Coss Ear2
lakbima.lk
COSS Ear 1

අයි.පී.එල්. ක්‍රිකට් ක්‍රීඩක වෙන්දේසියේදී අයි.පී.එල්. වරම් ලබා ගැනීමට  ශ්‍රී ලංකාවේ අකිල ධනංජය සහ දුෂ්මන්ත චමීර සමත් වී තිබේ.
පිට දඟ පන්දු යවන අකිල ධනංජය ඉන්දියානු රුපියල් ලක්ෂ 50කට මුම්බායි ඉන්දියන්ස් මිලදී ගෙන ඇති අතර, වේග පන්දු  යවන දුෂ්මන්ත චමීර ඉන්දියානු රුපියල් ලක්ෂ 50කට රාජස්ථාන් රෝයල්ස් මිලදී ගෙන තිබේ.
මතෛක් පැවැති අයි.පී.එල්. තරගවලදී ප්‍රබලතම පන්දු යවන්නා වූ ශ්‍රී ලංකාවේ ලසිත් මාලිංග මෙවර අලෙවි නොවීම කැපී පෙනෙන සිදුවීමකි. 
මාලිංග සමග තවත් අයි.පී.එල්. ප්‍රබල පිතිකරුවකු වූ ෂෝන් මාෂ් ද, එංගලන්ත එක්දින නායක එවයින් මෝගන් සහ ජෝ රූට්ද අලෙවි නොවීම කැපී පෙනෙයි.
තවත් අයි.පී.එල්. ප්‍රබල පිතිකරුවකු වූ ක්‍රිස් ගේල් පළමු දිනයේ අලෙවි නොවූ අතර, ඊයේ දිනයේ අවසන් මොහොතේ ඉන්දියානු රුපියල් කෝටි දෙකකට කිංග්ස් පන්ජාබ් මිලදී ගෙන තිබේ.
මෙම වෙන්දේසියට ඉදිරිපත්ව සිටි ශ්‍රී ලංකාවේ තිසර පෙරේරා, කුසල් ජනිත් පෙරේරා සහ නිරෝෂන් දික්වැල්ලද අලෙවි නොවීය.
මෙවර අයි.පී.එල්. වෙන්දේසියේ වැඩිම මුදල වූ ඉන්දියානු රුපියල් කෝටි 12.5කට දිනා ගැනීමට එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටෝක්ස් සමත් වී තිබේ.

නවසීලන්තයේ පැවැත්වෙන අවු. 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළඟ ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.
ඊයේ (28දා) පැවැති පළඟ ශූරතා අවසන් තරගයේදී ශ්‍රී ලංකාව හමුවේ පසුගිය වසරේ ශූර බටහිර ඉන්දීය කොදෙව්වෝ කඩුලු 3කින් පරාජය ලැබූහ.
මේ අනුව පළඟ ශූරතාව දිනාගත් ශ්‍රී ලංකාව සමස්ත තරගාවලියේ 9 වැනි ස්ථානයට පත්විය.
හසිත බෝයගොඩ (116) සහ ධනංජය ලක්ෂාන් (98) පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 218ක වාර්තාගත සම්බන්ධතාවක් ගොඩනංවමින් ශ්‍රී ලංකා ජයග්‍රහණයේ නියමුවන් බවට පත්වූහ.
පළමුවෙන් පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව්වන් පන්දුවාර 50 දී කඩුලු 5ක් දැවී ලකුණු 254ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව පන්දුවාර 49.4කදී කඩුලු 7ක් දැවී ලකුණු 255ක් රැස් කරමින් ජය වාර්තා කළේය.
හසිත බෝයගොඩ පන්දු 124කදී හතරේ පහර 17ක් සහ එක් හයේ පහරක් සමගින් ලකුණු 116 රැස් කරමින් දෙවැනි ශතකය වාර්තා කළ අතර, ධනංජය ලක්ෂාන් පන්දු 119කදී හතරේ පහර 12ක් සහ එක් හයේ පහරක් සමගින් ලකුණු 98ක් රැස් කිරීමට සමත් විය.
හසිත සහ ධනංජය එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පිහිටුවූ ලකුණු 218ක සම්බන්ධතාව ශ්‍රී ලංකා අවු. 19න් පහළ ක්‍රිකට් ඉතිහාසයේ පළමු කඩුල්‍ලේ හොඳම සම්බන්ධතාව ලෙස  වාර්තා අතරට එක්විය.
ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ ප්‍රවීන් ජයවික්‍රම ලකුණු 33ට කඩුලු 2ක්ද, නිපුන් මාලිංග ලකුණු 63ට කඩුලු 2ක් බිඳ හෙලූහ.
 
ලකුණු තත්ත්වය :-
බටහිර ඉන්දීය කොදෙව්: 254/5යි (පන්දුවාර 50) ඇලික් අත්නාසේ නොදැවී 110, බ්‍රැඩ් බාන්ස් 37, බාස්කර් යද්‍රම් 31, කීගන් සිමන්ස් 24, තිසරු රශ්මික 59/1, ප්‍රවීන් ජයවික්‍රම 33/2, නිපුන් මාලිංග 63/2
ශ්‍රී ලංකාව: 255/7 (පන්දුවාර 49.4) ධනංජය ලක්ෂාන් 98, හසිත බෝයගොඩ 116, මධුෂ්ක ප්‍රනාන්දු 01, ජෙහාන් ඩැනියෙල් 6, කමිඳු මෙන්ඩිස් 1, නුවනිඳු ප්‍රනාන්දු 14, අශේන් බණ්ඩාර 0, හරීන් බුද්දිල නොදැවී 05, ප්‍රවීන් ජයවික්‍රම නොදැවී 5, තිසරු රශ්මික නොදැවී 04, බාස්කර් යද්‍රම් 42/2, ජේරියන් හොයිට් 44/2
 
සටහන :- පමෝද් ලසන්ත 

බංග්ලාදේශ තුන්කොන් ක්‍රිකට් තරගාවලිය යටතේ ඊයේ (25දා) ධකාහි පැවැති ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරගයෙන් කඩුලු 10ක  විශිෂ්ට ජයක් වාර්තා කළ  ශ්‍රී ලංකාව අවසන් මහා තරගයට සුදුසුකම් ලැබිමට සමත් විය.
මේ අනුව බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර අවසන් මහා තරගය හෙට (27දා) ධකාහිදී පැවැත්වේ.
බංග්ලාදේශය තරගාවලියේ මතෛක් අපරාජිතව සිටියද එම වාර්තාව බිඳ දමමින් අන්ත පරාජයකට පත් කිරීමට ශ්‍රී ලංකාව සමත් වීම කැපී පෙනෙයි.ශ්‍රී ලංකා පන්දු යවන්නන්  විශිෂ්ට දස්කම් දක්වමින් බංග්ලාදේශ පිතිකරුවන් අසරණ කළ අතර, ඔවුන්ට ලබාගත හැකිවූයේ ලකුණු 82ක් පමණි.
ලකුණු 83ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකාව පන්දුවාර 11.5කදී කිසිවකු නොදැවී ලකුණු 83ක් ලබමින් පහසු ජයක් වාර්තා කළේය.
තරගාවලිය පුරා පිත්තෙන් දස්කම් දැක්වූ බංග්ලාදේශය පෙර පෙළ පිතිකරුවන්ට තියුණු තර්ජනයක් එල්ල කළ සුරංග ලක්මාල් එනමුල් හක්, තමීම් ඉක්බාල් සහ මහමදුල්ලා පිටියෙන් ඉවත් කළ අතර, ලකුණු අතර සිටි ෂකිබ් අල් හසන්
ධනුෂ්ක ගුණතිලකගේ විශිෂ්ට පන්දු රැකීම හමුවේ දුවද්දී දැවී යාමකට හසු වීමෙන් කඩුලු 4ක් ලකුණු 34ක් තුළ බිඳ වැටුණි.
මුෂ්ෆිකර් රහීම් සහ සබිර් රහ්මන් එක්ව ඉනිම ගොඩනැංවීමට උත්සාහ ගනිමින් සිටියදී ක්‍රියාත්මක වූ තිසර පෙරේරා සබිර් රහ්මන් ලකුණු 10කට දවාගත් අතර, ඉන්පසු පිටියට පිවිසි අබුල් හසන් ලකුණු 7කට දවා ගැනීමෙන් ලකුණු 71ක් තුළ කඩුලු 6ක් බිඳ වැටුණි.
සටන්කාමී ඉනිමක නිරත වෙමින් පන්දු 56කදී එක් හතරේ පහරක් සහිතව ලකුණු 26ක් ලබා සිටි මුෂ්ෆිකර් රහීම් දවාගත් 
දුෂ්මන්ත චමීර නසීර් හොසේන් ලකුණු 3කට දවා ගැනීමෙන් ලකුණු 80දී කඩුලු 8ක් බිඳ වැටුණි.
පසුපෙළ බිඳ දමමින් නායක මොර්ටාසා (1), රුබෙල් හොසේන් (0) දවා ගැනීමට ලක්ෂාන් සඳකැන් සමත් වීමෙන් බංග්ලාදේශ ඉනිම ලකුණු 82කට අවසන් විය.
ලකුණු 21ට කඩුලු 3ක් බිඳ හෙලූ සුරංග ලක්මාල් තරගයේ වීරයා සම්මානය දිනාගත් අතර, දුෂ්මන්ත චමීර ලකුණු 6ට කඩුලු 2ක්ද, තිසර පෙරේරා ලකුණු 27ට කඩුලු 2ක්ද, ලක්ෂාන් සඳකැන් ලකුණු 24ට කඩුලු 2ක්ද බිඳ හෙලූහ.
ලකුණු හඹායාමේදී කිසිදු අපහසුවකින් තොරව ඉලක්කය පසු කිරීමට ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් සමත් වූ අතර, උපුල් තරංග පන්දු 37කදී හතරේ පහර 1ක් සහ හයේ පහර 3ක් සහිතව නොදැවී ලකුණු 39ක්ද, ධනුෂ්ක ගුණතිලක පන්දු 35කදී හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සහිතව නොදැවී ලකුණු 35ක්ද ලබා සිටියහ.

ලකුණු පුවරුව

බංග්ලාදේශය
තමීම් ඉක්බාල් ඇ. ගුණතිලක ප. ලක්මාල්5
එනමුල් හක් ප. ලක්මාල්0
ෂකිබ් අල් හසන් දු.දැ.ගි. (ගුණතිලක)8
මුෂ්ෆිකර් රහීම් ඇ. මෙන්ඩිස් ප. චමීර26
මහමදුල්ලා ඇ. චමීර ප. ලක්මාල්7
සබිර් රහමන් ඇ. (මධුෂංක) ප. පෙරේරා10
අබුල් හසන් ඇ. දික්වැල්ල ප. පෙරේරා7
නසීර් හොසේන් ඇ. දික්වැල්ල ප. චමීර3
මෂ්රෆී මොර්ටාසා ප. සඳකැන්1
රුබෙල් හොසේන් ඇ. තරංග ප. සඳකැන්0
මුස්ටාෆිසූර් රහ්මන් (නොදැවී)1
අතිරේක 14
මුළු ලකුණු (පන්දුවාර 24කදී සියලු දෙනා දැවී)82
කඩුලු බිඳ වැටීම :- 1-5, 2-15, 3-16, 4-34, 5-57, 6-71, 7-79, 8-80, 9-81, 10-82
පන්දු යැවීම :- සුරංග ලක්මාල් 7-1-21-3, දුෂ්මන්ත චමීර 5-1-6-2, තිසර පෙරේරා 6-0-27-2, ලක්ෂාන් සඳකැන් 6-0-24-2

ශ්‍රී ලංකාව
ධනුෂ්ක ගුණතිලක (නොදැවී)35
උපුල් තරංග (නොදැවී)39
අතිරේක 9
මුළු ලකුණු (පන්දුවාර 11.5කදී කිසිවකු නොදැවී)83
පන්දු යැවීම :- මෂ්ෆරී මොර්ටාසා 2-0-15-0, අබුල් හසන් 4-0-25-0, නසීර් හොසේන් 3-0-19-0, මුස්ටාෆිසූර් රහ්මන් 1.5-0-14-0, ෂකිබ් අල් හසන් 1-0-10-0

දේශීය ක්‍රිකට් තරගාවලියන්ට 2017-2018 ක්‍රිකට් වාරයේ සහභාගි වන පළමු ශ්‍රේණියේ ක්‍රිකට් ක්‍රීඩකයන් සියයකට අධික පිරිසක් කොන්ත්‍රාත් ගිවිසුම්වලට ඇතුළත් කරගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.
මේ කොන්ත්‍රාත් ගිවිසුම් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ආයෝජනය කරන මුදල ලක්ෂ 850කි. කොන්ත්‍රාත් ගිවිසුම් සඳහා ක්‍රීඩකයන් තෝරාගෙන ඇත්තේ 2016 සහ 2017 ක්‍රිකට් වාරයට සහභාගි වූ ක්‍රීඩකයන් අතුරිනි.
2016-2017 ක්‍රිකට් වාරයේ ඉහළම දස්කම් දැක්වූ පළමු ශ්‍රේණියේ ක්‍රීඩකයන් විස්සක් සහ දේශීය තරගාවලියන්ට සහභාගි වී උසස් දස්කම් පෙන්වීමට දිරිගැන්වීමක් ලෙස නැගී එන ක්‍රීඩකයන් විසි තුනක්ද මීට ඇතුළත් වේ. ඊට අමතරව අවුරුදු 19න් පහළ ක්‍රීඩකයන් විසි නවයකටත්, හිටපු ජාතික ක්‍රීඩකයන් දාහතරකටත්, වත්මන් ජාතික කණ්ඩායමේ කොන්ත්‍රාත්තුවලට අයත් නොවන එහෙත් මෑතකදී ශ්‍රී ලංකාව නියෝජනය කළ ක්‍රීඩකයන් දාහතකටත් නව කොන්ත්‍රාත්තු පිරිනැමීමට කටයුතු යොදා තිබේ.ක්‍රීඩකයන් 103කට මේ ප්‍රතිපාදන ලබාදෙන්නේ ඔවුන්ගේ ක්‍රීඩා සමාජවලින් පිරිනැමෙන දීමනාවලට අමතරවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටය අද (25දා) ආරම්භ වේ.
සිව්දින තරග ලෙස පැවැත්වෙන මෙම සුපිරි 8 වටයේ පළමු සති අන්තයට අදාළ තරග 4ක් අද පී. සරා, කෝල්ට්ස්, කටුනායක සහ එස්.එස්.සී. ක්‍රීඩාංගණයන්හිදී ආරම්භ වේ.
අද තරග (25 - 28)
එස්.එස්.සී. සහ වරාය අතර
පී. සරා
රාගම සහ එන්.සී.සී. අතර
කෝල්ට්ස්
කෝල්ට්ස් සහ බි.ආර්.සී. අතර
කටුනායකදී
සැරසන්ස් සහ චිලව් මේරියන්ස් අතර
එස්.එස්.සී.

අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටය යටතේ දකුණු අප්‍රිකාව සහ පාකිස්තානය අතර තරගයෙන් කඩුලු 3ක ජයක් වාර්තා කළ පාකිස්තානය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේය.
නොදැවී ලකුණු 74ක් රැස් කරමින් පාකිස්තානු ජය තහවුරු කළ අලි සර්යාබ් අසිෆ් තරගයේ වීරයා ලෙස සම්මාන ලැබිය.
ක්‍රයිස්චර්ච්හිදී පැවැති මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකාව පන්දුවාර 50දී කඩුලු 9ට ලකුණු 189ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තානය පන්දුවාර 47.5කදී කඩුලු 7ක් දැවී ලකුණු 190ක් රැස් කරමින් ජය වාර්තා කළේය.
ලකුණු හඹායාමේදී මුල් පෙ‍ලේ කඩුලු 5ක් ලකුණු 111ක් තුළ බිඳ වැටී පාකිස්තානය අසීරු තත්ත්වයකට පත්වූ අතර, එක් අන්තයක් ආරක්ෂා කර ගනිමින් විශිෂ්ට පිතිහරඹයක නිරත වූ අලි සර්යාබ් අසිෆ් පන්දු 111කදී හතරේ පහර 5ක් සමගින් නොදැවී ලකුණු 74ක් රැස් කරමින් පාකිස්තානු ජය තහවුරු කළේය.
පළමුවෙන් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකාව වෙනුවෙන් ඩබ්ලිව්. මක්වෙටු අර්ධ ශතකයක් රැස් කළ අතර, පාකිස්තානය වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ මොහොමඩ් මූසා ලකුණු 29ට කඩුලු 3ක්ද, ෂහීන් ෂා අෆ්රිඩි ලකුණු 30ට කඩුලු 2ක්ද බිඳ හෙලීය.
මෙම තරගාවලියේ නවසීලන්තය සහ ඇෆ්ගනිස්ථානය අතර අර්ධ අවසන් පූර්ව තරගය අද (25දා) ක්‍රයිස්චර්ච්හිදී පැවැත්වේ.
ලකුණු තත්ත්වය :-
දකුණු අප්‍රිකාව පන්දුවාර 50දී කඩුලු 9ට ලකුණු 189යි
ඩබ්ලිව්. මක්වෙටු 60, ජේන් ඩූ ප්ලෙසිස් 21, ජේසන් නීමන්ඩ් 36, මොහොමඩ් මූසා 29/3, ෂහීන් ෂා අෆ්රිඩි 30/2
පාකිස්තානය පන්දුවාර 47.5කදී කඩුලු 7ට ලකුණු 190යි
රොහෙල් නසීර් 23, අලි සර්යාබ් අසීෆ් නොදැවී 74, සාඩ් ඛාන් 26, ජේසන් නීමන්ඩ් 31/2

 

IMAGE

නෙලා සමග ඔබ හමුවට එන බෙනට්ගේ පුතා

IMAGE 2018 Feb 25 14:21
අද වෙද්දී උදාර රත්නායක කියන්නේ නළුවෙක්ද? එහෙමත් නැතිනම් දේශපාලනඥයෙක්ද? නළුකම මගේ වෘත්තිය...
Views - 626

මගෙන් නම් සල්ලි ඉල්ලුවේ නෑ ඒත් මේ වගේ කතාවක් නම් කිව්වා

IMAGE 2018 Feb 25 14:08
මේ වෙද්දී ඉන්දිකාගේ කලා දිවිය දශක දෙකකටත් එහා ගිය එකක් නේද? ඔව්. මම මුලින්ම ක්‍ෂේත්‍රයට එකතු...
Views - 1141

රනිල් සල් සපු නා හැර ගියේ ඇයි?

IMAGE 2018 Feb 25 13:52
“සල් සපු නා” ටෙලි නාට්‍යයේ දැන් රනිල්ව දකින්නට ලැබෙන්නේ නැහැ. ඇයි ඒ ? මම තාවකාලිකව ‘සල්...
Views - 1000

තාත්තගේ අකමැත්තෙන් රඟපාන්න ආපු උපාසක අම්මා

IMAGE 2018 Feb 25 12:18
කොහොමද ඔබට අංජනා එහෙමත් නැත්නම් උපාසක අක්කා වෙන්න අවස්ථාව ලැබුණේ? මාව උපාසක අම්මා කළේ...
Views - 772

බසයේදී දුන් බොරු විවාහ පොරොන්දුවෙන් පවුල්ජීවිතේ 'හබක්'

IMAGE 2018 Feb 23 12:25
ඔහු අගනුවර ප්‍රසිද්ධ සමාගමක විධායක නිලධාරියෙකි. වයස අවුරුදු 40 ඉක්මවූ ඔහුට රූමත් බිරිඳක් සහ...
Views - 5427

අහිමි පෙම ඉල්ලා පෙම්වතියට ප්‍රසිද්ධියේ ගුටි ඇනලා

IMAGE 2018 Feb 23 10:42
පැරණි පෙම්වතියගෙන් අහිමි වූ ආදරය නැවත ඉල්ලා එය නොලැබුණු විට නාරාහේන්පිට ප්‍රදේශයේදී ඇයට...
Views - 3588

Please publish modules in offcanvas position.