Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවැනි තරගය හිටපු ලෝක ශූර ඕස්ට්‍රේලියාව සමගින් අද (29දා) බ්‍රිස්ටල්හිදී පැවැත්වේ.
ශ්‍රී ලංකා පිල ඉනෝකා රණවීර මෙහෙයවනු ලබන අතර, ඕස්ට්‍රේලියානු පිල මැග් ලෙනින් විසින් මෙහෙයවනු ලබයි.
මෙම ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාව සහභාගි වූ පළමු තරගයෙන් නවසීලන්තය හමුවේ කඩුලු 9ක පරාජයක් ලැබූ අතර, ඕස්ට්‍රේලියාව සහභාගි වූ පළමු තරගයෙන් බටහිර ඉන්දීය කොදෙව්ට එරෙහිව කඩුලු 8ක විශිෂ්ට ජයක් වාර්තා කරමින් ජයග්‍රාහී මානසිකත්වයකින් අද තරග බිමට පිවිසෙයි.
පළමු තරගයෙන් පරාජය ලැබුවද එම තරගයේදී ආරම්භක පිතිකාරිනියන් තිදෙනාම ලකුණු අතරට පිවිසීම ශ්‍රී ලංකාවට සුබදායක තත්ත්වයකි.
එහිදී නිපුනි හංසිකා (31), චමරි ‍පොල්ගම්‍පොළ (49) සහ චමරි අතපත්තු  (53) පිත්තෙන් දස්කම් දක්වමින් ශ්‍රී ලංකාවට හොඳ ආරම්භයක් ලබා දුන්නද මැද පෙළ පිතිකාරිනියන්ගේ අසාර්ථකත්වය හේතුවෙන් ශ්‍රී ලංකා ඉනිම අඩු ලකුණු සංඛ්‍යාවට සීමා විය.
ඕස්ට්‍රේලියාව සහභාගි වූ පළමු තරගයේදීම ශතකයක් රැස් කරමින් නිකොල් බෝල්ටන් විශිෂ්ට පිතිහරඹයක නිරත වූ අතර, බෙත් මූනි ද අර්ධ ශතකයක් වාර්තා කරමින් හොඳ ආරම්භයක් ලබා දීමට සමත් වූවාය. 
අද තරගයේදී හිටපු ලෝක ශූරියන් වන ඕස්ට්‍රේලියාවට සටනක් ලබා දීමට ශ්‍රී ලංකාවේ සියලුම පිතිකාරිනියන් ලකුණු අතරට පිවිසීම අනිවාර්ය වන අතර, නායිකා ඉනෝකා රණවීර ප්‍රමුඛ පන්දු යැවීමේ බළඇණියද සියඅ යුතුකම් උපරිමයෙන් ඉටුකළ යුතුවෙයි.
 
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල
ඉනෝකා රණවීර (නායිකා), ප්‍රසාදිනී වීරක්කොඩි (උප නායිකා), ශෂිකලා සිරිවර්ධන, චමරි අතපත්තු, ඒෂානි ලොකුසූරිය, දිලානි මනෝදරා, ශ්‍රීපාලි වීරක්කොඩි, උදේශිකා ප්‍රබෝධනී, නිපුනි හංසිකා, හසිනි පෙරේරා, ඕෂදී රණසිංහ, හර්ෂිතා මාධවී, අමා කාංචනා, චමරි ‍පොල්ගම්‍පොල, චන්දිමා ගුණරත්න
 
ඕස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් පිල
මැග් ලෙනින් (නායිකාව), ඇලෙක්ස් බ්ලැක්වෙල්, සාරා ඇලී, ක්‍රිස්ටීන් බිම්ස්, නිකොල් බෝල්ටන්, ඒ. ගාර්ඩ්නර්, රචෙල් හයිනස්, බෙත් මූනි, එලියස් පෙරී, මිගන් ෂූට්, බෙලින්ඩා වකරෙවා, එලිස් විලානි, ඇමන්ඩා ජේඩ් වෙලින්ටන්

සිංගර් ශ්‍රී ලංකා සමාගමේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අවු. 17න් පහළ අන්තර් පාසල් පළමු කොටසේ ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ තරගයකදී පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයට එරෙහිව ලකුණු 155ක් රැස් කිරීමට කොළඹ ආනන්ද විද්‍යාලයේ කණිෂ්ක රන්තිලකගේ සමත්විය.
කණිෂ්කගේ මෙම විශිෂ්ට පිතිහරඹය හේතුවෙන් ආනන්ද විද්‍යාලයට ලකුණු 126ක ජයක් හිමිවිය.
මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය පරදවමින් කුරුණෑගල මලියදේව විද්‍යාලය තරගාවලියේ තම 6වැනි ජය වාර්තා කළ අතර, වේල්ස් කුමර, ශා. ජෝශප්, රිච්මන්ඩ්, පානදුර ශ්‍රී සුමංගල සහ කටුගස්තොට ශා. අන්තෝනි ජය වාර්තා කළේය.
 
ආනන්ද-පිළියන්දල ම.ම.වි.
ආනන්ද: 285/7 (පන්දුවාර 46) කණිෂ්ක රන්තිලකගේ 155, කමේෂ් නිර්මාල් 62, හේෂාන් මධුසංක 3/43
පිළියන්දල ම.ම.වි.: 159/8 (පන්දුවාර 46) සඳරු චමෝද් 39, හේෂාන් මධුසංක 30, කළණ විජේසිරි 4/34
ආනන්දයට ලකුණු 126ක ජයක්.
 
මලියදේව-කිංග්ස්වුඩ්
මලියදේව: 296/6 (පන්දුවාර 50) කවීන් බණ්ඩාර 84, මුදිත ප්‍රේමදාස 44, සුපුන් සුමනරත්න 41, බ්‍රයන් චන්ද්‍රසේන 34, හර්ෂණ වික්‍රමසිංහ 2/31
කිංග්ස්වුඩ්: 185 (පන්දුවාර 34) අචල බණ්ඩාර 56, හර්ෂණ වික්‍රමසිංහ 21, සුපුන් සුමනරත්න 4/37, කවීන් බණ්ඩාර 2/23
මලියදේවයට ලකුණු 105ක ජයක්.
 
වේල්ස් කුමර-වත්තල ශා. අන්තෝනි 
ශා. අන්තෝනි: 138 (පන්දුවාර 44) අවිෂ්ක තරිඳු 64, යසිරු රත්නායක 5/18, රශේන් ප්‍රනාන්දු 2/21
වේල්ස් කුමර: 139/4 (පන්දුවාර 30.1) සුවත් මෙන්ඩිස් 43, ප්‍රවීන් විජේසේකර නොදැවී 35, ෆාහාඩ් ෆායිඩ් 24
වේල්ස් කුමරයට කඩුලු 6ක ජයක්.
 
ශා. ජෝශප්-කේරි
කේරි: 60 (පන්දුවාර 36) ඩිමේෂ් අමෝජ් 29, ලක්ෂාන් ගමගේ 3/18, මිරංග වික්‍රමගේ 2/7, අශාන් ඩැනියෙල් 2/19
ශා. ජෝශප්: 62/2 (පන්දුවාර 9.5) ජොහෑන්ස් ද සිල්වා 29
ශා. ජෝශප්ට කඩුලු 8ක ජයක්.
 
රිච්මන්ඩ්-ධර්මාශෝක
රිච්මන්ඩ්: 252 (පන්දුවාර 49.5) ආදිත්‍ය සිරිවර්ධන 87, දිළුම් සුදීර 48, තවීෂ අභිෂේක් 31, කවිඳු නදීෂාන් 3/43, දිනුක ඩිල්ෂාන් 2/36
ධර්මාශෝක: 61 (පන්දුවාර 14.1) තාරක ද සිල්වා 16, ආකාෂ් කාවින්ද 4/29, අම්ෂි ද සිල්වා 3/15, සඳුන් මෙන්ඩිස් 2/00
රිච්මන්ඩ්ට ලකුණු 191ක ජයක්.
 
පානදුර ශ්‍රී සුමංගල-පානදුර මහානාම 
මහානාම: 103 (පන්දුවාර 33.2) රවිඳු ෂාන් 39, පූර්ණ පසිඳු 4/25, මිහිරංග ප්‍රනාන්දු 2/9
ශ්‍රී සුමංගල: 104/6 (පන්දුවාර 25.3) මිහිරංග ප්‍රනාන්දු නොදැවී 49, පවිත්‍ර ලක්ඛණ 2/17
පානදුර ශ්‍රී සුමංගලයට කඩුලු 4ක ජයක්.
 
කටුගස්තොට ශා. අන්තෝනි-ශා. සිල්වෙස්තර
ශා. සිල්වෙස්තර: 169 (පන්දුවාර 49.4) මනෝහරන් පවිත්‍රන් 40, හසිඳු නිශ්ශංක 36, තමාෂන අබේකෝන් 2/21, ගයාන් සමරසිංහ 2/24, නවෝද්‍ය විජේකුමාර 2/39 
ශා. අන්තෝනි: 168/9 (පන්දුවාර 43.5) තරිඳු ළමාහේවගේ 40, තමාෂන අබේකෝන් නොදැවී 36, මොහොමඩ් කමීන් 20, කසුන් එදිරිතිලක 3/29, පසන් හෙට්ටිආරච්චි 3/37
කටුගස්තොට ශා. අන්තෝනිට පැරබෝලා ක්‍රමයට එක් කඩුල්ලක ජයක්.
 
පමෝද් ලසන්ත

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර තරග 5 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගවලියේ පළමු තරග දෙක සඳහා 13 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය නම්කර ඇති අතර, එයට නවක ක්‍රීඩක වනිඳු හසරංග කැඳවා තිබේ.
ගාල්ල රිච්මන්ඩ් විදුහලෙන් ක්‍රිකට් පිටියට පිවිසි වනිඳු හසරංග ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ පාසල් කණ්ඩායම නියෝජනය කළ අතර, පසුගිය අන්තර් ක්‍රීඩා සමාජ ක්‍රිකට් තරගාවලියේදී තුන් ඉරියව්වෙන්ම දස්කම් දැක්වීය.
මෙම කණ්ඩායමට අකිල ධනංජය සහ ලහිරු මධුසංක කැඳවා ඇති අතර, කලකට පසු ආබාධය සුව වීමෙන් දුෂ්මන්ත චමීරද කණ්ඩායමට නම්කර තිබේ.
කණ්ඩායමේ ‍‍‍ජ්‍යෙෂ්ඨ පිතිකරුවකු වන දිනේෂ් චන්දිමාල් කණ්ඩායමෙන් ඉවත් කර ඇති අතර, තුන් ඉරියව් ක්‍රීඩකයන් වන තිසර පෙරේරා සහ සීකුගේ ප්‍රසන්නට ස්ථානයක් හිමිවී නොමැත.
කණ්ඩායමේ තේරීම් පිළිබඳ අදහස් දැක්වූ ක්‍රිකට් කළමනාකරු අසංක ගුරුසිංහ පවසන්නේ තරුණ ක්‍රීඩකයන් කිහිප දෙනකුට පළමු තරග දෙකේ අවස්ථාව ලබා දීමට අවශ්‍ය වූ බැවින් චන්දිමාල් ඉවත් කළ බවයි.
කෙසේ වුවද අවසන් තරග තුන සඳහා චන්දිමාල්ද තේරීම් සඳහා යොදා ගන්නා බව ගුරුසිංහ වැඩිදුරටත් පැවැසීය.
කණ්ඩායම පිළිබඳව අදහස් දැක්වූ නායක මැතිව්ස් පවසන්නේ ලබාදුන් කණ්ඩායම පිළිබඳව සෑහීමකට පත්වන බවයි. වනිඳු හසරංග සහ ලහිරු මධුසංක දක්ෂ ක්‍රීඩකයන් බවත්, අකිල ධනංජය අන්තර් ක්‍රීඩා සමාජ තරගවලදී හොඳින් පන්දු යවා තේරීම් කමිටුවේ අවධානය දිනාගත් බවත් මැතිව්ස් පවසයි.
ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර පළමු එක්දින තරගය ලබන 30දා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
 
පළමු තරග දෙක සඳහා ශ්‍රී ලංකා එක්දින සංචිතය
ඇන්ජලෝ මැතිව්ස් (නායක), උපුල් තරංග (උප නායක), නිරෝෂන් දික්වැල්ල, ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, අසේල ගුණරත්න, වනිඳු හසරංග, ලක්ෂාන් සඳකැන්, අඛිල ධනංජය, නුවන් ප්‍රදීප්, ලසිත් මාලිංග, දුෂ්මන්ත චමීර, ලහිරු මධුසංක 
 
ශ්‍රී ලංකා-සිම්බාබ්වේ තරග සටහන
ජුනි 30 දා- පළමු එක්දින තරගය- ගාල්ල
ජූලි 2 දා- දෙවැනි එක්දින තරගය- ගාල්ල
ජූලි 6 දා- තෙවැනි එක්දින තරගය- සූරියවැව
ජූලි 8 දා- සිව්වැනි එක්දින තරගය- සූරියවැව
ජූලි 10 දා- පස්වැනි එක්දින තරගය- සූරියවැව
 
මංගල ධර්මප්‍රේම

එළැඹෙන සිම්බාබ්වේ සහ ඉන්දීය ක්‍රිකට් තරගාවලි සඳහා ශ්‍රී ලංකා පි‍ලේ පුහුණුකරු ලෙස නික් ‍පෝතාස් පත් කළ බව ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා ඊයේ (27දා) පැවැති මාධ්‍ය හමුවේදී අනාවරණය කළේය.
“ග්‍රැහැම් ෆෝඩ් හොඳ පුහුණුකරුවෙක්. ඔහු ඉවත්ව යාමෙන් පසු නවක පුහුණුකරු පිළිබඳව අපි සාකච්ඡා කළා. නික් ‍පෝතාස්ට ඉදිරි තරගාවලි දෙකේ පුහුණුකරු ධුරය ලබා දෙන්න තීරණය කළා. නික් මෙම වගකීම හොඳින් ඉටු කරයි කියා අපි විශ්වාස කරනවා” යැයි සුමතිපාල මහතා පැවැසීය. 
ඉදිරි මාස දෙකේදී නික් ‍පෝතාස්ගේ සේවයද සලකා බලා 2019 වනතෙක් නව පුහුණුකරුවකු පත් කිරීම පිළිබඳව අවසන් තීරණයක් ගන්නා බවද සුමතිපාල මහතා පැවැසීය.
මෙහිදී සිම්බාබ්වේ කණ්ඩායම සාදරයෙන් පිළිගන්නා බවත්, 1996 ලෝක කුසලානයේදී ප්‍රශ්නකාරී වාතාවරණයක් මැද ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට එකඟවීම පිළිබඳව අමතක නොවන බවත් සුමතිපාල මහතා පැවැසීය.
ෆෝඩ්ගේ ඉවත්ව යාම පිළිබඳව අදහස් දැක්වූ නායක මැතිව්ස් පවසන්නේ නව පුහුණුකරු සමග ඉදිරියට යාමට ක්‍රීඩකයන් සූදානම් විය යුතු බවයි. 
බාහිර දේවල් පිළිබඳ අවධානය යොමු නොකොට කණ්ඩායම වෙනුවෙන් 200ක් උපරිමය ලබා දීම ක්‍රීඩකයන්ගේ වගකීම බවද මැතිව්ස් පැවැසීය.
ක්‍රිකට් කළමනාකරු අසංක ගුරුසිංහ මහතා පැවැසුවේ ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාවය පිළිබඳව කිසිදු ප්‍රශ්නයත් ඇති නොවන බවත්, භෞතචිකිත්සක සහ අභ්‍යාසක සමග ගොස් ක්‍රීඩා අමැතිවරයාට කණ්ඩායමේ ඉදිරි ශාරීරික යෝග්‍යතා සැලසුම් පිළිබඳව පැහැදිලිකර දුන් බවයි. මෙහිදී එම තත්ත්වය ක්‍රීඩා ඇමැතිවරයා අවබෝධ කරගත් බවද ගුරුසිංහ වැඩිදුරටත් පැවැසීය.
 
මංගල ධර්මප්‍රේම

ඉන්දියාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර ට්‍රිනිඩෑඩ්හි පැවැති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 105ක ජයක් වාර්තා කිරීමට ඉන්දියාව සමත් විය.
මෙම තරගාවලියේ පළමු තරගය වර්ෂාවට සේදී ගිය අතර මෙම තරගයද වර්ෂාව හේතුවෙන් පන්දුවාර 43කට සීමා විය.
මුලින්ම පන්දුවට පහර දුන් ඉන්දියාව පන්දුවාර 43දී කඩුලු 5කට ලකුණු 310ක් ලැබූ අතර, බටහිර ඉන්දීය කොදෙව් පිලට පන්දුවාර 43කදී ලබාගත හැකිවූයේ කඩුලු 6ට ලකුණු 205ක් පමණි.
ඉන්දියාව වෙනුවෙන් සාර්ථක ඉනිමක් ක්‍රීඩා කළ අජින්කෙයා රහානේ පන්දු 104කදී හතරේ පහර 10ක් සහ හයේ පහර 2ක් සහිතව ලකුණු 103ක් වාර්තා කරමින් තරගයේ වීරයා සම්මානය දිනා ගත්තේය.
ලකුණු තත්ත්වය :-
ඉන්දියාව පන්දුවාර 43කදී - 310/5යි
රහානේ 103, ධවාන් 63, කෝලි 87, ජෝසප් 73/2, හෝල්ඩර් 76/1, කමින්ස් 57/1, නර්ස් 38/1
බටහිර ඉන්දීය කොදෙව් පන්දුවාර 43කදී - 205/6යි
ෂායි හෝප් 81, රොස්ටන් ච්ෙස් නොදැවී 33, ජේසන් හෝල්ඩර් 29, කුල්දීප් යදාව් 50/3,
බුවනේෂ්වර් කුමාර් 9/2.

එංගලන්තය සහ දකුණු අප්‍රිකව අතර කාඩිෆ්හි පැවැති තෙවැනි 20-20 තරගයෙන් ලකුණු 19ක ජයක් වාර්තා කළ එංගලන්තය තරගාවලිය 2-1ක් ලෙස ජය ගැනීමට සමත් විය.
මුලින්ම පන්දුවට පහර දුන් එංගලන්තය පන්දුවාර 20දී කඩුලු 8ට ලකුණු 181ක් ලබාගත් අතර, දකුණු අප්‍රිකාවට පන්දුවාර 20දී කඩුලු 7ට ලබාගත හැකිවූයේ ලකුණු 162ක් පමණි.
සිය මංගල 20-20 තරගයට සහභාගි වූ ඩේවිඩ් මලන් පන්දු 44කදී හතරේ පහර 12ක් සහ හයේ පහර 2ක් සහිතව ලකුණු 78ක් ලබා තරගයේ වීරයා සම්මානය දිනා ගත්තේය.
ලකුණු තත්ත්වය :
එංගලන්තය පන්දුවාර 20දී - 181/8යි
ඩේවිඩ් මලන් 78, ඇලෙක්ස් හේල්ස් 36, ජොස් බට්ලර් 31, ඩේන් පීටර්සන් 32/4, පෙලුක්වායෝ 44/2
දකුණු අප්‍රිකාව පන්දුවාර 20දී - 162/7යි
ජේ.ජේ. ස්මට්ස් 29, ඒ.බි, ඩිවිලියර්ස් 35, මොසා‍ලේ 36, පෙලුක්වායෝ නොදැවී 27, ක්‍රිස් ජෝඩ්න් 31/3, ටොම් කරන් 22/2.

IMAGE

සැමියාගේ බිමත්කම සහ නොගැළපීම නිසයි විවාහය බිඳ වැටුණේ

IMAGE 2017 Nov 23 13:33
තිලකා රණසිංහගේ ජීවිතයේ වඩාත්ම සතුටු වූ අවස්ථාව හා වැඩියෙන්ම දුක් වූ අවස්ථාව සිහිපත් කරන්න...
Views - 1704

ලංකාව හැර ගිය නතාෂා ආපහු ඇවිත් කියපු කතාව

IMAGE 2017 Nov 23 08:03
නතාෂා පෙරේරා පහුගිය කාලයේ වැඩිපුර දකින්නට ලැබුණේ නැහැ. ඒ ඇය තමන්ගේ ආදරණීය සැමියා ප්‍රිහාන්...
Views - 2067

55 වියැති බැංකු ලොක්කා 29 කන්තෝරු නෝනා සමඟ 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Nov 22 12:50
බැංකුවක උසස් නිලයක් දරන පනස්පස් හැවිරිදි සිය සැමියා වසර ගණනාවක් තිස්සේ විසිනව හැවිරිදි රජයේ...
Views - 4888

අහසේ සිට බිමට පනින එස්.ටී.එෆ්. යුවතියෝ

IMAGE 2017 Nov 22 10:55
අම්පාර උහන ගුවන් ධාවන පථයෙන් අහසට නැඟගත්, එම්. අයි. 17 වර්ගයේ හෙලිකොප්ටරය  නිලඹර දෙපළු කරමින්...
Views - 2907

මිහිදුම සහ වැස්ස ගැන 'කාලගුණ විද්‍යාවෙන්' බොරු කී‍වේ ඇයි?

IMAGE 2017 Nov 22 10:43
මේ දිනවල අළුයම් කාලයේ අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක දැඩි මිහිදුම් තත්ත්වයක් දක්නට ලැබුණු බව...
Views - 1675

මුගාබේගේ බිරිඳ ද පක්ෂයෙන් නෙරපයි

IMAGE 2017 Nov 21 09:37
වසර 37  ක කාලයක් සිම්බාබ්වේ දේශය පාලනය කළ රොබට් මුගාබේ නිවාස අඩස්සියට ගනිමින් හමුදාව එරට...
Views - 2548

Please publish modules in offcanvas position.

Web Analytics