Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර තරගය අද (5දා) ඩර්බිහිදී පැවැත්වේ.
ඉන්දියාව මේ වන විට සහභාගි වූ තරග තුනම ජය ගැනීමට සමත් වී සිටින අතර, ශ්‍රී ලංකාව සහභාගි වූ තරග ත්‍රිත්වයම පරාජය වී සිටියි.
ඉන්දියාව වනුවෙන් මෙම තරගාවලිය පුරා පිත්තෙන් දස්කම් දැක්වූ එස්. මන්දනා ඉක්මණින් දවා ගැනීම අද ශ්‍රී ලංකාවට හිතකර වෙයි. පළමු තරගයේදී ලකුණු 90ක් ලැබූ ඇය දෙවැනි තරගයේදී ශතකයක් වාර්තා කළ අතර, පාකිස්තානයට එරෙහිව පැවැති තෙවැනි තරගයේදී පමණක් අසාර්ථක විය. 
නායිකා මිතලි රාජ් ද පිත්තෙන් සාර්ථක දස්කම් දක්වා සිටින අතර, හර්මන් පී්‍රට් කෝර් ද තරග තුනේදීම සාර්ථක පිතිහරඹයක නිරත විය.
ශ්‍රී ලංකාවේ බලා‍පොරොත්තු ශතකලාභිනිය වන චමරි අතපත්තු වෙත රැඳී ඇති අතර, සෙසු පිතිකාරිනියන් තරගාවලිය පුරාම ලකුණු අතරට පිවිසීමට තවමත් අ‍පොහොසත් වී සිටියි.
මේ අතර අද (5දා) තවත් තරග 2ක් පැවැත්වෙන අතර, ඕස්ට්‍රේලියාව සහ පාකිස්තානය අතර තරගය ලෙස්ටර්හිදීද, එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අතර තරගය බ්‍රිස්ටල්හිදීද පැවැත්වේ.
මේ වන විට ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව ලකුණු 6 බැගින් ලබා සිටින අතර, ශුද්ධ ලකුණු වේගය අනුව ඉන්දියාව පළමු ස්ථානයේත් ඕස්ට්‍රේලියාව දෙවැනි ස්ථානයේත් පසුවෙයි. දකුණු අප්‍රිකාව ලකුණු 5ක් ලබා තෙවැනි ස්ථානයේ රැඳී සිටින අතර, ලකුණු 4ක් ලැබූ එංගලන්තය සිව්වැනි ස්ථානයේද ලකුණු 3ක් ලැබූ නවසීලන්තය 5 වැනි ස්ථානයේද පසුවෙයි.
ශ්‍රී ලංකාව, පාකිස්තානය සහ බටහිර ඉන්දීය කොදෙව් සහභාගි වූ තරග තුනෙන්ම පරාජය වී සිටියි.
 
ශ්‍රී ලංකා සංචිතය
ඉනෝකා රණවීර (නායිකාව), ප්‍රසාදිනී වීරක්කොඩි (උප නායිකාව), ශෂිකලා සිරිවර්ධන, චමරි අතපත්තු, ඒෂානි ලොකුසූරිය, දිලානි මනෝදරා, ශ්‍රීපාලි වීරක්කොඩි, උදේශිකා ප්‍රබෝධනී, නිපුනි හංසිකා, හසිනි පෙරේරා, ඕෂදී රණසිංහ, හර්ෂිතා මාධවී, අමා කාංචනා, චමරි ‍පොල්ගම්‍පොල, චන්දිමා ගුණරත්න
 
ඉන්දීය සංචිතය
මිතලි රාජ් (නායිකාව) රාජේශ්වරි ගයක්වාඩ්, මන්සි ජෝෂි, වේඩා ක්‍රිෂ්ණමූර්ති, මෝනා ම‍ෂේරාම්, පූනම් යදාව්, පූනම් රාවට්, සුෂ්මා වර්මා, එක්ටා බිෂ්ට්, ජූලන් ගෝස්වාමි, හර්මන් පී්‍රට් කෝර්, එස්. මන්දනා, ෂිකා පාන්ඩේ, නස්හට් පර්වින්, දීප්ති ෂර්මා

ඉන්දියාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර ඇන්ටිගුවාහි පැවැති සිව්වැනි එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 11ක තියුණු ජයක් වාර්තා කිරීමට කොදෙව් පිල සමත් විය.

මුලින්ම පන්දුවට පහර දුන් බටහිර ඉන්දීය කොදෙව් පන්දුවාර 50දී කඩුලු 9ට ලකුණු 189ක් රැස් කළ අතර, ඉන්දියාවට පන්දුවාර 49.4කදී ලබාගත හැකිවූයේ ලකුණු 178ක් පමණි.

කොදෙව් වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 27ට කඩුලු 5ක් බිඳ හෙලූ ජේසන් හෝල්ඩර් තරගයේ වීරයා සම්මානය දිනා ගත්තේය.

ලකුණු තත්ත්වය :-
බටහිර ඉන්දීය කොදෙව් පන්දුවාර 50දී - 189/9යි
එවින් ලුවිස් 35, කයිල් හෝප් 35, ෂායි හෝප් 25, රොස්ටන් ච්ෙස් 24, ජේසන් මොහොමඩ් 20, උමේෂ් යදාව් 36/3, හාර්දික් පාන්ඩයා 40/3, කුල්දීප් යදාව් 31/2
ඉන්දියාව පන්දුවාර 49.4කදී - 178යි
අජින්කයා රහානේ 60, එම්.එස්. දෝනි 54, හාර්දික් පාන්ඩයා 20, හෝල්ඩර් 27/5, ජෝසප් 46/2

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ (2දා) පැවැති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 7 ක ජයක් ලැබූ ශ්‍රී ලංකාව තරගාවලිය 1-1 ලෙස සම කරීමට සමත්විය.
මුලින්ම පන්දුවට පහරදුන් සිම්බාබ්වේ පන්දුවාර 33.4 දී ලකුණු 155 කට දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත්වූ අතර ලකුණු 156 ක ඉලක්කය පන්දුවාර 30.1 දී කඩුලු 3 ක් දැවී පසු කිරීමට පිතිකරුවෝ සමත් වූහ.
ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දුවෙන් විශිෂ්ට දස්කම් දැක්වූ ලක්ෂාන් සඳකැන් ලකුණු 52 ට කඩුලු 4 ක් බිඳ දමමින් තරගයේ වීරයා සම්මානය දිනාගත් අතර සිය මංගල එක්දින තරගයේදී කඩුලු ත්‍රිත්වයක් ලබා ගනිමින් වාර්තා ‍පොතට එක්වීමට වනිඳු හසරංග සමත්විය.
ලකුණු හඹා යාමේදී විශිෂ්ට පිතිහරඹයක නිරතවූ උපුල් තරංග පන්දු 86 දී හතරේ පහර 8 ක් සහිතව නොදැවී ලකුණු 75 ක් ලබමින් ශ්‍රී ලංකා ජය තහවුරු කළේය.
ඉනිම ආරම්භයේදීම සාර්ථක පන්දු යැවීමක නිරත වෙමින් පිතිකරුවන්ට දැඩි පීඩනයක් එල්ල කළ නුවන් ප්‍රදීප් පළමු තරගයේදී ශතකයක් ලැබූ සොලමන් මිරේ ලකුණු ලබා ගැනීමට පෙර දවා ගැනීමෙන් ශ්‍රී ලංකාවට සාර්ථක ආරම්භයක් හිමිවිය.
හැමිල්ටන් මසකඩ්සා සහ කේ‍ර්ග් අර්වින්ගේ ලකුණු 56 ක සම්බන්ධතාව බිඳ දමමින් ලකුණු 41 ක් ලැබූ මසකඩ්සා පිටියෙන් ඉවත් කිරීමට අසේල ගුණරත්න සමත්වීමෙන් පසු අර්වින් ලකුණු 22 කට දවාගත් සඳකැන් සිය කඩුලු ලබා ගැනීම ඇරඹීය.
රාසා, බර්ල් සහ මුවර් පිටියෙන් ඉවත් කිරීමට සමත්වූ සඳකැන් ලකුණු 52 ට කඩුලු 4 ක් ලබාගත් අතර ෂෝන් විලියම්ස් ලකුණු 13 කට දවා ගැනීමට ධනුෂ්ක ගුණතිලක සමත්විය.
ලකුණු 38 ක් ලබාසිටි වොලර් දවාගත් වනිඳු  ඊළඟ පන්දු දෙකේදී ටිරිපානෝ සහ චටාරා දවා ගැනීමෙන් සිම්බාබ්වේ ඉනිම ලකුණු 155 කට අවසන් විය.
ලකුණු හඹා යාමේදී ධනුෂ්ක (8) සහ මෙන්ඩිස් (00) එකම පන්දුවාරයකදී දවා ගැනීමට චටාරා සමත්වීමෙන් ලකුණු 10 ට කඩුලු 2 ක් බිඳ වැටුණි.
ඉන් පසු පිටියේ එක්වූ දික්වැල්ල සහ තරංග ලකුණු 67 ක සම්බන්ධතාවයක් තැබිමෙන් පසු දික්වැල්ල ලකුණු 35 කට දවා ගැනීමට ක්‍රීමර් සමත් විය.
උපුල් තරංගට නායක මැතිව්ස් එක්වූ අතර තරගයේ 31 වැනි පන්දුවාරයේදී ඉලක්කය පසු කළේය. උපුල් තරංග නොදැවී ලකුණු 75 ක් රැස් කළ අතර නායක මැතිව්ස් නොදැවී ලකුණු 28 ක් ලබාගත් අතර සිව්වැනි කඩුල්‍ලේ නොබිඳුණු සම්බන්ධතාවය ලකුණු 81 ක් විය.
ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර තෙවැනි එක්දින තරගය ලබන 6දා සූරියවැවදී පැවැත්වේ.

සිම්බාබ්වේ

මසකඩ්සා ඇ. හා ප. ගුණරත්න                    41
සොලමන් මිරේ ඇ. දික්වැල්ල ප. ප්‍රදීප්           0
කේ‍ර්ග් අර්වින් ඇ. දික්වැල්ල ප.                  22
ෂෝන් විලියම්ස් ඇ. ප්‍රදීප් ප. ගුණතිලක        13
සිකන්දර් රාසා ඇ. ප්‍රදීප් ප. සඳකැන්               8
රයන් බර්ල් ප. සඳකැන්                               9
මැල්කම් වොලර් ප. වනිඳු                          38
පීටර් මුවර් ප. සඳකැන්                              11
ග්‍රැහැම් ක්‍රීමර් (නොදැවී)                              1
ඩොනල්ඩ් ටිරිපානෝ ක.මු.ක. ප. වනිඳු         0
ටෙන්ඩායි චටාරා ප. වනිඳු                           0
අතිරේක                                                 12
මුළු ලකුණු (පන්දුවාර 33.4කදී සියලු දෙනා දැවී)155
කඩුලු බිඳ වැටීම :- 1-11, 2-67, 3-74, 4-91, 5-102, 6-119, 7-147, 8-155, 9-155, 10-155
පන්දු යැවීම :- ලසිත් මාලිංග 3-1-17-0, නුවන් ප්‍රදීප් 7-0-18-1, දුෂ්මන්ත චමීර 5-0-23-0, ලක්ෂාන් සඳකැන් 10-0-52-4, අසේල ගුණරත්න 5-0-15-1, ධනුෂ්ක ගුණතිලක 1-0-9-1, වනිඳු හසරංග 2.4-0-15-3

ශ්‍රී ලංකාව

නිරෝෂන් දික්වැල්ල ඇ. හා ප. ක්‍රීමර්           35
ධනුෂ්ක ගුණතිලක ප. චටාරා                        8
කුසල් මෙන්ඩිස් ඇ. මුවර් ප. චටාරා               0
උපුල් තරංග (නොදැවී)                              75
ඇන්ජලෝ මැතිව්ස් (නොදැවී)                     28
අතිරේක                                                  12
මුළු ලකුණු (පන්දුවාර 30.1කදී කඩුලු 3ක් දැවී)158
කඩුලු බිඳ වැටීම :- 1-9, 2-10, 3-77
පන්දු යැවීම :- ටෙන්ඩායි චටාරා 5-0-33-2, සිකන්දර් රාසා 10-0-34-0, ඩොනල්ට් ටිරිපානෝ 1-0-6-0, ග්‍රැහැම් ක්‍රීමර් 9.1-0-46-1, ෂෝන් විලියම්ස් 3-0-20-0, රයන් බර්ල් 2-0-15-0

මංගල ධර්මප්‍රේම ගාල්ලේ සිට

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් කණ්ඩායම කී සැනින් අපේ සිහියට නැගෙනුයේ ඇන්ජෙලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුත් ජාතික ක්‍රිකට් කණ්ඩායමයි. ශ්‍රී ලංකාවට ජාතික කාන්තා ක්‍රිකට් පිලක්ද මේ රටේ තිබෙන බව බොහෝ දෙනකුට අමතක වන්නේය. එහෙත් පසුගිය 29දා ශ්‍රී ලංකාවේ ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායම පිළිබඳව මුළු ලෝකයේම අවධානය යොමු වූයේය.
ශ්‍රී ලංකා පි‍ලේ අතිශූර පිතිකාරිනියක වන චමරි අතපත්තුගේ විස්මිත පිතිහරඹය නිසාය.
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල මේ දිනවල සිටිනුයේ එංගලන්තයේ පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වෙමිනි. එහ පළමු තරගයෙන් නවසීලන්ත පිල හමුවේ පරාජය වූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පසුගිය 29දා දෙවන තරගයට මුහුණ දුන්නේ ප්‍රබල ඔස්ට්‍රේලියානු පිල සමගය.
චමරි අතපත්තු පන්දු 143ක් තුළ නොදැවී ලකුණු 178 ලබා ගිණිකෙළි දැක්මක් බදු පිතිහරඹයක් ඉදිරිපත් කළේ එම තරගයේදීය.
පසුගිය 29දා එංගලන්තයේ බ්‍රිස්ටල් හිදී ආරම්භ වූ මෙම තරගයේදී ආරම්භ පිතිකරණය ලෙස කඩුල්ලට පැමිණි චමරි සිය සහයිකාවන් එකා පිට එකා දැවී යද්දී එක් අන්තයක කඩුල්ල රැකගෙන සිටීමට සමත් වූවාය. අවසන කඩුළු පිට කඩුළු වැටුණු දුටු ඕ බ්‍රිස්ටල් පිටිය දෙවනත් කරමින් ප්‍රබල ඔස්ට්‍රේලියානු පන්දු යවන්නියන් වල්මත් කරමින් සුපිරි පිතිහරඹයක යෙදුණාය. චාමරිගේ ඉනිමට හයේ පහර හයක්, හතරේ පහර විසිදෙකක් ඇතුළත් වූ අතර එම ඉනිම ජාත්‍යන්තර කාන්තා ක්‍රිකට් පිටියේ වාර්තාගත එකක් බවට පත්විය.
මේ පිතිහරඹය සමග චමරි ජාත්‍යන්තර කාන්තා ක්‍රිකට් ක්‍ෂේත්‍රයේ ඉනිමකදී තුන්වැනි වැඩිම ලකුණු හිමිකාරනිය බවට පත්වූවාය.  චාමරිට පෙර තුන්වැනි ස්ථානයේ සිටියේ බටහිරට ඉන්දිය කොදෙව් පි‍ලේ හිටපු නායිකාවක වූ චාරලට් එඩ්වර්ඩිය. ඇය ලබා සිටි ලකුණු ගණන 173කි.  (චාමරිට ඉදිරියෙන් සිටිනුයේ ඉන්දියාවේ දීප්ති ශර්මා 180 සහ ඔස්ට්‍රේලියාවේ බ්‍රිලින්ඩා ක්ලාර්ක් 222 දෙදෙනාය)
චාමරි අතපත්තු මීට පෙර ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර ශතක දෙකක් ලබා තිබේ. ඒ අයර්ලන්තයට එරෙහිව ලකුණු 111 හා ද. අප්‍රිකාවට එරෙහිව ලකුණු 106ක් වශයෙනි. ඒ ශතක දෙකම ඈ ලබා තිබුණේ ශ්‍රී ලංකාවේදීය. මවුබිමෙන් පිටතදී නුහුරු නුපුරුදු ක්‍රීඩාංගණයකදී වාර්තා ගත ඉනිමක් ක්‍රීඩා කරමින් නොදැවී ලකුණු 178 ලැබිම තුළින් චාමරි තමා ජාත්‍යන්තර තලයේ පිතිකරිනියක බව ලොවට ප්‍රකාශ කළාය.
1990 පෙබවාරි 09 වන දින ගොකරැල්‍ලේදී උපන් අතපත්තු මුදියන්සේලාගේ චාමරි ජයංගි වමත් පිතිකාරනියකි. දකුණෙන් මදවේග පන්දු යවන ඇය පිටියේ ඕනෑම තැනක කඩිසරව පන්දු රැකීමට හපනියකි. කුරුණෑගල තරුණ කාන්තා ක්‍රිකට් පිල නියෝජනය කළ ඕ 2010-4-18 දින බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව ක්‍රීඩා කරමින් ජාත්‍යන්තර එක්දින වරම් දිනුවාය. 
එහෙත් ඈ  ශ්‍රී ලංකාව  හාපුරා කියා නියෝජනය කළේ 2009 වසරේදීය. ඒ 20-20 තරගයකදී ඉන්දීය පිලට එරෙහිව  සශිකලා සිරිවර්ධනගෙන් පසු කෙටි කලක් ශ්‍රී ලංකා පිලට නායකත්වය ලබාදුන් ඇය ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ දසවැනි කාන්තා නායිකාව විය. ජාත්‍යන්තර එක්දින තරග 61දී ලකුණු 1906 ලබා සිටින චාමරි 20-20 තරග 58කදී ලකුණු 1001 ලබා ඇත. පන්දු යවන්නියක ලෙස එක්දින කඩුළු 11 සහ 20-20 කඩුළු 8 දවාගෙන ඇති ඇය වර්තමානයේ ජාත්‍යන්තර කාන්තා ක්‍රිකට් පිටියේ වඩාත් අත්දැකීම් බහුල ක්‍රීඩිකාවන් කිහිපදෙනාගෙන් කෙනෙකි. 
චාමරි අතපත්තු පන්දු 143 තුළ ලැබූ ලකුණු 178 නිසා ශ්‍රී ලංකා පිලට ඕවර 50 තුළ කඩුලු 9 දැවි ලකුණු 257ක් ලැබිමට හැකිවිය. එහෙත් චමරිගේ දස්කමින් ලද ඒ විශාල ලකුණු ප්‍රමාණය ශ්‍රී ලංකාව පරාජයෙන් බේරා ගැනීමට සමත් වූයේ නැත. ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ ඕවර 43.5 තුළ කඩුළු 2කට ලකුණු 262 ලබා ශ්‍රී ලංකාව පරාජය කළාය. ක්‍රිකට් ක්‍රීඩාවේ ජය පරාජය චමත්කාර ජනක ලෙස අවිනිශ්චිත යැයි කියන්නේ ඒ නිසාය.
 
අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ මුලින් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව සිය පන්දු වාර 50 අවසානයේ කඩුලු 5කට ලකුණු 316ක් ලබාගත්තේය.උපුල් තරංග නොදැවී ලකුණු 79ක් ලබාගත් අතර කුසල් මෙන්ඩිස් ලකුණු 86ක්ද, ධනුෂ්ක ගුණතිලක ලකුණු 60 ක්ද රැස්කලේය. සිම්බාබ්වේ වෙනුවෙන් චටාරා කඩුළු 2ක් බිඳහෙළීය.ජයග්‍රහනය සඳහා සිම්බාබ්වේ කණ්ඩායමට ලකුණු 317ක් අවශ්‍ය වන අතර පන්දුවාරයකට 6.34 ක දල ලකුණු වේගයක් රඳවා ගත යුතුය.

------------------------------------------------------------------------------------------------------------------------------------------------------

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර තරග 5කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (30දා) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පෙරවරු 10.00 ට ආරම්භ විය.

කාසියේ වාසිය හිමිවූ ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර ආරම්භක පිතිකරු ලෙස පිටියට පිවිසි නිරෝෂන් දික්වැල්ල ලකුණු 10 කට උඩ පන්දුවක් ලබා දී පිටියෙන් ඉවත් වූ අතර ධනුෂ්ක ගුණතිලක ලකුණු 60 ක් ලබා සිටිය දී පිටියෙන් ඉවත් කිරීමට සිම්බාබ්වේ පන්දු යවන්න් සමත් වුණා.

දක්ෂ පිතිකරණයක යෙදුණු කුසල් මෙන්ඩින් ලකුණු 89 ක් ලබා සිටියදී උඩපන්දුවක් ලබාදී පිටියෙන් ඉවත් විය. වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ නායක ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 43 ක් ලබා සිටියදී පන්දුව කෙලින්ම කඩුල්ලේ වැදීමෙන් පිටියෙන් ඉවත් වූ  අතර   උපනායක උපුල් තරංග (50) හා අශේල ගුණරත්න (09) නොදැවී පන්දුවට පහර දෙමින් සිටී.

ශ්‍රී ලංකාව පන්දු වාර 44 ක් අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 267 යි.

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර තරග 5 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (30දා) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පෙරවරු 10.00 ට ආරම්භවේ.

වසර 17 කට පසු ගාල්ලේ එක්දින ක්‍රිකට් තරගයක් පැවැත්වෙන බැවින් අති විශාල නරඹන්නන් සංඛ්‍යාවක් පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ශ්‍රී ලංකා පිල ඇන්ජලෝ මැතිව්ස් විසින් මෙහෙයවනු ලබන අතර සිම්බාබ්වේ පිල ග්‍රැහැම් ක්‍රීමර් විසින් මෙහෙයවනු ලබයි.
ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර මතෛක් එක්දින තරග 50 ක් පවත්වා ඇති අතර ඉන් තරග 41 ක ජය ශ්‍රී ලංකාවටත් තරග 7 ක ජය සිම්බාබ්වේටත් හිමිවී තිබේ. තරග 2 ක් විසඳුමකින් තොරව අවසන්වී තිබේ.

අද තරගය පිළිබඳව අදහස් දක්වන ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් පවසන්නේ තණතීරුව අද පෙරවරුවේ යළි පරීක්ෂා කිරීමෙන් පසු කණ්ඩායම නම් කිරීමට බලා‍පොරොත්තු වන බවයි.
කෙසේ වුවද නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක ඉනිම අරඹන බවත් උපුල් තරංග මැද පෙළින් ක්‍රීඩා කරන බවත් මැතිව්ස් තහවුරු කළේය.

මේ අතර නවක ක්‍රීඩක වනිඳු හසරංගට අද එක්දින වරම්  හිමිවනු ඇතැයි විශ්වාසය පළවී තිබේ.
මේ පිළිබඳව අදහස් දැක්වූ මැතිව්ස් පවසන්නේ වනිඳු හසරංග සහ ලහිරු මධුසංඛ දෙදෙනාම හෝ එක් අයෙකු ක්‍රීඩා කිරීමට ඉඩ ඇති බවයි. තණතීරුවේ ස්වභාවය අනුව වේග පන්දු සහ දඟ පන්දු සංයුතිය අද පෙරවරුවේ තීරණය කිරීමට නියමිතව තිබේ.

මේ අතර සිම්බාබ්වේ පිලද අද ශ්‍රී ලංකාවට තියුණු තරගයක් ලබා දීමට සූදානමින් සිටින බව නායක ක්‍රීමර් පවසයි.
පසුගිය තරගාවලි කිහිපයේදී තම ක්‍රීඩකයන් සාර්ථක දස්කම් දැක්වූ බවත් මෙම තරගාවලියේදී පෙරැළියක් කිරීමට සූදානම් බවත් ක්‍රීමර් පවසයි.

සිම්බාබ්වේ පිතිකරුවන් වන මසකඩ්සා, අර්වින්, සිකන්දර් රාසා සහ ෂෝන් විලියම්ස් මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාවට
තර්ජනයක් වන අතර මෝෆු, චටාරා සහ ක්‍රීමර්ගේ පන්දු යැවීම ශ්‍රී ලංකා පිතිකරුවන්ට අභියෝගයක් වේ.

ශ්‍රී ලංකා සංචිතය
ඇන්ජලෝ මැතිව්ස් (නායක), උපුල් තරංග (උප නායක), නිරෝෂන් දික්වැල්ල,
ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, අසේල ගුණරත්න, වනිඳු හසරංග, ලක්ෂාන් සඳකැන්, අකිල ධනංජය, නුවන් ප්‍රදීප්, ලසිත් මාලිංග, දුෂ්මන්ත චමීර, ලහිරු මධුසංඛ
සිම්බාබ්වේ සංචිතය
ග්‍රැහැම් ක්‍රීමර් (නායක), කේ‍ර්ග් අර්වින්, හැමිල්ටන් මසකඩ්සා, වෙලින්ටන් මසකඩ්සා, සොලමන් මයර්, පීටර් මුවර්, ක්‍රිස් මෝෆු, කෙනත් මුසකන්ඩා, රිචඩ් එංගාරවා, ඩොනල්ඩ් ටිරිපානෝ, මැල්කම් වොලර්, ෂෝන් විලියම්ස්, චමූ චිබාබා, සිිකන්දර් රාසා, රයන් බර්ල්, ටෙන්ඩායි චටාරා

මංගල ධර්මප්‍රේම ගාල්ලේ සිට

IMAGE

සැමියාගේ බිමත්කම සහ නොගැළපීම නිසයි විවාහය බිඳ වැටුණේ

IMAGE 2017 Nov 23 13:33
තිලකා රණසිංහගේ ජීවිතයේ වඩාත්ම සතුටු වූ අවස්ථාව හා වැඩියෙන්ම දුක් වූ අවස්ථාව සිහිපත් කරන්න...
Views - 1701

ලංකාව හැර ගිය නතාෂා ආපහු ඇවිත් කියපු කතාව

IMAGE 2017 Nov 23 08:03
නතාෂා පෙරේරා පහුගිය කාලයේ වැඩිපුර දකින්නට ලැබුණේ නැහැ. ඒ ඇය තමන්ගේ ආදරණීය සැමියා ප්‍රිහාන්...
Views - 2065

55 වියැති බැංකු ලොක්කා 29 කන්තෝරු නෝනා සමඟ 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Nov 22 12:50
බැංකුවක උසස් නිලයක් දරන පනස්පස් හැවිරිදි සිය සැමියා වසර ගණනාවක් තිස්සේ විසිනව හැවිරිදි රජයේ...
Views - 4887

අහසේ සිට බිමට පනින එස්.ටී.එෆ්. යුවතියෝ

IMAGE 2017 Nov 22 10:55
අම්පාර උහන ගුවන් ධාවන පථයෙන් අහසට නැඟගත්, එම්. අයි. 17 වර්ගයේ හෙලිකොප්ටරය  නිලඹර දෙපළු කරමින්...
Views - 2906

මිහිදුම සහ වැස්ස ගැන 'කාලගුණ විද්‍යාවෙන්' බොරු කී‍වේ ඇයි?

IMAGE 2017 Nov 22 10:43
මේ දිනවල අළුයම් කාලයේ අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක දැඩි මිහිදුම් තත්ත්වයක් දක්නට ලැබුණු බව...
Views - 1674

මුගාබේගේ බිරිඳ ද පක්ෂයෙන් නෙරපයි

IMAGE 2017 Nov 21 09:37
වසර 37  ක කාලයක් සිම්බාබ්වේ දේශය පාලනය කළ රොබට් මුගාබේ නිවාස අඩස්සියට ගනිමින් හමුදාව එරට...
Views - 2547

Please publish modules in offcanvas position.

Web Analytics