Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම සඳහා නිල අනුග්‍රාහකත්වය දක්වන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සේවා සම්පාදක ඩයලොග් ආසිආටා සමාගම 2020 මාර්තු මාසය දක්වා ජාතික ක්‍රිකට් කණ්ඩායම සහභාගි වන දේශීය සහ විදේශීය තරග සඳහා ඩයලොග් සවිබලය ලබා දීමට පියවර ගෙන තිබේ.
ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගමේ සමූහ ප්‍රධාන විධායක සුපුන් වීරසිංහ මහතා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා විසින් එයට අදාළ ගිවිසුම හුවමාරු කරගත් අවස්ථාව ඡායාරූපයේ...
මෙම අවස්ථාවට සහභාගි වූ (වම් පස සිට) ඩයලොග් සමාගමේ සාමාන්‍යාධිකාරී (සමූහ අලෙවි-වෙළෙඳ නාම හා මාධ්‍ය) හර්ෂ සමරනායක, ඩයලොග් සමාගමේ සමූහ ප්‍රධාන අලෙවි නිලධාරිනී අමලි නානායක්කාර, ශ්‍රී ලංකා ක්‍රිකට් උප සභාපති කේ. මතිවානන් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ජෙරොම් ජයරත්න යන මහත්ම මහත්මීන්ද ඡායාරූපයේ සිටිති.

අයි.සී.සී. කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ඉනෝකා රණවීරගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල අද (13දා) එංගලන්තය බලා පිටත්ව ගියේය.
ශ්‍රී ලංකාව, ඕස්ට්‍රේලියාව, එංගලන්තය, ඉන්දියාව, නවසීලන්තය, පාකිස්තානය, දකුණු අප්‍රිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් යන ප්‍රබල කණ්ඩායම් 8 කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙවර කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ජුනි 24දා සිට ජූලි 23දා දක්වා එංගලන්තයේ ක්‍රීඩාංගණ 5කදී පැවැත්වේ.
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ජුනි 24දා බ්‍රිස්ටල්හිදී පැවැත්වෙන තරගයෙන් තරගාවලිය ආරම්භ කෙරෙන අතර, මූලික වටයේදී කණ්ඩායම් අතර තරග 28ක් පැවැත්වේ.
සෑම කණ්ඩායමකටම තරග 7 බැගින් හිමිවී ඇති අතර, ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන් පසුවන කණ්ඩායම් 4 අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබයි.
අවසන් පූර්ව තරග ජූලි 18 සහ 20දා පැවැත්වෙන අතර, අවසන් මහා තරගය ජූලි 23දා ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
ශ්‍රී ලංකාව සහභාගි වන පළමු පුහුණු තරගය ජුනි 19දා එංගලන්තයට එරෙහිවද, දෙවැනි පුහුණු තරගය ජුනි 21දා ඉන්දියාවට එරෙහිවද චෙස්ටෆීල්ඩ්හිදී පැවැත්වේ.
මෙවර ලෝක කුසලානට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා පිල අත්දැකීම් බහුල ක්‍රීඩිකාවන් රැසකගෙන් සමන්විත වන අතර, එම කණ්ඩායම තරගාවලියට පිටත්ව යාමට පෙර මහනුවර විශිෂ්ටත්වයේ කේන්ද්‍රයේදී පුහුණු කඳවුරකටද සහභාගි වූහ.
හේමන්ත දේවප්‍රිය මහතාගේ පුහුණුකාරිත්වය යටතේ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ එහිදී විශේෂ පුහුණු සැසි කිහිපයකටද සහභාගි වූහ.


ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල
ඉනෝකා රණවීර (නායිකා), ප්‍රසාදිනී වීරක්කොඩි (උප නායිකා), ශෂිකලා සිරිවර්ධන, චමරි අතපත්තු, ඒෂානි ලොකුසූරිය, දිලානි මනෝදරා, ශ්‍රීපාලි වීරක්කොඩි, උදේශිකා ප්‍රබෝධනී, නිපුනි හංසිකා, හසිනි පෙරේරා, ඕෂදී රණසිංහ, හර්ෂිතා මාධවී, අමා කාංචනා, චමරි ‍පොල්ගම්‍පොල, චන්දිමා ගුණරත්න

ප්‍රභාත් විදානපතිරණ / ඡායාරූපය - ප්‍රියන්ත ගමගේ

{jcomments on}

චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබිමේ තීරණාත්මක ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරගය අද (12දා) කාඩිෆ්හිදී පැවැත්වේ.
ශ්‍රී ලංකා පිල ඇන්ජලෝ මැතිව්ස් විසින් මෙහෙයවනු ලබන අතර පාකිස්තානු පිල සෆ්රාස් අහමඩ් විසින් මෙහෙයවනු ලබයි.
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය එක් තරගයක් ජයගෙන එක් තරගයක් පරාජය වී සිටියි. ඉන්දියාව හමුවේ පරාජය වූ පාකිස්තානය ප්‍රබල දකුණු අප්‍රිකාව පරාජය කළ අතර දකුණු අප්‍රිකාව හමුවේ පරාජය වූ ශ්‍රී ලංකාව ප්‍රබල ඉන්දියාව පරාජය කිරීමට සමත්විය.
මේ අනුව අද තරගයෙන් ජය ගන්නා කණ්ඩායම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි.
ඉන්දීය තරගයේදී ශ්‍රී ලංකාව ලකුණු 322 ක ඉලක්කයක් හඹා ගොස් ජය ගැනීමට සමත්වූ අතර සියලුම පිතිකරුවන් ලකුණු අතරට පිවිසී සිටීම සතුටුදායක තත්ත්වයකි.
ආබාධයක් හේතුවෙන් පළමු තරගයට ක්‍රීඩා නොකළ නායක මැතිව්ස් ඉන්දීය තරගයේදී සාර්ථක පිතිහරඹයක නිරතවූ අතර කුසල් ජනිත් පෙරේරා ඉන්දීය තරගයේදී ආබාධයකට ගොදුරු වීමෙන් ඉදිරි තරග අහිමිවීම ශ්‍රී ලංකාවට ප්‍රබල පාඩුවකි. කුසල් ජනිත් වෙනුවට ධනංජය ද සිල්වා කණ්ඩායමට නම් කර තිබේ.
මේ වන විට චාමර කපුගෙදර සහ කුසල් ජනිත් ආබාධ හේතුවෙන් ඉවත්වී ඇති අතර උපුල් තරංග තරග 2 ක තහනමකට ලක්වී සිටියි.
අද තරගයේදී ශ්‍රී ලංකාවට ප්‍රබල පාකිස්තානු වේග පන්දු බළඇණියට මුහුණදීමේ අභියෝගය හිමිවී තිබේ. මොහොමඩ් අමීර්, ජුනේඩ් ඛාන් සහ හසන් අලී මෙම තරගාවලියේදී පන්දුවෙන් දස්කම් දැක්වීමට සමත් විය.
එහෙත් පාකිස්තානු පිතිකරුවන් මෙවර එතරම් දස්කම් දැක්වීමට සමත් නොවීම ශ්‍රී ලංකාවට වාසිදායක තත්ත්වයක් වී තිබේ. මේ අනුව ලසිත් මාලිංග ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු යැවීමේ බළඇණියට අද සටනේදී වැඩි වගකීමක් පැවරී තිබේ.
මේ අතර පුහුණුවීම්වල යෙදී සිටියදී පන්දුවක් හිසේ වැදුණු තිසර පෙරේරාගේ තත්ත්වය බරපතළ නොවන බවත් ඔහුට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර සැනින් ලබාදුන් බවත් ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි. 
 
ශ්‍රී ලංකා සංචිතය
ඇන්ජලෝ මැතිව්ස් (නායක), දිනේෂ් චන්දිමාල්, නිරෝෂන් දික්වැල්ල, නුවන් ප්‍රදීප්, ධනංජය ද සිල්වා, ධනුෂ්ක ගුණතිලක, අසේල ගුණරත්න, නුවන් කුලසේකර, සුරංග ලක්මාල්, ලසිත් මාලිංග, කුසල් මෙන්ඩිස්, තිසර පෙරේරා, සීකුගේ ප්‍රසන්න, ලක්ෂාන් සඳකැන්
 
පාකිස්තානු සංචිතය
සෆ්රාස් අහමඩ් (නායක), අහමඩ් ෂෙෂාඩ්, අසාර් අලී, මොහොමඩ් හෆීස්, බාබර් අසාම්, ෂොයිබ් මලික්, හැරිස් සොහෙල්, ඉමාඩ් වසීම්, ෆකාර් සමාන්, ෆාහිම් අෂ්රෆ්, මොහොමඩ් අමීර්, රුම්මාන් රේස්, ජුනේඩ් ඛාන්, හසන් අලී, ෂඩාබ් ඛාන්

ක්‍රිකට් තරගයක ඉනිමකදී කඩුලු 10ම දවාලීමට පන්දු යවන්නෙකුට ඉතාමත් අපහසු කාර්යයකි. සීමිත පන්දුවාර ක්‍රිකට් තරගයකදී මෙම දස්කම කිරීම ඊටත් වඩා අපහසු කාර්යයකි. එවැනි අතිශයින්ම දුර්ලභ වාර්තාගත පන්දු යැවීමක නිරත වෙමින් අවු. 17න් පහළ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ දෙහිවල එස්. ද එස්. ජයසිංහ මධ්‍ය මහා විද්‍යාලයට එරෙහිව කඩුලු 10ම දවාලීමට ගල්කිස්ස ශා. තෝමස් විද්‍යාලයේ ආරම්භක වමත් වේගපන්දු යවන කළණ විචිත්‍ර පෙරේරා සමත්විය.
කළණ ශ්‍රී ලංකාවේ පාසල් ක්‍රිකට් ක්‍රීඩාවේ සීමිත පන්දුවාර තරගයකදී කඩුලු 10ම දවාගත් පළමු පන්දු යවන්නා ලෙස වාර්තා ‍පොතට එක්වී සිටියි. 
පවු‍ලේ වැඩිමලා වූ කළණ 2005 වසරේදී පානදුර ලයිසියම් ජාත්‍යන්තර පාසලට එක්ව  පුහුණුකරු දිළුම් රාමනායක මහතාගේ පුහුණුකාරිත්වය යටතේ ජාත්‍යන්තර පාසල් ක්‍රිකට් තරගාවලියේ කැපී පෙනුණි. එහිදී කළුතර දිස්ත්‍රික් පුහුණු සැසියකදී දිස්ත්‍රික් පුහුණුකරුවකු වූ ලකී රොජර්ස් මහතාගේ අවධානය දිනා ගැනීමට සමත්විය. 
එතැන් සිට කළණ පෙරේරාගේ පන්දු යැවීමේ රටාව වෙනස්වී වේග පන්දු යවන්නකු බවට පත්විය. කළුතර දිස්ත්‍රික් පුහුණුකරු ප්‍රනීත් පීරිස් මහතාගේ සහ පාසල් පුහුණුකරු නදිත් ජයසිංහ මහතාගේ මගපෙන්වීම ඇතිව වමත් වේගපන්දු යවන්නකු ලෙස කැපී පෙනෙන දස්කම් දැක්වීය.
2015 වසරේ අන්තර් පළාත් තරගාවලියේ තරගයකදී උතුරු පළාත් පිලට එරෙහිව ඉනිමකදී කඩුලු 7ක් දවාලමින් තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා ලෙස සම්මාන ලැබිය.
2015 වසරේ පැවැති අධ්‍යයන ‍පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙල විභාගයට පෙනී සිටි කළණ පෙරේරා ඉංග්‍රිසි මාධ්‍යයෙන් විශිෂ්ට සම්මාන 7ක් සහ සම්මාන 2ක් සමගින් ඉතා ඉහළින්ම සමත්විය. එලෙස සාමාන්‍ය පෙළ විභාගය සමත්වීමෙන් තම ක්‍රිකට් දිවියේ වැදගත්ම සන්ධිස්ථානයකට ළඟාවීමට කළණ පෙරේරාට හැකිවිය.
ඉන්පසු 2016 වසරේදී සිට ගල්කිස්ස ශා. තෝමස් විද්‍යාලයට එක්වූ කළණ උසස් පෙළ විභාගය සඳහා ඉංග්‍රිසි මාධ්‍යයෙන්ම වාණිජ විෂය ධාරාව හදාරමින් සිටියි.
පසුගියදා නිමාව දුටු අන්තර් පළාත් 19න් පහළ ක්‍රිකට් තරගාවලියේදී බස්නාහිර මධ්‍යම පිල නියෝජනය කිරීමට ද කළණ පෙරේරා සමත්විය.
එතැන් සිට කළණගේ පුහුණුකරු ලෙස කටයුතු කරන දිනේෂ් කුමාරසිංහ මහතා,  “2016 වයස අවුරුදු 17න් පහළ තරගාවලියට තමයි පළමුවෙන් කළණ මා යටතට එන්නේ. 2016/17 පළමු පෙළ තරගාවලියේදී තරග 10ක් ක්‍රීඩා කළා එහිදී කඩුලු 20කට වැඩි සංඛ්‍යාවක් ලබාගන්න ඔහු සමත්වුණා. ඒ අනුව 138වැනි රාජකීය - ශා. තෝමස් නිල් මහ සටන වාර්ෂික මහා ක්‍රිකට් තරගයට නවකයකු වරම් ලබා ගත්තා.
එහිදී පළමු ඉනිමේදී කඩුලු 5ක් දවාලමින් දක්ෂ පන්දු යැවීමක නිරත වූ කළණගේ මම දුටුව හොඳම දස්කමයි.
“කළණ කියන්නේ අනාගතයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් තරුවක්. ඔහු වමතින් වේග පන්දු යවන්නෙක්. ශ්‍රී ලංකාවට වේගපන්දු යවන්නන්ගේ අවශ්‍යතාවක් තියෙනවා. හොඳ වේගයක් තියෙනවා සෑම පන්දුවකම ඒ වගේම විවිධත්වයක් තියෙනවා. ඒ වගේමයි ඉලක්කයක් තියෙනවා. මේ දිනවල කළණ පෙරේරා ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් සංචිතයට කැඳවා තිබෙනවා. තවත් වසර 2ක් පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලි ක්‍රීඩා කරන්න අවස්ථාව තියෙනවා ඔහුට. අපේ කණ්ඩායමේදී අපි ඔහුව පාවිච්චි කරන්නේ සීමා සහිතවයි. ඒ වගේම ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් පිලට එක්වන්න අවස්ථාව ලැබෙයි. කළණ පෙරේරා කියන්නේ දක්ෂතා රැසක් තියෙන කලාතුරකින් හමුවන ශිෂ්‍යයෙක්. මේ ක්‍රීඩකයා රැකබලාගෙන කටයුතු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් කටයුතු කළ යුතු බව මගේ හැඟීමයි.” යැයි දිනේෂ් මහතා වැඩිදුරටත් පවසයි.
“මාව ක්‍රිකට් ක්‍රීඩාවට යොමුකළේ මගේ තාත්තා (මොහාන්) සහ අම්මා (නිලූකා). ඒ අය ක්‍රිකට් වලට කැමැතියි. ඒ නිසා තමයි මාව ක්‍රිකට් ක්‍රීඩාවට යොමු කළේ යැයි” කළණ පෙරේදා පවසයි.
“පානදුර ලයිසියම් ජාත්‍යන්තර පාස‍ලේ විදුහල්පති මලිත් කුමාරසිංහ සර්, පුහුණුකරුවන් වූ කපිල මහින්ද සර්, නදිත් ජයසිංහ සර්, දිළුම් රාමනායක සර්, ගුරු භවතුන් සියලු දෙනාටමත්, ලකී රොජර්ස් සර් සහ ප්‍රනීත් පීරිස් සර් ඇතුළු දිස්ත්‍රික් පුහුණුකරුවන් සහ පළාත් පුහුණුකරුවන්ටත් ස්තූතිය පළ කරන්න ඕනෑ. වත්මන් පාස‍ලේ විදුහල්පති ගරු මාර්ක් බිලිමෝරියා පියතුමන්ට, ගුරුභවතුන්ට, මගේ වත්මන් ප්‍රධාන පුහුණුකරු දිනේෂ් කුමාරසිංහ සහ ඩිල්ෂාන් මෙන්ඩිස් සර්ලා, අනෙකුත් පුහුණුකරුවන්, ක්‍රීඩකයින් සියලු දෙනාටමත් ස්තූතිය පිරිනමන්න කැමතියි” යැයි කළණ වැඩිදුරටත් පැවැසීය.
“මගේ කුඩා කාලයේදී ඉඳලා කැමතිම පන්දු යවන්නා වුණේ චමින්ද වාස් ක්‍රීඩකයා. අද මට අවස්ථාව ලැබි තිබෙනවා චමින්ද වාස් සර් යටතේ පුහුණුවීම් කරන්න. ඉදිරි වසරේ පැවැත්වෙන යොවුන් ලෝක කුසලාන තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා පිල නියෝජනය කරන්නත්, මගේ දස්කම් තවදුරටත් වර්ධනය කරගෙන අනාගතයේදී ශ්‍රී ලංකා පිල නියෝජනය කිරීමටත් තමයි බලා‍පොරොත්තුව.” යැයි කළණ පෙරේරා සඳහන් කළේය.  
 
පමෝද් ලසන්ත
 

සිංගර් ශ්‍රී ලංකා සමාගමේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අවු. 15න් පහළ අන්තර් පාසල් පළමු කොටසේ ක්‍රිකට් තරගාවලියේ පළමු ද්විත්ව ශතකය වාර්තා කිරීමට රත්ගම දේවපතිරාජ විද්‍යාලයේ නායක සුධීර වීරරත්න සමත්විය.
අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලයට එරෙහිව සුධීර වීරරත්න පන්දු 139කදී හතරේ පහර 23ක් සහ හයේ පහර 9ක් සමගින් නොදැවී ලකුණු 214ක් වාර්තා කළේය.
සුධීර සමගින් එක්වූ ජීවක ශෂීන් (70) ඉනිමේ 5වැනි කඩුල්ල සඳහා ලකුණු 214ක අගනා සම්බන්ධතාවයක් ගොඩනැංවූහ.
තවත් තරගයකදී පන්දුවෙන් දස්කම් දැක්වූ ගල්කිස්ස ශා. තෝමස් විද්‍යාලයේ වමත් පා දඟ පන්දු යවන රන්දිව් ගුණසේකර යක්කල ශ්‍රී චන්ද්‍රජෝති විද්‍යාලයට එරෙහිව ලකුණු 67කට කඩුලු 13ක් දවාලීය. පළමු ඉනිමේදී ලකුණු 13කට කඩුලු 5ක් දවාලූ රන්දිව් දෙවැනි ඉනිමේදී ලකුණු 54කට කඩුලු 8ක් දවාලීය.
තවත් තරගයකදී පිත්තෙන් දස්කම් දැක්වූ ගාල්ල මහින්ද විද්‍යාලයේ නවෝද් පරණවිතාන දෙබරවැව ජාතික පාසලට එරෙහිව ලකුණු 132ක් රැස් කළේය.
මෙම තරගවලදී ගල්කිස්ස ශා. තෝමස් විද්‍යාලය යක්කල  ශ්‍රී චන්ද්‍රජෝති විද්‍යාලයට එරෙහිව ඉනිමක සහ ලකුණු 13ක ජයක් ලැබූ අතර, ශා. බෙනඩික්ට් විද්‍යාලය මාරවිල ශා. ෂේවියර් විද්‍යාලයට එරෙහිව ඉනිමක සහ ලකුණු 10ක ජයක් ලැබිය.
දේවපතිරාජ - ශ්‍රී දේවානන්ද
ශ්‍රී දේවානන්ද: පළමු ඉනිම - 158 (පන්දුවාර 59.5) පසිඳු ධනංජය 47, කවීෂ කල්පන 41, ඩිල්ෂාන් සංදේෂ්
23, පවන් සංදේශ් 5/23, ජීවක ශෂීන් 3/28, සුධීර වීරරත්න 2/44
දේවපතිරාජ: පළමු ඉනිම - 377/5 (පන්දුවාර 49) සුධීර වීරරත්න නොදැවී 214, ජීවක ශෂීන් 70, පවන් සංදේෂ් 47, පසිඳු ධනංජය 3/97
දේවපතිරාජයට පළමු ඉනිමේ ජයක්.
ශා. බෙනඩික්ට් - මාරවිල ශා. ෂේවියර්
ශා. ෂේවියර්: පළමු ඉනිම - 50 (පන්දුවාර 29.4) චමත් තෙනුර 5/10, ඉන්දික වනසිංහ 5/23
ශා. බෙනඩික්ට්: පළමු ඉනිම - 127/6 (පන්වාර 27) හසිඳු කවිරත්න 52, ලංකාගේ රත්නායක 42, සහන් සෙනුර 2/18, පසිඳු ජයසූරිය 2/22
ශා. ෂේවියර්: දෙවැනි ඉනිම - 67 (පන්දුවාර 32.4) ෂෙනාල් අරුණෝද්‍ය 19, චමත් තෙනුර 3/11, ඉන්දික වනසිංහ 3/14, හසිඳු කවිරත්න 2/13, ශානිල් සිල්වා 2/18
ශා. බෙනඩික්ට් විද්‍යාලයට ඉනිමක සහ ලකුණු 10ක ජයක්.
ශා. තෝමස් - යක්කල ශ්‍රී චන්ද්‍රජෝති
චන්ද්‍රජෝති: පළමු ඉනිම - 41 (පන්දුවාර 25.5) චමුදිත කල්හාර 19, රන්දිව් ගුණසේකර 5/13, මනිත් පෙරේරා 5/13
ශා. තෝමස්: පළමු ඉනිම - 142/6 (පන්දුවාර 21.4) විශුද් පෙරේරා 50, අනිෂ් කමලචන්ද්‍ර 32, රයන් ප්‍රනාන්දු 32, අනුක් පළිහවඩන 14, ඉසුරු මඩවල 11, දිලීෂ සංකල්ප 2/35
ශ්‍රී චන්ද්‍රජෝති: දෙවැනි ඉනිම - 88 (පන්දුවාර 28) චමුදිත කල්හාර 30, දිලීෂ සංකල්ප 18, සමිත් රුක්ෂාන් 16, රන්දිව් ගුණසේකර 8/54
ශා. තෝමස්ට ඉනිමක සහ ලකුණු 13ක ජයක්.
මහින්ද - දෙබරවැව ජාතික පාසල
මහින්ද: පළමු ඉනිම - 200/6 (පන්දුවාර 49) නවෝද් පරණවිතාන 132, ච්ෙතිය ගුණසේකර 21, සී. මානජිත් 2/37, එන්. තෂ්මිල 2/60
දෙබරවැව ජාතික පාසල: පළමු ඉනිම - 11/2 (පන්දුවාර 52) පී. ආනන්ද 42, එන්. මනෝධ්‍ය 29
තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය.
ජෝශප් වාස් - රාගම බැසිලිකා
බැසිලිකා: පළමු ඉනිම - 77 (පන්දුවාර 30.3) රමිත් ද සිල්වා 49, චානුක සිල්වා 20, චාළුක සංදීප 5/14, කවින්ද ඉෂාර 3/22, හසිත ගමගේ 2/10
ජෝශප් වාස්: පළමු ඉනිම - 230/5 (පන්දුවාර 39) අසිත ගමගේ 68, දිමිත ප්‍රනාන්දු නොදැවී 55, පසිඳු කවිෂ්ක 34, නිපුණ ද සිල්වා 20, ඩිලාන් නොයෙල් 3/77
බැසිලිකා: දෙවැනි ඉනිම - 39/3 (පන්දුවාර 13) ඩි‍ලේෂ්
තමෝද්‍ය නොදැවී 23
ජෝශප් වාස්ට පළමු ඉනිමේ ජයක්.
ආනන්ද - මහානාම
ආනන්ද: පළමු ඉනිම - 86 (පන්දුවාර 43.4) විනුජ විජේබණ්ඩාර 20, සකිත් සේනානායක 4/26, දෙවිඳු කැකිරිදෙණිය 3/20, අනුග බෙනරගම 2/12
මහානාම: පළමු ඉනිම - 220/4 (පන්දුවාර 51) විනුක රූබසිංහ 87, පවන් රත්නායක නොදැවී 53, පසන් ගුණවර්ධන 51, සජිත් ද සිල්වා 4/53
කොළඹ මහානාම විද්‍යාලයේ පළමු ඉනිමේ ජයක්.
වත්තල ශා. අන්තෝනි - ඩිලාසාල්
ඩිලාසාල්: පළමු ඉනිම - 173 (පන්දුවාර 52.5) කවිෂාන් ඩයස් 42, ජනංග කල්හාර නොදවී 34, ගිම්හාන් විජේසූරිය 34, කවිඳු ගමගේ 4/40, පැතුම් රන්දෙණිය 3/36, ගිම්හාන් සත්මික 2/47
ශා. අන්තෝනි: පළමු ඉනිම - 163/8 (පන්දුවාර 46) ගිම්හාන් සත්මික 50, ඩිල්ෂාන් රොද්‍රිගෝ 32, සුධාර සේනාරත්න 26, ගිම්හාන් විජේසූරිය 3/31, ශාමල් මධුෂාන් 2/43
වත්තල ශා. අන්තෝනිට පළමු ඉනිමේ ජයක්.

පමෝද් ලසන්ත

චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාවට තීරණාත්මක ඉන්දියාවට එරෙහි තරගය අද (8දා) ඕවල් පිටියේදී පැවැත්වේ. ඉන්දියාව මේ වන විට එක් තරගයක් ජයගෙන ලකුණු සටහනේ පෙරමුණේ පසුවන අතර, දකුණු අප්‍රිකාවද එක් තරගයක් ජයගෙන දෙවැනි ස්ථානයේ පසුවෙයි.
ශ්‍රී ලංකාව සහභාගි වූ පළමු තරගයෙන් දකුණු අප්‍රිකාව හමුවේ පරාජයට පත්වූ අතර, අද තරගය පරාජයට පත්වුවහොත් ශ්‍රී ලංකාවට අවසන් පූර්ව වටයට පිවිසීමේ අවස්ථාව මගහැරී යයි.
මේ අතර අද තරගයේදී ආබාධය සුව වීමෙන් පසු නිත්‍යනායක ඇන්ජලෝ මැතිව්ස් කණ්ඩායම මෙහෙයවීමට සූදානමින් පසුවන අතර, ඔහුගේ පන්දු යැවීම සැක සහිත බව එංගලන්තයෙන් වාර්තා වෙයි.
දකුණු අප්‍රිකාවට එරෙහි තරගයේදී නියමිත කාලයට පන්දු වාර සංඛ්‍යාව නොයැවීම හේතුවෙන් තරග දෙකක තහනමකට ලක්වී සිටින උපුල් තරංග අද තරගයට ක්‍රීඩා නොකරයි.
තරංග වෙනුවට මැතිව්ස් ක්‍රීඩා කිරීමට අමතරව තවත් වෙනස්කම් දෙකක් සිදුවීමට බොහෝ දුරට ඉඩකඩ ඇති බවද එංගලන්තයෙන් වාර්තා වෙයි.
අද තරගයට පළමු තරගයට ක්‍රීඩා කළ ඉන්දීය පිලම ක්‍රීඩා කිරීමට නියමිතව ඇති අතර, අද තරගය ජයගතහොත් ඉන්දියාවට අවසන් පූර්ව වටයට පිවිසීමේ අවස්ථාව හිමිවේ.
මේ අතර ශ්‍රී ලංකාව සහභාගි වන පාකිස්තානයට එරෙහි පළමු වටයේ අවසන් තරගය ලබන 12දා කාඩිෆ්හිදී පැවැත්වේ.
 
ශ්‍රී ලංකා සංචිතය
ඇන්ජලෝ මැතිව්ස් (නායක), දිනේෂ් චන්දිමාල්, නිරෝෂන් දික්වැල්ල, නුවන් ප්‍රදීප්, අසේල ගුණරත්න, චාමර කපුගෙදර, නුවන් කුලසේකර, සුරංග ලක්මාල්, ලසිත් මාලිංග, කුසල් මෙන්ඩිස්, කුසල් ජනිත්, තිසර පෙරේරා, සීකුගේ ප්‍රසන්න, ලක්ෂාන් සඳකැන්
 
ඉන්දීය සංචිතය 
විරාත් කෝලි (නායක), රවිචන්ද්‍රන් ඇෂ්වින්, ජස්ප්‍රිට් බුම්රා, ෂිකර් ධවාන්, එම්.එස්. දෝනි, රවින්ද්‍ර ජඩේජා, කෙදර් ජදාව්, දිනේෂ් කාර්තික්, බුවනේෂ්වර්කුමාර්, මොහොමඩ් ෂමී, හර්දික් පාන්ඩයා, අජින්කයා රහානේ, රෝහිත් ෂර්මා, උමේෂ් යදාව්, යුවරාජ් සිං
IMAGE

බ්‍රොයිලර් කාපුවාම හෘද රෝග-දියවැඩියාව හැදෙනවාමයි

IMAGE 2018 Jan 21 11:38
කුකුළු මස් සහ පීකුදු ආහාරයට ගැනීම පිළිබඳ මේ දිනවල සමාජයේ උණුසුම් කතිකාවක් ගොඩ නැගෙමින් පවතී....
Views - 35

‍ජ්‍යොතිෂය පට්ටපල් බොරුවක්

IMAGE 2018 Jan 21 10:29
ජ්‍යොතිෂය මිථ්‍යාවක් වන්නේ කෙසේද? යන මැයෙන් (පසුගිය ජනවාරි 16 අඟහරුවාදා කොළඹ 08, කොටා රෝඩ් හි...
Views - 182

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 6917

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 4537

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 6026

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 6713

Please publish modules in offcanvas position.

X

Right Click

No right click