Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

සිංගර් ශ්‍රී ලංකා සමාගමේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අවු. 13න් පහළ අන්තර් පාසල් දෙවැනි කොටසේ ක්‍රිකට් තරගාවලියේ දෙවැනි වටයේ තරගවලදී ශතක රැස් කිරීමට කොළඹ රාජකීය ‘බි’ පි‍ලේ ගීෂාන් පෙරේරා සහ යාපනය ශා. ජෝන් විද්‍යාලයේ ඇන්ටන් අභිෂේක් සමත් වූහ.
රාජකීය ‘බි’ පි‍ලේ ගීෂාන් පෙරේරා ‍පොල්ගහවෙල ශා. බර්නදෙත් විද්‍යාලයට එරෙහිව නොදැවී ලකුණු 100ක් රැස් කළ අතර, යාපනය ශා. ජෝන් විදුහ‍ලේ ඇන්ටන් අභිෂේක් මීපාවල අමරසූරිය විද්‍යාලයට එරෙහිව ලකුණු 100ක් වාර්තා කළේය.
මීපාවල අමරසූරිය විද්‍යාලයට එරෙහිව පන්දුවෙන් දස්කම් දැක්වූ යාපනය ශා. ජෝන් විදුහ‍ලේ යෝගතාස් විදුෂාන් ඉනිම දෙකේදී කඩුලු 8ක් බිඳ හෙළීය.
 
රාජකීය ‘බි’-ශා. බර්නදෙත්
රාජකීය ‘බි’: පළමු ඉනිම - 281/5 (පන්දුවාර 44.4) ගීෂාන් පෙරේරා නොදැවී 100, ඔවින අඹන්‍පොල 52, සසිඳු පෙරේරා 49, වෙනුෂ ආකාෂ් 33, ඔමාල් දිසානායක 32
ශා. බර්නදෙත්: පළමු ඉනිම - 126 (පන්දුවාර 51.2) පසිඳු ජයවංශ 70, ෂිහාස් ප්‍රනාන්දු 5/20, ඔමාල් දිසානායක 2/33
රාජකීය ‘බි’: දෙවැනි ඉනිම - 137/2 (පන්දුවාර 14) අවීන් සූරියආරච්චි නොදැවී 54, නෙතුල් තෙන්නකෝන් නොදැවී 34, ඔවින අඹන්‍පොල 23, වෙනුෂ ආකාෂ් 21
රාජකීය ‘බි’ පිලට පළමු ඉනිමේ ජයක්.
 
යාපනය ශා. ජෝන්-මීපාවල අමරසූරිය
මීපාවල: පළමු ඉනිම - 130 (පන්දුවාර 37) එච්.ජී. මනෝහර 60, ඉඳුවර දෙනෙත් 23, වයි. විදුෂාන් 6/39, එස්. අශාන්ත් 2/22
ශා. ජෝන්: පළමු ඉනිම - 195/6 (පන්දුවාර 49) ඒ. අභිෂේක් 100, කේ. එඩෙන්ස්වර් 53, ඉඳුවර දෙනෙත් 2/10, පසිඳු උදාන 2/13, එම්. කල්හාර 2/44
අමරසූරිය: දෙවැනි ඉනිම - 22/2 (පන්දුවාර 4) වයි. විදුෂාන් 2/15
යාපනය ශා. ජෝන්ට පළමු ඉනිමේ ජයක්.
 
ශා. සෙබස්තියන් ‘බි’-ශා. පීතර ‘බි’
ශා. පීතර ‘බි’: පළමු ඉනිම - 177 (පන්දුවාර 53.4) අනූප දිල්රුවන් 44, දුල්මින් ජිනෝද් 36, නෙත්පුල් පෙරේරා 28, නිසල් සේනානායක 4/24, ආකාෂ් ප්‍රනාන්දු 2/37
ශා. සෙබස්තියන් ‘බි’: පළමු ඉනිම - 55/8 (පන්දුවාර 42) විමත් බිම්සර 13, තනුජ ධනජිත් 3/3, සසිඳු සිල්වා 2/11
තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය.
 
පමෝද් ලසන්ත

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් සංවිධානය කළ “චැලෙන්ජර් කුසලාන” අවු. 19න් පහළ එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ 19න් පහළ පිල ලකුණු 95කින් පරදවමින් ශූරතාව දිනා ගැනීමට ඉන්දීය ‘බ්ලූ’ පිල සමත්විය.
පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ‘බ්ලූ’ පිල පන්දුවාර 50දී සියල්ලන් දැවී ලකුණු 244ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා 19න් පහළ පිලට පන්දුවාර 45.4කදී සියල්ලන් දැවී රැස්කර ගත හැකිවූයේ ලකුණු 149ක් පමණි.
ඉන්දීය අවු. 19න් පහළ කණ්ඩායම් 3ක් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ අවු. 19න් පහළ පිල ඇතුළු කණ්ඩායම් 4කගේ සහභාගිත්වයෙන් පැවැති මෙම තරගාවලියේ පළමු වටයේදී තරග 3න් තරග 2ක් ජයගත් ඉන්දීය ‘බ්ලූ’ පිල සහ ශ්‍රී ලංකා 19න් පහළ පිල අවසන් සටනට සුදුසුකම් ලබා ගත්තේය.
 
ලකුණු තත්ත්වය :-
ඉන්දීය ‘බ්ලූ’ පිල: 244 (පන්දුවාර 50)
හිමාංෂු රානා 78, උර්විල් පටෙල් 57, එම්.එස්. භණ්ඩගී 53, ඕම් බෝෂ්‍ලේ 15, අයන සිරිවර්ධන 4/36, රවිඳු සංජන 3/42, නුවනිදු ප්‍රනාන්දු 2/41
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ 19න් පහළ පිල: 149 (පන්දුවාර 45.4)
නිශාන් මධුෂ්ක 44, රවිඳු සංජන 28, නිපුන් ධනංජය 18, නුවනිදු ප්‍රනාන්දු 17, ශිවම් මාවි 3/15, එන්.ඒ. රත්වා 3/28  
 

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සිංගර් ශ්‍රී ලංකා සමාගමේ අනුග්‍රහය ඇතිව සංවිධානය කරන “සිංගර් කුසලාන” අවු. 17න් පහළ තෙවැනි කොටසේ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ කොළඹ ශා. ජෝසප් ‘බි’ සහ හෝමාගම මධ්‍ය මහා විද්‍යාලය අතර අවසන් මහ තරගය අද (30දා) තර්ස්ටන් විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
ශා. ජෝසප් ‘බි’ පිල කුෂාන් සමරසිංහගේ නායකත්වයෙන්ද, හෝමාගම මධ්‍ය මහා විද්‍යාලය මධුර නීලනුවන්ගේ නායකත්වයෙන්ද තරග බිමට පිවිසෙයි.
අවසන් පූර්ව තරගවලදී හෝමාගම මධ්‍ය මහා විද්‍යාලය ජා ඇල ක්‍රිස්තුරාජය ලකුණු 24කින් පරදවමින්ද, ශා. ජෝසප් ‘බි’ යාපනය ස්කන්දර්වෝදය මහා විද්‍යාලය පැරබෝලා ක්‍රමයට ලකුණු 11කින් පැරදවමින්ද අවසන් තරගයට සුදුසුකම් ලබා ගත්තේය.
හෝමාගම මධ්‍ය මහා විද්‍යාලයීය සංචිතය:
මධුර නීලනුවන් (නායක), චතුක කාවින්ද, සුරේන්ද්‍ර සිතුමිණ, බිනෝත් සංතුෂ්, තිවංක ලක්රුවන්, තරුෂ තත්සර, චමිත් නවෝද, සජිත් චතුරංග, මොවිඳු හංසිත, සඳුන් කෞෂික, දුලංක නදීර, බෙමින්ද උරේෂ්, බි.ආර්. සාගර පරණවිතාන මහතා (පුහුණුකරු), නිපුන මහේෂ් පෙරේරා (සහය පුහුණුකරු)
ශා. ජෝසප් ‘බි’ සංචිතය:
කුෂාන් සමරසිංහ (නායක), කෙවින් යාපා (උප නායක), සඳෙව් ප්‍රනාන්දු, සෙනුර පීරිස්, ඩේමියන් නිකේෂ් ප්‍රනාන්දු, විනුක් ලොකුබාලසූරිය, ඩිලොන් ලුඩ්වයික්, ශාමල් පිංගමගේ, ශාලින්ද සෙනෙවිරත්න, රශිත ආරියසේන, රුචිර පල්ලියගුරු, ට්‍රිහාන් ප්‍රනාන්දු, යුකේෂ් බාලමුහුන්දන්, නුහාන් පෙරේරා, කෙවින් හර්බට්, අරණ දාබරේ, ඒරන් පෙරේරා, නික් ගෝඩ්න්, විකුම් දිනූෂාන්, කවිඳු ප්‍රියදර්ශන පෙරේරා මහතා (පුහුණුකරු)
 
පමෝද් ලසන්ත

එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර අළු බඳුන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කඩුලු 10ක ජයක් වාර්තා කළ ඕස්ට්‍රේලියාව තරගාවලිය 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට සමත් විය.
ලකුණු 170ක ඉලක්කයක් හඹා ගිය ඕස්ට්‍රේලියාව ඊයේ කිසිවකු නොදැවී ලකුණු 173ක් ලබා ජය ගත්තේය.
ආරම්භක පිතිකරුවන් වන ඩේවිඩ් වෝනර් පන්දු 119කදී හතරේ පහර 10ක් සහිතව නොදැවී ලකුණු 87ක්ද, කැමරන් බෙන්ක්‍රාෆ්ට් පන්දු 182කදී හතරේ පහර 10ක් සහ හයේ පහරක් සහිතව නොදැවී ලකුණු 82ක් වාර්තා කරමින් ජය තහවුරු කළහ.
ඕස්ට්‍රේලියානු මුල් ඉනිම වෙනුවෙන් සටන්කාමී ශතකයක් වාර්තා කළ නායක ස්ටීවන් ස්මිත් තරගයේ වීරයා ලෙස නම් කරනු ලැබිය.
ලකුණු තත්ත්වය :-
එංගලන්තය මුල් ඉනිම - 302යි
ඕස්ට්‍රේලියාව මුල් ඉනිම - 328යි
ස්මිත් (නොදැවී) 141,
මාෂ් 51, කමින්ස් 42, බ්‍රෝඩ් 49/3, ඇන්ඩර්සන් 50/2, අලී 74/2
එංගලන්තය දෙවැනි ඉනිම - 195යි
ජෝ රූට් 51, මොයින් අලී 40, බේස්ටෝව් 42, ස්ටාර්ක් 51/3, හේසල්වුඩ් 46/3, ලයන් 67/3
ඕස්ට්‍රේලියාව දෙවැනි ඉනිම - 173/0යි
බෙන්ක්‍රාෆ්ට් (නොදැවී) 82, වෝනර් (නොදැවී) 87

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර නාග්පූර්හි පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඉනිමක සහ ලකුණු 239ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට ඉන්දියාව ඊයේ (27දා) සමත් විය.
ලකුණු 405ක් පසුපසින් සිට දෙවැනි ඉනිම ඇරඹූ ශ්‍රී ලංකා පිතිකරුවන්ට ඊයේ දෙවැනි ඉනිම වෙනුවෙන් ලබාගත හැකිවූයේ ලකුණු 166ක් පමණි.
මේ අනුව ඉන්දියාව තරග 3කින් සමන්විත තරගාවලිය තරග 1-0ක් ලෙස පෙරමුණ ගෙන සිටියි.මෙම තරගයේදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් ඉනිම දෙකේදීම කඩුලු 8ක් බිඳ හෙලූ රවිචන්ද්‍රන් ඇෂ්වින් ලොව වේගයෙන්ම කඩුලු 300 සීමාව පසුකළ පන්දු යවන්නා බවට ඊයේ පත්විය.
ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේදී සාර්ථක ඉනිමක් ක්‍රීඩා කළ එකම පිතිකරුවා වූ දිනේෂ් චන්දිමාල් පන්දු 82කදී හතරේ පහර 10ක් සහිතව ලකුණු 61ක් වාර්තා කිරීමට සමත් විය.චන්දිමාල් සහ ලක්මාල් අතර 9 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 58ක සම්බන්ධතාවක් වාර්තා වූ අතර, ලක්මාල් නොදැවී ලකුණ 31ක් ලබා සිටියේය.
ඉන්දියාව වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ රවිචන්ද්‍රන් ඇෂ්වින් ලකුණු 63ට කඩුලු 4ක් බිඳ හෙලූ අතර, ඉෂන්ට් ෂර්මා, රවින්ද්‍ර ජඩේජා සහ උමේෂ් යදාව් කඩුලු 2 බැගින් බිඳ හෙලූහ.
මෙම තරගයේදී සිය පස්වැනි ද්විත්ව ශතකය වාර්තා කළ ඉන්දීය නායක විරාත් කෝලි තරගයේ වීරයා ලෙස නම් කරනු ලැබිය.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තෙවැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ලබන 2දා දිල්ලියේදී ආරම්භ වෙයි.

ලකුණු පුවරුව
ශ්‍රී ලංකාව මුල් ඉනිම - 205 යි
දිමුත් 51, චන්දිමාල් 57, ඇෂ්වින් 67/4, ජඩේජා 56/3,
ෂර්මා 37/3
ඉන්දියාව මුල් ඉනිම - 610/6යි
මුරලි විජේ 128, පුජාරා 143, කෝලි 213,
ෂර්මා (නොදැවී) 102, දිල්රුවන් 202/3
ශ්‍රී ලංකාව දෙවැනි ඉනිම
සධීර සමරවික්‍රම ප. ෂර්මා0
දිමුත් කරුණාරත්න ඇ. විජේ. ප. ජඩේජා 18
ලහිරු තිරිමාන්න ඇ. ජඩේජා ප. යදාව් 23
ඇන්ජලෝ මැතිව්ස් ඇ, ෂර්මා ප. ජඩේජා 10
දිනේෂ් චන්දිමාල් ඇ. ඇෂ්වින් ප. යදාව් 61
නිරෝෂන් දික්වැල්ල ඇ. කෝලි ප. ෂර්මා 4
දසුන් ශානක ඇ. රාහුල් ප. ඇෂ්වින් 17
දිල්රුවන් පෙරේරා ක.මු.ක. ප. ඇෂ්වින් 0
රංගන හේරත් ඇ. රහානේ ප. ඇෂ්වින් 0
සුරංග ලක්මාල් (නොදැවී) 31
ලහිරු ගමගේ ප. ඇෂ්වින් 0
අතිරේක 2
මුළු ලකුණු (පන්දුවාර 49.3කදී සියලු දෙනා දැවී)166
කඩුලු බිඳ වැටීම :- 1-0, 2-34, 3-48, 4-48, 5-75, 6-102, 7-107, 8-107, 9-165, 10-166
පන්දු යැවීම :- ඉෂන්ට් ෂර්මා 12-4-43-2, රවිචන්ද්‍රන්
ඇෂ්වින් 17.3-4-63-4, රවින්ද්‍ර ජඩේජා 11-5-28-2,
උමේෂ් යදාව් 9-2-30-2

බ්‍රිස්බේන්හි ගැබා ක්‍රීඩාංගණයේදී ඇරඹි ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර පලමු අළු බඳුන ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කඩුලු 10ක ජයක්ග්‍රහණයක් ලැබීමට ඕස්ට්‍රේලියා කණ්ඩායම සමත් විය. 
එංගලන්ත දෙවැනි ඉනිම ලකුණු 195කට සීමා වූ අතර, ජයග්‍රහණය සඳහා ලකුණු 170ක ඉලක්කයක් හඹා යන ඕස්ට්‍රේලියා දෙවැනි ඉනිම කිසිවකු නොදැවී එම ඉල්ක්කය රැස් කරමින් ජයග්‍රහණය ලැබීමට සමත් විය. 
කැමරන් බෙන්කේ‍රාෆ්ට් (82) සහ ඩේවිඩ් වෝනර් (87) නොදැවී අර්ධ ශතක වාර්තා කරමින් ඕස්ට්‍රේලියානු දෙවැනි ඉනිමේ පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 170ක විශිෂ්ට සම්බන්ධතාවක් ගොඩනංවමින් ජය මාවත විවර කළහ.
මිචෙල් ස්ටාර්ක්, ජොස් හේසල්වුඩ් සහ නේතන් ලයන් කඩුලු 3 බැගින් බිඳ හෙළමින් එංගලන්ත දෙවැනි ඉනිම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කළහ.
ඕස්ට්‍රේලියානු මුල් ඉනිම වෙනුවෙන් නායක ස්ටීවන් ස්මිත් මිනිත්තු 512ක් කඩුල්‍ලේ රැඳී සිටිමින් පන්දු 326කදී හතරේ පහර 14ක් සමගින් නොදැවී ලකුණු 141ක් වාර්තා කළ අතර, ෂෝන් මාෂ් අර්ධ ශතකයක් (51) වාර්තා කළේය.
 
ලකුණු තත්ත්වය :- 
එංගලන්තය මුල් ඉනිම - 302යි
ඕස්ට්‍රේලියාව මුල් ඉනිම - 328යි
ස්මිත් (නොදැවී) 141, මාෂ් 51, කමින්ස් 42, බ්‍රෝඩ් 49/3, ඇන්ඩර්සන් 50/2, අලී 74/2
එංගලන්තය දෙවැනි ඉනිම - 195යි
ජෝ රූට් 51, මොයින් අලී 40, බේස්ටෝව් 42, ස්ටාර්ක් 51/3, හේසල්වුඩ් 46/3, ලයන් 67/3
ඕස්ට්‍රේලියාව දෙවැනි ඉනිම - 114/0යි
බෙන්ක්‍රාෆ්ට් (නොදැවී) 51, වෝනර් (නොදැවී) 60
IMAGE

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 4687

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 3354

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 4824

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 5445

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 6268

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 3835

Please publish modules in offcanvas position.

X

Right Click

No right click