලෙස චන්දිමාල්, තිරිමාන්න, කෞෂාල් සිල්වා, දිමුත් කරුණාරත්න, කුසල් මෙන්ඩිස්, සධීර සමරවික්‍රම, රොෂේන් සිල්වා සහ නිරෝෂන් දික්වැල්ල නම් කර තිබේ.
වේග පන්දු  යවන්නන් ලෙස සුරංග ලක්මාල්, නුවන් ප්‍රදීප්, විශ්ව ප්‍රනාන්දු සහ ළහිරු ගමගේ නම් කර තිබේ.
දඟ පන්දු යවන්නන් ලෙස රංගන හේරත්, ලක්ෂාන් සඳකැන් සහ දිල්රුවන් පෙරේරා කැඳවා තිබේ.
ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර තෙවැනි 20-20 තරගය ලාහෝර් නුවර පැවැත්වීමට නියමිතව ඇති අතර ආරක්ෂක තත්ත්වය අනුව අවසන් තීරණය ටෙස්ට් තරගාවලියෙන් පසු ගැනීමට නියමිතව තිබේ.

ශ්‍රී ලංකා සංචිතය
දිනේෂ් චන්දිමාල් (නායක), ලහිරු තිරිමාන්න (උපනායක), දිමුත් කරුණාරත්න, කෞෂාල් සිල්වා, කුසල් මෙන්ඩිස්, සධීර සමරවික්‍රම, රොෂේන් සිල්වා, නිරෝෂන් දික්වැල්ල, රංගන හේරත්, ලක්ෂාන් සඳකැන්, දිල්රුවන් පෙරේරා, සුරංග ලක්මාල්, නුවන් ප්‍රදීප්, විශ්ව ප්‍රනාන්දු, ලහිරු ගමගේ,අතිරේක - ධනංජය ද සිල්වා, ජෙෆ්රි වැන්ඩසේ, අකිල ධනංජය, ලහිරු කුමාර,දසුන් ශානක.

මංගල ධර්මප්‍රේම

සිංගර් ශ්‍රී ලංකා සමාගමේ අනුග්‍රහය ඇතිව වෙළෙඳ සේවා ක්‍රිකට් සංගමය විසින් 25 වැනි වරටත් සංවිධානය කරනු ලබන වෙළෙඳ සේවා ප්‍රමුඛ පෙළ ලීග් තරගාවලියේ පසුගියදා පැවැති තරගයකදී ශතකයක් රැස් කිරීමට මාස් යුනිචෙලා පි‍ලේ මහේල උඩවත්ත සමත්විය.
මේ දක්වා තම අපරාජිත බව රැකගනිමින් සිව්වැනි ජයග්‍රහණ වාර්තා කිරීමට මාස් යුනිචෙලා සහ කොමර්ෂල් කේ‍රඩිට් ෆිනෑන්ස් යන කණ්ඩායම් සමත්වූහ.
මෙම තරගවලදී මාස් යුනිචෙලා පිළ සම්පත් බැංකුව ලකුණු 36කින් පැරදවූ අතර, එල්.බි. ෆිනෑන්ස් පිළ ඩිමෝ පිල ලකුණු 10කින් පැරදවීය. ජෝන් කීල්ස් පිල හේලීස් පිල ඩක්වර්ත්-ලුවිස් ක්‍රමයට කඩුලු 6කින් පැරදවූ අතර, හැටන් නැෂනල් බැංකු පිල ටී. ජේ. ලංකා පිල ලකුණු 30කින් පැරදවීය. කොමර්ෂල් කේ‍රඩිට් ෆිනෑන්ස් පිල කැන්රිච් ෆිනෑන්ස් පිල කඩුලු 5කින් පැරදවීය.
මෙම තරඟවලදී වනිඳු හසරංග (කොමර්ෂල් කේ‍රඩිට් ෆිනෑන්ස්) තුන් ඉරියව් දස්කම් දැක්වූ අතර, සම්මු අශාන් (ඩිමෝ), ඇන්ජෙලෝ පෙරේරා (එල්.බි. ෆිනෑන්ස්), කිත්රුවන් විතානගේ (ටී.ජේ. ලංකා), ප්‍රියමාල් පෙරේරා (එල්.බි. ෆිනෑන්ස්), සචිත්‍ර සේරසිංහ (හේලීස්), අක්ෂු ප්‍රනාන්දු (ජෝන් කීල්ස්), කෝසල කුලසේකර (හැටන් නැෂනල් බැංකුව), කවිඳු කුලසේකර (කැන්රිච් ෆිනෑන්ස්) සහ තිලකරත්න ඩිල්ෂාන් (මාස් යුනිචෙලා) යන ක්‍රීඩකයින් පිත්තෙන් දස්කම් දක්වමින් අර්ධ ශතක රැස් කළහ.
කසුන් රාජිත (සම්පත් බැංකුව), තික්ෂිල ද සිල්වා (ඩිමෝ), විමුක්ති පෙරේරා (හැටන් නැෂනල් බැංකුව) සහ ශිරාන් ප්‍රනාන්දු (එල්.බි. ෆිනෑන්ස්) යන ක්‍රීඩකයින් මෙම තරඟවලදී පන්දුවෙන් දස්කම් දැක්වූහ.
මාස් යුනිචෙලා - සම්පත් බැංකුව
මාස් යුනිචෙලා: 267/9 (පන්දුවාර 50) මහේල උඩවත්ත 101, තිලකරත්න ඩිල්ෂාන් 51, කසුන් රාජිත 4/34, තරිඳු කෞශාල් 2/50   සම්පත් බැංකුව: 131 (පන්දුවාර 32.5) තරිඳු කෞශාල් 48, රොමේෂ් බුද්ධික 33, ෂෙහාන් මධුසංක 3/23, චතුරංග ද සිල්වා 2/15, දුවිඳු තිලකරත්න 2/15
මාස් යුනිචෙලා පිලට ලකුණු 136ක ජයක්.
එල්.බි. ෆිනෑන්ස් - ඩිමෝ
එල්.බි. ෆිනෑන්ස්: 280 (පන්දුවාර 49.5) ඇන්ජෙලෝ පෙරේරා 73, ප්‍රියමාල් පෙරේරා 66, යෙෂාන් සමරසිංහ 21, තික්ෂිල ද සිල්වා 4/43, රමේෂ් මෙන්ඩිස් 3/68, නිසල තාරක 2/50
ඩිමෝ: 270 (පන්දුවාර 48.1) සම්මු අශාන් 87, ලසිත් අබේරත්න 39, තික්ෂිල ද සිල්වා 27, ශිරාන් ප්‍රනාන්දු 4/52, ඉසුරු උදාන 2/41                                                                                                                                              එල්.බි. ෆිනෑන්ස් පිලට ලකුණු 10ක ජයක්.
ජෝන් කීල්ස් - හේලීස්                        
හේලීස්: 183 (පන්දුවාර 48.3) සචිත්‍ර සේරසිංහ 53, ප්‍රසංසන ජයමාන්න නොදැවී 40, චානක රුවන්සිරි 38, විකුම් සංජය 3/22, චාමිකර එදිරිසිංහ 3/28, මධුක ලියනපතිරණගේ 2/27                                                                                              ජෝන් කීල්ස්: 178/4 (පන්දුවාර 31.5) අක්ෂු ප්‍රනාන්දු නොදැවී 68, ළහිරු මිලන්ත 41, භානුක රාජපක්ෂ 36            
ජෝන් කීල්ස් පිලට ඩක්වර්ත්-ලුවිස් ක්‍රමයට කඩුලු 6ක ජයක්.
හැටන් නැෂනල් බැංකුව - ටී. ජේ. ලංකා                                                                                                               
හැටන් නැෂනල් බැංකුව: 203 (පන්දුවාර 43.4) කෝසල කුලසේකර 68, සමීර සොයිසා 43, සචිත්‍ර සේනානායක 2/23, චලන ද සිල්වා 2/35                                                                                                                                              ටී.ජේ. ලංකා: 173 (පන්දුවාර 39.5) කිත්රුවන් විතානගේ 70, චලන ද සිල්වා 49, විෂාද් රන්දික 21, විමුක්ති පෙරේරා 4/34, කෝසල කුලසේකර 2/12, නවීන් ගුණවර්ධන 2/43                                                                                                       හැටන් නැෂනල් බැංකු  පිලට ලකුණු 30ක ජයක්.
කොමර්ෂල් කේ‍රඩිට් ෆිනෑන්ස්
කැන්රිච් ෆිනෑන්ස්                                                                                                                                            කැන්රිච් ෆිනෑන්ස්: 153 (පන්දුවාර 40.2) කවිඳු කුලසේකර 54, අලංකාර අසංක 24, ළහිරු මධුසංක 3/13, වනිඳු හසරංග 2/26, අසිත ප්‍රනාන්දු 2/27                                                                                                                                  කොමර්ෂල් කේ‍රඩිට් ෆිනෑන්ස්: 154/5 (පන්දුවාර 22.1) වනිඳු හසරංග නොදැවී 64, උපුල් තරංග 38, ඉමේෂ් උදයංග 29, ප්‍රමෝද් මධුෂාන් 3/30                                                   
කොමර්ෂල් කේ‍රඩිට් ෆිනෑන්ස් පිලට කඩුලු 5ක ජයක්.

පමෝද් ලසන්ත

එංගලන්තය හා බටහිර ඉන්දීය කොදෙව් අතර පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් කොදෙව්වලට කඩුලු 7ක පරාජයක් හිමිවීම නිසා ශ්‍රී ලංකාවට 2019 ලෝක කුසලානයට කෙළින්ම සුදුසුකම් ලැබිමේ අවස්ථාව හිමිවිය.
මෙම පරාජයත් සමගම අයි.සී.සී. ශ්‍රේණියේ ප්‍රසාද ලකුණු 86ක් ලබා සිටින ශ්‍රී ලංකාව අභිබවා යාමට කොදෙව් පිලට ඉදිරි තරග ජය ගත්තද නොහැකි බව අයි.සී.සී.ය නිවේදනය කරයි.

ලෝක කුසලානයට කෙළින්ම සුදුසුකම් ලැබිම සඳහා ශ්‍රී ලංකාව හා කොදෙව් අතර සටනක් නිර්මාණය වී තිබූ අතර ඉන් ජය ගැනීමට ශ්‍රී ලංකාවට හැකිවිය.
මේ අනුව කොදෙව් පිලට කණ්ඩායම් 10ක් සහභාගි වන ලෝක කුසලාන සුදුසුකම් ලැබිමේ තරගාවලින්ට ක්‍රීඩා කිමට සිදුවී තිබේ. මේ පිළිබඳව අදහස් දක්වා ඇති ශ්‍රී ලංකා එක්දින නායක උපුල් තරංග සිය සතුට පළකළ බව අයි.සී.සී.ය නිවේදනය කරයි.
අපි අසීරු අවස්ථාවකට මුහුණදීලා හිටියේ. එම අවස්ථාවෙන් අපි ගොඩ ආවා. අපිත් ගමන රැඳී සිටින ක්‍රීඩා ලෝලීන්ට ස්තූතියි යැයි තරංග පවසා තිබේ.

ලෝක කුසලාන වලදී ශ්‍රී ලංකාව හැමදා පෙරලියක් කරන කණ්ඩායමක් බවට පවසන තරංග ඉදිරි තරගවලදීද ශ්‍රීලංකා නාමය ඉහළට ඔසවා තැබිමට ක්‍රීඩා කරන බව ප්‍රකාශ කරයි.
කොදෙව්වන් හා එංගලන්තය අතර පැවැති පළමු එක්දින තරගයේදී මුලින්ම පන්දුවට පහරදුන් කොදෙව් පිල පන්දුවාර 42දී කඩුලු 9ට ලකුණු 204 ක් ලැබූ අතර එංගලන්තය පන්දුවාර 30.5දී කඩුලු 3ට ලකුණු 210ක් ලබා ජයගත්තේය.එංගලන්තය වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ ජොනී බේස්ටෝව් ලකුණු 100ක් ලබමින් තරගයේ වීරයා සම්මානය දිනා ගත්තේය.

IMAGE

සැමියාගේ බිමත්කම සහ නොගැළපීම නිසයි විවාහය බිඳ වැටුණේ

IMAGE 2017 Nov 23 13:33
තිලකා රණසිංහගේ ජීවිතයේ වඩාත්ම සතුටු වූ අවස්ථාව හා වැඩියෙන්ම දුක් වූ අවස්ථාව සිහිපත් කරන්න...
Views - 1839

ලංකාව හැර ගිය නතාෂා ආපහු ඇවිත් කියපු කතාව

IMAGE 2017 Nov 23 08:03
නතාෂා පෙරේරා පහුගිය කාලයේ වැඩිපුර දකින්නට ලැබුණේ නැහැ. ඒ ඇය තමන්ගේ ආදරණීය සැමියා ප්‍රිහාන්...
Views - 2167

55 වියැති බැංකු ලොක්කා 29 කන්තෝරු නෝනා සමඟ 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Nov 22 12:50
බැංකුවක උසස් නිලයක් දරන පනස්පස් හැවිරිදි සිය සැමියා වසර ගණනාවක් තිස්සේ විසිනව හැවිරිදි රජයේ...
Views - 4973

අහසේ සිට බිමට පනින එස්.ටී.එෆ්. යුවතියෝ

IMAGE 2017 Nov 22 10:55
අම්පාර උහන ගුවන් ධාවන පථයෙන් අහසට නැඟගත්, එම්. අයි. 17 වර්ගයේ හෙලිකොප්ටරය  නිලඹර දෙපළු කරමින්...
Views - 2965

මිහිදුම සහ වැස්ස ගැන 'කාලගුණ විද්‍යාවෙන්' බොරු කී‍වේ ඇයි?

IMAGE 2017 Nov 22 10:43
මේ දිනවල අළුයම් කාලයේ අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක දැඩි මිහිදුම් තත්ත්වයක් දක්නට ලැබුණු බව...
Views - 1723

මුගාබේගේ බිරිඳ ද පක්ෂයෙන් නෙරපයි

IMAGE 2017 Nov 21 09:37
වසර 37  ක කාලයක් සිම්බාබ්වේ දේශය පාලනය කළ රොබට් මුගාබේ නිවාස අඩස්සියට ගනිමින් හමුදාව එරට...
Views - 2600

Please publish modules in offcanvas position.

Web Analytics