Coss Ear2
lakbima.lk
COSS Ear 1

අවු. 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තීරණාත්මක තරගය අද අද (19දා) නවසීලන්තයේ වන්ගරෙයි කෝබාම් ඕවල් පිටියේදී පැවැත්වේ.
‘ඩී’ කාණ්ඩයෙන් තරග වදින මෙම කණ්ඩායම් දෙකම එක් තරගය බැගින් ජයගෙන සිටින අතර, අද තරගයෙන් ජය ගන්නා කණ්ඩායම අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි.
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය පරාජය කළ ඇෆ්ගනිස්ථානය මේ වන විටත් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා සිටියි.
ශ්‍රී ලංකා අවු. 19න් පහළ පි‍ලේ වේගපන්දු යවන ක්‍රීඩක කළණ පෙරේරා ආබාධයකට ලක්වීම හේතුවෙන් ඔහුගේ ස්ථානයට තිලාන් ප්‍රශාන්ව ආදේශ කර තිබේ.
පසුගිය වසරේ නොවැම්බර් මස මලයාසියාවේ පැවැති අවු. 19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේදී පාකිස්තානය හමුවේ ශ්‍රී ලංකාව පරාජය ලැබූ බැවින් අද තරගය ශ්‍රී ලංකාවට ඉතා තීරණාත්මක වී තිබේ.
ශ්‍රී ලංකා පිල කමිඳු මෙන්ඩිස් විසින් මෙහෙයවනු ලබන අතර, හසන් ඛාන් පාකිස්තාන පිල මෙහෙයවනු ලබයි.
ශ්‍රී ලංකා අවු. 19න් පහළ පිල:
කමිඳු මෙන්ඩිස් (නායක), ජෙහාන් ඩැනියෙල් (උප නායක), අශේන් බණ්ඩාර, හසිත බෝයගොඩ, ක්‍රිෂාන් සංජුල, තිසරු රශ්මික, ප්‍රවීන් ජයවික්‍රම, නිපුන් ධනංජය, ධනංජය ලක්ෂාන්, තිලාන් ප්‍රශාන්, නිශාන් මධුෂ්ක, නුවනිඳු ප්‍රනාන්දු, හරීන් බුද්දිල, සංතුෂ් ගුණතිලක
පාකිස්තාන අවු. 19න් පහළ පිල:
හසන් ඛාන් (නායක), මොහොමඩ් මොෂින් ඛාන්, මුහම්මද් සයිඩ් අලාම්, රොහේයිල් නසීර්, මොහොමඩ් තහා, අලි සර්යාබ් අසිෆ්,සාඩ් ඛාන්, මුහම්ම්ද් මුසා,ෂහීන් ෂා අෆ්රිඩි, මුනිර් රියාස්, මුහම්මද් අලි, මොහොමඩ් ෂෆ්කට්, එමාඩ් අලාම්, අර්ෂාඩ් ඉක්බාල්,
ඉම්රාන් ෂා
(සටහන :පමෝද්)

නවසීලන්තයේ පැවැත්වෙන අවු. 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ඊයේ (17දා) පැවැති ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර තරගයෙන් ඩක්වර්ත් ලුවිස් ක්‍රමයට ලකුණු 32ක ජයක් වාර්තා කිරීමට පෙරළිකාර ඇෆ්ගනිස්ථානය සමත් විය.
මේ අනුව ඇෆ්ගනිස්ථානය  ‘ඩී’ කාණ්ඩයේ පෙරමුණ ගනිමින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත් අතර. ශ්‍රී ලංකාවට අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීමට නම් පාකිස්තානය පරාජය කිරීම අනිවාර්ය වී තිබේ.
පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථානය පන්දුවාර 50දී කඩුලු 7ක් දැවී ලකුණු 284ක් රැස් කිරීමට සමත් විය.
වර්ෂාව හේතුවෙන් පන්දුවාර 38කදී ලකුණු  235ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකාවට සියලු දෙනා දැවී රැස්කර ගත හැකිවූයේ ලකුණු 202ක් පමණි.

ඇෆ්ගනිස්ථාන  ආරම්භක පිතිකරු ඉබ්‍රාහිම් සද්‍රාන් පන්දු 112කදී එක් හතරේ පහරක් සහ හයේ පහර 5ක් සමගින් ලකුණු 86ක් වාර්තා රැස් කිරීමට සමත් විය.
ඉබ්‍රාහිම් සද්‍රාන් සහ ඉක්රාම් අලි කිල් (55) දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 115ක විශිෂ්ට සම්බන්ධතාවක් ගොඩනැංවූ අතර, වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ ධර්විෂ් රසූලි පන්දු 44කදී හතරේ පහර 9ක් සහ එක් හයේ පහරක් සමගින් ලකුණු 63ක් රැස් කරමින් ඇෆ්ගනිස්ථාන ලකුණු පුවරුව ඉහළ නැංවූහ.
ශ්‍රී ලංකාව වෙනුවෙන් තිසරු රශ්මික සහ නිපුන් මාලිංග කඩුලු 2ක් බැගින් දවාලූහ.
ජයග්‍රහණය සඳහා ලකුණු 235ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකාව වෙනුවෙන් උප නායක ජෙහාන් ඩැනියෙල් ලකුණු 48ක්ද, ක්‍රිෂාන් සංජුල ලකුණු 41ක්ද, නායක කමිඳු මෙන්ඩිස් ලකුණු 32ක්ද රැස් කළ අතර, සෙසු පිතිකරුවෝ අසාර්ථක වූහ.
ඇෆ්ගනිස්ථාන නායක නවීන් උල් හක් ලකුණු 35කට කඩුලු 4ක් දවාලූ අතර, අස්මතුල්ලා ඔමාර්සායි සහ ක්වායිස් අහමඩ් කඩුලු 2ක් බැගින් දවාලූහ.
ඉබ්‍රාහිම් සද්‍රාන් තරගයේ වීරයා ලෙස සම්මාන ලැබිය.
මේ අතර ඊයේ (17දා) පැවැති සෙසු තරගවලදී ජය වාර්තා කිරීමට නවසීලන්තය, දකුණු අප්‍රිකාව සහ ඕස්ට්‍රේලියාව සමත් විය.
ඊයේ කෙන්යාවට එරෙහිව නවසීලන්තය කඩුලු 4ට ලකුණු 436ක් රැස් කරමින් අවු. 19න් පහළ ලෝක කුසලාන තරගාවලි ඉතිහාසයේ කණ්ඩායමක් රැස් කළ ඉහළම ලකුණු සංඛ්‍යාවේ හිමිකරුවන් බවට පත්වූ අතර, නවසීලන්තයේ ජේකොබ් බුලා (180) පිතිකරුවකු රැස් කළ ඉහළම ලකුණු සංඛ්‍යාව වාර්තා කළේය.
‘ඒ’ කාණ්ඩයෙන් තරග වදින නවසීලන්තය සහ දකුණු අප්‍රිකාව මේවන විටත් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා සිටියි.
අද (18දා) තවත් තරග 2ක් පැවැත්වේ.
ඇෆ්ගනිස්තානය-ශ්‍රී ලංකාව
ඇෆ්ගනිස්තානය: 284/7 (පන්දුවාර 50) ඉබ්‍රාාහිම් සද්‍රාන් 86, දාර්විස් රසූලි 63, ඉක්රම් අලි කිල් 55, නිසාර් වහදත් 25, තිසරු රශ්මික 64/2, නිපුන් මාලිංග 56/2, කමිඳු මෙන්ඩිස් 38/1
ශ්‍රී ලංකාව: 202 (පන්දුවාර 37.3) ධනංජය ලක්ෂාන් 2, නිපුන් ධනංජය 4, ක්‍රිෂාන් සංජුල 41, ජෙහාන් ඩැනියෙල් 48, කමිඳු මෙන්ඩිස් 32, නුවනිඳු ප්‍රනාන්දු 6, අශේන් බණ්ඩාර 38, සංතුෂ්
ගුණතිලක නොදැවී 12, නිපුන් මාලිංග 2, තිසරු රශ්මික 1, ප්‍රවීන් ජයවික්‍රම 1, නවීන් උල් හක් 35/4, අස්මතුල්ලා ඔමාර්සායි 37/2, ක්වායිස් අහමඩ් 37/2
ඇෆ්ගනිස්තානයට ඩක්වර්ත් ලුවිස් ක්‍රමයට ලකුණු 2ක ජයක්.
ඕස්ට්‍රේලියාව-සිම්බාබ්වේ
සිම්බාබ්වේ: 134 (පන්දුවාර 33.2) රොබට් චිම්හින්යා 27, ෂේවියර් බාට්ලීට් 20/3, විල් සදර්ලන්ඩ් 21/2, ලොයිඩ් ‍පොප් 31/2
ඕස්ට්‍රේලියාව: 135/3 (පන්දුවාර 18.2) මැක්ස් බ්‍රයන්ට් 44, ජැක් එඩ්වර්ඩ්ස් 40, ජේසන් සංගා 30
ඕස්ට්‍රේලියාවට කඩුලු 7ක ජයක්.
නවසීලන්තය-කෙන්යාව
නවසීලන්තය: 436/4 (පන්දුවාර 50) ජේකොබ් බුලා 180, රචින් රවින්ද්‍රා 117, ෆින් ඇලන් 90, ඩේල් ෆිලිප්ස් නොදැවී 26
කෙන්යාව: 193/4 (පන්දුවාර 50) අමාන් ගාන්ධි 63, තෝමස් ඔචින්ග් නොදැවී 39, රචින් රවීන්ද්‍රා 34/2
නවසීලන්තයට ලකුණු 243ක ජයක්.
දකුණු අප්‍රිකාව-බටහිර ඉන්දීය කොදෙව්
දකුණු අප්‍රිකාව: 282/8 (පන්දුවාර 50) වැන්ඩී මැක්වෙටු 99, ජිවේසන් පිල්‍ලේ 47, ජෙරාඩ් කොඒට්සි 29
බ.ඉ. කොදෙව්: 206 (පන්දුවාර 45.3) ඇලික් අත්නාසේ 6, කර්ස්ටන් කලිචරන් 44, හැරී රොෆ්ල්ස් 33/4
ද. අප්‍රිකාවට ලකුණු 76ක ජයක්.

අද (18දා) තරග
කැනඩාව සහ නැමීබියාව අතර සුට්ක්ලිෆ් ඕවල් පිටිය
බංගලිදේශය සහ එංගලන්තය අතර ක්වීන්ස් ටවුන්

(සටහන: පමෝද්)

ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ සිම්බාබ්වේ අතර බංග්ලාදේශයේදී ඊයේ (15දා) ඇරැඹි තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශය සහ සිම්බාබ්වේ අතර පළමු තරගයෙන් කඩුලු 8ක ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශය සමත් විය.
මුලින්ම පන්දුවට පහර දුන් සිම්බාබ්වේ පන්දුවාර 49කදී ලකුණු 170කට දැවී ගිය අතර, බංග්ලාදේශය පන්දුවාර 28.3කදී කඩුලු 2කට ලකුණු 171ක් ලබමින් ජය වාර්තා කළේය.

බංග්ලාදේශ ජයග්‍රහණය වෙනුවෙන් සුපිරි පිතිහරඹයක නිරත වූ තමීම් ඉක්බාල් නොදැවී ලකුණු 84ක් වාර්තා කළ අතර, තුන් ඉරියව්වෙන්ම දස්කම් දැක්වූ ෂකිබ් අල් හසන් කඩුලු 3ක් සහ ලකුණු 37ක් වාර්තා කරමින් තරගයේ වීරයා බවට පත්විය.
ලකුණු හඹා යාමේදී ආරම්භක පිතිකරු එනමුල් හක් දැවී ගියද පිටියේ එක්වූ තමීම් ඉක්බාල් සහ ෂකිබ් අල් හසන් ලකුණු 78ක සම්බන්ධතාවක් වාර්තා කිරීමට සමත් වූහ.
ලකුණු 37ක් ලබා සිටිෂකිබ් අල් හසන් ෂිකන්දර් රාසාගේ දෙවැනි කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් වීමෙන් පසු තමීම් ඉක්බාල්ට එක්වූ මුෂ්ෆිකර් රහීම් 29 වැනි පන්දුවාරයේදී බංග්ලාදේශ ජය තහවුරු කළේය.
තමීම් ඉක්බාල් පන්දු 93කදී හතරේ පහර 8ක් සහ එක් හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 84ක් වාර්තා කළ අතර, මුෂ්ෆිකර් රහීම් නොදැවී ලකුණු 14ක් ලබා සිටියේය.
මුලින්ම පන්දුවට පහර දුන් සිම්බාබ්වේ පෙර පෙළ පිතිකරුවන් දුර්වල පිතිහරඹයක නිරත වූ අතර, සාර්ථක ඉනිමක් ක්‍රීඩා කළ සිකන්දර් රාසා පන්දු 99 කදී හතරේ පහර 2ක් සහ හයේ පහර 2ක් සහිතව ලකුණු 52ක් ලබා ගැනීමට සමත් විය.
තරගයේ පළමු පන්දුවාරයේදීම සොලමන් මීරේ සහ කේ‍ර්ග් අර්වින් ලකුණු ලබා ගැනීමට පෙර ක්‍රීඩා ගාරයට යැවීමට ෂකිබ් අල් හසන් සමත් වූ අතර, මොර්ටාසා ක්‍රියාත්මක වීමෙන් හැමිල්ටන් මසකඩ්සා ලකුණු 15කට දැවී ගියේය.
බ්‍රෙන්ඩන් ටේලර් ලකුණු 24ක් ලබා සිටියදී මුෂ්ටාෆිසූර් රහ්මන් හමුවේ දැවී ගිය අතර, මැල්කම් වොලර් සන්සාමුල් ඉස්ලාම් හමුවේ ලකුණු 13කට පිටියෙන් ඉවත් විය.
රාසාට අනගි සහයක් ලබා දුන් පීටර් මුවර් පන්දු 58කදී ලකුණු 33ක් රැස් කළද ලකුණු ලබා ගැනීමේ වේගය රඳවා ගැනීමට තිදෙනාම අසමත් වූහ.
සිය තෙවැනි කඩුල්ල ලෙස ක්‍රීමර් ලකුණු 12කට දවා ගැනීමට ෂකිබ් අල් හසන් සමත් වූ අතර, පීටර් මුවර් (33) සහ චටාරා (0) දවා ගැනීමට රුබෙල් හොසේන් සමත් විය.
සිය දෙවැනි කඩුල්ල ලෙස මුසරබානි 1 ලකුණකට දවා ගැනීමට මුෂ්ටාෆිසූර් රහ්මන් සමත් වීමෙන් සිබ්බාබ්වේ ඉනිම ලකුණු 170කට සීමා විය.
පන්දුවෙන් දස්කම් දැක්වූ
ෂකිබ් අල් හසන් කඩුලු  3ක් බිඳ හෙලූ අතර, මුෂ්ටාෆිසූර් රහ්මන් සහ රුබෙල් හොසේන් කඩුලු 2 බැගින් බිඳ හෙලූහ.

නවසීලන්තයේ පැවැත්වෙන අවු. 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සිය දෙවැනි ජය වාර්තා කිරීමට බංග්ලාදේශය සමත්විය.
ඊයේ (15දා) පැවැති තරගවලදී බංගලිදේශය හමුවේ කැනඩාව ලකුණු 66කින් පරාජය ලැබූ අතර, නැමීබියාව කඩුලු 8කින් පරාජය කළ එංගලන්තය සිය පළමු ජය වාර්තා කළේය.
බංග්ලාදේශ ජයග්‍රහණය වෙනුවෙන් විශිෂ්ට පිතිහරඹයක නිරත වූ ටොව්හිඩ් හීඩෝයි පන්දු 126කදී හතරේ පහර 9ක් සහ එක් හයේ පහරක් සමගින් ලකුණු 122ක් රැස් කළේය.
එංගලන්තය ජයග්‍රහණය කරා රැගෙන ගිය විල් ජැක්ස් නොදැවී ලකුණු 73 සහ හැරී බෘක් නොදැවී ලකුණු 59ක් වාර්තා කළේය.
තරගාවලියේ තවත් තරග 2ක් අද (16දා) පැවැත්වේ.
බංග්ලාදේශය-කැනඩාව
බංග්ලාදේශය: 264/8 (පන්දුවාර 50) ටොව්හිඩ් හීඩෝයි 122, අෆිෆ් හෝසේන් 50, මොහොමඩ් නයිම් 47, ෆයිසාල් ජම්කාන්ඩි  48/5
කැනඩාව: 198 (පන්දුවාර 49.3) අර්ස්ලාන් ඛාන් 63, ප්‍රනාව් ෂර්මා 34, අෆිෆ් හෝසේන් 43/5, හසන් මහමුද් 23/2
බංග්ලාදේශයට ලකුණු 66ක ජයක්.
එංගලන්තය-නැමීබියාව
නැමීබියාව: 196/9 (පන්දුවාර 50) ෂෝන් ෆෝච් 44, නිකොල් ලොටි ඊටන් 36, ලුක් හෝල්මන් 41/3, ටොම් ස්ක්‍රිවන් 30/2, හැරී බෘක් 32/2
එංගලන්තය: 198/2 (පන්දුවාර 24.1) විල් ජැක්ස් නොදැවී 73, හැරී බෘක් නොදැවී 59, සවින් පෙරේරා 26, ගෙර්හාඩ් ලොටරින් 33/2
එංගලන්තයට කඩුලු 8ක ජයක්.

අද (16දා) තරග අයර්ලන්තය සහ පාකිස්තානය අතර කෝබාම් ඕවල් පිටිය ඉන්දියාව සහ පැපුවා නිව්ගිනියාව අතර මොන්ගෝනෙයි බේ ඕවල් පිටිය.

(සටහන : පමෝද්)

ශ්‍රී ලංකාව, බංගලිදේශය සහ සිම්බාබ්වේ අතර තුන් කොන් ක්‍රිකට් තරගාවලිය අද (15දා) සත්කාරක බංගලිදේශය සහ සිම්බාබ්වේ අතර තරගයෙන් අරම්භ වෙයි.

තරගාවලියට සහභාගි වන ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා පිල දැන් බංගලිදේශයට ගොස් සිටියි. මෙම තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වන පළමු තරගය ලබන 17 දා සිම්බාබ්වේට එරෙහිව ධකාහිදී පැවැත්වේ.

බංගලිදේශ සංචිතය

මෂ්රෆී මොර්ටාසා (නායක), අබ්දුල් හසන්, එනමුල් හක්, ඉම්රුල් කේයස්, මහමදුල්ලා, මොහොමඩ් මිතුන්, මොහොමඩ් සයිෆුඩීන්, මුෂ්ෆිකර් රහීම්, මුෂ්ටාෆිසූර් රහ්මන්, නසීර් හොසේන්, රුබෙල් හොසේන්, සබිර් රහ්මන්, ෂකිබ් අල් හසන්, සුන්සාමුල් ඉස්ලාම්, තමීම් ඉක්බාල්

සිම්බාබ්වේ සංචිතය

ග්‍රැහැම් ක්‍රීමර් (නායක), හැමිල්ටන් මසකඩ්සා, සොලමන් මීරේ, කේ‍ර්ග් අර්වින්, බ්‍රෙන්ඩන් ටේලර්, සිකන්දර් රාසා, පීටර් මුවර්, මැල්කම් වොලර්, රයන් මරේ, ටෙන්ඩායි චිසෝරෝ, බ්‍රෙන්ඩන් මවුටා, බ්ලෙසින් මුසරබානි, ක්‍රිස්ටෝපර් මෝෆු, ටෙන්ඩායි චටාරා, කයිල් ජාවිස්

තරග සටහන
ජන. 15 - බංග්ලාදේශය සහ සිම්බාබ්වේ අතර - ධකා
ජන. 17 - ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ
අතර - ධකා
ජන. 19 - බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර - ධකා
ජන. 21 - ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ
අතර - ධකා
ජන. 23 - බංග්ලාදේශය සහ සිම්බාබ්වේ අතර - ධකා
ජන. 25 - බංග්ලාදේශය සහ ශ්‍රී  ලංකාව අතර - ධකා
ජන. 27 - අවසන් මහා තරගය - ධකා

ශ්‍රී ලංකාව සහ බංගලිදේශය අතර තරග 2 කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයෙන් යුත් 16 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය නම් කර ඇති අතර පළමු වරට ටෙස්ට් උප නායකත්වයට සුරංග ලක්මාල් පත් කර තිබේ.

මෙම සංචිතයට දඟ පන්දු යවන අකිල ධනංජයද නම් කර ඇති අතර කුසල් මෙන්ඩිස් සහ ලහිරු කුමාර යළි සංචිතයට එක් කර තිබේ.

ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය
දිනේෂ් චන්දිමාල් (නායක), සුරංග ලක්මාල් (උප නායක) දිමුත් කරුණාරත්න, ඇන්ජලෝ මැතිව්ස්, ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, නිරෝෂන් දික්වැල්ල, රොෂේන් සිල්වා, රංගන හේරත්, දිල්රුවන් පෙරේරා, අකිල ධනංජය, ලක්ෂාන් සඳකැන්, දුෂ්මන්ත චමීර, ලහිරු ගමගේ, ලහිරු කුමාර.

IMAGE

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 514

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 235

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 3189

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 1796

ලංකාවේ අන්තිම රජු සැඟවූ නිධානය කෝ?

IMAGE 2018 Feb 19 11:34
මහනුවර රජ කළ රාජාධිරාජසිංහ රජුට බිසෝවරුන් කිහිප දෙනෙක්ම සිටියහ. ඔවුන් අතර අලමේලු අම්මා,...
Views - 3774

රඟපෑමෙන් සමුගත් හේතුව නදීකා කියයි

IMAGE 2018 Feb 19 10:41
“චංචල රේඛා” චිත්‍රපටයේ “දං චූටි” නාඳුනන කෙනෙක් එදා සිනමා ලෝලීන් අතර හිටියේ නැහැ....
Views - 4866

Please publish modules in offcanvas position.