Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය වූ ඊයේ (16 දා) දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙමින් සිටින සිම්බාබ්වේ කඩුලු 6 ට ලකුණු 252 ක් ලබා කඩුලු 4 ක් අතැතිව ලකුණු 262 ක් ඉදිරියෙන් පසුවිය.
ඊයේ පෙරවරුවේ මුල් ඉනිමේ ලකුණු 10 ක් ඉදිරියෙන් සිට දෙවැනි ඉනිම ඇරඹූ සිම්බාබ්වේ පෙර පෙල බිඳ දැමීමට රංගන හේරත් සමත් වුවද සිකන්දර් රාසා, මැල්කම් වොලර් සහ පීටර් මුවර් සිම්බාබ්වේ ඉනිම ගොඩනැංවීමට සමත් වූහ.
සාර්ථක පිතිහරඹයක් දියත් කළ රාසා හතරේ පහර 7 ක් සහ හයේ පහරක් සහිතව නොදැවී ලකුණු 97 ක් ලබා සිටි අතර මැල්කම් වොලර් හතරේ පහර 8 ක් සහිතව නොදැවී ලකුණු 57 ක් ලබා සිටියේය.
රාසා සහ වොලර් අතර හත්වැනි කඩුල්‍ලේ නොබිඳුණු සම්බන්ධතාවය ලකුණු 107 ක් ලෙස සටහන් විය.
මසකඩ්සා, චකබ්වා සහ මුසකන්ඩා ක්‍රීඩාගාරයට යැවීමට රංගන සමත් වූ අතර දිල්රුවන් ක්‍රියාත්මක වීමෙන් මුල් ඉනිමේ ශතකලාභී අර්වින් දැවී යාමෙන් කඩුලු 4 ක් ලකුණු 23 ක් තුළ බිඳ වැටුණි.
ෂෝන් විලියම්ස් රංගනගේ සිව්වැනි කඩුල්ල වූ අතර ඉන් පසු රාසා සහ මුවර්ගේ ලකුණු 86 ක විශිෂ්ට සම්බන්ධතාවය වාර්තා විය.
ලහිරු කුමාරගේ පන්දුවකට ලකුණු 40 ක් ලැබූ මුවර් දැවී යාමෙන් පසු රාසා සහ වොලර් වගකීම කරට ගනිමින් දිනය අවසන් වනතෙක් කඩුලු ආරක්ෂා කර ගත්හ.
ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ රංගන හේරත් ලකුණු 85 ට කඩුලු 4 ක් බිඳ හෙළීය.
කේ‍ර්ග් අර්වින්ගේ සුපිරි ඉනිම (160) හේතුවෙන් මුල් ඉනිමේ ලකුණු 356 ක් වාර්තා කිරීමට සිම්බාබ්වේ සමත්වූ අතර ඊට පිළිතුරු වශයෙන් ලකුණු 346 ක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත්විය.
ශ්‍රී ලංකාව වෙනුවෙන් සාර්ථක ආරම්භයක් ලබා දෙමින් ලකුණු 84 ක් වාර්තා කිරීමට දිමුත්-තරංග සමත්වූ අතර දිමුත් දැවී යාමෙන් පසු පැමිණි කුසල් මෙන්ඩිස් අසාර්ථක විය.
හතරේ පහර 10 ක් සහ හයේ පහරක් සහිතව ලකුණු 71 ක් ලබා සිටි තරංග අවාසනාවන්ත දුවද්දී දැවී යාමකට හසුවීම ශ්‍රී ලංකාවට ප්‍රබල පාඩුවක් විය.
නායක චන්දිමාල් හතරේ පහර 6 ක් සහිතව ලකුණු 55 ක් ලැබූ අතර ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 41 ක් වාර්තා කළේය.
පාදයේ ආබාධයකට ගොදුරු වූ අසේල ගුණරත්න පසුපෙල පිතිකරුවන් සමග එක්වී ශ්‍රී ලංකා ලකුණු පුවරුව ඉහළ නැංවීමට තියුණු සටනක නිරතවූ අතර අවසානයේ ලකුණු 45 ක් ලබා ක්‍රීමර්ට ගොදුරු විය.
සාර්ථක පන්දු යැවීමක නිරත වූ නායක ක්‍රීමර් ලකුණු 125 ට කඩුලු 5 ක් බිඳ දැමීය.
අද තරගයේ සිව්වැනි දිනයයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අවු. 23න් පහළ අන්තර් පළාත් දෙදින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සති අන්තයේදී සිය දෙවැනි ජය වාර්තා කිරීමට බස්නාහිර උතුර ඊයේ (16දා) සමත්විය.
දෙවැනි සති අන්තයේ පැවැති තරගයකදී බස්නාහිර උතුර හමුවේ ඌව පළාත  ඉනිමක සහ ලකුණු 8ක පරාජයක් ලැබූ අතර, බස්නාහිර දකුණ හමුවේ නැගෙනහිර පළාත කඩුලු 2ක පරාජයක් ලැබිය.
මෙම තරගයකදී නැගෙනහිර පළාත් පිලට එරෙහිව පන්දුවෙන් කැපී පෙනෙන දස්කම් දැක්වූ බස්නාහිර දකුණ පි‍ලේ වමත් පා දඟ පන්දු යවන සඳකැන් පතිරණ තරගයේදී කඩුලු 10ක් දවාලීය.
බස්නාහිර උතුර පි‍ලේ සම්මු අශාන් ඌව පළාතට එරෙහිව පන්දු 131කදී හතරේ පහර 12ක් සහ හයේ පහර 2ක් සමගින් ලකුණු 108ක් රැස් කළ අතර, නැගෙනහිර පළාතේ සචිත ජයතිලක බස්නාහිර දකුණට එරෙහිව පන්දු 78කදී හයේ පහර 11ක් සහ හතරේ පහර 7ක් සමගින් ලකුණු 112ක් වාර්තා කළේය.
මෙම තරගවලදී හෙලකමල් නානායක්කාර (උතුරු මැද) වයඹ පළාතට එරෙහිව තුන් ඉරියව් දස්කම් දැක්වූ අතර, කමලනාදන් තනූෂන් (නැගෙනහිර) බස්නාහිර දකුණට එරෙහිව කඩුලු 9ක් දවාලීය.
 
බස්නාහිර දකුණ-නැගෙනහිර පළාත
බස්නාහිර දකුණ: පළමු ඉනිම - 254 (පන්දුවාර 71.3) මළිඳු මධුරංග 53, රශ්මික ඕපාත 47, මාධව නිමේෂ් 32, ලක්ෂිත මාරසිංහ නොදැවී 22, කමලනාදන් තනූෂන් 6/82, රමේෂ් නිමන්ත 3/49
නැගෙනහිර පළාත: පළමු ඉනිම - 84 (පන්දුවාර 31) සඳකැන් පතිරණ 7/23, රනිත ලියනාරච්චි 2/15
නැගෙනහිර පළාත: දෙවැනි ඉනිම - 288 (පන්දුවාර 61.2) සචිත ජයතිලක 112, රමේෂ් නිමන්ත 77, රමිඳු නිකේෂල 46, ප්‍රමෝද් මධුවන්ත 3/35, සඳකැන් පතිරණ 3/86, ලක්ෂිත මාරසිංහ 2/45
බස්නාහිර දකුණ: දෙවැනි ඉනිම - 121/8 (පන්දුවාර 29.5) මින්හාජ් ජලීල් 42, මළිඳු මධුරංග 30, කමලනාදන් තනූෂන් 3/45, සංජික රිද්ම 2/20, ප්‍රමුද් හෙට්ටිවත්ත 2/25
බස්නාහිර දකුණට කඩුලු 2ක ජයක්.
 
බස්නාහිර උතුර-ඌව පළාත
ඌව පළාත: පළමු ඉනිම - 163 (පන්දුවාර 45.1) නවිඳු නිර්මාල් 64, මීදුම් දිනෙත් 37, බිනුර ප්‍රනාන්දු 5/20, නුවන් තුෂාර 2/28
බස්නාහිර උතුර: පළමු ඉනිම - 292 (පන්දුවාර 76.5) සම්මු අශාන් 108, පැතුම් නිශ්ශංක 70, සහන් ආරච්චිගේ 35, චරණ නානායක්කාර 33, සෙල්වකදීර් ගෝබිනාත් 5/69, පියුමාල් අත්තනායක 2/60, හර්ෂ රාජපක්ෂ 2/63
ඌව පළාත: පළමු ඉනිම - 121 (පන්දුවාර 43.3) ළිසුල ලක්ෂාන් 54, නිශාන් පීරිස් 5/27, දුවිඳු තිලකරත්න 4/38
බස්නාහිර උතුරට ඉනිමක සහ ලකුණු 8ක ජයක්.
 
වයඹ පළාත-උතුරු මැද පළාත
වයඹ පළාත: පළමු ඉනිම - 104 (පන්දුවාර 29.1) හෙලකමල් නානායක්කාර 5/34, චන්දුල වීරරත්න 3/15
උතුරු මැද පළාත: පළමු ඉනිම - 158 (පන්දුවාර 57.3) හෙලකමල් නානායක්කාර 69, අසිත ප්‍රනාන්දු 3/34, සචින්ත පීරිස් 3/43
වයඹ පළාත: දෙවැනි ඉනිම - 247/9 (පන්දුවාර 54) රුක්ෂාන් ප්‍රනාන්දු නොදැවී 86, මිනෝද් භානුක 70, ලියෝ ප්‍රැන්සිස්කෝ 27, චන්දුල වීරරත්න 3/32, හරිත් මධුවන්ත 3/50 
උතුරු මැද පළාත: දෙවැනි ඉනිම - 192/9යි (පන්දුවාර 52)
 දිනෙත් හේවාතන්ත්‍රි 89, රවිඳු කොඩිතුවක්කු 29, යොහාන් මෙන්ඩිස් 28, සචින්ත පීරිස් 4/61, තරිඳු රත්නායක 3/54
(තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය)
 
මධ්‍යම පළාත-බස්නාහිර මධ්‍යම
බස්නාහිර මධ්‍යම-පළමු ඉනිම - 249 (පන්දුවාර 53.2) හිමාෂ ලියනගේ 75, අකීල් ඉන්හාම් 53, ජනිත් ලියනගේ 39, මොහොමඩ් ෂිරාෂ් 4/55, ලක්ෂාන් ප්‍රනාන්දු 4/60
මධ්‍යම පළාත: පළමු ඉනිම - 298 (පන්දුවාර 77.4) රොන් චන්ද්‍රගුප්ත 99, තනුක දාබරේ 70, ඩිලාන් ජයලත් 47, නුවනිඳු ප්‍රනාන්දු 41, සහන් නානායක්කාර 3/58, ජනිත් ලියනගේ 3/63, ලසිත් ඇඹුල්දෙණිය 2/57 
බස්නාහිර මධ්‍යම - දෙවැනි ඉනිම - 226/6 (පන්දුවාර 59) මනෙල්ක ද සිල්වා 67, චරිත් ලියනගේ (නොදැවී) 59, සධීර සමරවික්‍රම 51, රොෂාන් අනුරුද්ධ (නොදැවී) 23, ලක්ෂාන් ප්‍රනාන්දු 2/52, මොහොමඩ් ෂිරාෂ් 2/66, චරිත් සුධාරක 2/70
තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය.
 
පමෝද් ලසන්ත

ඉන්දීය ක්‍රිකට් පි‍ලේ නව පුහුණුකරු ලෙස රවී ශාස්ත්‍රි පත්කර තිබේ. මීට පෙර ඉන්දීය පි‍ලේ ක්‍රිකට් අධ්‍යක්ෂවරයා ලෙසද කටයුතු කර ඇති ශාස්ත්‍රි 2019 ලෝක කුසලාන තෙක් පුහුණුකරු ලෙස පත්කර තිබේ.
මේ අතර ඉන්දීය පි‍ලේ පන්දු යැවීම් පුහුණුකරු ලෙස සහීර් ඛාන් පත්කර ඇති අතර, ටෙස්ට් පි‍ලේ පිතිකරණ පුහුණුකරු ලෙස රාහුල් ඩ්‍රාවිඩ් පත්කර තිබේ.

සිම්බාබ්වේ සමග පැවැති එක්දින තරගාවලිය පරාජය වීම දරා ගැනීමට අපහසු වූ බවත් ඉන් පසු මෙය නායකත්වයෙන් ඉවත් වීමට සුදුසුම අවස්ථාව බවට තීරණය කළ බවත් නායකත්වයෙන් ඉවත්වූ ඇන්ජලෝ මැතිව්ස් ඊයේ (12දා) පැවැති මාධ්‍ය හමුවේදී පැවැසීය.
පසුගිය මාස කිහිපයේදීම ශ්‍රී ලංකා පි‍ලේ දස්කම් පහළ මට්ටමකට වැටුණු බවත්, සිම්බාබ්වේ පරාජය තම ක්‍රිකට් දිවියේ කනගාටුදායක මෙන්ම වේදනාකාරීම අවස්ථාව බවත් මැතිව්ස් පවසයි.
“අපි පරදින්න ක්‍රිකට් ගහන්නේ නෑ. ඒත් පැරදුනාම නායකයාට ඒ වගකීම භාර ගන්න වෙනවා. මීට කලින් මේ වගේ අවස්ථා ආවා. ඒත් ඒ වෙලාවේ නායකත්වය ගන්න කවුරුත් හිටියේ නෑ. අද චන්දිමාල්, තරංග ඉන්නවා. ඒ නිසා මට ඉවත් විය හැකියි” යැයි මැතිව්ස් පවසයි. 
තමා වසර 4 1/2ක් නායකයා ලෙස සිටි අවධියේ හිතට එකඟව නිවැරදි දේ කළ බවත්, නායකත්වය දැරීම ඉතා අපහසු කාර්යයක් බවත් පවසන මැතිව්ස් සෑම විටම පෞද්ගලිකත්වය පසෙක දමා රට වෙනුවෙන් ක්‍රීඩා කළ බවත් පවසයි. 
නායකත්වයෙන් ඉවත්වීම පිළිබඳව තේරීම් කමිටුව සහ ක්‍රිකට් බලධාරීන් සමග සාකච්ඡා කිරීමෙන් පසු මෙම තීරණයට එළැඹි බවත් මැතිව්ස් පැවැසීය.
තමා 2019 ලෝක කුසලාන තරගාවලිය තෙක් නායකයා ලෙස කටයුතු කිරීමට බලා‍පොරොත්තු වූ නමුත්, කණ්ඩායමේ දස්කම් සතුටුදායක මට්ටමක නොවන නිසා තමාට වඩා හොඳ නායකයෙකුට අවස්ථාව ලබාදුන් බවද මැතිව්ස් පවසයි.
තමා නායකත්වය දැරූ අවධියේ සහය දුන් ක්‍රිකට් බලධාරීන්ට, තේරීම් කමිටුවලට, සියලුම පුහුණුකරුවන්ට, සියලුම ක්‍රීඩකයන්ට සිය ස්තූතිය පිරිනැමූ මැතිව්ස් ජයේදී මෙන්ම පරාජයේදීද කණ්ඩායම සමග සිටි ක්‍රීඩා ලෝලීන්ටද සිය ස්තූතිය පිරිනැමීය.
තරුණ වියේදී නායකත්වයට පත්වූ තමාට සහය දුන් සියලු ‍‍‍ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ට සිය ස්තූතිය පළ කළ මැතිව්ස් පවු‍ලේ සාමාජිකයන්වද සිහිපත් කළේය.
ක්‍රීඩකයකු ලෙස තම සේවය 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය තෙක් ලබාදීමට බලා‍පොරොත්තු වන බවද මැතිව්ස් ප්‍රකාශ කළේය.
 
මංගල ධර්මප්‍රේම

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 23න් පහළ අන්තර් පළාත් දෙදින ක්‍රිකට් තරගාවලියේ පළමු දිනයේදී චරිත් අසලංක (දකුණු පළාත) සහ හිමාෂ ලියනගේ (බස්නාහිර මධ්‍යම) ශතක වාර්තා කළ අතර, චරණ නානායක්කාර (බස්නාහිර උතුර) ලකුණු 22ට කඩුලු 7ක් බිඳ හෙළීමට සමත් විය.
චරිත් අසලංක නැගෙනහිර පළාතට එරෙහිව පන්දු 160කදී හතරේ පහර 14ක් සහ එක් හයේ පහරක් සමගින් ලකුණු 113ක් වාර්තා කිරීමට සමත් විය.
හිමාෂ ලියනගේ උතුරු පළාතට එරෙහිව පන්දු 111කදී හතරේ පහර 5ක් සහ හයේ පහර 9ක් සමගින් නොදැවී ලකුණු 120ක් වාර්තා කළේය.
පන්දුවෙන් දස්කම් දැක්වූ වේගපන්දු යවන චරණ නානායක්කාර ලකුණු 22ට කඩුලු 7ක් බිඳ හෙළමින් බස්නාහිර දකුණ මුල් ඉනිම ලකුණු 39කට සීමා කළේය.
අද (12දා) මෙම තරගවල දෙවැනි දිනයයි. 
 
බස්නාහිර දකුණ - බස්නාහිර උතුර
බස්නාහිර දකුණ: පළමු ඉනිම - 39 (පන්දුවාර 15.2) චරණ නානායක්කාර 7/22, බිනුර ප්‍රනාන්දු 3/17
බස්නාහිර උතුර: පළමු ඉනිම - 155 (පන්දුවාර 53.3) සහන් ආරච්චිගේ 41, ශාලින්ද උෂාන් 25, බිනුර ප්‍රනාන්දු 24, නිශාන් පීරිස් 22, මිෂේන් සිල්වා 4/41,  සඳකැන් පතිරණ 3/54, ලක්ෂිත මානසිංහ 2/12
බස්නාහිර දකුණ: දෙවැනි ඉනිම - 58/4 (පන්දුවාර 21) 
රෂ්මික ඕපාත 20
 
දකුණු පළාත-නැගෙනහිර පළාත
දකුණු පළාත: පළමු ඉනිම - 350/5 (පන්දුවාර 89) චරිත් අසලංක 113, සිතාර ගිම්හාන 50, පසිඳු ඉෂිර 56, රමේෂ් මන්ඩිස් 54, අදීෂ තිලංචන (නොදැවී) 43, මොහොමඩ් සරුහාන් 2/69, රමේෂ් නිමන්ත 2/66
නැගෙනහිර පළාත: පළමු ඉනිම - 19/1 (පන්දුවාර 6)
 
මධ්‍යම පළාත-වයඹ පළාත 
මධ්‍යම පළාත: පළමු ඉනිම - 114 (පන්දුවාර 33.2) ෂනෝගීත් ෂන්මුගනාදන් 36, රොන් චන්ද්‍රගුප්ත 32, තරිඳු රත්නායක 4/23, අරවින්ද අකුරුගොඩ 2/12
වයඹ පළාත: පළමු ඉනිම - 139 (පන්දුවාර 34.5) මිනෝද් භානුක 72, අවින්ද අකුරුගොඩ 23, මොහොමඩ් ෂිරාෂ් 6/45,  ප්‍රමෝද්‍ය අබේකෝන් 3/12
මධ්‍යම පළාත: දෙවැනි ඉනිම - 112/4 (පන්දුවාර 23)
ඩිලාන් ජයලත් 63, ෂෙහාන් මධුසංක 2/30
 
බස්නාහිර මධ්‍යම-උතුරු පළාත
උතුරු පළාත: පළමු ඉනිම - 166 (පන්දුවාර 49.4) රෙවාන් කෙලී 30, තරුෂ ප්‍රනාන්දු 30, ජනිත් ලියනගේ 3/28, මනෙල්ක ද සිල්වා 2/15, ලසිත් ඇඹුල්දෙණිය 2/38
බස්නාහිර මධ්‍යම: පළමු ඉනිම - 205/3 (පන්දුවාර 41) හිමාෂ ලියනගේ (නොදැවී) 120, අකීල් ඉන්හාම් 30, ජනිත් ලියනගේ (නොදැවී) 20
 
පමෝද් ලසන්ත

ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයකු වන ෂෆිඋල්ලා ෂෆාක් එරට පළාත් 20-20 තරගයකදී ද්විත්ව ශතකයක් වාර්තා කිරීමට සමත් වී තිබේ.
ඇෆ්ගනිස්ථානයේ ක්‍රියාත්මක පැරගන් නන්ගරාර් 20-20 ක්‍රිකට් තරගාවලියේදී ඔහු මෙම වාර්තාව පිහිටුවා තිබේ.
මේ අනුව ‘ඒ’ කාණ්ඩය යටතේ ඕනෑම රටක තිබෙන 20-20 තරගයකදී ක්‍රීඩකයකු ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස ෂෆිඋල්ලා රැස් කළ මෙම ලකුණු 214 වාර්තා වෙයි.
කාබුට් ස්ටාර් ක්‍රිකට් ක්ලබ් පිලට එරෙහිව කටීස් ක්‍රිකට් ඇකඩමි කණ්ඩායම නියෝජනය කරමින් පන්දු 71ක් වැය කරමින් ෂෆිඋල්ලා රැස් කළ මෙම ලකුණු 214ට හතරේ පහර 16ක් සහ හයේ පහර 21ක් අන්තර්ගත වේ.
මෙම තරගයේදී කටීස් ක්‍රිකට් කණ්ඩායම ලකුණු 351ක් රැස් කළ අතර, කාබුට් පිලට ලබාගත හැකිවූයේ ලකුණු 107ක් පමණි.
IMAGE

සැමියාගේ බිමත්කම සහ නොගැළපීම නිසයි විවාහය බිඳ වැටුණේ

IMAGE 2017 Nov 23 13:33
තිලකා රණසිංහගේ ජීවිතයේ වඩාත්ම සතුටු වූ අවස්ථාව හා වැඩියෙන්ම දුක් වූ අවස්ථාව සිහිපත් කරන්න...
Views - 3134

ලංකාව හැර ගිය නතාෂා ආපහු ඇවිත් කියපු කතාව

IMAGE 2017 Nov 23 08:03
නතාෂා පෙරේරා පහුගිය කාලයේ වැඩිපුර දකින්නට ලැබුණේ නැහැ. ඒ ඇය තමන්ගේ ආදරණීය සැමියා ප්‍රිහාන්...
Views - 2975

55 වියැති බැංකු ලොක්කා 29 කන්තෝරු නෝනා සමඟ 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Nov 22 12:50
බැංකුවක උසස් නිලයක් දරන පනස්පස් හැවිරිදි සිය සැමියා වසර ගණනාවක් තිස්සේ විසිනව හැවිරිදි රජයේ...
Views - 6031

අහසේ සිට බිමට පනින එස්.ටී.එෆ්. යුවතියෝ

IMAGE 2017 Nov 22 10:55
අම්පාර උහන ගුවන් ධාවන පථයෙන් අහසට නැඟගත්, එම්. අයි. 17 වර්ගයේ හෙලිකොප්ටරය  නිලඹර දෙපළු කරමින්...
Views - 3598

මිහිදුම සහ වැස්ස ගැන 'කාලගුණ විද්‍යාවෙන්' බොරු කී‍වේ ඇයි?

IMAGE 2017 Nov 22 10:43
මේ දිනවල අළුයම් කාලයේ අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක දැඩි මිහිදුම් තත්ත්වයක් දක්නට ලැබුණු බව...
Views - 2191

මුගාබේගේ බිරිඳ ද පක්ෂයෙන් නෙරපයි

IMAGE 2017 Nov 21 09:37
වසර 37  ක කාලයක් සිම්බාබ්වේ දේශය පාලනය කළ රොබට් මුගාබේ නිවාස අඩස්සියට ගනිමින් හමුදාව එරට...
Views - 3004

Please publish modules in offcanvas position.

Web Analytics