Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

එංගලන්තය සහ දකුණු අප්‍රිකව අතර කාඩිෆ්හි පැවැති තෙවැනි 20-20 තරගයෙන් ලකුණු 19ක ජයක් වාර්තා කළ එංගලන්තය තරගාවලිය 2-1ක් ලෙස ජය ගැනීමට සමත් විය.
මුලින්ම පන්දුවට පහර දුන් එංගලන්තය පන්දුවාර 20දී කඩුලු 8ට ලකුණු 181ක් ලබාගත් අතර, දකුණු අප්‍රිකාවට පන්දුවාර 20දී කඩුලු 7ට ලබාගත හැකිවූයේ ලකුණු 162ක් පමණි.
සිය මංගල 20-20 තරගයට සහභාගි වූ ඩේවිඩ් මලන් පන්දු 44කදී හතරේ පහර 12ක් සහ හයේ පහර 2ක් සහිතව ලකුණු 78ක් ලබා තරගයේ වීරයා සම්මානය දිනා ගත්තේය.
ලකුණු තත්ත්වය :
එංගලන්තය පන්දුවාර 20දී - 181/8යි
ඩේවිඩ් මලන් 78, ඇලෙක්ස් හේල්ස් 36, ජොස් බට්ලර් 31, ඩේන් පීටර්සන් 32/4, පෙලුක්වායෝ 44/2
දකුණු අප්‍රිකාව පන්දුවාර 20දී - 162/7යි
ජේ.ජේ. ස්මට්ස් 29, ඒ.බි, ඩිවිලියර්ස් 35, මොසා‍ලේ 36, පෙලුක්වායෝ නොදැවී 27, ක්‍රිස් ජෝඩ්න් 31/3, ටොම් කරන් 22/2.

මාස 15 ක් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ ග්‍රැහැම් ෆෝඩ් සිය තනතුරින් ඉල්ලා අස්වී තිබේ.
පසුගිය චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයෙන්ම ඉවත් වීමට ශ්‍රී ලංකා පිලට සිදුවූ අතර ඉන් පසු ශ්‍රී ලංකාවට පැමිණි ෆෝඩ් නිවාඩු ලබා සිය රට බලා ගොස් තිබුණි. 
ඉන් පසු සිය ඉල්ලා අස්වීමේ තීරණය ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත භාරදී තිබූ අතර එය පිළිගැනීමට තීරණය විය. ෆෝඩ් 2019 ලෝක කුසලාන තෙක් ගිවිසුම් ගතව සිටියේය.
ෆෝඩ් යටතේ ශ්‍රී ලංකාව පසුගිය වසරේ ලොව අංක 1 ටෙස්ට් කණ්ඩායම වූ ඕස්ට්‍රේලියාව තරග 3-0 කින් පරාජය කිරීමට සමත්වූ අතර ඕස්ට්‍රේලියාවේ පැවැති 20-20 තරගාවලියෙන් තරග 2-1 ක ජයක් වාර්තා කිරීමට සමත්විය.
ෆෝඩ්ගේ ඉවත්ව යාම පිළිබඳව කනගාටුව පළකරන බවත් ඔහු ලබාදුන් සහයට ස්තූතිවන්ත වන බවත් ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා පවසයි.
“ඔහු ශ්‍රී ලංකා පිලට ලබාදුන් සියලුදේට ස්තූතියි. ඔහු අපිට අවශ්‍ය අවස්ථාවේ සහය දුන්නා. ඔහු හොඳ මහත්මයෙක්. ඉවත්ව යාම ගැන කනගාටුයි. ඔහුගේ ඉදිරි කටයුතු සාර්ථක වෙන්න සුබ පතනවා” යැයි සුමතිපාල මහතා පවසයි.
පසුගිය මාස 15 ක කාලයක් තුළ ශ්‍රී ලංකාවේ තරුණ ක්‍රීඩකයන් සමග වැඩ කිරීමට ලැබිම සතුටට කරුණක් බවත් ශ්‍රී ලංකාව පිළිබඳව මතකයන් සැමදා තම හදවතේ ඇති බවත් ෆෝඩ් පවසයි. ඉදිරිය පිළිබඳව තමා ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට සුබ පතන බවද ෆෝඩ් පවසයි.
ශ්‍රී ලංකාවේ මීළඟ තරගාවලිය වන සිම්බාබ්වේ තරගාවලිය ලබන 30 දා ගාල්ලේදී ආරම්භ වෙයි.

 
චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයෙන් පරාජයට පත්වූ ඉන්දීය කණ්ඩායමේ පුහුණුකරු අනිල් කුම්බ්‍ලේ සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී තිබේ.
ලබන සතියේදී බටහිර ඉන්දීය කොදෙව් සංචාරයක නිරතවීමට නියමිත ඉන්දීය පි‍ලේ පුහුණුකරු ලෙස කුම්බ්‍ලේ නම්කර තිබූ අතර, මේ අනුව එම තරගාවලිය සඳහා නව පුහුණුකරුවකු පත් කිරීමට සිදුවී තිබේ.
පසුගිය මාසයේදී ඉන්දීය පුහුණුකරු තනතුර සඳහා අයැදුම්පත් කැඳවා තිබූ අතර, එයට කුම්බ්‍ලේද අයැදුම්පතක් ඉදිරිපත් කර තිබුණි.

සිංගර් ශ්‍රී ලංකා සමාගමේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අවු. 15න් පහළ අන්තර් පාසල් පළමු කොටසේ ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ තරගයකදී සජිත්ද සිල්වා සහ විනුක දම්සිත්ගේ විශිෂ්ට පන්දු යැවීමෙන් රාගම බැසිලිකාට එරෙහිව ඉනිමක සහ ලකුණු 48ක ජයක් වාර්තා කිරීමට කොළඹ ආනන්ද විදුහල සමත් විය.
වමතින් පා දඟ පන්දු යවන සජිත් ද සිල්වා පළමු ඉනිමේදී ලකුණු 8ට කඩුලු 6ක් සහ දෙවැනි ඉනිමේදී ලකුණු 21ට කඩුලු 2ක් බිඳ හෙලූ අතර, දකුණතින් මදවේග පන්දු යවන විනුක දම්සිත් පළමු ඉනිමේදී ලකුණු 11ට කඩුලු 3ක්ද, දෙවැනි ඉනිමේදී ලකුණු 9කට කඩුලු 5ක්ද බිඳ හෙළමින් ආනන්ද විදුහල් ජය තහවුරු කළේය.
මෙම තරගවලදී කොළඹ ලුම්බිණි, ශා. සර්වේෂස්, රිච්මන්ඩ්, වේල්ස් කුමර, මහින්ද සහ රාහුල යන විදුහල් කණ්ඩායම් පළමු ඉනිමේ ජය වාර්තා කළේය.
 
ආනන්ද-රාගම බැසිලිකා
 
බැසිලිකා: පළමු ඉනිම - 61 (පන්දුවාර 27.3) ඩිනාල් නොයෙල් 29, සජිත් ද සිල්වා 6/8, විනුක දම්සිත් 3/11
ආනන්ද: පළමු ඉනිම - 161/6 (පන්දුවාර 19.5) දමිත් හංසජ 64, විනුජ විජේබණ්ඩාර 24, අනුධ ජයවීර 2, ඩිලාන් නොයෙල් 3/58
බැසිලිකා: දෙවැනි ඉනිම - 52 (පන්දුවාර 20.3) විනුක දම්සිත් 5/9, සජිත් ද සිල්වා 2/21, ශවිඳු බණ්ඩාර 2/0
ආනන්දයට ඉනිමක සහ ලකුණු 48ක ජයක්.
 
විද්‍යාර්ථ-මලියදේව
 
මලියදේව: පළමු ඉනිම - 201/8 (පන්දුවාර 53) මතීෂ වීරසිංහ 66, ලක්ෂාන් ශිවරත්න 38, නිඛිල ධර්මදාස 37, පසන් ප්‍රභාෂ්වර 5, ආදිත්‍ය කලන්පිටිය 2/34, භාෂිත කලංසූරිය 2/45, ශ්‍යාමාල් වෙල්ගමගේ 2/51
විද්‍යාර්ථ: පළමු ඉනිම - 111/6 (පන්දුවාර 47) ශ්‍යාමාල් වෙල්ගමගේ 49, අනූපම ගජසිංහ 3/29
තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය.
 
ලුම්බිණි-අසෝක
 
ලුම්බිණි: පළමු ඉනිම - 233/8 (පන්දුවාර 53) කවීන් කරුණාරත්න 62, දසුන් මහබුලත්ගේ 60, ගයාන් උදාර 33, ළහිරු විතානගේ 3/64
අසෝක: පළමු ඉනිම - 223 (පන්දුවාර 44) ළහිරු විතානගේ 57, නෙත්සළු රඳුල් 56, දිනිඳු සචින්ත 4/35, දසුන් මහබුලත්ගේ 2/28
ලුම්බිණියට පළමු ඉනිමේ ජයක්.
 
ශා. සර්වේෂස්-ශ්‍රී දේවානන්ද
ශ්‍රී දේවානන්ද: පළමු ඉනිම - 103 (පන්දුවාර 45.1) බුද්ධි එරන්දික 43, තිසරු ආදිත්‍ය 3/24, ෂෙහාන් දිල්හාර 2/9, අශේන් සඳහිරු 2/9, තිසර පැහැසර 2/27
ශා. සර්වේෂස්: පළමු ඉනිම - 174/5 (පන්දුවාර 52) හිරුන් අංජන 59, තිසරු ආදිත්‍ය නොදැවී 50, ෂෙහාන් දිල්හාර 23, කවීෂ කල්පන 2/22 ශා. සර්වේෂස්ට පළමු ඉනිමේ ජයක්.
 
රිච්මන්ඩ්-කරන්දෙණිය ම.ම.වි.
රිච්මන්ඩ්: පළමු ඉනිම-203/9 (පන්දුවාර 45) නිර්මාල් නන්දික 74, නිදුල හංසජ 39, මල්ෂ රන්දිල 4/26, ඉෂාන් ප්‍රමෝද්‍ය 3/83
කරන්දෙණිය ම.ම.වි.: පළමු ඉනිම - 123 (පන්දුවාර 34.5) ඉෂාන් ප්‍රමෝද්‍ය 47, මල්ෂ රන්දිල් 17, පුළිඳු නදීජ 5/45, අචින්ත ඉෂිවර 2/9, යසිඳු නෙත්සර 2/26
රිච්මන්ඩ්: දෙවැනි ඉනිම - 187/3 (පන්දුවාර 20) චිරත් දිල්සර 77, භානුක මනෝහර 69, නිර්මාල් නන්දික 27
රිච්මන්ඩ්ට පළමු ඉනිමේ ජයක්.
 
වේල්ස් කුමර-කොළඹ කේරි
කේරි: පළමු ඉනිම - 79 (පන්දුවාර 39.1) විරංග යෙෂාන් 30, අශාන් ප්‍රනාන්දු 3/10, විනුජ රන්පුල් 2/20
වේල්ස් කුමර: පළමු ඉනිම - 167/8 (පන්දුවාර 36.2) පසිඳු පැතුම් 63, දිනුර ප්‍රනාන්දු 44, පුබුදු වැල්ලගිරිය 3/22, ඩෙනම් මිලර් 2/31
කේරි: දෙවැනි ඉනිම - 94/3 (පන්දුවාර 30) විරංග යෙෂාන් නොදැවී 29, පුබුදු වැල්ලගිරිය 28
වේල්ස් කුමරයට පළමු ඉනිමේ ජයක්.
 
මහින්ද-මාතර ශා. තෝමස්
ශා. තෝමස්: පළමු ඉනිම - 102 (පන්දුවාර 45.4) හිරන්ත ජයසිංහ 36, වෝෂිත අමරසිංහ 20, ච්ෙතිය ගුණසේකර 4/28, කුෂාන් මධූෂ 4/31 
මහින්ද: පළමු ඉනිම - 111/8 (පන්දුවාර 45) කෝසල උදයංග නොදැවී 39, නවෝද් පරණවිතාන 19, සඳෙව් ඉඳුවර 18, සචිර රශ්මික 5/35 
මහින්දයට පළමු ඉනිමේ ජයක්.
 
රාහුල-දේවපතිරාජ 
දේවපතිරාජ: පළමු ඉනිම - 147 (පන්දුවාර 32) සුධීර වීරරත්න 45, සහන් මධුසංක 32, ජීවක ශෂීන් 22, සසංක නිර්මාල් 16, පවන් සංදේශ් 16, හිරුණ සංදේෂ් 3/30, ඔවින් නුහංසිත් 3/56
රාහුල: පළමු ඉනිම - 191 (පන්දුවාර 39.4) අවිෂ්ක මධුසංක 80, ඔවින් නුහංසිත් 54, පවන් සංදේශ් 5/63, ජීවක ශෂීන් 3/68
දේවපතිරාජ: දෙවැනි ඉනිම - 160/6 (පන්දුවාර 17) සසංක නිර්මාල් නොදැවී 49, පවන් සංදේශ් 26, නිතින් චමුද 25, සුධීර වීරරත්න 21, විශ්මිත රශ්මින් 2/50
රාහුලයට පළමු ඉනිමේ ජයක්.

කාන්ත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පුහුණු තරග යටතේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පුහුණු තරගය අද (21දා) චෙස්ටර්ෆීල්ඩ්හිදී පැවැත්වේ.
ශ්‍රී ලංකා කාන්තා පිල ඉනෝකා රණවීර විසින් මෙහෙයවනු ලබන අතර, ඉන්දීය කාන්තා පිල මිතලි රාජ් විසින් මෙහෙයවනු ලබයි.
මෙම තරගාවලියේ පුහුණු තරග යටතේ පැවැති පළමු පුහුණු තරගයෙන් එංගලන්තය හමුවේ කඩුලු 8ක පරාජයක් අත්විඳීමට ශ්‍රී ලංකාවට සිදුවිය.
මෙම තරගයේදී මුලින්ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව පන්දුවාර 47.2කදී ලකුණු 155කට දැවී ගිය අතර, එංගලන්තය පන්දුවාර 30.2කදී කඩුලු 2ට ලකුණු 156ක් ලබමින් ජය වාර්තා කළේය.
එංගලන්තය වෙනුවෙන් සාර්ථක පිතිහරඹයක නිරත වූ සාරා ටේලර් පන්දු 56කදී හතරේ පහර 5ක් සහිතව නොදැවී ලකුණු 49ක් වාර්තා කළ අතර, ලොරේන් වින්ෆීල්ඩ් (35), ටමී බිමවුන්ට් (31) සහ හීතර් නයිට් (නොදැවී 32) පිත්තෙන් දස්කම් දැක්වූහ.
මුලින්ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව වෙනුවෙන් චමරි අතපත්තු ලකුණු 33ක්ද, ප්‍රසාදිනී වීරක්කොඩි ලකුණු 23ක්ද වාර්තා කිරීමට සමත් විය.
එංගලන්තය වෙනුවෙන් ආන්යා ෂබ්සෝ‍ලේ කඩුලු 3ක්ද, කැත්රින් බ්‍රන්ට් කඩුලු 2ක්ද බිඳ හෙලූහ.
මේ අතර පුහුණු තරග යටතේ ඉන්දියාව මුහුණ දුන් පළමු තරගයෙන් නවසීලන්තය හමුවේ කඩුලු 7ක පරාජයක් ලැබිය.
මුලින්ම පන්දුවට පහර දුන් ඉන්දියාව පන්දුවාර 45.1කදී ලකුණු 130කට දැවී ගිය අතර, නවසීලන්තය පන්දුවාර 26.3කදී කඩුලු 3ට ලකුණු 133ක් වාර්තා කරමින් ජය ගත්තේය.
නවසීලන්තය වෙනුවෙන් රචෙල් පී්‍රස්ට් ලකුණු 52ක්ද, සුසී බේට්ස් ලකුණු 30ක්ද, කෙටී මාටින් නොදැවී ලකුණු 29ක්ද වාර්තා කළේය.
මුලින්ම පන්දුවට පහර දුන් ඉන්දියාව වෙනුවෙන් පූනම් රාවත් ලකුණු 33ක්ද, මෝනා ම‍ෂේරාම් නොදැවී ලකුණු 30ක්ද ලබා ගත්තේය.
නවසීලන්තය වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ ඇනා පීටර්සන්, එරින් බර්මින්හැම් සහ ඇනා රෝව් කඩුලු දෙක බැගින් බිඳ හෙලූහ. 
 
ශ්‍රී ලංකා - එංගලන්ත
 
පුහුණු තරගය 
ශ්‍රී ලංකාව පන්දුවාර 47.2කදී - 155යි
නිපුනි හංසිකා 3, හසිනි පෙරේරා 20, චමරි ‍පොල්ගම්‍පොල 1, චමරි අතපත්තු 33, දිලිණි මනෝදරා 9, ප්‍රසාදිනී වීරක්කොඩි 23, ශෂිකලා සිරිවර්ධන 17, ඒෂානි කෞෂල්‍යා 14, ශ්‍රීපාලි වීරක්කොඩි 0, චන්දිමා ගුණරත්න 20, උදේෂිකා ප්‍රබෝධනී 6, කැත්රින් බ්‍රන්ට් 44/2, ෂබ්සෝ‍ලේ 27/3
 
එංගලන්තය පන්දුවාර 30.2කදී - 156/2යි
වින්ෆීල්ඩ් 35, බිමවුන්ට් 31, සාරා ටේලර් නොදැවී 49, හීතර් නයිට් නොදැවී 32, ඉනෝකා රණවීර 21/1, ඕෂධී රණසිංහ 25/1

 

සිංගර් ශ්‍රී ලංකා සමාගමේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන ‘සිංගර් කුසලාන’ අවු. 17න් පහළ අන්තර් පාසල් පළමු කොටසේ ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේදී වෙන්නප්පුව ශා. ජෝශප් වාස් අපරාජිතව සිය 6 වැනි ජයග්‍රහණ වාර්තා කළේය.
ජෝශප් වාස් ජයග්‍රහණය වෙනුවෙන් විශිෂ්ට පිතිහරඹයක නිරත වූ නිපුන් ධනංජය කටුනේරිය ශා. සෙබස්තියන් විද්‍යාලයට එරෙහිව පන්දු 123කදී හතරේ පහර 17ක් සහ හයේ පහර 5ක් සමගින් නොදැවී ලකුණු 148ක් රැස් කළේය.
මීට අමතරව කුරුණෑගල ශා. ආනා විද්‍යාලයේ  ලසිත් වර්ණකුලසූරිය මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලයට එරෙහිව පන්දු 137කදී හතරේ පහර 22ක් සහ හයේ පහර 2ක් සමගින් ලකුණු 150ක් රැස් කළේය.
මෙම තරගවලදී ජෝශප් වාස්, කුරුණෑගල ශා. ආනා, මහනුවර ධර්මරාජ, දෙබරවැව ජාතික පාසල, රත්ගම දේවපතිරාජ, මාතර ශා. සර්වේෂස්, කොළඹ තර්ස්ටන්, කොටහේන ශා. බෙනඩික්ට් සහ කොළඹ නාලන්දා ජය වාර්තා කළේය.
 
ජෝශප් වාස්-කටුනේරිය ශා. සෙබස්තියන් 
ශා. ජෝශප් වාස්: 275/8 (පන්දුවාර 50) නිපුන් ධනංජය නොදැවී 148, ඩිල්ෂාන් පෙරේරා 36, කළණ ප්‍රනාන්දු 35, දමිත් කෝසල 2/61
ශා. සෙබස්තියන්: 178/8 (පන්දුවාර 50) කවිෂ්ක නවෝද් 31, ෂෙනාල් ක්‍රිෂ්මාල් 28, ශලිඳු ලියනපතිරණ 4/27, යොහාන් පීරිස් 2/25
ජෝශප් වාස්ට ලකුණු 97ක ජයක්.
 
කුරුණෑගල ශා. ආනා-කිංග්ස්වුඩ්
ශා. ආනා: 222 (පන්දුවාර 49.2) ලසිත් වර්ණකුලසූරිය 150, ලක්මාල් ද සිල්වා 3/40, ඩී. 
ධනුෂ්ක 2/21
කිංග්ස්වුඩ්: 114 (පන්දුවාර 31.5) හර්ෂණ වික්‍රමසිංහ 36, කවිඳු රණසිංහ 5/30, හිරුෂ ද සිල්වා 2/11
ශා. ආනාට ලකුණු 108ක ජයක්.
 
මහනුවර ධර්මරාජ-මහනුවර විද්‍යාර්ථ 
විද්‍යාර්ථ: 114 (පන්දුවාර 35) මෙදුනක විජේතිලක නොදැවී 41,  උපේන්ද්‍ර වර්ණකුලසූරිය 3/23, යසිත සමරරත්න 2/15
ධර්මරාජ: 116/3 (පන්දුවාර 21.5) ච්ෙතිය ඒකනායක නොදැවී 50
මහනුවර ධර්මරාජයට කඩුලු 7ක ජයක්.
 
දෙබරවැව ජාතික පාසල-මාතර රාහුල
රාහුල: 151 (පන්දුවාර 49.5) ළකිඳු චමෝද්‍ය 40, චමුදිත ඩිල්ෂාන් 36, රිෆ්නාස් සුඩීන් 4/28, චතුක මංජුල 3/9, හංසක ලක්ෂාන් 2/17
දෙබරවැව ජාතික පාසල: 156/1 (පන්දුවාර 23) ඉෂාන් අරවින්ද නොදැවී 75, එෂාන් විජේවර්ධන 68
දෙබරවැව ජාතික පාසලට කඩුලු 9ක ජයක්.
 
රත්ගම දේවපතිරාජ-ගාල්ල විද්‍යාලෝක
විද්‍යාලෝක: 159 (පන්දුවාර 46) හංසක කමාෂ් 44, චලික ඔෂාන්ත 27, රමුදිත දිසල් 20, සංජු ලක්ෂාන් 18, සමිත භානුක 3/37, පැතුම් මධුසංක 2/18, කල්ප ච්ෙතිය 2/42
දේවපතිරාජ: 162/9 (පන්දුවාර 36.2) තිසර ඩිල්ෂාන් 31, නවීන් ඩිල්ෂාන් 24, ටෂේන් ඩිලක්ෂණ නොදැවී 18, චාමික සඳරුවන් 16, කවිඳු මධුසංක 15, තප්ත ඉවෝන් 2/18, නදිරු ඉෂාන් 2/26, හංසක කමාෂ් 2/42
දේවපතිරාජයට එක් කඩුල්ලක ජයක්.
 
ශා. සර්වේෂස්-පී. ද එස්. කුලරත්න
ශා. සර්වේෂස්: 226 (පන්දුවාර 48.2) සිසිර ලක්වින් 77, ශෂික දුල්ෂාන් 34, ච්ෙතක දෙනුවන් 22, කල්ප හර්ෂජිත් 2/21
පී. ද එස්. කුලරත්න: 154/8 (පන්දුවාර 50) කුමිඳු නිල්හාර 61, කේෂර නුවන්ත 4/51, නවීන් සාහිත් 3/25
ශා. සර්වේෂස්ට ලකුණු 72ක ජයක්.
 
ශා. පීතර-වෙස්ලි
වෙස්ලි: 109 (පන්දුවාර 30) මොවින් සුබසිංහ 37, රාහුල් ගුණසේකර 20, මොනිල් සිල්වා 3/19
ශා. පීතර 113/3 (පන්දුවාර 20.2)
ෂැනොන් ප්‍රනාන්දු 50, රන්මිත් ජයසේන නොදැවී 39, ශෂී සෝමරත්න 2/15
ශා. පීතරයට කඩුලු 7ක ජයක්.
 
තර්ස්ටන්-වත්තල ශා. අන්තෝනි 
තර්ස්ටන්: 181/9 (පන්දුවාර 50) ටිතිර වීරසිංහ 29, ජයවිහාන් මහාවිතාන 26, ශලක බණ්ඩාර 26, සුපුන් ජයසිංක 3/48
ශා. අන්තෝනි: 121 (පන්දුවාර 49.3) රශ්මික මෙවන් නොදැවී 66, ශලක බණ්ඩාර 4/31, චිත්‍රාල් සිල්වා 2/10
තර්ස්ටන්ට ලකුණු 60ක ජයක්.
 
ශා. බෙනඩික්ට්-කැලණිය ගුරුකුල
ගුරුකුල: 158 (පන්දුවාර 48) ප්‍රවීන් නිමේෂ් 39, ලක්ෂාන් සසංක 23, මහීෂ් තීක්ෂණ 4/22, කවිරු පෙරේරා 2/31, විහඟ රුවනාර 2/28
ශා. බෙනඩික්ට්: 164/6 (පන්දුවාර 27) මහීෂ් තීක්ෂණ නොදැවී 53, ඉමේෂ් ප්‍රනාන්දු නොදැවී 27, බ්‍රයන් ජෝන්පුල්‍ලේ 26, විහඟ රුවනාර 24, ප්‍රවීන් නිමේෂ් 2/25, කවිඳු සදරුවන් 2/32
කොටහේන ශා. බෙනඩික්ට් විද්‍යාලයට කඩුලු 6ක ජයක්.
 
කොළඹ නාලන්දා - කොළඹ ඩිලාසාල් 
නාලන්දා: 130/7 (පන්දුවාර 30) රනිඳු ද සිල්වා 50, චමිඳු විජේසිංහ 29, ඉඳුවර පෙරේරා 2/26, නේෂික පෙරේරා 2/30, අයෝජිත් පැතුම් 2/34
ඩිලාසාල්: 94/8 (පන්දුවාර 32.1) ධනංජය පෙරේරා 25, රවිඳු සංදීප 23, රුෂාර භානුක 2/6, චමිඳු විජේසිංහ 2/13
නාලන්දාවට පැරබෝලා ක්‍රමයට ලකුණු 57ක ජයක්.
 
පමෝද් ලසන්ත
IMAGE

සැමියාගේ බිමත්කම සහ නොගැළපීම නිසයි විවාහය බිඳ වැටුණේ

IMAGE 2017 Nov 23 13:33
තිලකා රණසිංහගේ ජීවිතයේ වඩාත්ම සතුටු වූ අවස්ථාව හා වැඩියෙන්ම දුක් වූ අවස්ථාව සිහිපත් කරන්න...
Views - 3962

ලංකාව හැර ගිය නතාෂා ආපහු ඇවිත් කියපු කතාව

IMAGE 2017 Nov 23 08:03
නතාෂා පෙරේරා පහුගිය කාලයේ වැඩිපුර දකින්නට ලැබුණේ නැහැ. ඒ ඇය තමන්ගේ ආදරණීය සැමියා ප්‍රිහාන්...
Views - 3706

55 වියැති බැංකු ලොක්කා 29 කන්තෝරු නෝනා සමඟ 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Nov 22 12:50
බැංකුවක උසස් නිලයක් දරන පනස්පස් හැවිරිදි සිය සැමියා වසර ගණනාවක් තිස්සේ විසිනව හැවිරිදි රජයේ...
Views - 6775

අහසේ සිට බිමට පනින එස්.ටී.එෆ්. යුවතියෝ

IMAGE 2017 Nov 22 10:55
අම්පාර උහන ගුවන් ධාවන පථයෙන් අහසට නැඟගත්, එම්. අයි. 17 වර්ගයේ හෙලිකොප්ටරය  නිලඹර දෙපළු කරමින්...
Views - 4184

මිහිදුම සහ වැස්ස ගැන 'කාලගුණ විද්‍යාවෙන්' බොරු කී‍වේ ඇයි?

IMAGE 2017 Nov 22 10:43
මේ දිනවල අළුයම් කාලයේ අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක දැඩි මිහිදුම් තත්ත්වයක් දක්නට ලැබුණු බව...
Views - 2609

මුගාබේගේ බිරිඳ ද පක්ෂයෙන් නෙරපයි

IMAGE 2017 Nov 21 09:37
වසර 37  ක කාලයක් සිම්බාබ්වේ දේශය පාලනය කළ රොබට් මුගාබේ නිවාස අඩස්සියට ගනිමින් හමුදාව එරට...
Views - 3416

Please publish modules in offcanvas position.

Web Analytics