Coss Ear2
lakbima.lk
COSS Ear 1

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඊයේ (7දා) උදෑසන පැවැති විශේෂ මහා සභා රැස්වීමේදී හිස්ව තිබූ ‍ලේකම් ධුරයට ගුවන් කොමදෝරු රොෂාන් බියන්විල ඒකඡන්දයෙන් තෝරා පත්කර ගත්බව ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා පැවැසීය.
ශ්‍රී ලංකා ක්‍රිකට් විශේෂ මහා සභා රැස්වීමෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී ක්‍රිකට් සභාපතිවරයා මේ බව අනාවරණය කළේය.
දේශීය ක්‍රිකට් තරගාවලි සඳහා නීති රීති සහ තරගාවලිවලට අවතීර්ණ වීමේ රෙගුලාසිද මෙහිදී අනුමත කරගත් බව සුමතිපාල මහතා පැවැසීය.
ක්‍රිකට් ව්‍යවස්ථාව වෙනස් කිරීමට අදාළව ක්‍රීඩා නීතියේ සංශෝධන පසුගිය වසරේදී ගෙන ආ බවත්, ක්‍රීඩා නීතිය පදනම් කර ගනිමින් ගෙන ආ සංශෝධන අනුමත කරගත් බවද සභාපතිවරයා පැවැසීය.
ශ්‍රී ලංකා ක්‍රිකට් මහ සභාවේදී පාසල් ක්‍රිකට් කමිටුවක් තෝරාගන්නා බවත්, එම කමිටුවේ සභාපති ධුරය දරන පුද්ගලයා ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුවේ සාමාජිකයකු බවටද පත්වන බව සභාපතිවරයා මෙහිදී අනාවරණය කළේය. මෙහිදී පාසල් ක්‍රිකට් සංගමයේ සභාපති මෙම කමිටුවේ සභාපති ලෙස පත්වන බවද අනාවරණය කළේය.
මේ අනුව 8 දෙනකුගෙන් සැදුම්ලත් මෙම කමිටුවට ක්‍රිකට් මහා සභාවෙන් පත්වන නියෝජිතයන් තිදෙනෙක්, පාසල් ක්‍රිකට් සංගමයේ සභාපති ඇතුළු තවත් නියෝජිතයන් දෙදෙනෙක්, ක්‍රිකට් උප භාණ්ඩාගාරික සහ උප ‍ලේකම්වරයකුගෙන් සමන්විත වන බව ක්‍රිකට් සභාපතිවරයා පැවැසීය.
කලින් ක්‍රිකට් නීතියට අනුව පාසල් සංගමයේ නියෝජිතයකු නිලධාරියකු ලෙස නම්කර තිබුණද, නිලධාරියා යන තනතුර ප්‍රමාණවත් නොවන බැවින් ඔහු විධායක කමිටුවේද සාමාජිකයකු ලෙස පත්කළ බව සුමතිපාල මහතා පැවැසීය.
ක්‍රීඩා නීතියට අනුව ඕනෑම ජාතික සංගමයකට වසර 4ක් දක්වා කාලය දීර්ඝ කිරීමට අවසර ලබා දී තිබුණද ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්ගේ ධුර දැරිය හැකි කාලය වසර දෙකකට සීමා කළ බවද සභාපතිවරයා පැවැසීය.
තරග සංචාරයකට පෙර පුහුණුකරු සිය උපායමාර්ග තේරීම් කමිටුවට ලබාදුන් පසු ක්‍රිකට් තේරීම් කමිටුව විසින් නායකයා සහ සංචිතය තෝරා ගන්නා බවත්, එම සංචාරය තුළදී කළමනාකරු, පුහුණුකරු සහ නායකයා තේරීම් කමිටුව ලෙස කටයුතු කරන බවත් සුමතිපාල මහතා සඳහන් කළේය.
මෙම ක්‍රියා පිළිවෙළ ඕනෑම  කාණ්ඩයක තරග සංචාරයකට ‍පොදු වන අතර, සංචාරයේදී තේරීම් කමිටුවේ සභාපති ලෙස කළමනාකරු කටයුතු කරන බව ක්‍රිකට් සභාපතිවරයා වැඩිදුරටත් පැවැසීය.
විශේෂ මහ සභාවේදී රෙගුලාසි කිහිපයක් සම්මත කරගත් බවත්, ක්‍රීඩකයන් තරගවලට අවතීර්ණ වූ පසු තරග පාවාදීමේ චෝදනාවලට ලක්වීම, විනය සහ හැසිරීම සම්බන්ධයෙන් ශක්තිමත් ආචාර ධර්ම පද්ධතියක් අනුමත කරගත් බවත් ඒ මහතා සඳහන් කළේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුවේ වසර දෙකකට ආසන්න කාලයක් සේවය කළ ගුවන් කොමදෝරු රොෂාන් බියන්විල මහතාව ‍ලේකම් ධුරයට තෝරාගත් බවත්, කලින් ‍ලේකම් ධුරයේ සිටි මොහාන් ද සිල්වා මහතාව ජයන්ත ධර්මදාස මහතාගේ ඉල්ලා අස්වීමෙන් හිස්ව පැවැති උප සභාපති ධුරයට පත්කරගත් බවත්, ජාත්‍යන්තර ක්‍රිකට් අංශය කේ. මතිවානන් මහතාටත්, දේශීය ක්‍රිකට් අංශය මොහාන්ද සිල්වා මහතාටත් පැවරූ බව සභාපතිවරයා සඳහන් කර සිටියේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් මහා සභාව මෙම වසරේ මැයි මාසයේ පවත්වන බවත්, එහිදී තවත් රෙගුලාසි කිහිපයක් අනුමත කර ගන්නා බවත්, මෙම වසර ක්‍රිකට් ආයතනයට ඉතා වැදගත් වසරක් බවත් සුමතිපාල මහතා පැවැසීය.
ඊයේ පැවැති මහා සභා රැස්වීමට සාමාජිකයන් 84න් 67ක් සහභාගි වූ බවත්, ‍ලේකම් ධුරයට එක් නමක් පමණක් යෝජනා වී තිබිම නිසා ඡන්ද විමසීමක් සිදු නොවූ බවත්, එක් ක්‍රීඩා සමාජයක් පමණක් ඡන්දය දීමෙන් වැළකී සිටි බව උප සභාපති මොහාන්ද සිල්වා මහතා සඳහන් කළේය.
 
ප්‍රභාත් විදානපතිරණ

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සිංගර් ශ්‍රී ලංකා සමාගමේ අනුග්‍රහය ඇතිව සංවිධානය කරනන “සිංගර් කුසලාන” අවු. 19න් පහළ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ තරගයකදී කොළඹ වෙස්ලි විද්‍යාලයට එරෙහිව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 314ක සබඳතාවයක් පැවැත්වීමට ශා. ජෝශප් විද්‍යාලයේ රෙවාන් කෙලී (182) සහ නිපුන් සුමනසිංහ (නොදැවී 156) සමත් වූහ.
එහිදී ආරම්භක වමත් පිතිකරු රෙවාන් කෙලී පන්දු 229කදී හතරේ පහර 15ක් සහ හයේ පහර 3ක් සමගින් ලකුණු 182ක් රැස් කළ අතර, එය මෙවර තරගවාරයේ ඔහුගේ තෙවැනි ශතකය විය. රෙවාන් කෙලී මේ වනවිට මෙවර තරගවාරයේ ලකුණු 800 සීමාව පසු කිරීමටද සමත් වී සිටියි.
රෙවාන්ට අනඟිි සහයක් ලබා දුන් නිපුන් සුමනසිංහ පන්දු 186කදී හතරේ පහර 19ක් සමගින් නොදැවී ලකුණු 156ක් රැස් කළේය.
මෙම තරගයේදී ලකුණු 80කට කඩුලු 6ක් බිඳ හෙලූ ශා. ජෝශප් විද්‍යාලයේ දුනිත් වෙල්ලාලගේ කඩුලු 50 සීමාව පසු කිරීමට සමත්විය.
 
ශා. ජෝශප්-වෙස්ලි
ශා. ජෝශප්: පළමු ඉනිම - 393/2 (පන්දුවාර 75.5) රෙවාන් කෙලී 182, නිපුන් සුමනසිංහ නොදැවී 156, ජොහෑන් ද සිල්වා 33, මොවින් සුබසිංහ 2/106
වෙස්ලි: පළමු ඉනිම - 336 (පන්දුවාර 88) හසිත් ගීසර 97, තිසුරක අක්මීමන 67, සකුන්ත ලියනගේ 39, මොවින් සුබසිංහ 29, දුනිත් වෙල්ලාලගේ 6/80
ශා. ජෝශප්: දෙවැනි ඉනිම - 143/2 (පන්දුවාර 28.5) රෙවාන් කෙලී නොදැවී 75, නිපුන් සුමනසිංහ 45
තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය. 
 
ශා. පීතර-ආනන්ද
ආනන්ද: පළමු ඉනිම - 151 (පන්දුවාර 59.3) ළහිරු හිරණ්‍ය 57, කමේෂ් නිර්මාල් 31, ෂාමික විජේවර්ධන නොදැවී 25, ශිවාන් පෙරේරා 3/13, තාරික් සබූර් 3/37, මොහොමඩ් අමීන් 2/39
ශා. පීතර: පළමු ඉනිම - 282/3 (පන්දුවාර 70) රන්මිත් ජයසේන 96, ශලිත් ප්‍රනාන්දු නොදැවී 95, ෂැනන් ප්‍රනාන්දු 65, චාමික ගුණසේකර 2/68
ආනන්ද: දෙවැනි ඉනිම -  155/6 (පන්දුවාර 57.4) කණිෂ්ක රන්තිලකගේ 58, ළහිරු හිරණ්‍ය නොදැවී 51, ෂාමික විජේවර්ධන 20, ශිවාන් පෙරේරා 3/39
තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය. 
 
ශා. බෙනඩික්ට්-අම්බලන්ගොඩ ධර්මාශෝක
ධර්මාශෝක: පළමු ඉනිම - 86 (පන්දුවාර 41.1) සචින් සංගීත් 29, මහීෂ් තීක්ෂණ 5/19, පෘතිවි ජෙගරාජසිංහම් 3/14
ශා. බෙනඩික්ට්: පළමු ඉනිම - 300/7 (පන්දුවාර 75) මහීෂ් තීක්ෂණ 120, කවීෂ ජයතිලක නොදැවී 66, රයන් සේනසිංහ 45, ඉමේෂ් ප්‍රනාන්දු නොදැවී 39, කවිඳු නදීෂාන් 2/63, ඉසුරින්ද මෙන්ඩිස් 2/97
ධර්මාශෝක: දෙවැනි ඉනිම - 154 (පන්දුවාර 66.4) අසන්ත ද සිල්වා 43, සචින් සංගීත් 34, අරෝෂණ ද සොයිසා 31, කවීෂ ජයතිලක 5/18, ජේසන් චාර්ල්ස් 2/32, මහීෂ් තීක්ෂණ 2/51
ශා. බෙනඩික්ට්ට ඉනිමක සහ ලකුණු 60ක ජයක්.
 
පන්නිපිටිය ධර්මපාල-කැලණිය ගුරුකුල
ගුරුකුල: පළමු ඉනිම - 139 (පන්දුවාර 43.4) පෘතුවි රුෂාර 62, ඩිල්ෂාන් ද සිල්වා 3/19, දුලාජ් එගොඩගේ 3/29, චමිඳු සමරසිංංහ 3/51
ධර්මපාල: පළමු ඉනිම - 94 (පන්දුවාර 33.3) කුෂංක පීරිස් 25, යුෂාන් මලිත් 3/25, සචින්ත චමිත් 2/19
ගුරුකුල: දෙවැනි ඉනිම - 90 (පන්දුවාර 32) ඉමන්ත ෂෙහාන් 27, ඩිල්ෂාන් ද සිල්වා 4/20, දුලාජ් එගොඩගේ 3/20, චමිඳු සමරසිංංහ 3/48
ධර්මපාල: දෙවැනි ඉනිම - 138/6 (පන්දුවාර 29) 
අවිෂ්ක හසරින්ද 40, මළිත් සඳකැළුම් 38, නුවන් චානක 2/24, යුෂාන් මලිත් 2/40
පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයට කඩුලු 4ක ජයක්.
 
පමෝද් ලසන්ත

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සිංගර් ශ්‍රී ලංකා සමාගමේ අනුග්‍රහය ඇතිව සංවිධානය කරන “සිංගර් කුසලාන” අවු. 19න් පහළ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේදී නොදැවී ශතක රැස් කරමින් තෙවැනි කඩුල්ලට ලකුණු 238ක සබඳතාවක් ගොඩනංවමින් වේල්ස් කුමරට ඉනිමක ජයක් හිමිකර දීමට අවිඳු ප්‍රනාන්දු සහ සඳුන් ප්‍රනාන්දු සමත් වූහ.
පානදුර ශා. ජෝන් විදුහලට එරෙහිව විශිෂ්ට පිතිහරඹයක් දියත් කළ අවිඳු ප්‍රනාන්දු පන්දු 119කදී හතරේ පහර 12ක් සහ හයේ පහර 6ක් සමගින් නොදැවී ලකුණු 151ක් රැස් කළ අතර, සඳුන් ප්‍රනාන්දු පන්දු 177කදී හතරේ පහර 9ක් සමගින් නොදැවී ලකුණු 113ක් රැස් කළේය.
 
වේල්ස් කුමර-පානදුර ශා. ජෝන්
වේල්ස් කුමර: පළමු ඉනිම - 350/2 (පන්දුවාර 62) අවිඳු ප්‍රනාන්දු නොදැවී 151, සඳුන් ප්‍රනාන්දු නොදැවී 113, විශ්ව චතුරංග 70, සුමුදු උදාර 2/84
ශා. ජෝන්: පළමු ඉනිම - 87 (පන්දුවාර 50.1) අශාන් දිල්හාර 27, සවිඳු පීරිස් 4/24, කෞමාල් නානායක්කාර 4/47
ශා. ජෝන්: දෙවැනි ඉනිම - 140 (පන්දුවාර 50) සකුන් රුක්ෂාන් 78, රවිඳු පීරිස් 5/39, කෞමාල් නානායක්කාර 3/58, කුංචන පෙරේරා 2/15
වේල්ස් කුමරට ඉනිමක සහ ලකුණු 113ක ජයක්.
 
ත්‍රිත්ව-නාලන්දා
ත්‍රිත්ව: පළමු ඉනිම - 227 (පන්දුවාර 63.2) අවිෂ්ක සේනාධීර 69, හසින්ත ජයසූරිය 43, පූර්ණ වනසේකර 31, චානුක කුමාරසිංහ 24, රවීන් ද සිල්වා 4/55, කවීෂ් 
මධුරප්පෙරුම 2/45
නාලන්දා: පළමු ඉනිම - 189 (පන්දුවාර 55.2) රවිඳු ද සිල්වා 62, සුහඟ විජේවර්ධන 24, ලක්ෂිත රසාංජන 21, ටේ‍රවොන් පර්සිවෙල් 4/37, අවිෂ්ක සේනාධීර 2/44, විමුක්ති නෙතුමාල් 2/46
ත්‍රිත්ව: දෙවැනි ඉනිම - 232/5 (පන්දුවාර 75) 
අභිෂේක් ආනන්දකුමාර් නොදැවී 110, අවිෂ්ක සේනාධීර 41, හසින්ත ජයසූරිය 22, චානුක කුමාරසිංහ 21, කවීෂ් 
මධුරප්පෙරුම 2/47
තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය.
 
තර්ස්ටන්-ඩී.එස්.
ඩී.එස්. : පළමු ඉනිම - 163 (පන්දුවාර 45.5) ෂෙනාල් චන්ද්‍ර 49, පසිඳු ආදිත්‍ය 33, අයන්ත ද සිල්වා 36, සඳරු ඩයස් 4/42, අයේෂ් හර්ෂණ 3/111
තර්ස්ටන්: පළමු ඉනිම - 231 (පන්දුවාර 66.4) නිමේෂ් 
පෙරේරා 74, ශවන් ප්‍රභාෂ් 51, පසිඳු දේශාන් 45, මුදිත ලක්ෂාන් 4/31, අයන්ත ද සිල්වා 3/16, රුවින් පීරිස් 2/29
ඩී.එස්.: දෙවැනි ඉනිම - 213/7 (පන්දුවාර 51) මුදිත ලක්ෂාන් 84, පසිඳු ආදිත්‍ය 52, ටෙරොන් බාස්කරන් 21, අයේෂ් හර්ෂණ 4/32, සඳරු ඩයස් 2/45
තර්ස්ටන්: දෙවැනි ඉනිම - 43/4 (පන්දුවාර 9) මෙතුෂාන් කුමාර 2/16, මුදිත ලක්ෂාන් 2/23
තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය.
 
මාතර ශා. තෝමස්-රත්ගම දේවපතිරාජ
ශා. තෝමස්: පළමු ඉනිම - 347/6 (පන්දුවාර 91.4) 
ළහිරු ඩිල්ෂාන් 115, මිහිසල් අමෝද 75, පැතුම් මධුසංක 3/86
දේවපතිරාජ: පළමු ඉනිම - 205 (පන්දුවාර 65.5) පැතුම් මධුසංක 73, පවන් සංදේශ් 41, ෂෙහාන් හසරංග 27, සචිර රශ්මික 5/84, සෙනෙත් සිතාර 2/36
දේවපතිරාජ: දෙවැනි ඉනිම - 92/8 (පන්දුවාර 37) ජීවක ශෂීන් නොදැවී 25, සචිර රශ්මික 4/29, සෙනෙත් සිතාර 4/42
තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය.
 
මහනුවර විද්‍යාර්ථ-හොරණ තක්ෂිලා
තක්ෂිලා: පළමු ඉනිම - 174 (පන්දුවාර 62.1) ගිහාන් මධුභාෂ් 38, සසංක අදීප 23, සසිඳු ජනිත් 20, චතුරංග ඩිල්ෂාන් 5/30, රවිෂ්ක උපනන්ද 3/31
විද්‍යාර්ථ: පළමු ඉනිම - 313/7 (පන්දුවාර 54) රවිෂ්ක උපනන්ද නොදැවී 112, කසුන් කරුණාතිලක 76, ඉසුරු ප්‍රබෝධ 63, සසිඳු ජනිත් 5/110
තක්ෂිලා: දෙවැනි ඉනිම - 165 (පන්දුවාර 47) සඳුන් රංග 34, තිළිණ තරින්ද 33, සසිඳු ජනිත් 32, කසුන් කරුණාතිලක 5/51, චතුරංග ඩිල්ෂාන් 2/30
විද්‍යාර්ථ: දෙවැනි - 28/0 (පන්දුවාර 4.5)
විද්‍යාර්ථයට කඩුලු 10ක ජයක්.
 
පානදුර ශ්‍රී සුමංගල විදුහල-යාපනය ශා. ජෝන් 
ශා. ජෝන්: පළමු ඉනිම - 96 (පන්දුවාර 43.3) එම්. රතූෂන් 31, ශලන ඉෂාර 6/38, නිපුන දේශාන් 3/9
ශ්‍රී සුමංගල: පළමු ඉනිම - 204 (පන්දුවාර 60.5) චරණ ගන්ධාර 48, හිමාෂ ද සිල්වා 28, සහනජිත් ප්‍රනාන්දු 22, ඉසුරු උමයංග 21, අංජන මධුවන්ත 21, වසන්තන් ජතූෂන් 5/51, කනගරත්නම් කබිල්රාජ් 2/26
ශා. ජෝන්: දෙවැනි ඉනිම - 78 (පන්දුවාර 24.1) නිපුන දේශාන් 4/29, අනුක ප්‍රදීප් 3/11, ශලන ඉෂාර 2/26
ශ්‍රී සුමංගල විදුහලට ඉනිමක සහ ලකුණු 30ක ජයක්.
 
පමෝද් ලසන්ත

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ ලාහෝරයේදී මේ මස 9දා සිට 22දා දක්වා පැවැත්වෙන 5 වැනි දෘෂ්‍යාබාධිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා පිලට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අනුග්‍රාහකත්වය පිරිනමා තිබේ.
ක්‍රීඩකයන් 17ක් සහ නිලධාරීන් තිදෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත ක්‍රිකට් පිලට ගුවන් ටිකට්පත් සහ ක්‍රිකට් උපකරණ ලබාදීම වෙනුවෙන් රුපියල් ලක්ෂ 11ක මුදලක් වැය කර ඇත. 
මීට අමතරව දෘෂ්‍යාබාධිත ක්‍රිකට් ක්‍රීඩකයන් වෙනුවෙන් ක්‍රිකට් ආයතනය එන්.සී.සී. ක්‍රීඩාංගණයේ පැති විකට්ටුව, මග්ගොන සරේ ක්‍රීඩාංගණයේ තණතිල්ල සහ පුහුණුකරුවකුගේ සේවයද ලබාදී ඇති අතර, දෘෂ්‍යාබාධිත ලෝක ක්‍රිකට් සංගමයේ මෙරට සාමාජික මුදල සහ වාර්ෂික මහා සභා රැස්වීම්වලට නියෝජිතයන් සහභාගි වීමේදී වැය වන මුදල්ද (ක්‍රිකට් ඒඩ් ආධාර මත) ක්‍රිකට් ආයතනයෙන් ලබාදී තිබේ.
ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතාගේ උපදෙස් මත ආයතනයේ ජාත්‍යන්තර ක්‍රිකට් ප්‍රධානී හා ක්‍රිකට් ඒඩ් (ආධාර) අංශ සුපරීක්ෂක උප සභාපති කේ. මතිවානන් මහතා අදාළ අනුග්‍රාහක චෙක්පත කණ්ඩායමේ කළමනාකරු එච්.ජී. චමින්ද පුෂ්පකුමාර කරුණාරත්න මහතා වෙත ප්‍රදානය කළ අයුරු ඡායාරූපයෙන් දිස්වේ. දේශීය ක්‍රිකට් අංශ ප්‍රධානී චින්තක එදිරිමාන්න මහතා සහ දෘෂ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායමේ නිලධාරීහුද මෙම අවස්ථාවට එක්වූහ.

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සිංගර් ශ්‍රී ලංකා සමාගමේ අනුග්‍රහය ඇතිව සංවිධානය කරන “සිංගර් කුසලාන” අවු. 19න් පහළ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේදී මාරිස්ටෙලා විදුහ‍ලේ කෙවින් පෙරේරා ලකුණු 164ක් රැස් කළ අතර, ශා. පීතර විදුහ‍ලේ මොහොමඩ් අමීන් කඩුලු 10ක් බිඳ හෙළීය.
කෙවින් පෙරේරා පානදුර ශා. ජෝන් විද්‍යාලයට එරෙහිව පන්දු 141කදී හතරේ පහර 25ක් සහ හයේ පහර 3ක් සමගින් ලකුණු 164ක් රැස් කළ අතර, මොහොමඩ් අමීන් කැලණිය ගුරුකුල විද්‍යාලයට එරෙහිව ලකුණු 91කට කඩුලු 10ක් දවාලීය.
සෙසු තරගවලදී දුෂාන් හෙට්ටිගේ (කොළඹ ආනන්ද) ශතකයක් රැස් කළ අතර, රවිඳු ප්‍රනාන්දු (මාරිස්ටෙලා), ප්‍රවීන් සඳමාල් (මාරිස්ටෙලා), අයේෂ් හර්ෂණ (තර්ස්ටන්), කමේෂ් නිර්මාල් (ආනන්ද), මොහොමඩ් ෂමාස් (සහිරා), පෘතුවි රුසාර (කැලණිය ගුරුකුල), දිනෙත් සත්සර (මීගමුව ශා. පීතර) සහ කවිඳු රාජපක්ෂ (ශ්‍රී දේවානන්ද) පන්දුවෙන් දස්කම් දැක්වූහ.
 
මාරිස්ටෙලා-පානදුර ශා. ජෝන්
මාරිස්ටෙලා: පළමු ඉනිම - 336/7 (පන්දුවාර 58.4) කෙවින් පෙරේරා 164, අශේන් ප්‍රනාන්දු 50, රවිඳු ප්‍රනාන්දු 50, රොෂේන් ප්‍රනාන්දු 21, ප්‍රවීන් සඳමාල් 5/88
ශා. ජෝන්: පළමු ඉනිම - 129 (පන්දුවාර 43.3) සචින් ධනංජය 34, නවීන් ප්‍රනාන්දු 4/23, ලසිත් කෘස්පුල්‍ලේ 3/26, පසිඳු උස්හෙට්ටි 2/26
ශා. ජෝන්: දෙවැනි ඉනිම - 202 (පන්දුවාර 58.4) රේෂාන් ප්‍රනාන්දු 60, ප්‍රවීන් සඳමාල් 27, රවිඳු ප්‍රනාන්දු 6/66, ලසිත් කෘස්පුල්‍ලේ 2/48
මාරිස්ටෙලාට ඉනිමක සහ ලකුණු 5ක ජයක්.
 
ආනන්ද-මැසිනෝද්
මැසිනෝද්: පළමු ඉනිම - 211 (පන්දුවාර 75.4) රොමාල් ප්‍රනාන්දු නොදැවී 44, මිථිල ගීත් 32, ප්‍රවීන් ෆොන්සේකා 22, කමේෂ් නිර්මාල් 5/48, දමින්ද රේෂාන් 2/25, චාමික ගුණසේකර 2/31
ආනන්ද: පළමු ඉනිම - 364/5 (පන්දුවාර 62) දුෂාන් හෙට්ටිගේ 105, කමේෂ් නිර්මාල් 91, අශේල් සිගේරා 86, කණිෂ්ක රන්තිලකගේ 31, ප්‍රවීන් ෆොන්සේකා 3/63, සාලිය ජූඩ් 2/42
තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය.
 
සහිරා-ගම්පහ බණ්ඩාරනායක
බණ්ඩාරනායක: පළමු ඉනිම - 107 (පන්දුවාර 40.1) සිසිත මදනායක 33, අරෝෂ් මධුෂාන් 24, පසිඳු සංකල්ප 20, මොහොමඩ් රිෆාත් 4/43, රිද්මික නිමේෂ් 2/17
සහිරා: පළමු ඉනිම - 230 (පන්දුවාර 71.4) යසිත් නිර්මාල් 74, මොහොමඩ් ෂමාස් 29, චතුර දිල්රුක්ෂාන් 29, ගයාෂාන් හෙට්ටිආරච්චි 3/31, ජනිඳු ජයවර්ධන 3/84, හචිත තිමාල් 2/40
බණ්ඩාරනායක: දෙවැනි ඉනිම - 181 (පන්දුවාර 62.5) ජනිඳු ජයවර්ධන 60, අරෝෂ් මධුෂාන් 33, මොහොමඩ් ෂමාස් 6/59
සහිරා: දෙවැනි ඉනිම - 62/5 (පන්දුවාර 12.2) මොහොමඩ් ෂමාෂ් 24, සිසිත මදනායක 3/29, අරෝෂ් 
මධුෂාන් 2/33
කොළඹ සහිරා විද්‍යාලයට කඩුලු 5ක ජයක්. 
 
ශා. පීතර-කැලණිය ගුරුකුල
ගුරුකුල: පළමු ඉනිම - 126 (පන්දුවාර 55.4) රසිඳු අරෝෂ 42, පැතුම් මහේෂ් 35, මොහොමඩ් අමීන් 5/46, හසිත කිරිඇල්ල 2/11, සචින් සිල්වා 2/18
ශා. පීතර: පළමු ඉනිම - 100 (පන්දුවාර 46) 
සුලක්ෂණ ප්‍රනාන්දු 22, රන්මිත් ජයසේන 22, පෘතුවි රුසාර 5/20, ප්‍රවීන් නිමේෂ් 2/28
ගුරුකුල: දෙවැනි ඉනිම - 119 (පන්දුවාර 44.5) 
ෂෙහාන් මලින්ද නොදැවී 38, පෘතුවි රුසාර 25, මොහොමඩ් අමීන් 5/45, රුවින් සෙනෙවිරත්න 4/29
ශා. පීතර: පළමු ඉනිම - 147/5 (පන්දුවාර 44.4) ෂැනන් ප්‍රනාන්දු 52, ශලිත් ප්‍රනාන්දු නොදැවී 31, රන්මිත් ජයසේන 25, සචින්ත චමිත් 2/19
ශා. පීතර විද්‍යාලයට කඩුලු 5ක ජයක්.
 
ශා. තෝමස්-රිච්මන්ඩ්
ශා. තෝමස්: පළමු ඉනිම - 130 (පන්දුවාර 54.1) මනීෂ රූපසිංහ 42, සිතාර හපුහින්න 30, මන්තිල විජේරත්න 13, අවිඳු තීක්ෂණ 3/16, අම්ෂි ද සිල්වා 3/19, දිලුම් සුදීර 3/45
රිච්මන්ඩ්: පළමු ඉනිම - 121 (පන්දුවාර 59.1) විනුජ කිරිඇල්ල 29, සඳුන් මෙන්ඩිස් 28, අවිඳු තීක්ෂණ 15, ආදිත්‍ය සිරිවර්ධන 13, ෂැනොන් ප්‍රනාන්දු 4/28, දුලිත් ගුණරත්න 3/22
ශා. තෝමස්: දෙවැනි ඉනිම - 187/7 (පන්දුවාර 62) සිතාර හපුහින්න 53, මනීෂ රූපසිංහ 30, ඩිලොන් පීරිස් 25, තෙවින් ඊරියගම 22, ෂෙමාල් සමරවික්‍රම නොදැවී 19, සඳුන් මෙන්ඩිස් 3/25
රිච්මන්ඩ්: දෙවැනි ඉනිම - 101/3 (පන්දුවාර 29) දුවීන් කලංසූරිය නොදැවී 56, තවීෂ අභිෂේක් නොදැවී 23, ඩිලොන් පීරිස් 2/33
තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය.
 
අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද-මීගමුව ශා. පීතර
ශ්‍රී දේවානන්ද: පළමු ඉනිම - 128 (පන්දුවාර 39.5) නිමේෂ් ද සිල්වා 35, ෂොහාන් ද ලිවේරා 23, දිනෙත් සත්සර 5/42, රුවින් ශලින 2/46
ශා. පීතර: පළමු ඉනිම - 127 (පන්දුවාර 58.4) ලක්ෂාන් කුරේරා 42, ශනිඳු මධුසංක 29, සචිඳු ද සිල්වා 3/23, විකුම් උදාර 3/31, කවිඳු රාජපක්ෂ 2/27
ශ්‍රී දේවානන්ද: දෙවැනි ඉනිම - 190/8 (පන්දුවාර 49.4) සමිත් අබේසේකර 63, ෂොහාන් ද ලිවේරා 62, නිමේෂ් ද සිල්වා 24, දිනෙත් සත්සර 3/55
ශා. පීතර: දෙවැනි ඉනිම - 103/9 (පන්දුවාර 39) ලක්ෂාන් කුරේරා 29, කවිඳු රාජපක්ෂ 5/28, සචිඳු ද සිල්වා 2/22
තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි සති අන්තයේදී පිත්තෙන් වැඩිම ලකුණු රැස් කිරීමට චිලව් මේරියන්ස් ක්‍රීඩා සමාජයේ ඕෂධ ප්‍රනාන්දු (196) සමත් වූ අතර, පන්දුවෙන් විශිෂ්ට 
දස්කම් දැක්වීමට බදුරලිය ක්‍රීඩා සමාජයේ අලංකාර අසංක (79/7) සමත් විය.
 
 

IMAGE

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 2215

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 1234

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 5393

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 3118

ලංකාවේ අන්තිම රජු සැඟවූ නිධානය කෝ?

IMAGE 2018 Feb 19 11:34
මහනුවර රජ කළ රාජාධිරාජසිංහ රජුට බිසෝවරුන් කිහිප දෙනෙක්ම සිටියහ. ඔවුන් අතර අලමේලු අම්මා,...
Views - 5212

රඟපෑමෙන් සමුගත් හේතුව නදීකා කියයි

IMAGE 2018 Feb 19 10:41
“චංචල රේඛා” චිත්‍රපටයේ “දං චූටි” නාඳුනන කෙනෙක් එදා සිනමා ලෝලීන් අතර හිටියේ නැහැ....
Views - 6473

Please publish modules in offcanvas position.