Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

ඉන්දීය ක්‍රිකට් පි‍ලේ නව පුහුණුකරු ලෙස රවී ශාස්ත්‍රි පත්කර තිබේ. මීට පෙර ඉන්දීය පි‍ලේ ක්‍රිකට් අධ්‍යක්ෂවරයා ලෙසද කටයුතු කර ඇති ශාස්ත්‍රි 2019 ලෝක කුසලාන තෙක් පුහුණුකරු ලෙස පත්කර තිබේ.
මේ අතර ඉන්දීය පි‍ලේ පන්දු යැවීම් පුහුණුකරු ලෙස සහීර් ඛාන් පත්කර ඇති අතර, ටෙස්ට් පි‍ලේ පිතිකරණ පුහුණුකරු ලෙස රාහුල් ඩ්‍රාවිඩ් පත්කර තිබේ.

සිම්බාබ්වේ සමග පැවැති එක්දින තරගාවලිය පරාජය වීම දරා ගැනීමට අපහසු වූ බවත් ඉන් පසු මෙය නායකත්වයෙන් ඉවත් වීමට සුදුසුම අවස්ථාව බවට තීරණය කළ බවත් නායකත්වයෙන් ඉවත්වූ ඇන්ජලෝ මැතිව්ස් ඊයේ (12දා) පැවැති මාධ්‍ය හමුවේදී පැවැසීය.
පසුගිය මාස කිහිපයේදීම ශ්‍රී ලංකා පි‍ලේ දස්කම් පහළ මට්ටමකට වැටුණු බවත්, සිම්බාබ්වේ පරාජය තම ක්‍රිකට් දිවියේ කනගාටුදායක මෙන්ම වේදනාකාරීම අවස්ථාව බවත් මැතිව්ස් පවසයි.
“අපි පරදින්න ක්‍රිකට් ගහන්නේ නෑ. ඒත් පැරදුනාම නායකයාට ඒ වගකීම භාර ගන්න වෙනවා. මීට කලින් මේ වගේ අවස්ථා ආවා. ඒත් ඒ වෙලාවේ නායකත්වය ගන්න කවුරුත් හිටියේ නෑ. අද චන්දිමාල්, තරංග ඉන්නවා. ඒ නිසා මට ඉවත් විය හැකියි” යැයි මැතිව්ස් පවසයි. 
තමා වසර 4 1/2ක් නායකයා ලෙස සිටි අවධියේ හිතට එකඟව නිවැරදි දේ කළ බවත්, නායකත්වය දැරීම ඉතා අපහසු කාර්යයක් බවත් පවසන මැතිව්ස් සෑම විටම පෞද්ගලිකත්වය පසෙක දමා රට වෙනුවෙන් ක්‍රීඩා කළ බවත් පවසයි. 
නායකත්වයෙන් ඉවත්වීම පිළිබඳව තේරීම් කමිටුව සහ ක්‍රිකට් බලධාරීන් සමග සාකච්ඡා කිරීමෙන් පසු මෙම තීරණයට එළැඹි බවත් මැතිව්ස් පැවැසීය.
තමා 2019 ලෝක කුසලාන තරගාවලිය තෙක් නායකයා ලෙස කටයුතු කිරීමට බලා‍පොරොත්තු වූ නමුත්, කණ්ඩායමේ දස්කම් සතුටුදායක මට්ටමක නොවන නිසා තමාට වඩා හොඳ නායකයෙකුට අවස්ථාව ලබාදුන් බවද මැතිව්ස් පවසයි.
තමා නායකත්වය දැරූ අවධියේ සහය දුන් ක්‍රිකට් බලධාරීන්ට, තේරීම් කමිටුවලට, සියලුම පුහුණුකරුවන්ට, සියලුම ක්‍රීඩකයන්ට සිය ස්තූතිය පිරිනැමූ මැතිව්ස් ජයේදී මෙන්ම පරාජයේදීද කණ්ඩායම සමග සිටි ක්‍රීඩා ලෝලීන්ටද සිය ස්තූතිය පිරිනැමීය.
තරුණ වියේදී නායකත්වයට පත්වූ තමාට සහය දුන් සියලු ‍‍‍ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ට සිය ස්තූතිය පළ කළ මැතිව්ස් පවු‍ලේ සාමාජිකයන්වද සිහිපත් කළේය.
ක්‍රීඩකයකු ලෙස තම සේවය 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය තෙක් ලබාදීමට බලා‍පොරොත්තු වන බවද මැතිව්ස් ප්‍රකාශ කළේය.
 
මංගල ධර්මප්‍රේම

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 23න් පහළ අන්තර් පළාත් දෙදින ක්‍රිකට් තරගාවලියේ පළමු දිනයේදී චරිත් අසලංක (දකුණු පළාත) සහ හිමාෂ ලියනගේ (බස්නාහිර මධ්‍යම) ශතක වාර්තා කළ අතර, චරණ නානායක්කාර (බස්නාහිර උතුර) ලකුණු 22ට කඩුලු 7ක් බිඳ හෙළීමට සමත් විය.
චරිත් අසලංක නැගෙනහිර පළාතට එරෙහිව පන්දු 160කදී හතරේ පහර 14ක් සහ එක් හයේ පහරක් සමගින් ලකුණු 113ක් වාර්තා කිරීමට සමත් විය.
හිමාෂ ලියනගේ උතුරු පළාතට එරෙහිව පන්දු 111කදී හතරේ පහර 5ක් සහ හයේ පහර 9ක් සමගින් නොදැවී ලකුණු 120ක් වාර්තා කළේය.
පන්දුවෙන් දස්කම් දැක්වූ වේගපන්දු යවන චරණ නානායක්කාර ලකුණු 22ට කඩුලු 7ක් බිඳ හෙළමින් බස්නාහිර දකුණ මුල් ඉනිම ලකුණු 39කට සීමා කළේය.
අද (12දා) මෙම තරගවල දෙවැනි දිනයයි. 
 
බස්නාහිර දකුණ - බස්නාහිර උතුර
බස්නාහිර දකුණ: පළමු ඉනිම - 39 (පන්දුවාර 15.2) චරණ නානායක්කාර 7/22, බිනුර ප්‍රනාන්දු 3/17
බස්නාහිර උතුර: පළමු ඉනිම - 155 (පන්දුවාර 53.3) සහන් ආරච්චිගේ 41, ශාලින්ද උෂාන් 25, බිනුර ප්‍රනාන්දු 24, නිශාන් පීරිස් 22, මිෂේන් සිල්වා 4/41,  සඳකැන් පතිරණ 3/54, ලක්ෂිත මානසිංහ 2/12
බස්නාහිර දකුණ: දෙවැනි ඉනිම - 58/4 (පන්දුවාර 21) 
රෂ්මික ඕපාත 20
 
දකුණු පළාත-නැගෙනහිර පළාත
දකුණු පළාත: පළමු ඉනිම - 350/5 (පන්දුවාර 89) චරිත් අසලංක 113, සිතාර ගිම්හාන 50, පසිඳු ඉෂිර 56, රමේෂ් මන්ඩිස් 54, අදීෂ තිලංචන (නොදැවී) 43, මොහොමඩ් සරුහාන් 2/69, රමේෂ් නිමන්ත 2/66
නැගෙනහිර පළාත: පළමු ඉනිම - 19/1 (පන්දුවාර 6)
 
මධ්‍යම පළාත-වයඹ පළාත 
මධ්‍යම පළාත: පළමු ඉනිම - 114 (පන්දුවාර 33.2) ෂනෝගීත් ෂන්මුගනාදන් 36, රොන් චන්ද්‍රගුප්ත 32, තරිඳු රත්නායක 4/23, අරවින්ද අකුරුගොඩ 2/12
වයඹ පළාත: පළමු ඉනිම - 139 (පන්දුවාර 34.5) මිනෝද් භානුක 72, අවින්ද අකුරුගොඩ 23, මොහොමඩ් ෂිරාෂ් 6/45,  ප්‍රමෝද්‍ය අබේකෝන් 3/12
මධ්‍යම පළාත: දෙවැනි ඉනිම - 112/4 (පන්දුවාර 23)
ඩිලාන් ජයලත් 63, ෂෙහාන් මධුසංක 2/30
 
බස්නාහිර මධ්‍යම-උතුරු පළාත
උතුරු පළාත: පළමු ඉනිම - 166 (පන්දුවාර 49.4) රෙවාන් කෙලී 30, තරුෂ ප්‍රනාන්දු 30, ජනිත් ලියනගේ 3/28, මනෙල්ක ද සිල්වා 2/15, ලසිත් ඇඹුල්දෙණිය 2/38
බස්නාහිර මධ්‍යම: පළමු ඉනිම - 205/3 (පන්දුවාර 41) හිමාෂ ලියනගේ (නොදැවී) 120, අකීල් ඉන්හාම් 30, ජනිත් ලියනගේ (නොදැවී) 20
 
පමෝද් ලසන්ත

ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයකු වන ෂෆිඋල්ලා ෂෆාක් එරට පළාත් 20-20 තරගයකදී ද්විත්ව ශතකයක් වාර්තා කිරීමට සමත් වී තිබේ.
ඇෆ්ගනිස්ථානයේ ක්‍රියාත්මක පැරගන් නන්ගරාර් 20-20 ක්‍රිකට් තරගාවලියේදී ඔහු මෙම වාර්තාව පිහිටුවා තිබේ.
මේ අනුව ‘ඒ’ කාණ්ඩය යටතේ ඕනෑම රටක තිබෙන 20-20 තරගයකදී ක්‍රීඩකයකු ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස ෂෆිඋල්ලා රැස් කළ මෙම ලකුණු 214 වාර්තා වෙයි.
කාබුට් ස්ටාර් ක්‍රිකට් ක්ලබ් පිලට එරෙහිව කටීස් ක්‍රිකට් ඇකඩමි කණ්ඩායම නියෝජනය කරමින් පන්දු 71ක් වැය කරමින් ෂෆිඋල්ලා රැස් කළ මෙම ලකුණු 214ට හතරේ පහර 16ක් සහ හයේ පහර 21ක් අන්තර්ගත වේ.
මෙම තරගයේදී කටීස් ක්‍රිකට් කණ්ඩායම ලකුණු 351ක් රැස් කළ අතර, කාබුට් පිලට ලබාගත හැකිවූයේ ලකුණු 107ක් පමණි.

සිම්බාබ්වේට එරෙහි එක්දින ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ දස්කම් පිළිබඳව සෑහීමකට පත්විය නොහැකි බව ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් ඊයේ පරාජයෙන් පසු පැවැති මාධ්‍ය හමුවේදී පැවැසීය.
“ඔවුන් තුන් ඉරියව්වෙන්ම අපිට වඩා හොඳින් ක්‍රීඩා කළා. අපිට ගොඩක් දේවල් හදාගන්න තියෙනවා. පිත්තෙන් දස්කම් දක්වන විට පන්දුවෙන් අසාර්ථක වෙනවා. හොඳින් පන්දු යවන විට පිතිකරුවන් අසාර්ථක වෙනවා” යැයි මැතිව්ස් පවසයි.
සියලුම තරගවල හොඳින් පන්දුවට පහරදී තීරණාත්මක තරගයේදීම පිතිකරණයෙන් අසාර්ථකවීම පිළිබඳව කනගාටු වන බවද මැතිව්ස් පවසයි.
කණ්ඩායමක් ලෙස පසුගිය මාස කිහිපය තුළ එක දිගටම දස්කම් දැක්වීමට අසමත් වූ බව පවසන මැතිව්ස් ඉදිරි ඉන්දීය තරගාවලියට පෙර හදාගත යුතු බොහෝ දේ ඇති බව පවසයි.
“සියල්ලටම කලින් සිම්බාබ්වේ ටෙස්ට් තරගය පිළිබඳව අවධානය යොමු කළ යුතු බවත් ඉන් පසු ඉන්දීය තරගාවලිය ගැන සිතන බවත් මැතිව්ස් පවසයි.
මෙම තරගයේදී අකිල ධනංජය හොඳින් පන්දු යැවූ බවත් මාලිංගද සිය උපරිමය කළ බවත් මැතිව්ස් පවසයි.

සිව්වැනි එක්දින තරගයේදී ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ දස්කම් ගැන කනගාටු වන බවත් අද තරගයේදී පන්දු යවන්නන් අවදි විය යුතු බවත් නායක ඇන්ජලෝ මැතිව්ස් පැවැසීය.
“අපි ලකුණු 300 ක් රැස් කළා. ඒත් පන්දු යවන්නන්ට එය රැක ගැනීමට නොහැකි වුණා. පන්දු යවන්නන්ගේ නිසි එල්ලයක් තිබුණේ නෑ. පළමු පන්දුවාර 10 තුළ ලබා දුන් ලකුණු ප්‍රමාණයත් වැඩියි” යැයි මැතිව්ස් පවසයි.
වර්ෂාවෙන් පසු අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් වේග පන්දු යවන්නන් යෙදවීමට නොහැකිවීමත් මෙම පරාජයට හේතු වූ බව මැතිව්ස් පැවැසීය.
“ඒ වෙලාවේ එළිය අඩුවුණා. විනිසුරුවරයා වේගපන්දු යවන්නන් යෙදවීමට නොහැකි බව පැවැසුවා. මාලිංගව යොදා ගැනීමට නොහැකි වීම පාඩුවක් වුණා. අවසන් පන්දුවාරවලදී මාලිංග හොඳින්ම පන්දු යවනවා. අවසානයේ ඔවුන් අපේ දඟ පන්දු යවන්නන්ට ප්‍රහාර එල්ල කරලා තරගය දිනුවා.” යැයි මැතිව්ස් පැවැසීය.
එම තරගයේදී කාසියේ වාසිය දිනා පන්දුවට පහර දීමට තීරණය කළේ දෙවැනි භාගයේදී පන්දුව දඟ කැවීම පිළිබඳව බලා‍පොරොත්තුවෙන් බවත් දික්වැල්ල - ධනුෂ්ක ඇතුළු පිතිකරුවන් වගකීම ඉටු කළද පන්දු යවන්නන්ට එය ඉටු කිරීමට නොහැකි වූ බව මැතිව්ස් පවසයි.
අවසන් තරගයේ පීඩනය දැන් ශ්‍රී ලංකා පිලට එල්ල වී ඇති බව පවසන මැතිව්ස් සියලු දෙනාම අද තරගයේදී උපරිම දස්කම් දැක්විය යුතු බවත් මැතිව්ස් පවසයි.
IMAGE

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 1497

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 1775

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 3033

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 1620

SMS මිස්කෝල් ෆෙස්බුක් නිසා කාන්තාවන් 26%ක් ගුටිකති

IMAGE 2018 Jan 15 08:37
සැමියා පහරදීම නිසා කාන්තාවන්ගෙන් සියයට විසිහයක් හිංසනයට ලක්ව ඇත්තේ ජංගම දුරකථනවලට එන කෙටි...
Views - 1943

හැන්දෑවට හඩා වැටෙන සියඹලාගසේ භූතයා

IMAGE 2018 Jan 14 13:05
නිකවැරටියට ආසන්න පිටිසරබද ගම්මානයක භූතයකු අරක්ගත් සියඹලා ගසක් පිළිබඳව මීට වසර කිහිපයකට පෙර...
Views - 3517

Please publish modules in offcanvas position.

Web Analytics
X

Right Click

No right click