Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සිංගර් ශ්‍රී ලංකා සමාගමේ අනුග්‍රහය ඇතිව සංවිධානය කරන “සිංගර් කුසලාන” අවු. 19න් පහළ අන්තර් පාසල් ක්‍රිකට් තරගයකදී  කොළඹ වෙස්ලි විද්‍යාලය කඩුලු 9කින් පැරදවීමට කැලණිය ගුරුකුල විද්‍යාලය සමත්වූ අතර, අනෙක් තරග ජය පැරදුමෙන් තොරව අවසන් විය.
ගුරුකුල ජයග්‍රහණය වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ සචින්ත චමිත් ලකුණු 26ට කඩුලු 6ක් බිඳ හෙළීය.
කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලයට එරෙහිව ඉනිමකදී ලකුණු 16කට කඩුලු 9ක් දවාලීමට දෙබරවැව ජාතික පාස‍ලේ වමත් පාදඟ පන්දු යවන චතුර ජයනාත් සමත්විය.
මෙම තරගයේදීම කරන්දෙණිය මැදි විදුහල වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ රවිඳු මිලාන් ලකුණු 50ට කඩුලු 5ක් බිඳ හෙළීය.
මලියදේවයේ දුලාජ් රණතුංග මාතර රාහුලට එරෙහිව ලකුණු 64ට කඩුලු 5ක් සහ ලකුණු 81ක් රැස් කරමින් තුන් ඉරියව්වෙන් දස්කම් දැක්වීය.
 
දෙබරවැව ජාතික පාසල-කරන්දෙණිය ම.ම.වි.
දෙබරවැව ජාතික පාසල: පළමු ඉනිම - 88 (පන්දුවාර 35.1) ෂෙහාන් මලින්ද 28, රවිඳු මිලාන් 5/50
කරන්දෙණිය ම.ම.වි.: පළමු ඉනිම - 45 (පන්දුවාර 28.5) චතුර ජයනාත් 9/16
දෙබරවැව : දෙවැනි ඉනිම - 17/2 (පන්දුවාර 12)
තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය.
 
ගුරුකුල-කොළඹ වෙස්ලි 
ගුරුකුල: පළමු ඉනිම - 258 (පන්දුවාර 69.5) පෘතුවි රුසාර 48, පැතුම් මහේෂ් 46, කෙමිර නයනතරු 35, ප්‍රවීන් නිමේෂ් 32, නුවන් චානක 30, රාහුල් ගුණසේකර 4/57, මොවින් සුබසිංහ 2/64, සකුන්ත ලියනගේ 2/66
වෙස්ලි: පළමු ඉනිම - 146 (පන්දුවාර 63.3) මොවින් සුබසිංහ 30, රාහුල් ගුණසේකර 27, ජනිත් සඳකැළුම් 20, ප්‍රවීන් නිමේෂ් 3/26, ළසිඳු අරෝෂ 2/21, මළිඳු විදුරංග 2/18, පෘතුවි රුසාර 2/49  
වෙස්ලි: දෙවැනි ඉනිම - 123 (පන්දුවාර 41.4) තිසුරක අක්මීමණ 21, මොවින් සුබසිංහ 20, සචින්ත චමිත් 6/26, ළසිඳු අරෝෂ 2/15
ගුරුකුල: දෙවැනි ඉනිම - 12/1 (පන්දුවාර 1.1)
කැලණිය ගුරුකුල විද්‍යාලයට කඩුලු 9ක ජයක්.
 
පිළියන්දල ම.ම.වි.-අසෝක
අසෝක: පළමු ඉනිම - 166 (පන්දුවාර 43.3) පසන් ගුණතුංග 54, උදය ඇල්විටිගල 39, ලසිත විතානගේ 31, හේෂාන් මධුසංක 4/56, ප්‍රශංක ලක්ෂාන් 2/28
පිළියන්දල ම.ම.වි.: පළමු ඉනිම - 154/3 (පන්දුවාර 49) චමත් සඳරු නොදැවී 57, ගයාන් චතුරංග 30, හේෂාන් මධුසංක නොදැවී 26 
තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය.
 
රාහුල-මලියදේව
රාහුල: පළමු ඉනිම - 245 (පන්දුවාර 87.2) සසිත් මනුරංග 83, භාග්‍ය හිමත් 45, ළකිඳු චමෝද්‍ය 31, යුරාජ් චලක 30, දුලාජ් රණතුංග 5/64, සංජීවන් ප්‍රියදර්ශන 4/2 
මලියදේව: පළමු ඉනිම - 158 (පන්දුවාර 43.5) දුලාජ් රණතුංග 81, කවීන් බණ්ඩාර 37, චමුදිත ඩිල්ෂාන් 4/33
රාහුල: දෙවැනි ඉනිම - 74/1 (පන්දුවාර 23) හරිත් දිල්හාර නොදැවී 28
තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය.
 
රාජකීය-ශා. සෙබස්තියන් 
ශා. සෙබස්තියන්: පළමු ඉනිම - 66 (පන්දුවාර 28.4) ඩිමාල් විජේසේකර 4/18, තාරුක රුක්ෂාන් 3/19, කවිඳු පතිරත්න 3/23
රාජකීය: පළමු ඉනිම - 245/9 (පන්දුවාර 71.2) භාග්‍ය දිසානායක 56, කවිඳු මදරසිංහ 48, කමිල් මිෂාර 42, අහන් වික්‍රමසිංහ 37, විනුජ රණසිංහ 3/69, තරුෂ ප්‍රනාන්දු 2/60
ශා. සෙබස්තියන්: දෙවැනි ඉනිම - 303/4 (පන්දුවාර 82) ශනෙල් ප්‍රනාන්දු 77, තරුෂ ප්‍රනාන්දු 75, සුඛිත ප්‍රසන්න 68, ජනුෂ්ක පෙරේරා 32
තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය.
 
බලපිටිය රේවත - කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර ම.වි.
රේවත: පළමු ඉනිම - 205/8 (පන්දුවාර 58)
රුමේෂ් මධුෂාන් 56, දිමුතු කුමාර 35, කවිඳු දිල්හාර නොදැවී 33, ශෂික ලක්ෂාන් 21, ලක්ෂිත කුමාර 2/25, ඉෂාර සංදික 2/31
ශ්‍රී ජයවර්ධනපුර මවි: පළමු ඉනිම - 114 (පන්දුවාර 65.5) චමෝද් සුපුන් නොදැවී 42, සහන් සංකල්ප 4/9, අවිෂ්ක ඩිල්ෂාන් 3/23
රේවත: දෙවැනි ඉනිම - 97/6 (පන්දුවාර 17.2) ශෂික ලක්ෂාන් 36, රුමේෂ් මධුෂාන් 31, පසිඳු ආකර්ෂණ 4/16 
ශ්‍රී ජයවර්ධනපුර: දෙවැනි ඉනිම - 93/0 (පන්දුවාර 20) ඉෂාර චාමින්දික නොදැවී 48, ලක්ෂිත කුමාර නොදැවී 36
තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය.
 
මීගමුව ශා. පීතර-අනුරාධපුර ම.ම.වි.
අනුරාධපුර ම.ම.වි.: පළමු ඉනිම - 127 (පන්දුවාර 40.3) අශ්මික ප්‍රබෝධන 27, මධූෂ දේශාන් 26, දිනෙත් තත්සර 3/32, උවින් ශලින 3/50
ශා. පීතර: පළමු ඉනිම - 252 (පන්දුවාර 70.4) තිසර මධුවන්ත 71, උමේෂ් ලක්ෂාන් 63, දිනෙත් තත්සර 42, මධුරංග චන්ද්‍රරත්න 4/73, සිතුම් නිළුමින්ද 3/44
අනුරාධපුර: දෙවැනි ඉනිම - 253/4 (පන්දුවාර 68.1) චමොද්‍ය ඉඳුවර 94, අශ්මික ප්‍රබෝධන නොදැවී 63, හේෂාන් සෙනිර 55, සිතුම් නිළුමින්ද 26
තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය.

මලයාසිවේ පැවැත්වෙන අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ පිට පිටම තරග 2ක් ජයගෙන සිටි ශ්‍රී ලංකාව ඊයේ (13දා) පාකිස්තානය හමුවේ කඩුලු 3ක පරාජයක් ලැබිය.
මේ අනුව ‘බි’ කාණ්ඩයෙන් තරග වැදුණු පාකිස්තානය සහභාගි වූ තරග 3න් තරග 2ක් ජයගෙන එක් තරගයක් පරාජට පත්ව ලකුණු 4ක් ලබා ලකුණු සටහනේ පළමු තැන රැඳී සිටින අතර, ශ්‍රී ලංකාව තරග 3න් 2ක් ජයගෙන එක් තරගයක් පරාජයට පත්ව ලකුණු 4ක් ලබා දෙවැනි ස්ථානයේ පසුවෙයි.

මේ අනුව අද (14දා) පැවැත්වෙන ඇෆ්ගනිස්ථානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර තරගය ඇෆ්ගනිස්ථානයට මෙන්ම ශුද්ධ ලකුණු වේගය 0.988ක් රඳවාගෙන සිටින ශ්‍රී ලංකාවටද තීරණාත්මක තරගයක් බවට පත්වී ඇත.
මේ වන විට සහභාගි වූ තරග දෙකෙන් එක් තරගයක් ජයගෙන ලකුණු 2ක් ලබා සිටින ඇෆ්ගනිස්ථානයට අද තරගයෙන් ජයගගෙන ලකුණු සටහනේ ශූද්ධ ලකුණු වේගය අනුව අවසන් පූර්ව වටයට පිවිසීමේ අවස්ථාවක්ද හිමිවී තිබේ.
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව පන්දුවාර 49.4කදී ලකුණු 141කට දැවී ගිය අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තානය පන්දුවාර 32.1කදී කඩුලු 7ක් දැවී ලකුණු 142ක් රැස් කරමින් ජය වාර්තා කළේය.

පාකිස්තානු ඉනිමේ කඩුලු 3ක් ලකුණු 38ක් තුළ බිඳ වැටී තිබියදී පිටියේ එක්වූ මොහොමඩ් තහා සහ රොහායිල් නසීර් සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 31ක සම්බන්ධතාවක් ගොඩනංවමින් ඉනිම ශක්තිමත් කළහ.
පන්දු 38කදී හතරේ පහර 2ක් සහ  හයේ පහර 2ක් සමගින් ලකුණු 31ක් ලබා සිටි තහා දැවී යාමෙන් පසු නසීර්ට එක්වූ සාඩ් ඛාන් 5 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 54ක සම්බන්ධතාවක් ගොඩනංවමින් පාකිස්තානු ජය මාවත විවර කළේය.
රොහායිල් නසීර් පන්දු 58කදී හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සමගින් ලකුණු 48ක් වාර්තා කළ අතර, සාඩ් ඛාන් ලකුණු 22ක් වාර්තා කළේය.

විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ප්‍රවීන් ජයවික්‍රම ලකුණු 28ට කඩුලු 4ක් බිඳ හෙළීය.
පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව වෙනුවෙන් කඩුලු 6ක් ලකුණු 41ක් තුළ බිඳ වැටුණු අතර, අශේන් බණ්ඩාර පන්දු 95කදී හතරේ පහර 4ක් සමගින් ලකුණු 49ක් රැස් කරමින් හදෙකලා සටනක නිරත විය.
පාකිස්තානය වෙනුවෙන් මොහොමඩ් මූසා ලකුණු 25ට කඩුලු 3ක්ද, මුනිර් රියාස් ලකුණු 30ට කඩුලු 3ක්ද බිඳ හෙලූහ.

ලකුණු තත්ත්වය :-
ශ්‍රී ලංකාව පන්දුවාර 49.4කදී සියලු දෙනා දැවී - 141යි
ධනන්ජය ලක්ෂාන් 9, හසිත බෝයගොඩ 4, කමිඳු මෙන්ඩිස් 0, නිශාන් මධුෂ්ක 12, නිපුන් ධනන්ජය 6, ජෙහාන් ඩැනියෙල් 1, අශේන් බණ්ඩාර 49, නුවනිඳු ප්‍රනාන්දු 14, කෙවින් කොත්තිගොඩ 20, තිලාන් ප්‍රශාන් 10, ප්‍රවීන් ජයවික්‍රම 3, මිනිර් රියාස් 30/3, මොහොමඩ් මූසා 25/3, ෂහීන් ෂා 19/2
පාකිස්තානය පන්දුවාර 32.1කදී කඩුලු 7ක් දැවී - 142යි
මොහොමඩ් තහා 31, රොහායිල් නසීර් 48, සාඩ් ඛාන් 22, ප්‍රවීන් ජයවික්‍රම 28/4, තිලාන ප්‍රසාන් 21/1, ධනන්ජය ලක්ෂාන් 17/1, කෙවින් කොත්තිගොඩ 32/1

අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේදී හිටපු ශූර ඉන්දියාවට එරෙහිව ලකුණු 19ක පෙරළිකාර ජයක් වාර්තා කිරීමට නේපාල යොවුන් ක්‍රීඩකයෝ සමත් වූහ.

නැගෙනහිර ආසියානු කලාපයේ ශූරයන් වෙමින් මෙවර මලයාසියානු තරගාවලියට සුදුසුකම් ලබාගත් නේපාලය පළමුවෙන් පන්දුවට පහර දෙමින් පන්දුවාර 50දී කඩුලු 8ට ලකුණු 185ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාවට පන්දුවාර 48.1කදී සියලු දෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 166ක් පමණි.
නේපාල ජයග්‍රහණය වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ නායක දිපේන්ද්‍ර සිං අයිරී පන්දු 101කදී හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් සමගින් ලකුණු 88ක් සහ පන්දුවෙන්ද දස්කම් දක්වමින් ලකුණු 39ට කඩුලු 4ක් බිඳ හෙළමින් තරගයේ වීරයා බවට පත්විය.

ආරම්භක පිතිකරු ජිතේන්ද්‍ර සිං සහ (36) සහ නායක දිපේන්ද්‍ර සිං තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 49ක සම්බන්ධතාවක් ගොඩනංවමින් නේපාල ඉනිම ශක්තිමත් කළහ.
ඉන්දියාව වෙනුවෙන් නායක හිමන්ෂු රානා (46), මන්ජෝට් කල්රා (35) සහ අභිෂේක් ෂර්මා (27) පිත්තෙන් දස්කම් දැක්වුවද පරාජය වළක්වා ගැනීමට එය ප්‍රමාණවත් නොවීය.

මෙම තරගාවලියේ සහභාගි වූ පළමු තරගයෙන් ඉන්දියාව මලයාසියාවට එරෙහිව ලකුණු 202ක දැවැන්ත ජයක් වාර්තා කළ අතර, නේපාලය බංග්ලාදේශය හමුවේ ඩක්වර්ත් ලුවිස් ක්‍රමයට කඩුලු 2ක පරාජයක් ලැබිය.
නේපාලය අද (14දා) මලයාසියාව සමගද, ඉන්දියාව අද බංග්ලාදේශය සමගද තරග බිමට පිවිසෙයි.
ලකුණු තත්ත්වය :-
නේපාලය පන්දුවාර 50දී - 185/8යි
ජිතේන්ද්‍ර සිං 36, දිපේන්ද්‍ර සිං අයිරී 88, බි. ෂාර්කි 15, ආදිත්‍යා තකාරේ 33/2, අභිෂේක් ෂර්මා 38/2
ඉන්දියාව පන්දුවාර 18.1කදී - 166යි
හිමන්ෂු රානා 46, මන්ජෝට් කල්රා 35, අභිෂේක් ෂර්මා 27, අන්ජු රාවට් 18, දිපේන්ද්‍ර සිං 39/4, පවන් සරාෆ් 24/2,
ෂහාබ් අලාම් 11/2

මලයාසියාවේ පැවැත්වෙන අවු. 19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සහභාගි වූ තරග 2කම ජයගනිමින් අපරාජිතව පසුවන ශ්‍රී ලංකා පිල අද (13දා) කින්රාරා ඕවල් ක්‍රීඩාංගණයේදී පාකිස්තානය සමගින් තරග බිමට පිවිසෙයි.
තරගාවලියේ පළමු දිනයේදී (10දා) ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ එක්සත් අරාබි එමීර් රාජ්‍යය කඩුලු 7කින් පැරදවූ අතර, තරගාවලියේ දෙවැනි දිනයේදී (11දා) ශ්‍රී ලංකාව හමුවේ ඇෆ්ගනිස්ථානය ලකුණු 61ක පරාජයක් ලැබිය.
තරගාවලියේ පළමු දිනයේදී ප්‍රබල පාකිස්තානය පරාජය කළ ඇෆ්ගනිස්ථානය ශ්‍රී ලංකාව හමුවේ පරාජය ලැබිම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ජයග්‍රාහී මානසිකත්වයකින් අද තරගයට පිවිසෙනු ඇත.
අද (13දා) පැවැත්වෙන ශ්‍රී ලංකා-පාකිස්තාන් තරගයට අමතරව, බංගලිදේශය සහ මලයාසියාව අතර තරගය බයුමාස් ඕවල්හිදී පැවැත්වේ.
ශ්‍රී ලංකා අවු. 19න් පහළ පිල කමිඳු මෙන්ඩිස් විසින් මෙහෙයවනු ලබන අතර, හසන් ඛාන් පාකිස්තාන් පිල මෙහෙයවනු ලබයි.
 
ශ්‍රී ලංකා අවු. 19න් පහළ සංචිතය:
කමිඳු මෙන්ඩිස් (නායක), ජෙහාන් ඩැනියෙල් (උප නායක්), අශේන් බණ්ඩාර, හසිත බෝයගොඩ, ක්‍රිෂාන් සංජුල, තිසරු රශ්මික, ප්‍රවීන් ජයවික්‍රම, නිපුන් ධනංජය, ධනංජය ලක්ෂාන්, කළණ පෙරේරා, කෙවින් කොත්තිගොඩ, රන්දීර රණසිංහ, නිශාන් මධුෂ්ක, නුවනිඳු ප්‍රනාන්දු, තිලාන් ප්‍රශාන්
 
පාකිස්තාන් අවු. 19න් පහළ සංචිතය:
හසන් ඛාන් (නායක), මොහොමඩ් මොෂින් ඛාන්, සයිඩ් අලාම්, උමයිර් යුසුෆ්, හයිඩර් අලි, රොහායිල් නසීර්, අබ්දුල්ලා ෂෆික්, මොහොමඩ් හමාඩ් ඛාන්, අෂාර් ක්වෙරෙසි, මොහොමඩ් තහා, සාඩ් ඛාන්, මුසා ඛාන්, ෂහීන් ෂා, මොහොමඩ් අලි, මුනිර් රියාස්
 
ශ්‍රී ලංකා-එමීර් තරගය
ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර 10දා පැවැති තරගයේ පළමු පන්දුවෙන්ම කඩුල්ලක් දවාගත් වමත් ආරම්භක වේගපන්දු යවන තිසරු රශ්මික ලකුණු 17කට කඩුලු 4ක් බිඳ හෙළමින් තරගයේ වීරයා සම්මානය දිනාගත් අතර, ජෙහාන් ඩැනියෙල් ලකුණු 14ට කඩුලු 3ක් බිඳ හෙළීය.
ලකුණු තත්වය :-
එක්සත් අරාබි එමීර් රාජ්‍යය පන්දුවාර 22කදී සියලු දෙනා දැවී - 66යි 
සයිඩ් හයිඩර් 16, තිසරු රශ්මික 17/4, ජෙහාන් ඩැනියෙල් 14/3, ප්‍රවීන් ජයවික්‍රම 13/2, කළණ පෙරේරා 18/1
ශ්‍රී ලංකා පන්දුවාර 16කදී කඩුලු 3ක් දැවී - 68/3යි
කමිඳු මෙන්ඩිස් නොදැවී 27, ක්‍රිෂාන් සංජුල 15, නිපුන් ධනංජය නොදැවී 11, ෂා ෆයිසාල් 13/2
ශ්‍රී ලංකා අවු. 19න් පහළ පිලට කඩුලු 7ක ජයක්.
 
ශ්‍රී ලංකා-ඇෆ්ගනිස්ථාන තරගය
ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර 11දා පැවැති තරගයේදී පන්දුවෙන් දස්කම් දක්වමින් ලකුණු 17කට කඩුලු 5ක් බිඳ හෙලූ ප්‍රවීන් ජයවික්‍රම තරගයේ වීරයා ලෙස සම්මාන ලැබිය.
මෙම තරගයේදී ආරම්භක පිතිකරු හසිත බෝයගොඩ අර්ධ ශතකයක් (53) රැස් කරමින් ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කළේය. 
ලකුණු තත්ත්වය :-
ශ්‍රී ලංකාව පන්දුවාර 42කදී කඩුලු 8ක් දැවී 196යි 
හසිත බෝයගොඩ 53, ජෙහාන් ඩැනියෙල් 36, ධනංජය ලක්ෂාන් 24, නුවනිදු ප්‍රනාන්දු 19, ඉබ්රාහිම් සර්දාන් 24/2, නවීන් උල්හක් 57/2
ඇෆ්ගනිස්ථානය පන්දුවාර 33.5කදී සියලු දෙනා දැවී -  135 යි
දර්විස් රසූලි 50, ඉබ්රාහිම් සර්දාන් 27, ප්‍රවීන් ජයවික්‍රම 17/5, ජෙහාන් ඩැනියෙල් 20/2, කෙවින් කොත්තිගොඩ 29/1
ශ්‍රී ලංකා අවු. 19න් පහළ පිලට ලකුණු 61ක ජයක්.
(සටහන - පමෝද් ලසන්ත)

සංචාරක ශ්‍රී ලංකා පිල සහ ඉන්දීය ක්‍රිකට් සභාපතිගේ පිල අතර පැවැති දෙදින පුහුණු තරගය ජය පරාජයෙන් තොරව අවසන් වූ අතර, ඉන්දීය ක්‍රිකට් සභාපතිගේ පිල වෙනුවෙන් ශතකයක් වාර්තා කිරීමට සංජු සැම්සන් සමත් විය.
මෙම තරගයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් සධීර සමරවික්‍රම, දිමුත් කරුණාරත්න, ඇන්ජලෝ මැතිව්ස් සහ නිරෝෂන් දික්වැල්ල අර්ධ ශතක වාර්තා කිරීමට සමත් වූහ.
මුලින්ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව කඩුලු 9ට ලකුණු 411ක් ලබාගත් අතර, ඉන්දීය ක්‍රිකට් සභාපතිගේ පිල තරගය අවසන් වන විට කඩුලු 5ට ලකුණු 287ක් ලබා සිටියේය.
ඉන්දීය ක්‍රිකට් සභාපතිගේ පිල වෙනුවෙන් පිත්තෙන් දස්කම් දැක්වූ සංජු සැම්සන් පන්දු 143 කදී හතරේ පහර 19ක් සහ හයේ පහරක් සහිතව ලකුණු 128ක් ලබා ගත්තේය.
ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ ලහිරු තිරිමාන්න ලකුණු 22ට කඩුලු 2ක් බිඳ හෙළීය.
 
ලකුණු තත්ත්වය :- 
ශ්‍රී ලංකාව මුල් ඉනිම - 411/9යි
සධීර සමරවික්‍රම 74, දිමුත් කරුණාරත්න 50, ලහිරු තිරිමාන්න 17, ඇන්ජලෝ මැතිව්ස් 54, දිනේෂ් චන්දිමාල් 29, නිරෝෂන් දික්වැල්ල නොදැවී 73, දසුන් ශානක 2, දිල්රුවන් පෙරේරා 48, ධනංජය ද සිල්වා 10, රොෂේන් සිල්වා නොදැවී 36, රංගන හේරත් 3, සන්දීප් වැරියර් 60/2, අමිත් බන්ඩාරි 111/2
 
ඉන්දීය ක්‍රිකට් සභාපතිගේ පිල - 287/5යි
අග්‍රවාල් 16, ජිවන්ජොට් සිං 35, අමිත් බන්ඩාරි 3, සංජු සැම්සන් 128, ආර්. ප්‍රේම් 39, බි.පී. සංදීප් නොදැවී 33, ජේ. සක්සේනා නොදැවී 20, ලහිරු තිරිමාන්න 22/2, දිල්රුවන් 22/1, ධනංජය ද සිල්වා 35/1, සධීර සමරවික්‍රම 13/1

බංග්ලාදේශ ක්‍රිකට් පුහුණුකරු චන්දික හතුරුසිංහ සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයට ලබා දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
හතුරුසිංහ ලබාදී ඇති මෙම ලිපිය පිළිබඳව තවමත් බංග්ලාදේශ ක්‍රිකට් බලධාරීන්ගෙන් ප්‍රතිචාරයක් හිමි නොවී ඇති අතර, ඔහුගේ ඉදිරි කටයුතු අවිනිශ්චිත බව එම වාර්තාවල දැක්වේ.
මේ අතර ශ්‍රී ලංකා පි‍ලේ හිස්ව ඇති පුහුණුකාර ධුරය සඳහා හතුරුසිංහ සමග සාකච්ඡා පැවැත්වෙන බවට මාධ්‍ය වාර්තා පළ වී තිබුණි.
පසුගිය ඔක්තෝබර් මාසයේද හතුරුසිංහ මෙම තනතුරෙන් ඉවත් වීමට උත්සාහ ගත් නමුත් එහිදී බංග්ලාදේශ ක්‍රිකට් බලධාරීන් ඔහුගේ එම තීරණය පිළි නොගැනීම නිසා දිගටම තනතුරේ රැඳී සිටීමට සිදුවිය.
හතුරුසිංහ බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය සමග 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අවසන් වන තෙක් ගිවිසුම් ගතවී ඇති බැවින් ඔහුගේ ඉවත් වීමේදී ඇතිවන ප්‍රශ්න පිළිබඳව තවමත් වාර්තා නොවේ.
හතුරුසිංහ බංග්ලාදේශ ක්‍රිකට් පුහුණුකාර ධුරයට පත්වීමෙන් පසු 2015 ලෝක කුසලාන අර්ධ අවසන් පූර්ව වටයටද, 2017 චැම්පියන්ස් කුසලාන අවසන් පූර්ව වටයටද පැමිණීමට සමත් වූ අතර, සිය රටේදී ඉන්දියාව, පාකිස්තානය මෙන්ම දකුණු අප්‍රිකාවද පරාජය කිරීමට බංග්ලාදේශය සමත් විය.
එහෙත් පසුගිය මාසයේ අවසන් වූ දකුණු අප්‍රිකානු ටෙස්ට්, එක්දින මෙන්ම 20-20 තරගාවලි තුනෙන්ම අන්ත පරාජයකට පත් වීමට බංග්ලාදේශයට සිදුවිය.

IMAGE

ඒ ආදර කතාව ඉවරයි මම දැන් සින්ගල්

IMAGE 2017 Nov 19 17:31
සිරස ජුනියර් සුපර් ස්ටාර් කියන්නේ මේ දවස්වල ප්‍රේක්ෂකයන් ආදරයෙන් වැළඳ ගත් රියැලිටි...
Views - 2975

කේන්ද්‍රයක මාරක අපල තිබීමටත් වඩා නොතිබීම භයානකය

IMAGE 2017 Nov 19 15:19
මහජන බැංකු විශ්‍රාමික සංගමයේ පිළියන්දල කැස්බෑව ශාඛාවේ අටවන සංවත්සරික සභාව පසුගිය...
Views - 1807

නීල හරිත ෆුල් සූට් එක පෙන්වා අමුඩ කෙටිය ගලවා ගන්න එපා

IMAGE 2017 Nov 19 11:35
මෙවර අයවැය ලෝකයේ දියුණුම ආර්ථික සංකල්පයක් වන නීල-හරිත ආර්ථිකයට රට යොමු කරවන්නක් බව මුදල්...
Views - 1389

ඔහු නොවන්නට ලෝක ක්‍රිකට් මේ තරම් දියුණු නොවනු ඇත

IMAGE 2017 Nov 18 00:19
අද මට ඉතාමත් සතුටු දවසක්. ඉන්දියාවේ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ විරාත් කෝලි සහ ඔහුගේ කණ්ඩායමත්...
Views - 3536

මෙතේ බුදු පදවිය ලබන්නේ බැංකු කළමණාකරුවෙක්ද?

IMAGE 2017 Nov 17 12:13
ඔහු මධ්‍යම පළාතේ වාණිජ බැංකුවක කළමණාකරුවෙකි.  ඔහුගේ වයස අවුරුදු 45 ක් පමණ වේ. ක්‍රිස්තියානි...
Views - 5979

බොහෝ කලා කරුවන් තමන්ගේ පවුල් ජීවිත ගැන කියන්නේ බොරු

IMAGE 2017 Nov 16 11:31
වත්මන් ශ්‍රී ලාංකීය ජන සමාජයේ දික්කසාද වීම් සහ පවුල් අර්බුද පැන නැගීම සම්බන්ධයෙන් කලා...
Views - 5242

Please publish modules in offcanvas position.