Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

 

සිංගර් ශ්‍රී ලංකා සමාගමේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන ‘සිංගර් කුසලාන’ අවු. 17න් පහළ අන්තර් පාසල් පළමු කොටසේ ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේදී වෙන්නප්පුව ශා. ජෝශප් වාස් අපරාජිතව සිය 6 වැනි ජයග්‍රහණ වාර්තා කළේය.
ජෝශප් වාස් ජයග්‍රහණය වෙනුවෙන් විශිෂ්ට පිතිහරඹයක නිරත වූ නිපුන් ධනංජය කටුනේරිය ශා. සෙබස්තියන් විද්‍යාලයට එරෙහිව පන්දු 123කදී හතරේ පහර 17ක් සහ හයේ පහර 5ක් සමගින් නොදැවී ලකුණු 148ක් රැස් කළේය.
මීට අමතරව කුරුණෑගල ශා. ආනා විද්‍යාලයේ  ලසිත් වර්ණකුලසූරිය මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලයට එරෙහිව පන්දු 137කදී හතරේ පහර 22ක් සහ හයේ පහර 2ක් සමගින් ලකුණු 150ක් රැස් කළේය.
මෙම තරගවලදී ජෝශප් වාස්, කුරුණෑගල ශා. ආනා, මහනුවර ධර්මරාජ, දෙබරවැව ජාතික පාසල, රත්ගම දේවපතිරාජ, මාතර ශා. සර්වේෂස්, කොළඹ තර්ස්ටන්, කොටහේන ශා. බෙනඩික්ට් සහ කොළඹ නාලන්දා ජය වාර්තා කළේය.
 
ජෝශප් වාස්-කටුනේරිය ශා. සෙබස්තියන් 
ශා. ජෝශප් වාස්: 275/8 (පන්දුවාර 50) නිපුන් ධනංජය නොදැවී 148, ඩිල්ෂාන් පෙරේරා 36, කළණ ප්‍රනාන්දු 35, දමිත් කෝසල 2/61
ශා. සෙබස්තියන්: 178/8 (පන්දුවාර 50) කවිෂ්ක නවෝද් 31, ෂෙනාල් ක්‍රිෂ්මාල් 28, ශලිඳු ලියනපතිරණ 4/27, යොහාන් පීරිස් 2/25
ජෝශප් වාස්ට ලකුණු 97ක ජයක්.
 
කුරුණෑගල ශා. ආනා-කිංග්ස්වුඩ්
ශා. ආනා: 222 (පන්දුවාර 49.2) ලසිත් වර්ණකුලසූරිය 150, ලක්මාල් ද සිල්වා 3/40, ඩී. 
ධනුෂ්ක 2/21
කිංග්ස්වුඩ්: 114 (පන්දුවාර 31.5) හර්ෂණ වික්‍රමසිංහ 36, කවිඳු රණසිංහ 5/30, හිරුෂ ද සිල්වා 2/11
ශා. ආනාට ලකුණු 108ක ජයක්.
 
මහනුවර ධර්මරාජ-මහනුවර විද්‍යාර්ථ 
විද්‍යාර්ථ: 114 (පන්දුවාර 35) මෙදුනක විජේතිලක නොදැවී 41,  උපේන්ද්‍ර වර්ණකුලසූරිය 3/23, යසිත සමරරත්න 2/15
ධර්මරාජ: 116/3 (පන්දුවාර 21.5) ච්ෙතිය ඒකනායක නොදැවී 50
මහනුවර ධර්මරාජයට කඩුලු 7ක ජයක්.
 
දෙබරවැව ජාතික පාසල-මාතර රාහුල
රාහුල: 151 (පන්දුවාර 49.5) ළකිඳු චමෝද්‍ය 40, චමුදිත ඩිල්ෂාන් 36, රිෆ්නාස් සුඩීන් 4/28, චතුක මංජුල 3/9, හංසක ලක්ෂාන් 2/17
දෙබරවැව ජාතික පාසල: 156/1 (පන්දුවාර 23) ඉෂාන් අරවින්ද නොදැවී 75, එෂාන් විජේවර්ධන 68
දෙබරවැව ජාතික පාසලට කඩුලු 9ක ජයක්.
 
රත්ගම දේවපතිරාජ-ගාල්ල විද්‍යාලෝක
විද්‍යාලෝක: 159 (පන්දුවාර 46) හංසක කමාෂ් 44, චලික ඔෂාන්ත 27, රමුදිත දිසල් 20, සංජු ලක්ෂාන් 18, සමිත භානුක 3/37, පැතුම් මධුසංක 2/18, කල්ප ච්ෙතිය 2/42
දේවපතිරාජ: 162/9 (පන්දුවාර 36.2) තිසර ඩිල්ෂාන් 31, නවීන් ඩිල්ෂාන් 24, ටෂේන් ඩිලක්ෂණ නොදැවී 18, චාමික සඳරුවන් 16, කවිඳු මධුසංක 15, තප්ත ඉවෝන් 2/18, නදිරු ඉෂාන් 2/26, හංසක කමාෂ් 2/42
දේවපතිරාජයට එක් කඩුල්ලක ජයක්.
 
ශා. සර්වේෂස්-පී. ද එස්. කුලරත්න
ශා. සර්වේෂස්: 226 (පන්දුවාර 48.2) සිසිර ලක්වින් 77, ශෂික දුල්ෂාන් 34, ච්ෙතක දෙනුවන් 22, කල්ප හර්ෂජිත් 2/21
පී. ද එස්. කුලරත්න: 154/8 (පන්දුවාර 50) කුමිඳු නිල්හාර 61, කේෂර නුවන්ත 4/51, නවීන් සාහිත් 3/25
ශා. සර්වේෂස්ට ලකුණු 72ක ජයක්.
 
ශා. පීතර-වෙස්ලි
වෙස්ලි: 109 (පන්දුවාර 30) මොවින් සුබසිංහ 37, රාහුල් ගුණසේකර 20, මොනිල් සිල්වා 3/19
ශා. පීතර 113/3 (පන්දුවාර 20.2)
ෂැනොන් ප්‍රනාන්දු 50, රන්මිත් ජයසේන නොදැවී 39, ශෂී සෝමරත්න 2/15
ශා. පීතරයට කඩුලු 7ක ජයක්.
 
තර්ස්ටන්-වත්තල ශා. අන්තෝනි 
තර්ස්ටන්: 181/9 (පන්දුවාර 50) ටිතිර වීරසිංහ 29, ජයවිහාන් මහාවිතාන 26, ශලක බණ්ඩාර 26, සුපුන් ජයසිංක 3/48
ශා. අන්තෝනි: 121 (පන්දුවාර 49.3) රශ්මික මෙවන් නොදැවී 66, ශලක බණ්ඩාර 4/31, චිත්‍රාල් සිල්වා 2/10
තර්ස්ටන්ට ලකුණු 60ක ජයක්.
 
ශා. බෙනඩික්ට්-කැලණිය ගුරුකුල
ගුරුකුල: 158 (පන්දුවාර 48) ප්‍රවීන් නිමේෂ් 39, ලක්ෂාන් සසංක 23, මහීෂ් තීක්ෂණ 4/22, කවිරු පෙරේරා 2/31, විහඟ රුවනාර 2/28
ශා. බෙනඩික්ට්: 164/6 (පන්දුවාර 27) මහීෂ් තීක්ෂණ නොදැවී 53, ඉමේෂ් ප්‍රනාන්දු නොදැවී 27, බ්‍රයන් ජෝන්පුල්‍ලේ 26, විහඟ රුවනාර 24, ප්‍රවීන් නිමේෂ් 2/25, කවිඳු සදරුවන් 2/32
කොටහේන ශා. බෙනඩික්ට් විද්‍යාලයට කඩුලු 6ක ජයක්.
 
කොළඹ නාලන්දා - කොළඹ ඩිලාසාල් 
නාලන්දා: 130/7 (පන්දුවාර 30) රනිඳු ද සිල්වා 50, චමිඳු විජේසිංහ 29, ඉඳුවර පෙරේරා 2/26, නේෂික පෙරේරා 2/30, අයෝජිත් පැතුම් 2/34
ඩිලාසාල්: 94/8 (පන්දුවාර 32.1) ධනංජය පෙරේරා 25, රවිඳු සංදීප 23, රුෂාර භානුක 2/6, චමිඳු විජේසිංහ 2/13
නාලන්දාවට පැරබෝලා ක්‍රමයට ලකුණු 57ක ජයක්.
 
පමෝද් ලසන්ත


චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයෙන් පරාජය වූ ඉන්දියාවේ ප්‍රේක්ෂකයන් ක්‍රීඩකයන්ගේ ඡායාරූප ගිනි තබමින්, රූපවාහිනී යන්ත්‍ර ‍පොළවේ ගසමින් ප්‍රචන්ඩකාරී ලෙස හැසිරුණු බව විදෙස් වාර්තා සඳහන් කරයි.
මේ හේතුවෙන් ක්‍රීඩකයන්ගේ නිවෙස්වලට කමාන්ඩෝ භටයන්ගේ ආරක්ෂාව යෙදවීමට පියවර ගෙන තිබේ.

ඉන්දීය කමාන්ඩෝ භටයන් ක්‍රීඩකයන්ගේ නිවෙස් ආරක්ෂා කරන අයුරු ඡායාරූපයේ....

චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගත් පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ, ශ්‍රී ලංකා ක්‍රිකට් පි‍ලේ සහ ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන්ගේ උණුසුම් සුබ පැතුම් පිරිනමන බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා දන්වා තිබේ.
පාකිස්තානය මෙම තරගාවලියේදී විශිෂ්ට ක්‍රීඩා විලාශයක නිරත වූ බවත්, එය ආසියානු ජාතියක් ලෙස තමන්ටද අභිමානයක් බවත් ක්‍රිකට් සභාපති සුමතිපාල මහතා පවසා තිබේ.ශූරතාව පාකිස්තානයට හිමිකර දුන් නායක සෆ්රාස් අහමඩ් ඇතුළු සමස්ත කණ්ඩායමටම සුබ පතන බවද සුමතිපාල මහතා පවසා තිබේ.

Galle Stadiumමේ මස අවසානයේ ශ්‍රී ලංකාවේ සංචාරය කරන සිම්බාබ්වෙ පිල සමග එක්දින තරග 5ක් සහ ටෙස්ට් තරගයක් පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් නිවේදනය කරයි.
මේ අනුව ගාල්ලේදී වසර 17කට පසු එක්දින තරග 2ක් පැවැත්වෙන අතර, තරග 3ක් හම්බන්තොට සූරියවැවදී පැවැත්වේ. ටෙස්ට් තරගය ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

ශ්‍රී ලංකා-සිම්බාබ්වේ තරග සටහන

ජුනි 30 දා- පළමු එක්දින තරගය- ගාල්ල
ජූලි 2 දා- දෙවැනි එක්දින තරගය- ගාල්ල
ජූලි 6 දා- තෙවැනි එක්දින තරගය- සූරියවැව
ජූලි 8 දා- සිව්වැනි එක්දින තරගය- සූරියවැව
ජූලි 10 දා- පස්වැනි එක්දින තරගය- සූරියවැව
ජූලි 14-18 දා- ටෙස්ට් තරගය- ආර්. ප්‍රේමදාස

චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකාවට අත්වූ පරාජයේ වගකීම තනි ක්‍රීඩකයකු පිට පැවැරිය නොහැකි බවත්, සියලු වගකීම් කණ්ඩායමක් ලෙස භාර ගන්නා බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් නයක ඇන්ජලෝ මැතිව්ස් ඊයේ (14දා) පැවැති මාධ්‍ය හමුවේදී පැවැසීය.
චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රිකට් පිල ඊයේ පස්වරුවේ ශ්‍රී ලංකාවට පැමිණියේය.
“අපි පළමු තරගය පිතිකරුවන්ගේ දුර්වලතාවය නිසා දකුණු අප්‍රිකාවට පරාජය වුණා. ඒත් ප්‍රබල ඉන්දියාවට එරෙහි තරගයේදී තුන් ඉරියව්වෙන්ම දස්කම් දක්වා ඉන්දියාව පරාජය කළා. එහෙත් තීරණාත්මක පාකිස්තානු තරගයේදී සිදුවූ වැරදි කිහිපයක් නිසා තරගාවලියෙන් ඉවතට විසිවීමට සිදු වුණා. තරගාවලියේදී ඉගෙන ගත් පාඩම් අනාගතයට ඉතා වැදගත්වේවි යැයි” නායක මැතිව්ස් පවසයි.
මෙහිදී මැතිව්ස් වැඩිදුරටත් පැවැසුවේ ලොව ප්‍රබලතම එක්දින කණ්ඩායමක් වන ඉන්දියාව පරාජය කිරීමට හැකිවීම නවකයන් රැසකගෙන් සමන්විත ශ්‍රී ලංකා පිල ලැබූ විශිෂ්ට ජයග්‍රහණයක් බවයි.
පාකිස්තානු තරගයේදී පන්දු යවන්නන් මාරු කිරීම පිළිබඳව විවේචන එල්ලවනවා නේදැයි විමසූ පැනයට පිළිතුරු දුන් මැතිව්ස් පැවසුවේ නායකයකු ලෙස අවශ්‍ය අවස්ථාවේ අවශ්‍ය තීරණ ගැනීමට බියක් නොදක්වන බවයි. ඒවායින් ඇතිවන ප්‍රතිඵලවලට තමන් වගකියනා බවත් මැතිව්ස් පැවැසීය.
“ඉන්දීය තරගයේදී කුසල්ට ආබාධයක් හේතුවෙන් ලකුණු 47ක් ලබා සිටියදී පිටියෙන් ඉවත් වෙන්න කිව්වේ මමයි. ඒ වෙලාවේ අපිට වැඩිපුර දුවලා ලකුණු ගැනීමේ අවශ්‍යතාවය තිබුණා. ඒ තීරණය හරි ගියා. අපි තරගය දිනුවා. ඒත් බැරිවෙලාවත් වැරදුනා නම් බැනුම් අහන්න වෙන්නේ මට. නායකයකු ලෙස ඕනෑම තීරණයක් ගැනීමට පසුබට විය යුතු නැහැ” යැයි මැතිව්ස් පවසයි.
නායකත්වයෙන් ඉවත්වන බවට පළවන සමාජ ජාලා වබේ අඩවි වාර්තා පිළිබඳව විමසූ පැනයට පිළිතුරු දෙමින් මැතිව්ස් පැවැසුවේ එවන් දෙයක් ගැන කතා කිරීමක් හෝ අදහසක්වත් තමන්ට නොමැති බවයි.
දකුණු අප්‍රිකාව සමග තරගයේදී නියමිත කාලයට පන්දු වාර යැවීමට නොහැකි වීමෙන් උපුල් තරංග තහනමකට ලක්වීම පිළිබඳව කණ්ඩායම් කළමනාකාරීත්වය ක්‍රීඩකයක් දැනුවත් කිරීම පිළිබඳව නැගූ පැනයට පිළිතුරු දුන් ක්‍රිකට් කළමනාකරු අසංක ගුරුසිංහ පැවැසුවේ කළමනාකරු, පුහුණුකරු මෙන්ම එම තරගයට ක්‍රීඩා නොකළ නායක මැතිව්ස් ද එම අවස්ථාවේ ක්‍රීඩා පිටියට ඒ පිළිබඳ දැනුවත් කර පණිවුඩ යැවූ බවයි.
එහෙත් කණ්ඩායමට නියමිත පන්දුවාර සංඛ්‍යාව යැවීමට නොහැකි වූ බව ගුරුසිංහ පවසයි.
මෙම තරගාවලයේදී ලක්ෂාන් සඳකැන් ක්‍රීඩා නොකිරීම පිළිබඳව අදහස් දැක්වූ ගුරුසිංහ පවසන්නේ දඟ පන්දු යවන්නන් යොදා ගැනීමට කිසිදු කණ්ඩායමක් උනන්දු නොවූ බවයි.
“එංගලන්ත තණ තීරු දඟ පන්දු යවන්නන්ට උචිත වූයේ නැහැ. ඉන්දියාව ඇෂ්වින් පවා එළියේ තියලයි ක්‍රීඩා කළේ. තරමක් හෝ සාර්ථක වුණේ ඉම්රාන් තහීර් විතරයි. ඒ නිසා අපි තීරණය කළා වේග පන්දු යවන්නන්ගෙන් ක්‍රීඩා කරන්න.” යැයි ගුරුසිංහ පවසයි.
අතිරේක ක්‍රීඩක ලැයිස්තුවේ නොසිටි ධනංජය ද සිල්වා එංගලන්තයට කැඳවීම පිළිබඳව අදහස් දැක්වූ ගුරුසිංහ පැවැසුවේ කපුගෙදර, තරංග මෙන්ම කුසල් ජනිත් ආබාධවලට ලක්වීමෙන් පසු අතිරේක ලැයිස්තුවේ සිටි ධනුෂ්ක කණ්ඩායමට ඇතුළත් කළ බවත්, අසේල ගුණරත්නටද සුළු ආබාධයක් ඇති වීම නිසා පිතිකරුවකුගේ අවශ්‍යතාවය මත එම පියවර ගත් බවයි.
පාකිස්තානු තරගයේදී උඩ පන්දු කිහිපයක් ගිලිහී යාම පිළිබඳව අදහස් දැක්වූ ලසිත් මාලිංග පැවැසුවේ තරගය පරාජය වීමට එම උඩපන්දු අත්හැරීම පමණක් හේතුවක් නොවූ බවයි.
“අපි හොඳට ක්‍රීඩා කළා. උඩපන්දුවක් අත්හැරීම ගැන කරන්න දෙයක් නැහැ. මමත් ඕන තරම් කැච් අතහැරලා තියෙනවා. තරගවල ස්වභාවය ඒකයි. පුහුණුකරුවන්ට බනින එකටත් මගේ කැමැත්තක් නැහැ. පුහුණුකරුවන් මොනවා කිව්වත් පිටිය මැද ක්‍රීඩා කරන්නේ ක්‍රීඩකයන්.” යැයි මාලිංග පවසයි.
මෙවර තරගාවලියේදී තමාගේ දස්කම් පිළිබඳව සෑහීමකට පත් නොවන බවත්, තරග ජය ගැනීමට යමක් කිරීමට නොහැකි වීම පිළිබඳව කනගාටුවන බවත්, රටේ අවශ්‍යතාවය මත ඉදිරි තරගවලට ක්‍රීඩා කිරීමට බලා‍පොරොත්තුවෙන් පසුවන බවත් ලසිත් මාලිංග වැඩිදුරටත් පැවැසීය.
මෙහිදී අදහස් දැක්වූ පුහුණුකරු ග්‍රැහැම් ෆෝඩ් මහතා පැවැසුවේ රටම කනගාටුවන තරමටම අවසන් පූර්ව වටයට පිවිසීමට නොහැකි වීම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමද කනගාටුවට පත්වන බවයි.
මෙම තරගාවලියේදී ඉන්දියාව වැනි ප්‍රබල කණ්ඩායමක් පැරදවීම අනාගතයට සුබ ලකුණක් බවත්, නවක ක්‍රීඩකයන් එක්දින තරග 80-90ක් පමණ ක්‍රීඩා කරන විට විශිෂ්ට කණ්ඩායමක් බිහිවනු ඇති බවත් ෆෝඩ් විශ්වාසය පළ කරයි. එසේ වුවද පාකිස්තානු පිලට ලබාදුන් සටන අති විශිෂ්ට බව පවසන ෆෝඩ් පන්දු රැකීම දුර්වල වීම පිළිබඳව සිය කනගාටුව පළ කළේය.
මෙහිදී අදහස් දැක්වූ ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා පැවැසුවේ තරගාවලියෙන් ඉවත්වීම පිළිබඳව කනගාටුවන නමුත් දැක්වූ උත්සාහය පිළිබඳව සතුටට පත්වන බවයි.
“ක්‍රීඩකයන්, කළමනාකාරීත්වය මෙන්ම පුහුණුකරුවන්ද දැඩි උත්සාහයක් ගත්තා. ඒත් අවාසනාවට දෙවැනි වටයට යන්න
ලැබුණේ නෑ. දැන් එම උත්සාහය ඉදිරියට රැගෙන ගොස් ඉදිරියේ ඇති අභියෝගවලට මුහුණ දීමට සූදානම් විය යුතුයි.” යැයි සුමතිපාල මහතා පවසයි.

මංගල ධර්මප්‍රේම

සිංගර් ශ්‍රී ලංකා සමාගමේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අවු. 15න් පහළ අන්තර් පාසල් පළමු කොටසේ ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේදී කොළඹ ඩි ලා සාල් විද්‍යාලයට එරෙහිව ලකුණු 7කට කඩුලු 9ක් දවාලමින් මෙවර තරගාවලියේ ඉනිමකදී හොඳම පන්දු යැවීම වාර්තා කිරීමට කඳාන දි මැසිනෝද් විද්‍යාලයේ දකුණත් මදවේග පන්දු යවන සිහින සිතුමිණ සමත්විය.

මැසිනෝද්-ඩිලාසාල්
ඩිලාසාල්: පළමු ඉනිම-26 (පන්දුවාර 16.3) කවිෂාන් ඩයස් 10, සිහින සිතුමිණ 9/7
මැසිනෝද්: පළමු ඉනිම - 199/5 (පන්දුවාර 27) මිතුල් සෙනරත් නොදැවී 66, ලෙස්ටර් ජයවීර 51, රඛිත ප්‍රනාන්දු 30, සිහින සිතුමිණ 25, ගිම්හාන විජේසූරිය 2/40
ඩිලාසාල්: දෙවැනි ඉනිම - 116 (පන්දුවාර 35.4) කුමාර් ශ්‍රී රාම් 35, කවීෂ සොයිසා 28, සමිඳු දිනෙත් 5/25, රුවින් ෆොන්සේකා 3/46
මැසිනෝද්ට ඉනිමක සහ ලකුණු 57ක ජයක්.

මහානාම-රාගම බැසිලිකා
බැසිලිකා: පළමු ඉනිම - 86 (පන්දුවාර 39.5)
දිනේෂ් චමෝද්‍ය 32, දෙවිඳු කැකිරිදෙණිය 3/24, ශඛිත් සේනානායක 2/18, සචිර රශ්මිත 2/24
මහානාම: පළමු ඉනිම - 365/2 (පන්දුවාර 55) පවන් රත්නායක නොදැවී 154, විනුක රූබසිංහ 102, සමිත රශෝධන නොදැවී 59, පසන් ගුණවර්ධන 27
මහානාමයට පළමු ඉනිමේ ජයක්.

සිරිකුරුස-එස්. ද එස්. ජයසිංහ
සිරිකුරුස: පළමු ඉනිම - 252/7 (පන්දුවාර 46.5) ෂෙරොන් ෆොන්සේකා 140, අහමඩ් ආතීෆ් 40, ශාලික කසුන් 32, රවිෂාන් භාෂිත 15, අමිරු ඕෂධ 4/50
එස්. ද එස්. ජයසිංහ: පළමු ඉනිම - 35 (පන්දුවාර 24.2) ප්‍රතීෂ ශාමල් 3/1, නිර්මාල් ශාමල් 3/14, ශාලික කසුන් 2/11
එස්. ද එස්. ජයසිංහ: දෙවැනි ඉනිම - 46/5 (පන්දුවාර 26) තරිඳු හංසක නොදැවී 20, ශාලික කසුන් 3/19
සිරිකුරුසයට පළමු ඉනිමේ ජයක්.

පමෝද් ලසන්ත

IMAGE

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 5221

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 3632

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 5116

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 5740

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 6555

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 4052

Please publish modules in offcanvas position.

X

Right Click

No right click