Coss Ear2
lakbima.lk
COSS Ear 1

වෙළෙඳ සේවා ක්‍රිකට් සංගමය සංවිධානය කරන වෙළෙඳ සේවා ‘බි’ කොටසේ ක්‍රිකට් තරගාවලිය සඳහා යුනිලීවර් සමූහ ව්‍යාපාරයේ “ෆෙයාර් ඇන්ඩ් ලව්ලි මෙන්” අනුග්‍රහය දැක්වීමට ඉදිරිපත් වී සිටියි.
මෙවර තරගාවලිය සඳහා ජෝන් කීල්ස් ‘බි’, පවර්ටෙක් සිමෙන්ට්, මොබිටෙල් ‘ඒ’, මාස් සිලුයේටා, සිංගර් ශ්‍රී ලංකා ‘ඒ’, කොමර්ෂල් කේ‍රඩිට් ‘බි’ සහ යුනිලීවර් ශ්‍රී ලංකා යන කණ්ඩායම් 7 පළමු වටයේදී ලීග් ක්‍රමයට තරග වදියි.
පළමු වටයේ තරග සැප්තැම්බර් 9 දින සිට ඔක්තෝබර් 4 දින දක්වා පැවැත්වෙන අතර, අවසන් පූර්ව තරග ඔක්තෝබර් 8 සහ 11 යන දිනයන්හිදීද, අවසන් තරගය ඔක්තෝබර් 14 දා පැවැත්වේ.
යුනිලීවර් ෆෙයාර් කෙයාර් ‍‍‍ජ්‍යෙෂ්ඨ සන්නාම කළමනාකරු දමින්ද පෙරේරා මහතා සහ අලෙවි කළමනාකාරිනී (ස්කින් ඇන්ඩ් කෙයාර්) නිලූෂි ජයතිලක මහත්මිය අනුග්‍රාහකත්ව චෙක්පත වෙළෙඳ සේවා ක්‍රිකට් සංගමයේ සභාපති නිරාන් මහවත්ත මහතාට ප්‍රදානය කළ අයුරු ඡායාරූපයෙන් දිස්වේ.
(පමෝද්)

එළැඹෙන පාකිස්තානු ක්‍රිකට් සංචාරයේ ටෙස්ට් තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම තෝරා ගැනීම සඳහා ක්‍රීඩකයන් 25 දෙනකුගෙන් සමන්විත සංචිතයක් නම්කර තිබේ.
මෙම සංචාරයේදී ටෙස්ට් නායකයා ලෙස දිනේෂ්
චන්දිමාල් නම්කර ඇති අතර, සුදු පැහැති පන්දුවෙන් ක්‍රීඩා කිරීම සඳහා සිත යොමුකර ගැනීමට එක්දින සහ 20-20 නායක උපුල් තරංග ටෙස්ට් සංචිතයෙන් මාස 6ක් ඉවත්ව සිටින බව දන්වා ඇති බව ක්‍රිකට් නිවේදනයේ දැක්වේ.
එම ටෙස්ට් සංචිතය මෙසේයි.
දිනේෂ් චන්දිමාල් (නායක), දිමුත් කරුණාරත්න, කෞෂාල් සිල්වා, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, ලහිරු තිරිමාන්න, නිරෝෂන් දික්වැල්ල, සධීර සමරවික්‍රම, රංගන හේරත්, සුරංග ලක්මාල්, නුවන් ප්‍රදීප්, ලක්ෂාන් සඳකැන්, විශ්ව ප්‍රනාන්දු, ලහිරු කුමාර, ජෙෆ්රි වැන්ඩසේ, මිලින්ද සිරිවර්ධන, ධනංජය ද සිල්වා, දුෂ්මන්ත චමීර, දිල්රුවන් පෙරේරා, මලින්ද පුෂ්පකුමාර, රොෂේන් සිල්වා, අකිල ධනංජය, චරිත් අසලංක, ෂමින්ද එරංග, ධම්මික ප්‍රසාද්

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ආර්. ප්‍රේමදාස පිටියේ ඊයේ (3දා) පැවැති අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 6 ක ජයක් ලැබූ ඉන්දියාව තරගාවලිය තරග 5-0 ක් ලෙස ජය ගැනීමට සමත්විය.
මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව පන්දුවාර 49.4 කදී ලකුණු 238 කට දැවී ගිය අතර ඉන්දියාව පන්දුවාර 46.3 කදී කඩුලු 4 ට ලකුණු 239 ක් ලබමින් ජය ගත්තේය.
ඉන්දියාව වෙනුවෙන් විශිෂ්ට පිතිහරඹයක නිරත වූ නායක විරාත් කෝලි සිය 30 වැනි එක්දින ශතකය ලැබූ අතර බුවන‍ෂේවර් කුමාර් ලකුණු 42 ට කඩුලු 5 ක් බිඳ දමමින් ඉන්දීය ජය තහවුරු කළේය.
ලකුණු 239 ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ඉන්දීය කඩුලු 2 ක් ලකුණු 29 ක් තුළ බිඳ වැටුණද කෝලි සහ මනීෂ් පාන්ඩේ තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 99 ක සම්බන්ධතාවක් තැබූ අතර පුෂ්පකුමාර ක්‍රියාත්මක වීමෙන් පාන්ඩේ ලකුණු 36 කට පිටියෙන් ඉවත් විය.
ඉන් පසු පිටියේ එක්වූ කෝලි සහ කෙදර් ජදාව් සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 109 ක සම්බන්ධතාවක් තබමින් පහසු ජයක් වාර්තා කළේය.
සිය 30 වැනි එක්දින ශතකය වාර්තා කරමින් 2017 වසරේ ලකුණු 1000 සීමාව පසු කළ විරාත් කෝලි පන්දු 116 කදී හතරේ පහර 9 ක් සහිතව නොදැවී ලකුණු 110 ක් වාර්තා කළ අතර කෙදර් ජදාව් ලකුණු 63 ක් ලබා ගත්තේය.
ශ්‍රී ලංකාව වෙනුවෙන් වේගවත් ආරම්භයක් ලබා දෙමින් පන්දු 34 කදී හතරේ පහර 9 ක් සහිතව ලකුණු 48 ක් වාර්තා කිරීමට උපුල් තරංග සමත්වූ අතර දික්වැල්ල සහ මුණවීර අසාර්ථක වුහ.
ඉන් පසු පිටියේ එක්වූ තිරිමාන්න සහ මැතිව්ස් ශ්‍රී ලංකා ඉනිම ගොඩනංවමින් සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 122 ක සම්බන්ධතාවක් තැබුවද බුවන‍ෂේවර් තිරිමාන්න දවා ගැනීමත් සමගම ඉනිම බිඳ වැටුණි.
කිරිමාන්න පන්දු 102 කදී හතරේ පහර 3 ක් සහ හයේ පහරක් සහිතව ලකුණු 67 ක් ලබා ගත් අතර මැතිව්ස් පන්දු 98 කදී හතරේ පහර 4 ක් සහිතව ලකුණු 55 ක් ලබා ගත්තේය.
ඉන් පසු පැමිණි කිසිදු පිතිකරුවෙකු සාර්ථක නොවූ අතර ශ්‍රී ලංකා ඉනිම ලකුණු 238 කට අවසන් විය.
පන්දුවෙන් දස්කම් දැක්වූ බුවන‍ෂේවර් කුමාර් ලකුණු 42 ට කඩුලු 5 ක් බිඳ හෙලූ අතර බුම්රා කඩුලු 2 ක් බිඳ දැමීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මේ වනවිට පෙන්වන පසුබෑම් ස්වරූපය වෙනස් කර ජයග්‍රහණය සඳහා නව මගට ගැනීමේ අරමුණෙන් පැවැත්වෙන විශේෂ වැඩමුළුව සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පසුබෑමට හේතුවන කරුණු පිළිබඳ අදහස් ලිඛිතව දන්වන මෙන් ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධ ප්‍රවීණයන්, විද්වතුන් සහ ක්‍රීඩා ලෝලීන්ගෙන් ක්‍රීඩා අමාත්‍යාංශය ඉල්ලා සිටියි.
ජාතික ක්‍රීඩා සභාවේ සභාපති මිල්ටන් අමරසිංහ, කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රංජිත් බණ්ඩාර, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සමන් බණ්ඩාර, ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සැප්තැම්බර් 15දා පෙරවරු 9 සිට පස්වරු 4 දක්වා වෝටර්ස් එජ්හිදී මෙම වැඩමුළුව පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩල සභාපතිවරු, හිටපු අන්තර් ක්‍රිකට් පාලක මණ්ඩල සභාපතිවරු සහ ‍ලේකම්වරු, හිටපු ජාතික ක්‍රිකට් නායකයින්, ‍‍‍ජ්‍යෙෂ්ඨ ක්‍රීඩා මාධ්‍යවේදීන්, ක්‍රිකට් තේරීම් කමිටුවේ වත්මන් සභාපති සහ හිටපු සභාපතිවරුන්, ජාතික ක්‍රිකට් පුහුණුකරුවන්, ජාතික ක්‍රීඩාවන් සම්බන්ධ ජාත්‍යන්තර තලයේ අත්දැකීම් ඇති ප්‍රවීණයන් සහ දිස්ත්‍රික්-පළාත් ක්‍රිකට් සංගම් සභාපතිවරුන් මේ සඳහා සහභාගි වීමට නියමිත බව ක්‍රීඩා අමාත්‍යාංශය නිවේදනය කර සිටියි.
සභාපති, ජාතික ක්‍රීඩා සභාව, ක්‍රීඩා අමාත්‍යාංශය, අංක 9, පිලිප් ගුණවර්ධන මාවත, කොළඹ 7 දරන ලිපිනය හෝ slcricket.workshop@gmail.com විද්‍යුත් තැපැල් ලිපිනය ඔස්සේ අදහස් යොමු කළ හැකි බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්වේ.

ක්‍රිකට් ක්‍රීඩාවේ පහසුකම් නංවාලීමේ සහ වැඩිදියුණු කිරීමේ අරමුණෙන් ටියර් ‘ඒ’ සහ ටියර් ‘බි’ ක්‍රීඩා සමාජ වෙත නවීනතම ක්‍රීඩා පිටි සැකසීමේ සහ නඩත්තු කිරීමේ උපකරණ ප්‍රදානය කිරීම ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි.
මෙම වැඩපිළිවෙළේ පළමු අදියර යටතේ රුපියල් ලක්ෂ 50කට වැඩි වටිනාකමකින් යුත් අත් ට්‍රැක්ටර්, තණතීරු කැපීමේ යන්ත්‍ර, රෝලර් යන්ත්‍ර, තණතීරු ආවරණ, මායිම් සලකුණු ලණු ඇතුළු ක්‍රීඩාංගණ පහසුකම් උපකරණ රැසක් ක්‍රීඩා සමාජ 14ක් වෙත ප්‍රදානය කෙරුණි.
මීට අමතරව සහනදායී පිරිවැය යටතේ දිගුකාලීන යළි අයකරගැනීමේ සැලැස්මක් අනුව ටොන් 2ක් බරැති ද්විත්ව ඩ්‍රම් රෝලර් යන්ත්‍රද මෙහිදී ක්‍රීඩා සමාජ වෙත පිරිනැමුණි.

ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා ක්‍රීඩා සමාජයකට අදාළ උපකරණ පිරිනැමූ අයුරු ඡායාරූපයෙන් දිස්වේ.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සිව්වැනි එක්දින ක්‍රිකට් තරගය අද (31දා) කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
තෙවැනි තරගයට නායකත්වය ලබාදුන් චාමර කපුගෙදර ආබාධයකට ගොදුරු වීම නිසා අද ශ්‍රී ලංකා පිල මෙහෙයවීම ලසිත් මාලිංගට පවරා තිබේ.
තරගය පිළිබඳව අදහස් දක්වන ශ්‍රී ලංකා නායක ලසිත් මාලිංග පවසන්නේ තරගය පිළිබඳව කිසිම පීඩනයක් නොමැති බවත්, සියලුම ක්‍රීඩකයන් සටනට සූදානමින් පසුවෙන බවයි.
“මට කිසිම පීඩනයක් නෑ. මීට වඩා පීඩන යටතේ මම පන්දු යවා තියෙනවා. සෙසු ක්‍රීඩකයන්ටත් පීඩනයක් ඇති නොවන විදිහට මනස හදනවා. එවිට අපිට හොඳ ප්‍රතිඵලයක් ලැබෙයි.” යැයි මාලිංග පවසයි.
මෙම තරගයේදී කණ්ඩායම මෙහෙයවීම තමන්ට අභියෝගයක් බවත්, මෙවන් අභියෝගවලට තමා සැමවිටම කැමැත්තක් දක්වන බවත් මාලිංග පවසයි. 
“මේක මට අභියෝගයක්. තරග තුනක් පැරදිලා ඉන්නේ. ඒත් අපි ඔක්කොම එකතු වුණොත් අද යමක් කරන්න පුළුවන් වෙයි. හැමෝටම ඒ ගැන ලොකු විශ්වාසයක් තියෙනවා.” යැයි මාලිංග පවසයි.
ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ දක්ෂතා අඩුවක් නොමැති බවත් භාවිතා කිරීමේ යම් අඩුපාඩු ඇති බවත් එය නිවැරදි කර ගත යුතු බවත් මාලිංග පවසයි. 
සමුගැනීම පිළිබඳව ඇසූ පැනයට පිළිතුරු දුන් මාලිංග පවසන්නේ 2020 වනතෙක් ක්‍රීඩා කිරීමට තමන් බලා‍පොරොත්තුවෙන් පසුවන බවයි. 
මේ අනුව එක්දින කඩුලු 300ට එක් කඩුල්ලක් පසුපසින් සිටින ලසිත් මාලිංග අද නායකත්වය දරමින් එම කඩඉම පසු කිරීමට බලා‍පොරොත්තුවෙන් පසුවෙයි.
අද තරගයේදී ආබාධයකට ගොදුරු වී සිටින ධනුෂ්ක ගුණතිලක ආවරණය කිරීමට ඩිල්ෂාන් මුණවීර කණ්ඩායමට කැඳවා තිබේ. ධනුෂ්ක ගුණතිලකගේ තත්ත්වය අනුව හෙට පෙරවරුවේ ඉනිම ආරම්භ කරන පිතිකරුවා තීරණය කිරීමට නියමිතව තිබේ.
තරගාවලිය ජයගෙන සිටින බැවින් අද ඉන්දීය පි‍ලේ ක්‍රීඩකයන් කිහිපදෙනකු විවේක ගන්වා සෙසු ක්‍රීඩකයන්ට අවස්ථාවක් ලබාදීමට නියමිත බවද පැවසේ.
කෙසේ වුවද අද දහවල් තණතීරුව පරීක්ෂා කිරීමෙන් පසු කණ්ඩායම් දෙකම අවසන් තීරණය ගැනීමට අපේක්ෂාවෙන් පසුවෙයි.
මේ අතර අද තරගය සඳහා දැඩි ආරක්ෂාවක් යෙදවීමට පියවර ගෙන තිබිම කැපී පෙනෙයි.
 
ශ්‍රී ලංකා එක්දින සංචිතය
ලසිත් මාලිංග (නායක), ඇන්ජලෝ මැතිව්ස්, නිරෝෂන් දික්වැල්ල, ලහිරු තිරිමාන්න, ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, මිලින්ද සිරිවර්ධන, මලින්ද පුෂ්පකුමාර, අකිල ධනංජය, ලක්ෂාන් සඳකැන්, තිසර පෙරේරා, වනිඳු හසරංග,  දුෂ්මන්ත චමීර, විශ්ව ප්‍රනාන්දු, ඩිල්ෂාන් මුණවීර
 
ඉන්දීය එක්දින සංචිතය
විරාත් කෝලි (නායක), ෂිකර් ධවාන්, ලෝකේෂ් රාහුල්, රෝහිත් ෂර්මා, අජින්ක්යා රහානේ, එම්.එස්. දෝනි, හාර්දික් පාන්ඩ්යා, අක්ෂාර් පටෙල්, කුල්දීප් යදාව්, බුවනේෂ්වර් කුමාර්, ජස්ප්‍රිට් බුම්රා, මනීෂ් පාන්ඩේ, යස්වෙන්දර් චහාල්, කෙදර් ජදාව්, ෂර්දුල් තකූර්
 
මංගල ධර්මප්‍රේම

IMAGE

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 2213

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 1232

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 5390

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 3116

ලංකාවේ අන්තිම රජු සැඟවූ නිධානය කෝ?

IMAGE 2018 Feb 19 11:34
මහනුවර රජ කළ රාජාධිරාජසිංහ රජුට බිසෝවරුන් කිහිප දෙනෙක්ම සිටියහ. ඔවුන් අතර අලමේලු අම්මා,...
Views - 5209

රඟපෑමෙන් සමුගත් හේතුව නදීකා කියයි

IMAGE 2018 Feb 19 10:41
“චංචල රේඛා” චිත්‍රපටයේ “දං චූටි” නාඳුනන කෙනෙක් එදා සිනමා ලෝලීන් අතර හිටියේ නැහැ....
Views - 6469

Please publish modules in offcanvas position.