Coss Ear2
lakbima.lk
COSS Ear 1

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග 05 කින් සමන්විත එක්දින තරඟාවලියේ තෙවැනි තරඟය අද (06) උදෑසන සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී ආරම්භ විය.

දිනයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට හිමි වූ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරාධනයෙන් ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට පිටියට පිවිසි සිම්බාබ්වේ කණ්ඩායම තරඟකාරී ලකුණු පුවරුවක් ශ්‍රී ලංකාවට හිමිකර දෙමින් ලකුණු 311  ක ප්‍රබල ඉලක්කයක් අද (06) දහවල් සිය පන්දුවාර 50 අවසානයේ ලබාදීමට සමත් වුණා.

සිම්බාබ්වේ කණ්ඩායම සිය පන්දුවාර 50 අවසන කඩුලු 8 කට ලකුණු 310යි. සිම්බාබ්වේ ආරම්භක පිතිකරු හැමිල්ටන් මසකඩ්සා පන්දු 98 ක් පමණක් වැය කරමින් ලකුණු 111 ක් ලබා ගැනීම කැපී පෙනුණ අතර සිය මංගල තරඟයෙන් කඩුලු ත්‍රිත්වයක් ලබාගත් වනිඳු හසරංග අද තරඟයේදී කඩුලු 2 ක් සිය කඩුලු මල්ලට දමා ගැනීමට සමත් කම් දැක්වූවා.

මේ වන විට පන්දුවට පහරදෙමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 17 ක් අවසානයේ කිසිවකු නොදැවී ලකුණු 112 ක් රැස්කරගැනීමට සමත්ව සිටී.{jcomments on}

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර තීරණාත්මක තෙවැනි එක්දින ක්‍රිකට් තරගය අද (6දා) සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
මෙම තරගය වසර දෙකකට පසු සූරිය වැවදී පැවැත්වෙන  පළමු ක්‍රිකට් තරග වෙයි.
දිවා තරගයක් ලෙස පැවැත්වෙන මෙම තරගය පෙ.ව. 9.45 ට ආරම්භ වෙයි.
තරගාවලියේ පළමු තරග දෙක ගාල්ලේදී පැවැති අතර පළමු තරගයේ ජය සිම්බාබ්වේටත් දෙවැනි තරගයේ ජය ශ්‍රී ලංකාවටත් හිමිවීම නිසා තරගාවලිය 1-1 ලෙස සමවී තිබේ.
අද තරගයෙන් ජය ගෙන තරගාවලියේ පෙරමුණ ගැනීමට දෙපිලම සූදානමින් පසුවෙන බැවින් තියුණු තරගයක් ඇතිවෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ශ්‍රී ලංකාව සූරියවැවදී එක්දින තරගවලදී සම දස්කම් දක්වා ඇති අතර එහිදී තරග 16 කට ක්‍රීඩා කර තරග 7ක් ජයගෙන තරග 6ක් පරාජයවී තරග 3ක් විසඳුමකින් තොරව අවසන්වී තිබේ.
පළමු තරගයේදී ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන්ට සාර්ථකව මුහුණ දීමට සිම්බාබ්වේ පිතිකරුවන් සමත් වුවද දෙවැනි තරගයේදී ඔවුන් පාලනය කිරීමට සඳකැන් සහ වනිඳු  සමත්වූහ.
මේ අනුව අද තරගයේදී ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට වෙනස් සැලසුමකට අනුව පහරදීමට සිම්බාබ්වේ පි‍ලේ අපේක්ෂාව වී තිබේ.
මේ අතර ශ්‍රී ලංකා පි‍ලේ වෙනස්කම් දෙකක් සිදුකර ඇති අතර චාමර කපුගෙදර සහ නුවන් කුලසේකර සංචිතයට කැඳවා තිබේ. පළමු තරගයට ක්‍රීඩා කළ ලහිරු මධුසංඛ සහ අමිල අ‍පොන්සුට සංචිතයේ ස්ථාන අහිමිවී තිබේ.
තරගය පිළිබඳව අදහස් දක්වන ශ්‍රී ලංකා නායක මැතිව්ස් පවසන්නේ අද තරගයට දෙවැනි තරගය ජයගත් ජයග්‍රාහී කණ්ඩායමම ක්‍රීඩා කිරීමට බොහෝ දුරට ඉඩකඩ ඇති බවයි.
“අපි දෙවැනි තරගය දිනපු කණ්ඩායම එක්කම මෙම තරගයට යනවා. වේග පන්දු යවන්නන් දෙදෙනකු සංචිතයට කැඳවූයේ ක්‍රීඩාංගණයේ තත්ත්වය ගැන හිතලයි. වෙනසක් සිදුවීමට ඉඩකඩ අඩුයි” යැයි මැතිව්ස් පවසයි.
දිනේෂ් චන්දිමාල් වෙනුවට චාමර කපුගෙදර කැඳවීම පිළිබඳව නැගූ පැනයට පිළිතුරු දුන් මැතිව්ස් පැවැසුවේ මැද පෙළ පිතිකරුවෙකුගේ අවශ්‍යතාව මත කපුගෙදර කැඳවූ බවයි. 
“චන්දිමාල් ක්‍රීඩා කරන්නේ අංක 4යි. දැන් අංක 4ට උපුල් තරංග ඉන්නවා. හදිසියකදී අවශ්‍ය වන්නේ මැදපෙළ පිතිකරුවෙක්. ඒ නිසයි තේරීම් කමිටුව මෙම තීරණය අරගෙන තියෙන්නේ.” යැයි මැතිව්ස් පවසයි.
තරගය පිළිබඳව අදහස් දක්වන සිම්බාබ්වේ නායක ක්‍රීමර් පවසන්නේ ක්‍රීඩාංගණය විශාල බැවින් සිය දඟ පන්දු යවන්නන් යොදවාගෙන ශ්‍රී ලංකා පිතිකරුවන් මෙල්ල කිරීමට තම පිල සූදානමින් පසුවන බවයි.
“ දෙවැනි තරගයේදී රිවර්ස් ස්වීප් සහ ස්වීප් පහරවල්වලින් පිතිකරුවන් දැවී ගියා. ඒකෙන් අපි පාඩමක් ඉගෙන ගත්තා. මේ තරගයේදී වෙනස් උපක්‍රමයක් අනුගමනය කරනවා.” යැයි ක්‍රීමර් පවසයි.
 
ශ්‍රී ලංකා සංචිතය
ඇන්ජලෝ මැතිව්ස් (නායක), උපුල් තරංග (උප නායක), නිරෝෂන් දික්වැල්ල, ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, අසේල ගුණරත්න, චාමර කපුගෙදර, වනිඳු හසරංග, ලක්ෂාන් සඳකැන්, අකිල ධනංජය, නුවන් ප්‍රදීප්, ලසිත් මාලිංග, දුෂ්මන්ත චමීර, නුවන් කුලසේකර, ලහිරු කුමාර
 
සිම්බාබ්වේ සංචිතය
ග්‍රැහැම් ක්‍රීමර් (නායක), කේ‍ර්ග් අර්වින්, හැමිල්ටන් මසකඩ්සා, වෙලින්ටන් මසකඩ්සා, සොලමන් මයර්, පීටර් මුවර්, ක්‍රිස් මෝෆු, කෙනත් මුසකන්ඩා, රිචඩ් එංගාරවා, ඩොනල්ඩ් ටිරිපානෝ, මැල්කම් වොලර්, ෂෝන් විලියම්ස්, චමූ චිබාබා, ෂිකන්ද රාසා, රයන් බර්ල්, ටෙන්ඩායි චටාරා
 
මංගල ධර්මප්‍රේම සූරියවැව සිට

සිංගර් ශ්‍රී ලංකා සමාගමේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අවු. 15න් පහළ අන්තර් පාසල් පළමු කොටසේ ක්‍රිකට් තරගාවලියේ දෙවැනි වටයේ තරගයකදී කෑගල්ල ශා. මරියා විද්‍යාලයට එරෙහිව කඩුලු 10ක ජයක් ලැබිමට මොරටුව වේල්ස් කුමර විද්‍යාලය සමත්විය.
මෙම තරගයේදී වේල්ස් කුමර පි‍ලේ දකුණත් පිට දඟ පන්දු යවන සමුද්‍ර මේදිස් පළමු ඉනිමේදී ලකුණු 11කට කඩුලු 7ක් දවාලූ අතර, වමත් පා දඟ පන්දු යවන කුංචන පෙරේරා දෙවැනි ඉනිමේදී ලකුණු 36කට කඩුලු 7ක් දවාලීය.
 
වේල්ස් කුමර කෑගල්ල ශා. මරියා
ශා. මරියා: පළමු ඉනිම - 46 (පන්දුවාර 35.3) සමුද්‍ර මේදිස් 7/11, කුංචන පෙරේරා 2/12
වේල්ස් කුමර: පළමු ඉනිම - 145 (පන්දුවාර 23) දිනුර ප්‍රනාන්දු 43, තරිඳු අමරසිංහ 24, ටී. ලියනගේ 4/45, කේ. එස්. සහසර 3/32
ශා. මරියා: දෙවැනි ඉනිම - 110 (පන්දුවාර 38) ටී. වීරසේකර 33, ටී. ලියනගේ 24, කුංචන පෙරේරා 7/36
වේල්ස් කුමරට කඩුලු 10ක ජයක්.
 
ශා. සෙබස්තියන්-කඳාන දි මැසිනෝද්
ශා. සෙබස්තියන්: පළමු ඉනිම - 259/4 (පන්දුවාර 50) ශකිල පෙරේරා 63, සුඛිත මනෝජ් 54, රවීන් ප්‍රනාන්දු නොදැවී 43, ඉඳුවර අල්විස් 43, ශවිඳු රොද්‍රිගෝ 39, තමිඳු සෙනෙත් 2/54
දි මැසිනෝද්: පළමු ඉනිම - 174 (පන්දුවාර 37.5) සිහින සිතුමිණ 68, රුවින් ෆොන්සේකා 35, ලෙස්ටර් ජයවීර 28, අශාන් ප්‍රනාන්දු 3/30, ශකිල පෙරේරා 2/17
ශා. සෙබස්තියන්: දෙවැනි ඉනිම - 57/1 (පන්දුවාර 8) ශකිල පෙරේරා නොදැවී 24, ශවිඳු රොද්‍රිගෝ 20
තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය.
 
ශා. සිල්වෙස්තර-සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නංගර
ශා. සිල්වෙස්තර: පළමු ඉනිම - 243/4 (පන්දුවාර 49) නිමාෂ විජේසිංහ 86, චරිත් රාජගුරු 77, පසිඳු කෝර‍ලේගෙදර 21, දමිත් කාවින්ද 2/54
සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නංගර: පළමු ඉනිම - 50 (පන්දුවාර 27.4) සමුදිත මුණසිංහ නොදැවී 12, චරිත් රාජගුරු 4/9, මෙවන් ද සොයිසා 3/13
කන්නංගර: දෙවැනි ඉනිම - 68/5 (පන්දුවාර 13) චමෝද්‍ය කුමාර 46, පසිඳු ජයකොඩි 2/3
ශා. සිල්වෙස්තරයට පළමු ඉනිමේ ජයක්.
 
කොට්ටාව ධර්මපාල-මහනුවර ධර්මරාජ
ධර්මපාල: පළමු ඉනිම - 95 (පන්දුවාර 50.4) සෙනිල් දිසානායක 15, චමිල් අකලංක 4/25, ෂෙමිල ලියනගේ 3/20
ධර්මාලෝක: පළමු ඉනිම - 108/6 (පන්දුවාර 41.1) ඉවජිත් ජයතිලක 39, නිමේෂ් මිගාර 24, ෂෙමිල ලියනගේ 22, ජනිත් කුලතුංග 2/2
ධර්මපාල: දෙවැනි ඉනිම - 92/8 (පන්දුවාර 26) ච්ෙතිය වීරකෝන් 26, ෂෙමිල ලියනගේ 3/42, නිමාල් උමේෂ් 2/24
කොට්ටාව ධර්මපාල විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.   
 
මාතර ශා. තෝමස්-විද්‍යාර්ථ
විද්‍යාර්ථ: පළමු ඉනිම - 100 (පන්දුවාර 46.3) එරංග බණ්ඩාර 26, සචිර රශ්මික 5/24, සිනෙත් සිතාර 3/18
ශා. තෝමස් පළමු ඉනිම - 208/4 (පන්දුවාර 31) වෝෂිත අමරසිංහ 80, නිපුන් රුචිර 63, හිරන්ත ජයසිංහ නොදැවී 50, එස්.ටී. වෙල්ගමගේ 2/58
විද්‍යාර්ථ: දෙවැනි ඉනිම - 93/3 (පන්දුවාර 23) එස්.ටී. වෙල්ගමගේ නොදැවී 52, එරංග බණ්ඩාර 39, නවිඳු මානෙත් 2/26
මාතර ශා. තෝමස් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.
 
ශා. ජෝශප්-ජෝශප් වාස් 
ශා. ජෝශප්: පළමු ඉනිම - 217/8 (පන්දුවාර 55) යෙසිත් රූපසිංහ 75, යැනික් පුලර් 60, ෂෙනුක ද සිල්වා නොදැවී 33, සෙනුර ප්‍රනාන්දු 3/50, කාවින්ද ඉෂාර 2/49
ශා. ජෝශප් වාස්: පළමු ඉනිම - 100/3 (පන්දුවාර 40) එන්. ප්‍රනාන්දු නොදැවී 25, නිපුණ ද සිල්වා 21, 
ෂෙරාන් අමිඳු 20 තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය.
 
තර්ස්ටන්-කළුතර සිරිකුරුස
සිරිකුරුස : පළමු ඉනිම - 194/8 (පන්දුවාර 60) පතීෂ ශ්‍යාමාල් නොදැවී 66, නිලක්ෂ කසුන් 26, ෂෙරොන් ෆොන්සේකා 26, අහමඩ් ආතීෆ් 24,  ෂිමාෂ් නිෂාම් 6/55 
තර්ස්ටන්: පළමු ඉනිම - 125/9 (පන්දුවාර 38) භවන්ත ජයසිංහ 37, අරෝෂ ස්ටෙෆානෝ 5/36, පතීෂ ශ්‍යාමාල් 2/19
තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය.
 
වෙස්ලි - කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලය
වෙස්ලි : පළමු ඉනිම - 249/6 (පන්දුවාර 60) ශාහිල් ඩයස් 85, අනුජිත් වික්‍රමසිංහ 59, සිදත් ධර්මසිරිවර්ධන 49, චමීර ෂිරාෂ් 3/56, වෙනුක් දිල්වන් 2/62 
ආනන්ද ශාස්ත්‍රාලය: පළමු ඉනිම - 152/7 (පන්දුවාර 46) චමීර ෂිරාෂ් 30, ආකාෂ් ඩාවුඩ් 3/33, නිම්තක ඉඳුවර 3/36
තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය.
 
පමෝද් ලසන්ත

සනත් ජයසූරියගේ සභාපතිත්වයෙන් යුත් ක්‍රිකට් තේරීම් කමිටුවේ සේවා කාලය දෙසැම්බර් 31දා දක්වා දීර්ඝ කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා තීරණය කර ඇති බව ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
තේරීම් කමිටුව :- 
සනත් ජයසූරිය (සභාපති), රොමේෂ් කළුවිතාරණ, රංජිත් මධුරසිංහ, එරික් උපශාන්ත, අසංක ගුරුසිංහ

කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර තරගය අද (5දා) ඩර්බිහිදී පැවැත්වේ.
ඉන්දියාව මේ වන විට සහභාගි වූ තරග තුනම ජය ගැනීමට සමත් වී සිටින අතර, ශ්‍රී ලංකාව සහභාගි වූ තරග ත්‍රිත්වයම පරාජය වී සිටියි.
ඉන්දියාව වනුවෙන් මෙම තරගාවලිය පුරා පිත්තෙන් දස්කම් දැක්වූ එස්. මන්දනා ඉක්මණින් දවා ගැනීම අද ශ්‍රී ලංකාවට හිතකර වෙයි. පළමු තරගයේදී ලකුණු 90ක් ලැබූ ඇය දෙවැනි තරගයේදී ශතකයක් වාර්තා කළ අතර, පාකිස්තානයට එරෙහිව පැවැති තෙවැනි තරගයේදී පමණක් අසාර්ථක විය. 
නායිකා මිතලි රාජ් ද පිත්තෙන් සාර්ථක දස්කම් දක්වා සිටින අතර, හර්මන් පී්‍රට් කෝර් ද තරග තුනේදීම සාර්ථක පිතිහරඹයක නිරත විය.
ශ්‍රී ලංකාවේ බලා‍පොරොත්තු ශතකලාභිනිය වන චමරි අතපත්තු වෙත රැඳී ඇති අතර, සෙසු පිතිකාරිනියන් තරගාවලිය පුරාම ලකුණු අතරට පිවිසීමට තවමත් අ‍පොහොසත් වී සිටියි.
මේ අතර අද (5දා) තවත් තරග 2ක් පැවැත්වෙන අතර, ඕස්ට්‍රේලියාව සහ පාකිස්තානය අතර තරගය ලෙස්ටර්හිදීද, එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අතර තරගය බ්‍රිස්ටල්හිදීද පැවැත්වේ.
මේ වන විට ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව ලකුණු 6 බැගින් ලබා සිටින අතර, ශුද්ධ ලකුණු වේගය අනුව ඉන්දියාව පළමු ස්ථානයේත් ඕස්ට්‍රේලියාව දෙවැනි ස්ථානයේත් පසුවෙයි. දකුණු අප්‍රිකාව ලකුණු 5ක් ලබා තෙවැනි ස්ථානයේ රැඳී සිටින අතර, ලකුණු 4ක් ලැබූ එංගලන්තය සිව්වැනි ස්ථානයේද ලකුණු 3ක් ලැබූ නවසීලන්තය 5 වැනි ස්ථානයේද පසුවෙයි.
ශ්‍රී ලංකාව, පාකිස්තානය සහ බටහිර ඉන්දීය කොදෙව් සහභාගි වූ තරග තුනෙන්ම පරාජය වී සිටියි.
 
ශ්‍රී ලංකා සංචිතය
ඉනෝකා රණවීර (නායිකාව), ප්‍රසාදිනී වීරක්කොඩි (උප නායිකාව), ශෂිකලා සිරිවර්ධන, චමරි අතපත්තු, ඒෂානි ලොකුසූරිය, දිලානි මනෝදරා, ශ්‍රීපාලි වීරක්කොඩි, උදේශිකා ප්‍රබෝධනී, නිපුනි හංසිකා, හසිනි පෙරේරා, ඕෂදී රණසිංහ, හර්ෂිතා මාධවී, අමා කාංචනා, චමරි ‍පොල්ගම්‍පොල, චන්දිමා ගුණරත්න
 
ඉන්දීය සංචිතය
මිතලි රාජ් (නායිකාව) රාජේශ්වරි ගයක්වාඩ්, මන්සි ජෝෂි, වේඩා ක්‍රිෂ්ණමූර්ති, මෝනා ම‍ෂේරාම්, පූනම් යදාව්, පූනම් රාවට්, සුෂ්මා වර්මා, එක්ටා බිෂ්ට්, ජූලන් ගෝස්වාමි, හර්මන් පී්‍රට් කෝර්, එස්. මන්දනා, ෂිකා පාන්ඩේ, නස්හට් පර්වින්, දීප්ති ෂර්මා

ඉන්දියාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර ඇන්ටිගුවාහි පැවැති සිව්වැනි එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 11ක තියුණු ජයක් වාර්තා කිරීමට කොදෙව් පිල සමත් විය.

මුලින්ම පන්දුවට පහර දුන් බටහිර ඉන්දීය කොදෙව් පන්දුවාර 50දී කඩුලු 9ට ලකුණු 189ක් රැස් කළ අතර, ඉන්දියාවට පන්දුවාර 49.4කදී ලබාගත හැකිවූයේ ලකුණු 178ක් පමණි.

කොදෙව් වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 27ට කඩුලු 5ක් බිඳ හෙලූ ජේසන් හෝල්ඩර් තරගයේ වීරයා සම්මානය දිනා ගත්තේය.

ලකුණු තත්ත්වය :-
බටහිර ඉන්දීය කොදෙව් පන්දුවාර 50දී - 189/9යි
එවින් ලුවිස් 35, කයිල් හෝප් 35, ෂායි හෝප් 25, රොස්ටන් ච්ෙස් 24, ජේසන් මොහොමඩ් 20, උමේෂ් යදාව් 36/3, හාර්දික් පාන්ඩයා 40/3, කුල්දීප් යදාව් 31/2
ඉන්දියාව පන්දුවාර 49.4කදී - 178යි
අජින්කයා රහානේ 60, එම්.එස්. දෝනි 54, හාර්දික් පාන්ඩයා 20, හෝල්ඩර් 27/5, ජෝසප් 46/2{jcomments on}

 

IMAGE

නෙලා සමග ඔබ හමුවට එන බෙනට්ගේ පුතා

IMAGE 2018 Feb 25 14:21
අද වෙද්දී උදාර රත්නායක කියන්නේ නළුවෙක්ද? එහෙමත් නැතිනම් දේශපාලනඥයෙක්ද? නළුකම මගේ වෘත්තිය...
Views - 272

මගෙන් නම් සල්ලි ඉල්ලුවේ නෑ ඒත් මේ වගේ කතාවක් නම් කිව්වා

IMAGE 2018 Feb 25 14:08
මේ වෙද්දී ඉන්දිකාගේ කලා දිවිය දශක දෙකකටත් එහා ගිය එකක් නේද? ඔව්. මම මුලින්ම ක්‍ෂේත්‍රයට එකතු...
Views - 515

රනිල් සල් සපු නා හැර ගියේ ඇයි?

IMAGE 2018 Feb 25 13:52
“සල් සපු නා” ටෙලි නාට්‍යයේ දැන් රනිල්ව දකින්නට ලැබෙන්නේ නැහැ. ඇයි ඒ ? මම තාවකාලිකව ‘සල්...
Views - 458

තාත්තගේ අකමැත්තෙන් රඟපාන්න ආපු උපාසක අම්මා

IMAGE 2018 Feb 25 12:18
කොහොමද ඔබට අංජනා එහෙමත් නැත්නම් උපාසක අක්කා වෙන්න අවස්ථාව ලැබුණේ? මාව උපාසක අම්මා කළේ...
Views - 396

බසයේදී දුන් බොරු විවාහ පොරොන්දුවෙන් පවුල්ජීවිතේ 'හබක්'

IMAGE 2018 Feb 23 12:25
ඔහු අගනුවර ප්‍රසිද්ධ සමාගමක විධායක නිලධාරියෙකි. වයස අවුරුදු 40 ඉක්මවූ ඔහුට රූමත් බිරිඳක් සහ...
Views - 5025

අහිමි පෙම ඉල්ලා පෙම්වතියට ප්‍රසිද්ධියේ ගුටි ඇනලා

IMAGE 2018 Feb 23 10:42
පැරණි පෙම්වතියගෙන් අහිමි වූ ආදරය නැවත ඉල්ලා එය නොලැබුණු විට නාරාහේන්පිට ප්‍රදේශයේදී ඇයට...
Views - 3302

Please publish modules in offcanvas position.