Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සිංගර් ශ්‍රී ලංකා සමාගමේ අනුග්‍රහය ඇතිව සංවිධානය කරන “සිංගර් කුසලාන” අවු. 13න් පහළ පළමු කොටසේ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේදී සිය දෙවැනි ශතකය රැස් කිරීමට කොළඹ රාජකීය විද්‍යාලයේ සිනෙත් ජයවර්ධන සමත්විය.
සිනෙත් ජයවර්ධන කෝට්ටේ ශා. තෝමස් විද්‍යාලයට එරෙහිව පන්දු 107කදී හතරේ පහර 23ක් සහ හයේ පහර 5ක් සමගින් නොදැවී ලකුණු 158ක් රැස් කළ අතර ඔහුට අනගි සහයක් ලබා දුන්  ෂෙහාත් පෙරේරා පන්දු 148කදී හතරේ පහර 16ක් සමගින් ලකුණු 126ක් වාර්තා කළේය.
සිනෙත් ජයවර්ධන සහ ෂෙහාත් පෙරේරා දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 273ක නොබිඳුණු සම්බන්ධතාවක් ගොඩනැංවූහ.
රත්ගම දේවපතිරාජයේ දර්ශක සංදීප් කරන්දෙණිය මැදි විදුහලට එරෙහිව මුළු තරගයේදී ලකුණු 98ට කඩුලු 10ක් බිඳ හෙළමින් දේවපතිරාජයට ඉනිමක ජයක් හිමිකර දුන්නේය.
 
රාජකීය-කෝට්ටේ ශා. තෝමස්
රාජකීය පළමු ඉනිම - 330/1 (පන්දුවාර 50) සිනෙත් ජයවර්ධන (නොදැවී) 157, 
ෂෙහාත් පෙරේරා (නොදැවී) 126, රවිඳු සෙනරත්ආරච්චි 30
ශා. තෝමස් පළමු ඉනිම - 82 (පන්දුවාර 46.5) තරුෂ අශේල් 24. තසිඳු උමයංග 21, මුනියන්ඩි නවනීදන් 3/1, ෂෙහාත් පෙරේරා 3/9, සිනෙත් ජයවර්ධන 2/5
කොළඹ රාජකීය විදුහලට පළමු ඉනිමේ ජයක්
 
දේවපතිරාජ-කරන්දෙණිය ම.ම.වි.
කරන්දෙණිය: පළමු ඉනිම - 99 (පන්දුවාර 33.1) සහන් තිසරු 18, ඉමන්ත නෙත්ම 16, දේශාන් ශෂින්ත 15, දර්ශක සංදීප් 5/59, ෂෙහාන් හසරංග 2/10
දේවපතිරාජ: පළමු ඉනිම - 254 (පන්දුවාර 46.4) ෂෙහාන් හසරංග 75, හරීන් අචින්ත 63, සඳරු තීක්ෂණ නොදැවී 27, පැතුම් ශාමින්ද 22, දිනිත ප්‍රභංක 15, මිනිඳු මිතිරංග 5/92, විදුම් නෙත්මිණ 2/50, දේශාන් ශෂින්ත 2/2
කරන්දෙණිය: දෙවැනි ඉනිම - 55 (පන්දුවාර 16.1) දේශාන් ශෂින්ත 26, දර්ශක සංදීප් 5/39, ෂෙහාන් හසරංග 2/9
දේවපතිරාජයට ඉනිමක සහ ලකුණු 100ක ජයක්.
 
සීතාවක මැදි විදුහල-වත්තල ශා. ජෝශප්
සීතාවක: පළමු ඉනිම - 135 (පන්දුවාර 54.1) ඩිෂාන් තේනුක 29, තිසර ධනංජය 28, නිලංග ලක්ප්‍රිය 22, මානිත් මෙනාත් 20, යසිත් ඩයස් 5/24
ශා. ජෝශප්: පළමු ඉනිම - 127 (පන්දුවාර 44) ෂෙනොල් තිසේරා 31, තිසර ධනංජය 3/24, නිශාන් තේනුක 2/27, මලීෂ ගිම්හාන 2/39
සීතාවක: දෙවැනි ඉනිම - 68/4 (පන්දුවාර 10) මානිත් මෙනාත් 25
සීතාවක මැදි විදුහලට පළමු ඉනිමේ ජයක්.
 
අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද-ශා. සර්වේෂස්
ශ්‍රී දේවානන්ද: පළමු ඉනිම - 117 (පන්දුවාර 33.3) මිථිල අචින්තක 35, විහඟ මලිත් 22, මයුර මධුෂාන් 20, වෙනුජ මෙත්මිණ 4/15, මිනෝද් ධනංජය 3/32, දෙනෙත් කව්‍යාන් 2/33
ශා. සර්වේෂස්: පළමු ඉනිම - 148/7 (පන්දුවාර 44) වෙනුජ මෙත්මිණ 27, ශවිඳු සංදේෂ් 25, තීක්ෂණ සංකල්ප 2/23
ශ්‍රී දේවානන්ද: දෙවැනි ඉනිම - 72/6 (පන්දුවාර 17) මිථිල අචින්තක 37, චිරත් නෙත්සර 5/27
ශා. සර්වේෂස්ට පළමු ඉනිමේ ජයක්.
 
ශා. බෙනඩික්ට්-ආනන්ද
ශා. බෙනඩික්ට්: පළමු ඉනිම - 162/7 (පන්දුවාර 53.4) නවිරු ආදිත්‍ය 34, ෂෙරෝන් දිසානායක 26, 
හර්ෂණ ජෝශප් නොදැවී 21, නිමිත කලවිටිගොඩ 2/18, ඉඳුවර විජේරත්න 2/33
තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය.
 
පානදුර රාජකීය-පානදුර ශ්‍රී සුමංගල
පානදුර ශ්‍රී සුමංගල: පළමු ඉනිම - 103 (පන්දුවාර 52) ජයෝද් සිල්වා 3/21, දිනුර එක්සිත් 2/19
පානදුර රාජකීය: පළමු ඉනිම - 150/9 (පන්දුවාර 53) දිනුර එක්සිත් 50, චාරුක කවිහාර 4/26
පානදුර රාජකීය විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.
 
නාලන්දා-මීගමුව හරිස්චන්ද්‍ර
හරිස්චන්ද්‍ර: පළමු ඉනිම - 178 (පන්දුවාර 42.5) තීක්ෂණ සිල්වා 49, පවන් එදිරිසිංහ 43, මිනෝත් කුමාර 3/48, සජිත් ලක්ෂාන් 2/25, කුෂ්මිත සිල්වා 2/32
නාලන්දා: පළමු ඉනිම - 224 (පන්දුවාර 34) සජිත් ලක්ෂාන් 63, දුලිත මාතරආරච්චි නොදැවී 47, කුෂ්මිත සිල්වා 44, නෙතුම් නිරෝධ්‍ය 31, මිනෝත් කල්දේරා 20, හසරංග ගුණවර්ධන 3/37, මුදිත ලක්ෂාන් 2/31
නාලන්දා විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.
 
පිළියන්දල මැදි විදුහල-මහානාම
මහානාම: පළමු ඉනිම - 101 (පන්දුවාර 39.4) භානුල අල්ගෙවත්ත 28, නෙත්ම අශේන් 5/17, ච්ෙනුක මුණසිංහ 4/28
පිළියන්දල: පළමු ඉනිම - 113/6 (පන්දුවාර 34) නෙත්ම අශේන් නොදැවී 53, තරුෂ විදානපතිරණ 4/23
මහානාම: දෙවැනි ඉනිම - 41/1 (පන්දුවාර 10) කවිඳු අමානෙත් නොදැවී 23 
පිළියන්දල මැදි විදුහලට  පළමු ඉනිමේ ජයක්.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පාකිස්තානයට එරෙහිව ලැබූ ටෙස්ට් තරගාවලි ජය ඉතා විශිෂ්ට ජයග්‍රහණයක් බව ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් ඊයේ (31දා) ක්‍රිකට් ආයතනයේ පැවැති මාධ්‍ය හමුවේදී පැවැසීය.
මෙම ජයග්‍රහණය පිළිබඳව මුලින්ම තමන්ගේ සගයන්ට ස්තුතිය පිරිනමන බව පැවැසූ චන්දිමාල් ඔවුන් සියලු දෙනා තමන්ගේ වගකීම් හොඳින් ඉටුකළ බවද පවසයි.
එක්දින තරගාවලියේදී ලකුණු අතරට පැමිණීමට නොහැකි වීම පිළිබඳව සිය කනගාටුව ප්‍රකාශ කළ චන්දිමාල් තමන්ට මීට වඩා දෙයක් එක්දින කණ්ඩායමට ලබා දීමට තිබූ බවද සඳහන් කළේය.
තරගාවලියට පෙර ‘මෑණියන්’ කෙනෙකු ළඟට යාම පිළිබඳව මාධ්‍ය නැගූ පැනයකට පිළිතුරු දෙමින් චන්දිමාල් පවසා සිටියේ ඕනෑම අයෙකුට ඕනෑම ආගමක් ඇදහීමේ නිදහසක් ඇති බවත්, ඕනෑම පුද්ගලයකු ආශිර්වාද ලබා ගැනීම වරදක් නොවන බවත්, එම ‘මෑණියන්’ තම මිතුරකුගේ මවක් වන බැවින් ඇය වෙත ගොස් ආශිර්වාද ලබා ගත් බවයි. 
මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා එක්දින නායක උපුල් තරංග පවසා සිටියේ ශ්‍රී ලංකා පිල එක්දින තරගාවලිය ඉතාම දුර්වල විලාශයකින් ක්‍රීඩා කළ බවයි.
කිසිම පිතිකරුවකු තමන්ගේ වගකීම් ඉටු නොකළ බව පැවැසූ තරංග පන්දු යවන්නන් තමන්ගේ යුතුකම් මැනවින් ඉටු කරමින් හොඳින් ක්‍රීඩා කළ බව පවසයි.
තරගාවලියට පෙර පුහුණුකරු, කළමනාකරු සහ ‍‍‍ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් සාකච්ඡා කර සැලසුම් සකස් කළද ඒ සෑම සැලසුමක්ම අසාර්ථක වූ බව පැවැසූ උපුල් තරංග මේ වසරේදී එංගලන්තයේදී චැම්පියන්ස් කුසලාන දිනාගත් පාකිස්තානු කණ්ඩායම තුන් ඉරියව්වෙන්ම දක්ෂ කණ්ඩායමක් බව පවසයි.
පාකිස්තානයට එරෙහි 20-20 තරගාවලියේදී ශ්‍රී ලංකා පි‍ලේ නායකත්වය දැරූ තිසර පෙරේරා මෙහිදී අදහස් දක්වමින් පවසා සිටියේ තමන්ට ලැබුණු කණ්ඩායම පිළිබඳව සෑහීමකට පත්වන බවයි.
මෙම කණ්ඩායමේ 20-20 තරග 10කට වඩා ක්‍රීඩා කර සිටියේ තමන් ඇතුළුව තවත් ක්‍රීඩකයන් දෙදෙනකු පමණක් බව පැවැසූ තිසර පෙරේරා සෙසු ක්‍රීඩකයන්ට අත්දැකීම් තිබුණා නම් දෙවැනි 20-20 තරගය ජය ගත හැකිව තිබූ බව සඳහන් කළේය.
කණ්ඩායම නවකයන්ගෙන් සැදුම්ලත් වුවත් ඔවුන් ඉතා පරිණත බවක් පෙන්නූ බව පැවැසූ තිසර ලෝහෝර් තරගයට ලබාදුන් ආරක්ෂාව ඉතා ඉහළ මට්ටමක පැවැති බව පවසයි.
තරගාවලියට පෙර නවක ක්‍රීඩකයන් බොහෝ දෙනකු තමන්ගෙන් ලාහෝර් නගරයේ ආරක්ෂක තත්ත්වය පිළිබඳව විමසා සිටි බවත්, ඔවුන්ට ලාහෝර් නගරයේ ආරක්ෂක තත්ත්වය ඉතා යහපත් මට්ටමක පවතින බවට තමන් ලබාදුන් පිළිතුර පිළිබඳව නවක ක්‍රීඩකයන් විශ්වාසය තැබූ බවද සඳහන් කළේය.
මෙහිදී ශ්‍රී ලංකා පුහුණුකරු නික් ‍පෝතාස් මහතා සඳහන් කර සිටියේ පන්දු යැවීමේ අංශයෙන් ලෝකයේ අනෙක් රටවල් හා සමානව ශ්‍රී ලංකාව දස්කම් දැක්වුවත්,  පිතිකරණ අංශය පිළිබඳව ඉතාමත් කනගාටුවට පත්වෙන බවයි.
මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා සඳහන් කර සිටියේ ලබන 2018 වසරේ ජුනි මාසයේදී පාකිස්තානයේදී පැවැත්වීමට නියමිත ආසියානු කුසලාන අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලියට රටවල් 6ක් සහභාගි වීමට නියමිත බවත්, ඒ සඳහා ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ කණ්ඩායමක් සහභාගි කරවීමට සැලසුම්කර ඇති බවයි.
 
ප්‍රභාත් විදානපතිරණ 

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සිංගර් ශ්‍රී ලංකා සමාගමේ අනුග්‍රහය ඇතිව සංවිධානය කරන “සිංගර් කුසලාන” අවු. 19න් පහළ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේදී පිට පිටම තෙවැනි ශතකය රැස් කිරීමට ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් පි‍ලේ නායක ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ ආරම්භක පිතිකරු කමිඳු මෙන්ඩිස් සමත්විය.
කමිඳු මෙන්ඩිස් පන්නිපිටිය ධර්මපාල විදුහලට එරෙහිව නොදැවී ලකුණු 129ක් වාර්තා කළ අතර, ඔහු මීට පෙර මාතර ශා. සර්වේෂස් සහ අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල්වලට එරෙහිව ශතක වාර්තා කළේය.
 
රිච්මන්ඩ්-පන්නිපිටිය ධර්මපාල
ධර්මපාල: පළමු ඉනිම - 180 (පන්දුවාර 72.5) කුෂංක පීරිස් 50, අවිෂ්ක හසරින්ද 40, චමිඳු සමරසිංහ නොදැවී 31, මලිත් සඳකැළුම් 31, සඳුන් මෙන්ඩිස් 5/74, දිලුම් සුධීර 3/44
රිච්මන්ඩ්: පළමු ඉනිම - 306/2 (පන්දුවාර 39.3) කමිඳු මෙන්ඩිස් නොදැවී 129, ආදිත්‍ය සිරිවර්ධන 75, තවීෂ අභිෂේක් නොදැවී 51, ධනංජය ලක්ෂාන් 54
ධර්මපාල: දෙවැනි ඉනිම - 49 (පන්දුවාර 30.2) සඳුන් මෙන්ඩිස් 4/26, අම්ෂි ද සිල්වා 2/3, දිලුම් සුධීර 2/4
රිච්මන්ඩ්ට ඉනිමක සහ ලකුණු 77ක ජයක්.
 
ශා. තෝමස්-මලියදේව
ශා. තෝමස්: පළමු ඉනිම - 225/9 (පන්දුවාර 62.4) ඩිලොන් පීරිස් 40, සිතාර හපුහින්න 38, තෙවින් ඊරියගම 33, මන්තිල විජේරත්න 22, දිමිත්‍ර විමලසූරිය 21, පවිත් රත්නායක 21, දුලිත් ගුණරත්න 20, දුලාජ් රණතුංග 4/66, සංජීවන් ප්‍රි්‍රයදර්ශන 3/62
මලියදේව: පළමු ඉනිම - 81 (පන්දුවාර 30.5) දුලාජ් රණතුංග 30, ෂෙනොන් ප්‍රනාන්දු 3/3, ඩිලොන් පීරිස් 3/12, පවිත් රත්නායක 2/27
මලියදේව: දෙවැනි ඉනිම - 198 (පන්දුවාර 67.3) චාළුක අතපත්තු 47, කවීන් බණ්ඩාර 38, දුලාජ් රණතුංග 31, ඩිලොන් පීරිස් 6/48, ටෙහාන් ෂාෆ්ටර් 3/37
ශා. තෝමස්: දෙවැනි ඉනිම - 60/1 (පන්දුවාර 10.2) දුලිත් ගුණරත්න නොදැවී 26, සිතාර හපුහින්න 18, මන්තිල විජේරත්න නොදැවී 15 
ශා. තෝමස් විද්‍යාලයට කඩුලු 9ක ජයක්.
 
ශා. ජෝශප්-ඩී.එස්. සේනානායක
ඩී.එස්. සේනානායක: පළමු ඉනිම - 186 (පන්දුවාර 50.4) පසිඳු ආදිත්‍ය 41, දසුන් පෙරේරා 41, විහාන් ගුණසේකර 34, සාලින්ද සෙනෙවිරත්න 5/45, අශාන් ඩැනියෙල් 5/61
ශා. ජෝශප්: පළමු ඉනිම - 258/8 (පන්දුවාර 66) රෙවාන් කෙලී 121, විරංග වික්‍රමගේ නොදැවී 46, සචින්ත රවිඳු 38, මිතුෂාන් තුමාර 4/54, විහාන් ගුණසේකර 2/64
ඩී.එස්. සේනානායක: දෙවැනි ඉනිම - 132 (පන්දුවාර 46) විහාන් ගුණසේකර 41, උවින් පීරිස් 36, සාලින්ද සෙනෙවිරත්න 4/32, අශාන් ඩැනියෙල් 4/46, ලක්ෂාන් ගමගේ 2/21
ශා. ජෝශප්: දෙවැනි ඉනිම - 61/3 (පන්දුවාර 17.5) කැමරන් දුරුගේ 20, මුදිත ලක්ෂාන් 2/21
ශා. ජෝශප් විද්‍යාලයට කඩුලු 7ක ජයක්.
 
ආනන්ද-සහිරා
ආනන්ද: පළමු ඉනිම - 235 (පන්දුවාර 50.4) කමේෂ් නිර්මාල් 46, කණිෂ්ක රන්තිලකගේ 41, කළණ විජේසිරි 31, අශේල් සිගේරා 29, ළහිරු හිරණ්‍ය 29, මොහොමඩ් ආදිල් 5/67, මොහොමඩ් සැකී 2/27, ඉමිටියාස් ස්ලාෂා 2/35
සහිරා: පළමු ඉනිම - 99 (පන්දුවාර 38.4) රිද්මික නිමේෂ් නොදැවී 51, අශේල් සිගේරා 3/23, සනත් දසනායක 2/18, ලක්ෂිත අමරසේකර 2/28
සහිරා: දෙවැනි ඉනිම - 181 (පන්දුවාර 54.2) මොහොමඩ් රිෆාත් 42, මොහොමඩ් ෂැකී 38, මොහොමඩ් සහදුල්ලා 27, රිද්මික නිමේෂ් 25, අශේල් සිගේරා 7/46, කළණ විජේසිරි 2/15
ආනන්ද: දෙවැනි ඉනිම - 46/2 (පන්දුවාර 10.3) කවිඳු ගිම්හාන් 21, මොහොමඩ් ආදිල් 2/29
ආනන්ද විද්‍යාලයට කඩුලු 8ක ජයක්.
 
ශා. ඇලෝසියස්-ශා. පීතර
ශා. පීතර: පළමු ඉනිම - 78 (පන්දුවාර 42.5) ශලිත් ප්‍රනාන්දු 17, දිනුක ලක්මාල් 4/5, රවිඳු සංජන 3/28, හරීන් බුද්දිල 2/21
ශා. ඇලෝසියස්: පළමු ඉනිම - 91 (පන්දුවාර 57.2) පසිඳු නානායක්කාර 14, සංතුෂ් ගුණතිලක 5/23, මොහොමඩ් අමීන් 2/23
ශා. පීතර: දෙවැනි ඉනිම - 163/7 (පන්දුවාර 75) ශලිත් ප්‍රනාන්දු 72, සංතුෂ් ගුණතිලක 42, දිනිත් අංජුල නොදැවී 18, කවික ඩිල්ෂාන් 3/14, රවිඳු සංජන 2/30
ශා. ඇලෝසියස්: දෙවැනි ඉනිම - 56/4 (පන්දුවාර 19) රවිඳු සංජන 33, සචින් සිල්වා 2/16
තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය.
 
දේවපතිරාජ-කටුනේරිය ශා. සෙබස්තියන් 
ශා. සෙබස්තියන්: පළමු ඉනිම - 109 (පන්දුවාර 42.2) සමිත ඩිල්ෂාන් 36, පැතුම් මධුසංක 5/33, රවීන් යසස් 3/17
දේවපතිරාජ: පළමු ඉනිම - 239 (පන්දුවාර 71.1) රවීන් යසස් 73, කල්ප ච්ෙතිය 51, සුධීර වීරරත්න 36, පැතුම් මධුසංක 30, දීමන්ත සිල්වා 2/12
ශා. සෙබස්තියන්: දෙවැනි ඉනිම - 261 (පන්දුවාර 61) ෂෙහාන් උදාර නොදැවී 112, උදාර මෙන්ඩිස් 55, පැතුම් මධුසංක 5/104
දේවපතිරාජ: දෙවැනි ඉනිම - 57/5 (පන්දුවාර 19) සුදීර වීරරත්න නොදැවී 22, පවන් සංදේශ් නොදැවී 19, දීමන්ත සිල්වා 2/12
තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය.
 
පමෝද් ලසන්ත

ඉන්දියාව සහ නවසීලන්තය අතර තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ කාන්පූර්හි පැවැති තෙවැනි තරගයෙන් ලකුණු 6ක තියුණු ජයක් වාර්තා කළ ඉන්දියාව තරගාවලිය 2-1ක් ලෙස ජය ගැනීමට සමත් විය.
ඉන්දීය ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 147ක් රැස් කළ රෝහිත් ෂර්මා තරගයේ වීරයා සම්මානය දිනා ගත් අතර, තරගාවලිය පුරා පිත්තෙන් දස්කම් දක්වමින් මෙම තරගයේදීද ශතකයක් වාර්තා කළ නායක විරාත් කෝලි තරගාවලියේ වීරයා ලෙස සම්මාන ලැබිය.
පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දියාව පන්දුවාර 50දී කඩුලු 6ට ලකුණු 337ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්තයට පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 331ක් පමණි.
රෝහිත් ෂර්මා සහ නායක විරාත් කෝලි දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 230ක විශිෂ්ට සම්බන්ධතාවක් ගොඩනංවමින් ඉන්දීය මුළු ලකුණු සංඛ්‍යාව ඉහළ නැංවීමට දායක වූහ.
පන්දු 138කදී හතරේ පහර 18ක් සහ හයේ පහර 2ක් සමගින් ලකුණු 147ක් රැස් කළ රෝහිත් ෂර්මා සිය 15 වැනි එක්දින ශතකය වාර්තා කළ අතර, පන්දු 106කදී හතරේ පහර 9ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 113ක් රැස් කළ විරාත් කෝලි සිය 32වැනි එක්දින ශතකය වාර්තා කළේය.
ලකුණු හඹායාමේදී කොලින් මුන්රෝ (75), කේන් විලියම්සන් (64) සහ ටොම් ‍ලේතම් (65) අර්ධ ශතක වාර්තා කළද ජයග්‍රහණය සඳහා එය ප්‍රමාණවත් නොවීය.
පන්දුවෙන් දස්කම් දැක්වූ ජස්ප්‍රිට් බුම්රා ලකුණු 47ට කඩුලු 3ක් බිඳ හෙළීය.

ලකුණු තත්ත්වය :-
ඉන්දියාව පන්දුවාර 50දී - 337/6යි
ෂර්මා 147, කෝලි 113, එම්.එස්. දෝනි 25, කෙදර් ජදාව් 18, සවුති 66/2, මිල්නේ 64/2, සැන්ට්නර් 58/2
නවසීලන්තය පන්දුවාර 50දී - 331/7යි
මුන්රෝ 75, විලියම්සන් 64, ටේලර් 39, ‍ලේතම් 65, නිකොල්ස් 47, බුම්රා 47/3, චහාල් 47/2, බුවනේෂ්වර් 92/1

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සීමාසහිත ප්‍රීමා සමූහ ව්‍යාපාරයේ අනුග්‍රහය ඇතිව සංවිධානය කළ 11වැනි “පී්‍රමා ශූරයන්ගේ කුසලාන” අවු. 15න් පහළ අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට පවන් රත්නායකගේ නායකත්වයෙන් බස්නාහිර පළාත් මධ්‍යම පිල සමත්විය.
පසුගියදා කොළඹ එස්.එස්.සී. පිටියේදී පැවැති අවසන් තරගයේදී බස්නාහිර පළාත් මධ්‍යම පිල බස්නාහිර පළාත් දකුණ පිලට එරෙහිව පළමු ඉනිමේ ජයක් ලැබූ අතර, තුන් ඉරියව්වෙන්ම දස්කම් දැක්වූ ටෂික නිර්මාල් (බස්නාහිර පළාත් මධ්‍යම) තරගයේ වීරයා ලෙස සම්මාන ලැබිය.
පළමුවෙන් පන්දුවට පහරදුන් බස්නාහිර පළාත් දකුණ පළමු ඉනිම ලකුණු 96කට සීමා වූ අතර, බස්නාහිර පළාත් මධ්‍යම පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන් දැවී ලකුණු 170ක් වාර්තා කළේය. 
ලකුණු 74ක් පසුපසින් සිට දෙවැනි ඉනිම ඇරඹූ බස්නාහිර පළාත් දකුණ දෙවැනි ඉනිමේ කඩුලු 9ක් දැවී ලකුණු 187ක් රැස් කර සිටියදී ඉනිම අත්හිටුවීය.
ජයග්‍රහණය සඳහා පන්දුවාර 28කදී ලකුණු 114ක ඉලක්කයක් හඹා ගිය බස්නාහිර පළාත් මධ්‍යම තරගය නතර කරන විට කඩුලු 6ට ලකුණු ලකුණු 75ක් වාර්තා කළේය.
බස්නාහිර පළාත් මධ්‍යම වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ සම්පත් නිශ්ශංක මුල් ඉනිමේදී ලකුණු 26ට කඩුලු 5ක් බිඳ හෙලූ අතර, ටෂික නිර්මාල් මුල් ඉනිමේදී ලකුණු 23ට කඩුලු 4ක්ද දෙවැනි ඉනිමේදී ලකුණු 69ට කඩුලු 4ක්ද බිඳ හෙළමින් තරගයේ වීරයා බවට පත්විය.
බස්නාහිර පළාත් මධ්‍යම පළමු ඉනිම වෙනුවෙන් භවන්ත හරිත් නොදැවී ලකුණු 49ක් රැස් කළ අතර, ටෂික නිර්මාල් ලකුණු 37ක් රැස් කළේය.
බස්නාහිර පළාත් දකුණ දෙවැනි ඉනිම වෙනුවෙන් නායක සුඛිත මනෝජ් නොදැවී ලකුණු 74ක් රැස් කරමින් තරගයේ එකම අර්ධ ශතක ලාභියා බවට පත්විය.
තරගාවලියේ දක්ෂතම පිතිකරු - තිනුර ගුණරත්න (ඌව) 
තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා - සම්පත් නිශ්ශංක (බස්නාහිර මධ්‍යම)
තරගාවලියේ වීරයා - නවෝද් පරණවිතාන (දකුණ)
 
ලකුණු තත්ත්වය :-
බස්නාහිර පළාත් දකුණ: 
පළමු ඉනිම - 96 (පන්දුවාර 30.5) පසිඳු පැතුම් 28, චමෝද් ගිහාන් 23, සම්පත් නිශ්ශංක 5/26, ටෂික නිර්මාල් 4/23
බස්නාහිර පළාත් මධ්‍යම: 
පළමු ඉනිම - 170 (පන්දුවාර 62.5) භවන්ත හරිත් නොදැවී 49, ටෂික නිර්මාල් 37, චමෝද් ගිහාන් 2/15, විනුජ රන්පුල් 2/30, බිහඟ මෙන්ඩිස් 2/35, බිහාන් ඉනුක 2/47 
බස්නාහිර පළාත් දකුණ: දෙවැනි ඉනිම - 187/9 (පන්දුවාර 64.4) සුඛිත මනෝජ් නොදැවී 74, විනුජ රන්පුල් 30, ප්‍රභාෂ්වර හේරත් 27, ටෂික නිර්මාල් 4/69, කවිඳු පතිරත්න 2/31
බස්නාහිර පළාත් මධ්‍යම: දෙවැනි ඉනිම - 75/6 (පන්දුවාර 28) විනුක රූබසිංහ 24, පවන් රත්නායක නොදැවී 13, විනුජ රන්පුල් 2/30, බිහඟ මෙන්ඩිස් 2/35, බිහාන් ඉනුක 2/47
 
පමෝද් ලසන්ත

ශ්‍රී ලංකා ‘ඒ’  සහ බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’  අතර ජැමෙයිකාවේ සබිනා පාර්ක්හිදී පැවැති තෙවැනි සිව්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 10ක ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා ‘ඒ’ තරගාවලිය 2-1ක් ලෙස ජය ගැනීමට සමත් විය.
ශ්‍රී ලංකා ‘ඒ’ ජයග්‍රහණය වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ෂෙහාන් ජයසූරිය මුළු තරගයේදී ලකුණු 101ට කඩුලු 8ක් බිඳ හෙළමින් සහ පළමු ඉනිමේදි ලකුණු 36ක් රැස් කරමින් තරගයේ වීරයා බවට පත්විය. ඔහුට අනඟි සහයක් ලබා දුන් මලින්ද පුෂ්පකුමාර මුළු තරගයේදී ලකුණු 86ට කඩුලු 8ක් බිඳ හෙළීය.
කොදෙව් ‘ඒ’ මුල් ඉනිම ලකුණු 181කට සීමා වූ අතර, ශ්‍රී ලංකා ‘ඒ’ මුල් ඉනිම වෙනුවෙන් ලකුණු 273ක් වාර්තා කළේය. ශ්‍රී ලංකා ‘ඒ’ ට වඩා ලකුණු 92ක් පසුපසින් සිටිමින් දෙවැනි ඉනිම ඇරඹූ කොදෙව් ‘ඒ’ ට රැස්කරගත හැකිවූයේ ලකුණු 118ක් පමණි. ශ්‍රී ලංකා ‘ඒ’ට ජයග්‍රහණය සඳහා ලැබුණු ලකුණු 27ක ඉලක්කය කිසිවකු නොදැවී වාර්තා කළේය.
ශ්‍රී ලංකා ‘ඒ’ නායක ධනංජය ද සිල්වා මුල් ඉනිමේදී පන්දු 97කදී හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 64ක් රැස් කළ අතර, 
රොෂේන් සිල්වා පන්දු 134කදී හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 52ක් වාර්තා කළේය.
කොදෙව් ‘ඒ’ මුල් ඉනිම වෙනුවෙන් සුනිල් ඇම්බ්‍රිස් ලකුණු 156කදී හතරේ පහර 8ක් සහ හයේ පහර 2ක් සමගින් ලකුණු 101ක් වාර්තා කළද සෙසු පිතිකරුවෝ අසාර්ථක වූහ.
කොදෙව් දෙවැනි ඉනිම වෙනුවෙන් නායක ෂම්රා බෘෘක්ස් අර්ධ ශතකයක් (52) වාර්තා කළ අතර, අනෙක සියලු පිතිකරුවෝ ෂෙහාන් ජසූරිය සහ මලින්ද පුෂ්පකුමාර හමුවේ අසරණ වූහ.
පන්දුවෙන් විශිෂ්ට දස්කම් දැක්වූ ෂෙහාන් ජයසූරිය මුල් ඉනිමේදී ලකුණු 41ට කඩුලු 2ක්ද, දෙවැනි ඉනිමේදී ලකුණු 60ට කඩුලු 6ක්ද බිඳ හෙලූ අතර, මලින්ද පුෂ්පකුමාර මුල් ඉනිමේදී ලකුණු 67ට කඩුලු 4ක්ද, දෙවැනි ඉනිමේදී ලකුණු 19ට කඩුලු 4ක්ද බිඳ හෙළීය.
 
ලකුණු තත්ත්වය :-
කොදෙව් ‘ඒ’ මුල් ඉනිම - 181යි
විෂාවුල් සිං 15, සුනිල් ඇම්බ්‍රිස් 101, රකීම් කෝන්වෝල් 19, ඩේමියන් ජේකොබ්ස් 18, මලින්ද 
පුෂ්පකුමාර 67/4, ෂෙහාන් ජයසූරිය 41/2, ලහිරු කුමාර 35/2, කසුන් රාජිත 31/1
ශ්‍රී ලංකා ‘ඒ’ මුල් ඉනිම - 273යි
රොන් චන්ද්‍රගුප්ත 16, නිපුන් කරුණානායක 26, ධනංජය ද සිල්වා 64, චරිත් අසලංක 4, රොෂේන් සිල්වා 52, සඳුන් වීරක්කොඩි 21, ෂෙහාන් ජයසූරිය 36, වනිඳු හසරංග 17, මලින්ද පුෂ්පකුමාර 5, කසුන් රාජිත 1, ලහිරු කුමාර (නොදැවී) 2, ජෝසප් 43/2, තෝමස් 54/2, ලෙව්රිජ් 25/2, ජේකොබ්ස් 58/2
කොදෙව් ‘ඒ’ දෙවැනි ඉනිම - 118යි
ෂම්රා බෘෘක්ස් 52, විෂාවුල් සිං 15, රකීම් කෝන්වල් 15, ෂෙහාන් ජයසූරිය 60/6, මලින්ද පුෂ්පකුමාර 19/4
ශ්‍රී ලංකා ‘ඒ’ දෙවැනි ඉනිම කිසිවකු නොදැවී - 27යි
රොන් චන්ද්‍රගුප්ත (නොදැවී) 3, නිපුන් කරුණානායක (නොදැවී) 17
IMAGE

සැමියාගේ බිමත්කම සහ නොගැළපීම නිසයි විවාහය බිඳ වැටුණේ

IMAGE 2017 Nov 23 13:33
තිලකා රණසිංහගේ ජීවිතයේ වඩාත්ම සතුටු වූ අවස්ථාව හා වැඩියෙන්ම දුක් වූ අවස්ථාව සිහිපත් කරන්න...
Views - 3128

ලංකාව හැර ගිය නතාෂා ආපහු ඇවිත් කියපු කතාව

IMAGE 2017 Nov 23 08:03
නතාෂා පෙරේරා පහුගිය කාලයේ වැඩිපුර දකින්නට ලැබුණේ නැහැ. ඒ ඇය තමන්ගේ ආදරණීය සැමියා ප්‍රිහාන්...
Views - 2972

55 වියැති බැංකු ලොක්කා 29 කන්තෝරු නෝනා සමඟ 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Nov 22 12:50
බැංකුවක උසස් නිලයක් දරන පනස්පස් හැවිරිදි සිය සැමියා වසර ගණනාවක් තිස්සේ විසිනව හැවිරිදි රජයේ...
Views - 6022

අහසේ සිට බිමට පනින එස්.ටී.එෆ්. යුවතියෝ

IMAGE 2017 Nov 22 10:55
අම්පාර උහන ගුවන් ධාවන පථයෙන් අහසට නැඟගත්, එම්. අයි. 17 වර්ගයේ හෙලිකොප්ටරය  නිලඹර දෙපළු කරමින්...
Views - 3595

මිහිදුම සහ වැස්ස ගැන 'කාලගුණ විද්‍යාවෙන්' බොරු කී‍වේ ඇයි?

IMAGE 2017 Nov 22 10:43
මේ දිනවල අළුයම් කාලයේ අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක දැඩි මිහිදුම් තත්ත්වයක් දක්නට ලැබුණු බව...
Views - 2187

මුගාබේගේ බිරිඳ ද පක්ෂයෙන් නෙරපයි

IMAGE 2017 Nov 21 09:37
වසර 37  ක කාලයක් සිම්බාබ්වේ දේශය පාලනය කළ රොබට් මුගාබේ නිවාස අඩස්සියට ගනිමින් හමුදාව එරට...
Views - 3003

Please publish modules in offcanvas position.

Web Analytics