Coss Ear2
lakbima.lk
COSS Ear 1

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ මුලින් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව සිය පන්දු වාර 50 අවසානයේ කඩුලු 5කට ලකුණු 316ක් ලබාගත්තේය.උපුල් තරංග නොදැවී ලකුණු 79ක් ලබාගත් අතර කුසල් මෙන්ඩිස් ලකුණු 86ක්ද, ධනුෂ්ක ගුණතිලක ලකුණු 60 ක්ද රැස්කලේය. සිම්බාබ්වේ වෙනුවෙන් චටාරා කඩුළු 2ක් බිඳහෙළීය.ජයග්‍රහනය සඳහා සිම්බාබ්වේ කණ්ඩායමට ලකුණු 317ක් අවශ්‍ය වන අතර පන්දුවාරයකට 6.34 ක දල ලකුණු වේගයක් රඳවා ගත යුතුය.

------------------------------------------------------------------------------------------------------------------------------------------------------

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර තරග 5කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (30දා) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පෙරවරු 10.00 ට ආරම්භ විය.

කාසියේ වාසිය හිමිවූ ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර ආරම්භක පිතිකරු ලෙස පිටියට පිවිසි නිරෝෂන් දික්වැල්ල ලකුණු 10 කට උඩ පන්දුවක් ලබා දී පිටියෙන් ඉවත් වූ අතර ධනුෂ්ක ගුණතිලක ලකුණු 60 ක් ලබා සිටිය දී පිටියෙන් ඉවත් කිරීමට සිම්බාබ්වේ පන්දු යවන්න් සමත් වුණා.

දක්ෂ පිතිකරණයක යෙදුණු කුසල් මෙන්ඩින් ලකුණු 89 ක් ලබා සිටියදී උඩපන්දුවක් ලබාදී පිටියෙන් ඉවත් විය. වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ නායක ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 43 ක් ලබා සිටියදී පන්දුව කෙලින්ම කඩුල්ලේ වැදීමෙන් පිටියෙන් ඉවත් වූ  අතර   උපනායක උපුල් තරංග (50) හා අශේල ගුණරත්න (09) නොදැවී පන්දුවට පහර දෙමින් සිටී.

ශ්‍රී ලංකාව පන්දු වාර 44 ක් අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 267 යි.

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර තරග 5 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (30දා) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පෙරවරු 10.00 ට ආරම්භවේ.

වසර 17 කට පසු ගාල්ලේ එක්දින ක්‍රිකට් තරගයක් පැවැත්වෙන බැවින් අති විශාල නරඹන්නන් සංඛ්‍යාවක් පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ශ්‍රී ලංකා පිල ඇන්ජලෝ මැතිව්ස් විසින් මෙහෙයවනු ලබන අතර සිම්බාබ්වේ පිල ග්‍රැහැම් ක්‍රීමර් විසින් මෙහෙයවනු ලබයි.
ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර මතෛක් එක්දින තරග 50 ක් පවත්වා ඇති අතර ඉන් තරග 41 ක ජය ශ්‍රී ලංකාවටත් තරග 7 ක ජය සිම්බාබ්වේටත් හිමිවී තිබේ. තරග 2 ක් විසඳුමකින් තොරව අවසන්වී තිබේ.

අද තරගය පිළිබඳව අදහස් දක්වන ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් පවසන්නේ තණතීරුව අද පෙරවරුවේ යළි පරීක්ෂා කිරීමෙන් පසු කණ්ඩායම නම් කිරීමට බලා‍පොරොත්තු වන බවයි.
කෙසේ වුවද නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක ඉනිම අරඹන බවත් උපුල් තරංග මැද පෙළින් ක්‍රීඩා කරන බවත් මැතිව්ස් තහවුරු කළේය.

මේ අතර නවක ක්‍රීඩක වනිඳු හසරංගට අද එක්දින වරම්  හිමිවනු ඇතැයි විශ්වාසය පළවී තිබේ.
මේ පිළිබඳව අදහස් දැක්වූ මැතිව්ස් පවසන්නේ වනිඳු හසරංග සහ ලහිරු මධුසංඛ දෙදෙනාම හෝ එක් අයෙකු ක්‍රීඩා කිරීමට ඉඩ ඇති බවයි. තණතීරුවේ ස්වභාවය අනුව වේග පන්දු සහ දඟ පන්දු සංයුතිය අද පෙරවරුවේ තීරණය කිරීමට නියමිතව තිබේ.

මේ අතර සිම්බාබ්වේ පිලද අද ශ්‍රී ලංකාවට තියුණු තරගයක් ලබා දීමට සූදානමින් සිටින බව නායක ක්‍රීමර් පවසයි.
පසුගිය තරගාවලි කිහිපයේදී තම ක්‍රීඩකයන් සාර්ථක දස්කම් දැක්වූ බවත් මෙම තරගාවලියේදී පෙරැළියක් කිරීමට සූදානම් බවත් ක්‍රීමර් පවසයි.

සිම්බාබ්වේ පිතිකරුවන් වන මසකඩ්සා, අර්වින්, සිකන්දර් රාසා සහ ෂෝන් විලියම්ස් මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාවට
තර්ජනයක් වන අතර මෝෆු, චටාරා සහ ක්‍රීමර්ගේ පන්දු යැවීම ශ්‍රී ලංකා පිතිකරුවන්ට අභියෝගයක් වේ.

ශ්‍රී ලංකා සංචිතය
ඇන්ජලෝ මැතිව්ස් (නායක), උපුල් තරංග (උප නායක), නිරෝෂන් දික්වැල්ල,
ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, අසේල ගුණරත්න, වනිඳු හසරංග, ලක්ෂාන් සඳකැන්, අකිල ධනංජය, නුවන් ප්‍රදීප්, ලසිත් මාලිංග, දුෂ්මන්ත චමීර, ලහිරු මධුසංඛ
සිම්බාබ්වේ සංචිතය
ග්‍රැහැම් ක්‍රීමර් (නායක), කේ‍ර්ග් අර්වින්, හැමිල්ටන් මසකඩ්සා, වෙලින්ටන් මසකඩ්සා, සොලමන් මයර්, පීටර් මුවර්, ක්‍රිස් මෝෆු, කෙනත් මුසකන්ඩා, රිචඩ් එංගාරවා, ඩොනල්ඩ් ටිරිපානෝ, මැල්කම් වොලර්, ෂෝන් විලියම්ස්, චමූ චිබාබා, සිිකන්දර් රාසා, රයන් බර්ල්, ටෙන්ඩායි චටාරා

මංගල ධර්මප්‍රේම ගාල්ලේ සිට{jcomments on}

කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවැනි තරගය හිටපු ලෝක ශූර ඕස්ට්‍රේලියාව සමගින් අද (29දා) බ්‍රිස්ටල්හිදී පැවැත්වේ.
ශ්‍රී ලංකා පිල ඉනෝකා රණවීර මෙහෙයවනු ලබන අතර, ඕස්ට්‍රේලියානු පිල මැග් ලෙනින් විසින් මෙහෙයවනු ලබයි.
මෙම ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාව සහභාගි වූ පළමු තරගයෙන් නවසීලන්තය හමුවේ කඩුලු 9ක පරාජයක් ලැබූ අතර, ඕස්ට්‍රේලියාව සහභාගි වූ පළමු තරගයෙන් බටහිර ඉන්දීය කොදෙව්ට එරෙහිව කඩුලු 8ක විශිෂ්ට ජයක් වාර්තා කරමින් ජයග්‍රාහී මානසිකත්වයකින් අද තරග බිමට පිවිසෙයි.
පළමු තරගයෙන් පරාජය ලැබුවද එම තරගයේදී ආරම්භක පිතිකාරිනියන් තිදෙනාම ලකුණු අතරට පිවිසීම ශ්‍රී ලංකාවට සුබදායක තත්ත්වයකි.
එහිදී නිපුනි හංසිකා (31), චමරි ‍පොල්ගම්‍පොළ (49) සහ චමරි අතපත්තු  (53) පිත්තෙන් දස්කම් දක්වමින් ශ්‍රී ලංකාවට හොඳ ආරම්භයක් ලබා දුන්නද මැද පෙළ පිතිකාරිනියන්ගේ අසාර්ථකත්වය හේතුවෙන් ශ්‍රී ලංකා ඉනිම අඩු ලකුණු සංඛ්‍යාවට සීමා විය.
ඕස්ට්‍රේලියාව සහභාගි වූ පළමු තරගයේදීම ශතකයක් රැස් කරමින් නිකොල් බෝල්ටන් විශිෂ්ට පිතිහරඹයක නිරත වූ අතර, බෙත් මූනි ද අර්ධ ශතකයක් වාර්තා කරමින් හොඳ ආරම්භයක් ලබා දීමට සමත් වූවාය. 
අද තරගයේදී හිටපු ලෝක ශූරියන් වන ඕස්ට්‍රේලියාවට සටනක් ලබා දීමට ශ්‍රී ලංකාවේ සියලුම පිතිකාරිනියන් ලකුණු අතරට පිවිසීම අනිවාර්ය වන අතර, නායිකා ඉනෝකා රණවීර ප්‍රමුඛ පන්දු යැවීමේ බළඇණියද සියඅ යුතුකම් උපරිමයෙන් ඉටුකළ යුතුවෙයි.
 
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල
ඉනෝකා රණවීර (නායිකා), ප්‍රසාදිනී වීරක්කොඩි (උප නායිකා), ශෂිකලා සිරිවර්ධන, චමරි අතපත්තු, ඒෂානි ලොකුසූරිය, දිලානි මනෝදරා, ශ්‍රීපාලි වීරක්කොඩි, උදේශිකා ප්‍රබෝධනී, නිපුනි හංසිකා, හසිනි පෙරේරා, ඕෂදී රණසිංහ, හර්ෂිතා මාධවී, අමා කාංචනා, චමරි ‍පොල්ගම්‍පොල, චන්දිමා ගුණරත්න
 
ඕස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් පිල
මැග් ලෙනින් (නායිකාව), ඇලෙක්ස් බ්ලැක්වෙල්, සාරා ඇලී, ක්‍රිස්ටීන් බිම්ස්, නිකොල් බෝල්ටන්, ඒ. ගාර්ඩ්නර්, රචෙල් හයිනස්, බෙත් මූනි, එලියස් පෙරී, මිගන් ෂූට්, බෙලින්ඩා වකරෙවා, එලිස් විලානි, ඇමන්ඩා ජේඩ් වෙලින්ටන්

සිංගර් ශ්‍රී ලංකා සමාගමේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අවු. 17න් පහළ අන්තර් පාසල් පළමු කොටසේ ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ තරගයකදී පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයට එරෙහිව ලකුණු 155ක් රැස් කිරීමට කොළඹ ආනන්ද විද්‍යාලයේ කණිෂ්ක රන්තිලකගේ සමත්විය.
කණිෂ්කගේ මෙම විශිෂ්ට පිතිහරඹය හේතුවෙන් ආනන්ද විද්‍යාලයට ලකුණු 126ක ජයක් හිමිවිය.
මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය පරදවමින් කුරුණෑගල මලියදේව විද්‍යාලය තරගාවලියේ තම 6වැනි ජය වාර්තා කළ අතර, වේල්ස් කුමර, ශා. ජෝශප්, රිච්මන්ඩ්, පානදුර ශ්‍රී සුමංගල සහ කටුගස්තොට ශා. අන්තෝනි ජය වාර්තා කළේය.
 
ආනන්ද-පිළියන්දල ම.ම.වි.
ආනන්ද: 285/7 (පන්දුවාර 46) කණිෂ්ක රන්තිලකගේ 155, කමේෂ් නිර්මාල් 62, හේෂාන් මධුසංක 3/43
පිළියන්දල ම.ම.වි.: 159/8 (පන්දුවාර 46) සඳරු චමෝද් 39, හේෂාන් මධුසංක 30, කළණ විජේසිරි 4/34
ආනන්දයට ලකුණු 126ක ජයක්.
 
මලියදේව-කිංග්ස්වුඩ්
මලියදේව: 296/6 (පන්දුවාර 50) කවීන් බණ්ඩාර 84, මුදිත ප්‍රේමදාස 44, සුපුන් සුමනරත්න 41, බ්‍රයන් චන්ද්‍රසේන 34, හර්ෂණ වික්‍රමසිංහ 2/31
කිංග්ස්වුඩ්: 185 (පන්දුවාර 34) අචල බණ්ඩාර 56, හර්ෂණ වික්‍රමසිංහ 21, සුපුන් සුමනරත්න 4/37, කවීන් බණ්ඩාර 2/23
මලියදේවයට ලකුණු 105ක ජයක්.
 
වේල්ස් කුමර-වත්තල ශා. අන්තෝනි 
ශා. අන්තෝනි: 138 (පන්දුවාර 44) අවිෂ්ක තරිඳු 64, යසිරු රත්නායක 5/18, රශේන් ප්‍රනාන්දු 2/21
වේල්ස් කුමර: 139/4 (පන්දුවාර 30.1) සුවත් මෙන්ඩිස් 43, ප්‍රවීන් විජේසේකර නොදැවී 35, ෆාහාඩ් ෆායිඩ් 24
වේල්ස් කුමරයට කඩුලු 6ක ජයක්.
 
ශා. ජෝශප්-කේරි
කේරි: 60 (පන්දුවාර 36) ඩිමේෂ් අමෝජ් 29, ලක්ෂාන් ගමගේ 3/18, මිරංග වික්‍රමගේ 2/7, අශාන් ඩැනියෙල් 2/19
ශා. ජෝශප්: 62/2 (පන්දුවාර 9.5) ජොහෑන්ස් ද සිල්වා 29
ශා. ජෝශප්ට කඩුලු 8ක ජයක්.
 
රිච්මන්ඩ්-ධර්මාශෝක
රිච්මන්ඩ්: 252 (පන්දුවාර 49.5) ආදිත්‍ය සිරිවර්ධන 87, දිළුම් සුදීර 48, තවීෂ අභිෂේක් 31, කවිඳු නදීෂාන් 3/43, දිනුක ඩිල්ෂාන් 2/36
ධර්මාශෝක: 61 (පන්දුවාර 14.1) තාරක ද සිල්වා 16, ආකාෂ් කාවින්ද 4/29, අම්ෂි ද සිල්වා 3/15, සඳුන් මෙන්ඩිස් 2/00
රිච්මන්ඩ්ට ලකුණු 191ක ජයක්.
 
පානදුර ශ්‍රී සුමංගල-පානදුර මහානාම 
මහානාම: 103 (පන්දුවාර 33.2) රවිඳු ෂාන් 39, පූර්ණ පසිඳු 4/25, මිහිරංග ප්‍රනාන්දු 2/9
ශ්‍රී සුමංගල: 104/6 (පන්දුවාර 25.3) මිහිරංග ප්‍රනාන්දු නොදැවී 49, පවිත්‍ර ලක්ඛණ 2/17
පානදුර ශ්‍රී සුමංගලයට කඩුලු 4ක ජයක්.
 
කටුගස්තොට ශා. අන්තෝනි-ශා. සිල්වෙස්තර
ශා. සිල්වෙස්තර: 169 (පන්දුවාර 49.4) මනෝහරන් පවිත්‍රන් 40, හසිඳු නිශ්ශංක 36, තමාෂන අබේකෝන් 2/21, ගයාන් සමරසිංහ 2/24, නවෝද්‍ය විජේකුමාර 2/39 
ශා. අන්තෝනි: 168/9 (පන්දුවාර 43.5) තරිඳු ළමාහේවගේ 40, තමාෂන අබේකෝන් නොදැවී 36, මොහොමඩ් කමීන් 20, කසුන් එදිරිතිලක 3/29, පසන් හෙට්ටිආරච්චි 3/37
කටුගස්තොට ශා. අන්තෝනිට පැරබෝලා ක්‍රමයට එක් කඩුල්ලක ජයක්.
 
පමෝද් ලසන්ත{jcomments on}

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර තරග 5 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගවලියේ පළමු තරග දෙක සඳහා 13 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය නම්කර ඇති අතර, එයට නවක ක්‍රීඩක වනිඳු හසරංග කැඳවා තිබේ.
ගාල්ල රිච්මන්ඩ් විදුහලෙන් ක්‍රිකට් පිටියට පිවිසි වනිඳු හසරංග ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ පාසල් කණ්ඩායම නියෝජනය කළ අතර, පසුගිය අන්තර් ක්‍රීඩා සමාජ ක්‍රිකට් තරගාවලියේදී තුන් ඉරියව්වෙන්ම දස්කම් දැක්වීය.
මෙම කණ්ඩායමට අකිල ධනංජය සහ ලහිරු මධුසංක කැඳවා ඇති අතර, කලකට පසු ආබාධය සුව වීමෙන් දුෂ්මන්ත චමීරද කණ්ඩායමට නම්කර තිබේ.
කණ්ඩායමේ ‍‍‍ජ්‍යෙෂ්ඨ පිතිකරුවකු වන දිනේෂ් චන්දිමාල් කණ්ඩායමෙන් ඉවත් කර ඇති අතර, තුන් ඉරියව් ක්‍රීඩකයන් වන තිසර පෙරේරා සහ සීකුගේ ප්‍රසන්නට ස්ථානයක් හිමිවී නොමැත.
කණ්ඩායමේ තේරීම් පිළිබඳ අදහස් දැක්වූ ක්‍රිකට් කළමනාකරු අසංක ගුරුසිංහ පවසන්නේ තරුණ ක්‍රීඩකයන් කිහිප දෙනකුට පළමු තරග දෙකේ අවස්ථාව ලබා දීමට අවශ්‍ය වූ බැවින් චන්දිමාල් ඉවත් කළ බවයි.
කෙසේ වුවද අවසන් තරග තුන සඳහා චන්දිමාල්ද තේරීම් සඳහා යොදා ගන්නා බව ගුරුසිංහ වැඩිදුරටත් පැවැසීය.
කණ්ඩායම පිළිබඳව අදහස් දැක්වූ නායක මැතිව්ස් පවසන්නේ ලබාදුන් කණ්ඩායම පිළිබඳව සෑහීමකට පත්වන බවයි. වනිඳු හසරංග සහ ලහිරු මධුසංක දක්ෂ ක්‍රීඩකයන් බවත්, අකිල ධනංජය අන්තර් ක්‍රීඩා සමාජ තරගවලදී හොඳින් පන්දු යවා තේරීම් කමිටුවේ අවධානය දිනාගත් බවත් මැතිව්ස් පවසයි.
ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර පළමු එක්දින තරගය ලබන 30දා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
 
පළමු තරග දෙක සඳහා ශ්‍රී ලංකා එක්දින සංචිතය
ඇන්ජලෝ මැතිව්ස් (නායක), උපුල් තරංග (උප නායක), නිරෝෂන් දික්වැල්ල, ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, අසේල ගුණරත්න, වනිඳු හසරංග, ලක්ෂාන් සඳකැන්, අඛිල ධනංජය, නුවන් ප්‍රදීප්, ලසිත් මාලිංග, දුෂ්මන්ත චමීර, ලහිරු මධුසංක 
 
ශ්‍රී ලංකා-සිම්බාබ්වේ තරග සටහන
ජුනි 30 දා- පළමු එක්දින තරගය- ගාල්ල
ජූලි 2 දා- දෙවැනි එක්දින තරගය- ගාල්ල
ජූලි 6 දා- තෙවැනි එක්දින තරගය- සූරියවැව
ජූලි 8 දා- සිව්වැනි එක්දින තරගය- සූරියවැව
ජූලි 10 දා- පස්වැනි එක්දින තරගය- සූරියවැව
 
මංගල ධර්මප්‍රේම

එළැඹෙන සිම්බාබ්වේ සහ ඉන්දීය ක්‍රිකට් තරගාවලි සඳහා ශ්‍රී ලංකා පි‍ලේ පුහුණුකරු ලෙස නික් ‍පෝතාස් පත් කළ බව ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා ඊයේ (27දා) පැවැති මාධ්‍ය හමුවේදී අනාවරණය කළේය.
“ග්‍රැහැම් ෆෝඩ් හොඳ පුහුණුකරුවෙක්. ඔහු ඉවත්ව යාමෙන් පසු නවක පුහුණුකරු පිළිබඳව අපි සාකච්ඡා කළා. නික් ‍පෝතාස්ට ඉදිරි තරගාවලි දෙකේ පුහුණුකරු ධුරය ලබා දෙන්න තීරණය කළා. නික් මෙම වගකීම හොඳින් ඉටු කරයි කියා අපි විශ්වාස කරනවා” යැයි සුමතිපාල මහතා පැවැසීය. 
ඉදිරි මාස දෙකේදී නික් ‍පෝතාස්ගේ සේවයද සලකා බලා 2019 වනතෙක් නව පුහුණුකරුවකු පත් කිරීම පිළිබඳව අවසන් තීරණයක් ගන්නා බවද සුමතිපාල මහතා පැවැසීය.
මෙහිදී සිම්බාබ්වේ කණ්ඩායම සාදරයෙන් පිළිගන්නා බවත්, 1996 ලෝක කුසලානයේදී ප්‍රශ්නකාරී වාතාවරණයක් මැද ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට එකඟවීම පිළිබඳව අමතක නොවන බවත් සුමතිපාල මහතා පැවැසීය.
ෆෝඩ්ගේ ඉවත්ව යාම පිළිබඳව අදහස් දැක්වූ නායක මැතිව්ස් පවසන්නේ නව පුහුණුකරු සමග ඉදිරියට යාමට ක්‍රීඩකයන් සූදානම් විය යුතු බවයි. 
බාහිර දේවල් පිළිබඳ අවධානය යොමු නොකොට කණ්ඩායම වෙනුවෙන් 200ක් උපරිමය ලබා දීම ක්‍රීඩකයන්ගේ වගකීම බවද මැතිව්ස් පැවැසීය.
ක්‍රිකට් කළමනාකරු අසංක ගුරුසිංහ මහතා පැවැසුවේ ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාවය පිළිබඳව කිසිදු ප්‍රශ්නයත් ඇති නොවන බවත්, භෞතචිකිත්සක සහ අභ්‍යාසක සමග ගොස් ක්‍රීඩා අමැතිවරයාට කණ්ඩායමේ ඉදිරි ශාරීරික යෝග්‍යතා සැලසුම් පිළිබඳව පැහැදිලිකර දුන් බවයි. මෙහිදී එම තත්ත්වය ක්‍රීඩා ඇමැතිවරයා අවබෝධ කරගත් බවද ගුරුසිංහ වැඩිදුරටත් පැවැසීය.
 
මංගල ධර්මප්‍රේම

IMAGE

අහිමි පෙම ඉල්ලා පෙම්වතියට ප්‍රසිද්ධියේ ගුටි ඇනලා

IMAGE 2018 Feb 23 10:42
පැරණි පෙම්වතියගෙන් අහිමි වූ ආදරය නැවත ඉල්ලා එය නොලැබුණු විට නාරාහේන්පිට ප්‍රදේශයේදී ඇයට...
Views - 141

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 2522

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 1427

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 5783

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 3367

ලංකාවේ අන්තිම රජු සැඟවූ නිධානය කෝ?

IMAGE 2018 Feb 19 11:34
මහනුවර රජ කළ රාජාධිරාජසිංහ රජුට බිසෝවරුන් කිහිප දෙනෙක්ම සිටියහ. ඔවුන් අතර අලමේලු අම්මා,...
Views - 5501

Please publish modules in offcanvas position.