Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ඕවල්හි පැවැති ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 96ක ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකාව සමත් විය.
මුලින්ම පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකාව පන්දුවාර 50දී කඩුලු 6ට ලකුණු 299ක් ලබාගත් අතර, ශ්‍රී ලංකාවට පන්දුවාර 41.3කදී සියලුම ක්‍රීඩකයන් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 203ක් පමණි.
දකුණු අප්‍රිකාව වෙනුවෙන් සාර්ථක පන්දු යැවීමක නිරත වෙමින් ශ්‍රී ලංකා පෙර පෙළ බිඳ දැමූ ඉම්රාන් තහීර් (27/4) තරගයේ වීරයා සම්මානය දිනා ගත්තේය.
මෙම තරගයේදී සිය 25වැනි එක්දින ශතකය වාර්තා කළ හෂීම් අම්ලා පන්දු 115කදී හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් සහිතව ලකුණු 103ක් ලබා ගත්තේය.
ඔහුට අනගි සහයක් දුන් ඩුප්ලෙසිස් පන්දු 70කදී හතරේ පහර 6ක් සහිතව ලකුණු 75ක් ලබාගත් අතර, ජේ.පී. ඩුමිනි නොදැවී ලකුණු 38ක් ලැබිය. 
අම්ලා සහ ඩුප්ලෙසිස් අතර දෙවැනි කඩුල්ල වෙනුවෙන් වාර්තාගත ලකුණු 145ක සම්බන්ධතාවක් වාර්තා විය.
ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ නුවන් ප්‍රදීප් ලකුණු 54ට කඩුලු 2ක් බිඳ හෙලූ අතර, ලක්මාල් සහ සීකුගේ එක් කඩුල්ල බැගින් බිඳ හෙළීය.
ලකුණු 300ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ආරම්භක පිතිකරුවන් වන දික්වැල්ල සහ තරංග පළමු කඩුල්ල වෙනුවෙන් වේගවත් ලකුණු 69ක් ලබා ගත්තද එය ඉදිරියට ගෙන යාමට සෙසු පිතිකරුවෝ අසමත් වූහ.
දික්වැල්ල පන්දු 33කදී හතරේ පහර 5ක් සහ එක් හයේ පහරක් සහිතව ලකුණු 41ක් ලැබූ අතර, තරංග පන්දු 69කදී හතරේ පහර 6ක් සහිතව ලකුණු 57ක් වාර්තා කළේය.
පිතිකරුවන් ලෙස ක්‍රීඩා කළ මෙන්ඩිස් (11), චන්දිමාල් (12), කපුගෙදර (00), ගුණරත්න (4) අසාර්ථක වීමෙන් අවසානයේදී ශ්‍රී ලංකාවට අන්ත පරාජයක් හිමිවිය.
හුදෙකලා සටනක නිරත වූ කුසල් ජනිත් පෙරේරා පන්දු 66කදී හතරේ පහර 5ක් සහිතව නොදැවී ලකුණු 44ක් ලබා කඩුල්‍ලේ රැඳී සිටියේය.
දකුණු අප්‍රිකාව වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ තහීර් ලකුණු 27ට කඩුලු 4ක්ද, ක්‍රිස් මොරිස් ලකුණු 32ට කඩුලු 2ක්ද බිඳ හෙලූ අතර, රබාඩා සහ මෝකල් එක් කඩුල්ල බැගින් බිඳ හෙළීය.
ශ්‍රී ලංකාවේ මීළඟ තරගය ලබන 8දා ඉන්දියාවට එරෙහිව ඕවල් පිටියේදී පැවැත්වේ.

චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර මූලික වටයේ තරගය අද (2දා) බර්මින්හැම්හිදී පැවැත්වේ.
ඕස්ට්‍රේලියානු පිල ස්ටීවන් ස්මිත් විසින් මෙහෙයවනු ලබන අතර, නවසීලන්ත පිල කේන් විලියම්සන් විසින් මෙහෙයවනු ලබයි
පසුගියදා පැවැති පුහුණු තරගවලදී ශ්‍රී ලංකාව පරාජය කිරීමට ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය සමත් වූ අතර, එහිදී ඉතා ඉහළ ලකුණු සංඛ්‍යාවක් හඹා ගොස් ජය ගැනීමට දෙපිළම සමත් විය.
මේ අනුව දෙපි‍ලේම පිතිකරුවන් ලකුණු අතරට පිවිසී සිටින බැවින් අද තරගය උණුසුම් මුහුණුවරක් ගනු ඇතැයි අපේක්ෂා කෙරෙයි.
මෙවර තරගාවලියේදී ඕස්ට්‍රේලියාව අවසන් පූර්ව වටයට පිවිසෙනු ඇතැයි මේ වන විටත් අනාවැකි පළවී ඇති අතර, ජයග්‍රාහී ආරම්භයක් ලබා ගැනීමේ අරමුණින් ඔවුන් අද පිටියට පිවිසී සිටියි.
නවසීලන්තයටද අවසන් පූර්ව වටයට පිවිසීමට අසීරු සටනක් දියත් කරීමට සිදුවී ඇති බැවින්, පළමු තරගයෙන් ජය ගැනීම වැදගත් වී තිබේ.
මෙම තරගය ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 3.00ට ආරම්භ වීමට නියමිතව තිබේ.
ඕස්ට්‍රේලියාව
ස්ටීවන් ස්මිත් (නායක), ඩේවිඩ් වෝනර්, පැට් කමින්ස්, අරොන් ෆින්ච්, ජෝන් හේස්ටින්ග්ස්,
ජොෂ් හේසල්වුඩ්, ටේ‍රවිස් හෙඩ්, මෝසස් හෙන්රිකස්, ක්‍රිස් ලින්, ග්ලෙන් මැක්ස්වෙල්, ජේම්ස් පැටින්සන්, මිචෙල් ස්ටාර්ක්, මාර්ක් ස්ටොයිනිස්, මැතිව් වේඩ්, ඇඩම් සම්පා
නවසීලන්තය
කේන් විලියම්සන් (නායක), කෝරි ඇන්ඩර්සන්, ටේ‍රන්ට් බෝල්ට්, නීල් බෘෘම්, කොලින් ඩි ග්‍රෑන්ඩ්හෝම්, මාටින් ගප්ටිල්, ටොම් ‍ලේතම්, මිචෙල් මැක්ලෙනගන්, ඇඩම් මිල්නේ, ජිමී නීෂම්, ජීතන් පටෙල්, ලුක් රොන්කි, මිචෙල් සැන්ට්නර්, ටිම් සවුති, රොස් ටේලර්

2017 චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලිය සත්කාරක එංගලන්තය සහ බංගලිදේශය අතර තරගයෙන් අද (31දා) ඕවල් පිටියේදී ආරම්භ වෙයි.
තරගාවලිය ආරම්භ කරමින් පැවැත්වෙන මෙම තරගය තියුණු මුහුණුවරක් ගනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මේ වන විට එංගලන්තය ප්‍රබල තත්ත්වයක පසු වුවද
පෙරළිකාර බංගලිදේශය පසුගියදා නවසීලන්තයද පරාජය කිරීමට සමත් වීම නිසා තියුණු සටනක් ඇතිවෙතැයි ඉඟි පළවී තිබේ.
අද තරගයේදී එංගලන්ත පිල එවයින් මෝගන් විසින් මෙහෙයවනු ලබන අතර, බංගලිදේශ පිල මෂ්රෆි මොර්ටාසා විසින් මෙහෙයවනු ලබයි.
එංගලන්තය තරගවදින මෙම කාණ්ඩයට ඕස්ට්‍රේලියාව, නවසීලන්තය සහ බංගලිදේශය ඇතුළත් වී සිටිති.
මේ අතර ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර තරගය හෙට (2දා) බර්මින්හැම්හිදී පැවැත්වේ.

එංගලන්ත සංචිතය
එවයින් මෝගන් (නායක), මොයින් අලී, ජොනී බේස්ටෝව්, ජේක් බෝල්, සෑම් බිලින්ග්ස්, ජොස් බට්ලර්, ඇලෙක්ස් හේල්ස්, ලියම් ප්ලන්කට්, අදිල් රෂීඩ්, ජෝ රූට්, ජේසන් රෝයි, බෙන් ස්ටෝක්ස්, ඩේවිඩ් විලී, ක්‍රිස් වෝක්ස්, මාර්ක් වුඩ්

බංග්ලාදේශ සංචිතය
මෂ්රෆී මොර්ටාසා (නායක), තමීම් ඉක්බාල්, සෞම්‍යා සකාර්, ඉම්රුල් කේයස්, මුෂ්ෆිකර් රහීම්, ෂකිබ් අල් හසන්, සබිර් රහමන්, මහමදුල්ලා, මොසඩැක් හොසේන්, මුස්ටාෆිසූර් රහමන්, රුබෙල් හොසේන්, ටස්කින් අහමඩ්, සන්සමුල් ඉස්ලාම්, මෙහෙදි හසන්, ෂෆිඋල් ඉස්ලාම්





 

ශ්‍රී ලංකාවේ කාන්තා ක්‍රිකට් ඉහළ නැංවීමේ ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතාගේ නව දැක්ම යටතේ අවුරුදු 23න් පහළ කාන්තා සංවර්ධන සංචිතයට 30 දෙනකු නම් කිරීම පසුගියදා සිදු කෙරුණි.
මෙහිදී අවුරුදු 23න් පහළ පළාත් තරගාවලියේදී දැක්වූ දස්කම් මත තෝරාගත් 68 දෙනකු අතරින් 30 දෙනකු නම් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබුණි.
මෙම සංචිතයට තෝරාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ දෙමව්පියන් ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා විසින් පිළිගැනීම පසුගියදා ක්‍රිකට් ආයතනයේදී සිදු කෙරුණි.
මෙහිදී අදහස් දැක්වූ කාන්තා ක්‍රිකට් සංවර්ධන නිලධාරිනී අප්සාරි තිලකරත්න මහත්මිය පැවසුවේ ක්‍රිකට් සභාපතිවරයාගේ නව දැක්ම අනුව දක්ෂතා ඇති ඕනෑම ක්‍රීඩිකාවකට ශ්‍රී ලංකා ජාතික පිල නියෝජනය කිරීමට අවස්ථාවක් උදාවී ඇති බවයි.
මෙහිදී තවදුරටත් අදහස් පළකර ඇති අප්සාරි තිලකරත්න මහත්මිය මෙම ක්‍රීඩිකාවන් 30 දෙනා පළාත් පුහුණුකරුවන් යටතේ පුහුණුව ලැබිමෙන් පසු අවසානයේදී ජාතික සංචිතයට 20 දෙනකු නම් කිරීමට නියමිත බවත් පැවසුවාය.
මෙහිදී අදහස් දක්වා ඇති උප සභාපති කේ. මතිවානන් මහතා කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රවර්ධනය
පිළිබඳව තමන් සෑහීමකට පත්වන බවත්, ඉදිරියේදී ජාතික සහ ජාත්‍යන්තර මට්ටමේදී ශ්‍රී ලංකා කාන්තා ක්‍රීඩිකාවන් දස්කම් දක්වනු ඇති බවත් පවසයි.
සංචිතය සඳහා තෝරා ගන්නා ලද ක්‍රීඩිකාවන් 30 දෙනාට මාසිකව රුපියල් 12,000ක දීමනාවක් ලබා දීමටද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.

අවුරුදු 23න් පහළ කාන්තා සංවර්ධන සංචිතය
කාවින්දි පාරමී (දේවපතිරාජ ම.වි.), ලිහිණි අප්සරා (තලාව දකුණ ම.වි.), පියුමි වත්සලා (බෙලිඅත්ත ධම්මපාල බා.වි.), පූජා රෂ්මි (දේවපතිරාජ), සත්‍යා සන්දීපනී (දේවපතිරාජ), උමාෂා තිමේෂිනී (දේවපතිරාජ), ඉරේෂා චතුරානි (දේවපතිරාජ), සචිනි නිසංසලා (දේවපතිරාජ), අමාෂා අංජලී (බාරොන් ජයතිලක ම.වි.), ශෂිකලා සිල්වා (රාගම බැසිලිකා ම.වි.), තාවිකා සෙව්වන්දි (කොළඹ විහාරමහාදේවි බා.), සිත්මි හිරාෂා (නුගේගොඩ අනුලා), සඳනි තිවංකා (මතුගම සී.ඩබ්.ඩබ්. කන්නංගර),සචිනි නදීෂා (බොරැල්ල ගෝතමී බාලිකා), හරිනි සුලක්ෂණා (නුගේගොඩ අනුලා), දිලිනි ජයවර්ධන (පානදුර ශා. ජෝන්), සචිනි ඩිල්ෂානි (රාගම බැසිලිකා), සඳනි ඩිල්ෂානි (රගම බැසිලිකා), රුවනි මධුෂිකා (ගම්පහ යසෝදරා බාලිකා), කේ.කේ. සුරන්ති (වේල්ස් කුමරි බාලිකා), උදාරා බණ්ඩාර (මහනුවර මහාමායා), ජනූෂි සුධීරා (රත්නපුර සුමන බාලකා), සචිනි දයාරත්න (කටුගස්තොට ශා. අන්තෝනි), තරුෂි රාජකරුණා (නුගවෙල මැදි විදුහල), තිළිණි
කෞෂල්‍යා (කුලියාපිටිය සාරානාත් ම.වි.), කෞෂල්‍යා මධුමාලි (එප්පාවල මැදි විදුහල), සයනි ශෂිකලා (තෙල්දෙණිය ජාතික පාසල), ඉරේෂා ශ්‍යාමලී (රත්නපුර දෑල මහා විදුහල), රූබි රජින්තා (මාත‍ලේ ශා. ජෝන් බාලිකා), ජිනංජලී විජේනායක (මාත‍ලේ ලෙලිඅඹේ ම.වි.)

{jcomments on}

සිංගර් ශ්‍රී ලංකා සමාගමේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අවු. 15න් පහළ අන්තර් පාසල් පළමු කොටසේ ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේදී පිට පිටම දෙවැනි ශතකය රැස් කිරීමට කොළඹ ශා. ජෝශප් විද්‍යාලයේ ඩිනාල් අනුරාධ සමත්විය.
ඩිනාල්ගේ දෙවැනි ශතකය හේතුවෙන් දෙහිවල එස්. ද එස්. ජයසිංහ විදුහල ඉනිමකින් සහ ලකුණු 84කින් පරාජය කළ ශා. ජෝශප්  සිය දෙවැනි පූර් ජය සටහන් කළේය.
එම තරගයේදී ඩිනාල් අනුරාධ පන්දු 98කදී හතරේ පහර 22ක් සමගින් නොදැවී ලකුණු 125ක් රැස් කළේය.
මීට අමතරව පසුගියදා පැවැති තරගවලදී මාතර ශා. තෝමස් විද්‍යාලයේ වෝසිත අත්සර (නොදැවී 110) සහ කොළඹ නාලන්දා විද්‍යාලයේ රවීන් ද සිල්වා (නොදැවී 100) ශතක වාර්තා කිරීමට සමත් වූහ.
පසුගියදා රද්දොළුව ශ්‍රී ප්‍රඥානන්ද විදුහලට එරෙහිව ඉනිම දෙකේදීම කඩුලු 9ක් බිඳ හෙලූ ශා. ජෝශප් විදුහ‍ලේ නුවිනු තිවංක දෙහිවල එස්. ද එස්. ජයසිංහ විදුහලට එරෙහිවද ඉනිම දෙකේදී ලකුණු 41කට කඩුලු 9ක් දවාලීය.
 
ශා. ජෝශප්-එස්. ද එස්. ජයසිංහ
එස්. ද එස්. ජයසිංහ මමවි: පළමු ඉනිම - 77 (පන්දුවාර 26.2) නිදුල් දුලන්ත 23, නුවිනු තිවංක 5/29, ෂෙනුක ද සිල්වා 3/8, යෙසිත් රූපසිංහ 2/16
ශා. ජෝශප්: පළමු ඉනිම - 201/2 (පන්දුවාර 31) ඩිනාල් අනුරාධ නොදැවී 125, සදීෂ් ජයවර්ධන 51
එස්. ද එස්. ජයසිංහ දෙවැනි ඉනිම - 40 (පන්දුවාර 17.3) කේෂක සසංක 12, නුවිනු තිවංක 4/12, ජොයෙල් ගුණතිලක 3/14, ෂෙනුක ද සිල්වා 2/9
ශා. ජෝශප්ට ඉනිමක සහ ලකුණු 84ක ජයක්.
 
මාතර ශා. තෝමස් - මාතර ශා. සර්වේෂස්
ශා. සර්වේෂස්: පළමු ඉනිම - 129/9 (පන්දුවාර 60) ෂෙහාන් දිල්හාර 25, සචිර රශ්මික 6/58
ශා. තෝමස්: පළමු ඉනිම - 214/3 (පන්දුවාර 35) වෝසිත අත්සර නොදැවී 110, පතිරණගේ හරිඳු 42, හිරන්ත ලක්ෂාන් 41, අශේන් සඳරු 3/69
මාතර ශා. තෝමස්ට පළමු ඉනිමේ ජයක්.
 
තර්ස්ටන්-ඩී.එස්. සේනානායක
ඩී.එස්. සේනානායක: පළමු ඉනිම - 121 (පන්දුවාර 48.2) මොවිඳු අභිෂේක් 31, මනීන්ද්‍ර ජයතිලක 26, මොහොමඩ් ශිමාෂ් 6/24, ෂොනාල් පරණවිතාන 2/28 
තර්ස්ටන්්: පළමු ඉනිම - 203/9 (පන්දුවාර 47) අභිෂේක් පෙරේරා 54, විහඟ ජයනාම 50, ඉෂිර මතීෂ නොදැවී 27, යසස් බස්නායක 2/20, මනීන්ද්‍ර ජයතිලක 2/48 
තර්ස්ටන් විදුහලට පළමු ඉනිමේ ජයක්.
 
මහින්ද-දේවපතිරාජ
මහින්ද: පළමු ඉනිම - 219/3 (පන්දුවාර 55) කෝසල උදයංග නොදැවී 58, සිතිර හේලිත 55, සඳෙව් ඉඳුවර 44, ච්ෙතිය දිනිඳු නොදැවී 38, නවෝද් පරණවිතන 12
දේවපතිරාජ: පළමු ඉනිම - 83/6 (පන්දුවාර 33) සුධීර වීරරත්න නොදැවී 19, නිතින් චමුද 17, පවන් සංදේෂ් 16, සහන් මධුසංක 15, නවෝද් පරණවිතාන 3/16, කුෂාන් මධුසංක 2/25
තරගය විසඳුමකින් තොරව අවසන් විය.
 
පිළියන්දල ම.ම.වි.-කේරි
සිරි පියරතන: පළමු ඉනිම - 210/8 (පන්දුවාර 57.4) සවීන් දෙව්මිණ 42, යසිරු දිනෙත් 42, පමෝද් ගිත්මින් 41, රසිඳු හංසක නොදැවී 25, පූර්ණ ජයවර්ධන 6/75
කේරි: පළමු ඉනිම - 123/4 (පන්දුවාර 37) පුබුදු වැල්ලගිරිය 62, අබ්දුල් ශකූර් 34, බුද්ධි මතීෂ 2/33
තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය. 
 
ජෝශප් වාස්-අසෝක
අසෝක: පළමු ඉනිම - 125 (පන්දුවාර 51.3) ලසිත විතානගේ 29, ළහිරු විතානගේ 23, ධනුක නිර්මාල් 5/32, දිනිත් ප්‍රනාන්දු 2/27
ශා. ජෝශප් වාස්: පළමු ඉනිම - 83/3 (පන්දුවාර 24.1) පසිඳු කවීෂ නොදැවී 37, සෙනුර ප්‍රනාන්දු නොදැවී 35, ලසිත විතානගේ 3/27
තරගය විසඳුමකින් තොරව අවසන් විය.
 
නාලන්දා-පානදුර රාජකීය
නාලන්දා: පළමු ඉනිම-183/6 (පන්දුවාර 53.4) රවීන් ද සිල්වා නොදැවී 100, උත්පල රණසිංහ 24, මිලින්ද සංජය 3/49, ප්‍රශාන් කල්හාර 2/31
රාජකීය: පළමු ඉනිම - 55/5 (පන්දුවාර 17.4) ප්‍රශාන් කල්හාර 30, දිනෙත් සමරවීර 2/24
තරගය විසඳුමකින් තොරව අවසන් විය.

එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අතර පැවැති තෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 7ක ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකාව සමත් විය.
පළමු තරග 2 ජය ගත් එංගලන්තයට තරගාවලියේ ජය තරග 2-1ක් ලෙස හිමිවිය.
මුලින්ම පන්දුවට පහර දුන් එංගලන්තය පන්දුවාර 31.1කදී ලකුණු 153කට දවාලීමට දකුණු අප්‍රිකානු වේගපන්දු යවන්නෝ සමත් වූහ.
ලකුණු 154ක ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකාව පන්දුවාර 28.5කදී කඩුලු 3ක් දැවී අදාළ ඉලක්කය පසු කළේය.
මුලින්ම පන්දුවට පහර දුන් එංගලන්තය වෙනුවන් ජොනී බේස්ටෝව් ලකුණු 51ක් ලැබූ අතර, කගිසෝ රබාඩා කඩුලු 4ක්ද, වේන් පානෙල් කඩුලු 3ක්ද බිඳ දැමූහ. 
ලකුණු හඹායාමේදී හෂීම් අම්ලා ලකුණු 55ක්ද, ඩි කොක් ලකුණු 34ක්ද, ජේ.පී. ඩුමිනි නොදැවී ලකුණු 28ක්ද, ඩිවිලියර්ස් නොදැවී ලකුණු 27ක්ද රැස් කළහ.
 
ලකුණු තත්ත්වය :- 
එංගලන්තය පන්දුවාර 31.1දී 153යි 
බේස්ටෝව් 51, රෝලන්ඩ් ජෝන්ස් නොදැවී 37, ඩේවිඩ් විලී 26, රබාඩා 39/4, පානෙල් 43/3, මහරාජ් 25/3
දකුණු අප්‍රිකාව පන්දුවාර 28.5කදී 156/3යි
අම්ලා 55, ඩි කොක් 34, ඩුමිනි නොදැවී 28, ඩිවිලියර්ස් නොදැවී 27, ජේක් බෝල් 43/2, රෝලන්ඩ් ජෝන්ස් 34/1
IMAGE

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 1486

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 1760

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 3021

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 1608

SMS මිස්කෝල් ෆෙස්බුක් නිසා කාන්තාවන් 26%ක් ගුටිකති

IMAGE 2018 Jan 15 08:37
සැමියා පහරදීම නිසා කාන්තාවන්ගෙන් සියයට විසිහයක් හිංසනයට ලක්ව ඇත්තේ ජංගම දුරකථනවලට එන කෙටි...
Views - 1935

හැන්දෑවට හඩා වැටෙන සියඹලාගසේ භූතයා

IMAGE 2018 Jan 14 13:05
නිකවැරටියට ආසන්න පිටිසරබද ගම්මානයක භූතයකු අරක්ගත් සියඹලා ගසක් පිළිබඳව මීට වසර කිහිපයකට පෙර...
Views - 3506

Please publish modules in offcanvas position.

Web Analytics
X

Right Click

No right click