Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

Thiri

සංචාරක ඉන්දීය පිල සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ පිල අතර දෙදින පුහුණු තරගය අද සහ හෙට (21-22) කොළඹ සී.සී.සී. පිටියේදී පැවැත්වේ. 

මෙම තරගය සඳහා 14 දෙනකුගෙන් සමන්විත සංචිතය නම්කර ඇති අතර, සියලුම ක්‍රීඩකයන් ශ්‍රී ලංකා පිල නියෝජනය කර තිබිම කැපී පෙනෙයි.

මෙම තරගයට කලකට පසු පිතිකරුවකු ලෙස ලහිරු තිරිමාන්න කැඳවා තිබේ. 

 

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ පිල

ධනුෂ්ක ගුණතිලක, කෞෂාල් සිල්වා, ලහිරු තිරිමාන්න, ධනන්ජය ද සිල්වා, රොෂේන් සිල්වා, අශාන් ප්‍රියන්ජන්, සඳුන් වීරක්කොඩි, කිත්රුවන් විතානගේ, කසුන් රාජිත, ලහිරු ගමගේ, විකුම් සංජය, විශ්ව ප්‍රනාන්දු, ෂෙහාන් ජයසූරිය, තරිඳු කෞෂාල්

විරාත් කෝලිගේ නායකත්වයෙන් යුත් ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් පිල ඊයේ (19දා) ශ්‍රී ලංකාවට පැමිණියේය.
පූර්ණ තරගාවලියක් වන මෙම තරගාවලියේදී ටෙස්ට් තරග 3ක්, එක්දින තරග 5ක් සහ 20-20 තරගයක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
ටෙස්ට් තරගවලට පෙර දෙදින පුහුණු තරගයක් ලබන 21 හා 22දා පැවැත්වීමට සැලසුම් කර තිබේ.
ඉන්පසු ගාල්ල බලා පිටත්ව යන ඉන්දීය පිල එහිදී ලබන 26දා සිට 30දා දක්වා පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයට සහභාගි වෙයි.
දෙවැනි ටෙස්ට් තරගය අගෝස්තු 3 සිට 7දා දක්වා එස්.එස්.සී. පිටියේදී පැවැත්වෙන අතර, තෙවැනි ටෙස්ට් තරගය අගෝස්තු 12 සිට 16දා දක්වා පල්ලෙකැ‍ලේදී පැවැත්වේ. 
පළමු එක්දින තරගය දඹුල්‍ලේදී පැවැත්වෙන අතර, පල්ලෙකැ‍ලේදී තරග 2ක්ද, ආර්. ප්‍රේමදාස පිටියේදී තරග 2ක්ද පැවැත්වේ.
සියලුම එක්දින තරග දිවා/රාත්‍රී තරග ලෙස පැවැත්වෙන අතර, 20-20 තරගය රාත්‍රී තරගයක් ලෙස පැවැත්වේ.
ශ්‍රී ලංකා තරගාවලියට නම් කළ මුරලි විජේ ආබාධයකට ගොදුරු වීම නිසා ඒ වෙනුවට ෂිකර් ධවාන් කණ්ඩායමට කැඳවා තිබේ.
මේ අනුව පිතිකරුවන් ලෙස කෝලි, රහානේ, ධවාන්, අබිනව් මුකුන්ඩ්, රෝහිත් ෂර්මා සහ ලොකේෂ් රාහුල් ක්‍රීඩා කරති.
වේගපන්දු යවන්නන් ලෙස බුවනේෂ්වර් කුමාර්, ඉෂන්ට් ෂර්මා, උම‍ෂේ යදාව්, මොහොමඩ් ෂමී සහ හාර්දික් පාන්ඩයා නම්කර ඇති අතර, කඩුලු රකින්නා ලෙස විදිමන් සහා ක්‍රීඩා කරයි.
දඟ පන්දු යවන්නන් ලෙස රවිචන්ද්‍රන් ඇෂ්වින්, රවීන්ද්‍ර ජඩේජා සහ කුල්දීප් යදාව් කණ්ඩායමට එක්වී සිටිති. 
 
ඉන්දීය ටෙස්ට් සංචිතය
විරාත් කෝලි (නායක), රවිචන්ද්‍රන් ඇෂ්වින්, අජින්කෙයා රහානේ, ෂිකර් ධවාන්, රවීන්ද්‍ර ජඩේජා, කුල්දීප් යදාව්, 
බුවනේෂ්වර් කුමාර්, මොහොමඩ් ෂමී, අබිනව් මුකුන්ඩ්, හාර්දික් පාන්ඩයා, චෙටස්වර් පුජාරා, ලොකේෂ් රාහුල්, විදිමන් සහා, 
ඉෂන්ට් ෂර්මා, රෝහිත් ෂර්මා, උමේෂ් යදාව්. 
 
ශ්‍රී ලංකා-ඉන්දියා තරග සටහන
 
ජූලි 26-30- පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය - ගාල්ල
අගෝ. 3-7- දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය - එස්.එස්.සී.
අගෝ. 12-16- තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය- පල්ලෙකැ‍ලේ
අගෝ. 20 - පළමු එක්දින තරගය - දඹුල්ල
අගෝ. 24- දෙවැනි එක්දින තරගය - පල්ලෙකැ‍ලේ
අගෝ. 27- තෙවැනි එක්දින තරගය - පල්ලෙකැ‍ලේ
අගෝ. 31- සිව්වැනි එක්දින තරගය - ආර්. ප්‍රේමදාස පිටිය
සැප්. 3- පස්වැනි එක්දින තරගය - ආර්. ප්‍රේමදාස පිටිය
සැප්. 6 - 20-20 ක්‍රිකට් තරගය - ආර්. ප්‍රේමදාස පිටිය
 
මංගල ධර්මප්‍රේම

සිංගර් ශ්‍රී ලංකා සමාගමේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අවු. 15න් පහළ අන්තර් පාසල් පළමු කොටසේ ක්‍රිකට් තරගාවලියේ දෙවැනි වටයේ තරගයකදී මලියදේවයට එරෙහිව ලකුණු 23කට කඩුලු 12ක් දවාලීමට මහින්ද විදුහ‍ලේ කුෂාන් මධූෂ සමත්විය.
කුෂාන් මධූෂ මුල් ඉනිමේදී ලකුණු 14ට කඩුලු 6ක් බිඳ හෙලමින්ද, දෙවැනි ඉනිමේදී ලකුණු 9ට කඩුලු 6ක් බිඳ හෙළමින්ද මහින්ද විදුහලට ඉනිමක සහ ලකුණු 40ක ජයග්‍රහණයක් හිමිකර දීමේ පුරෝගාමියා බවට පත්විය.
මෙම තරගයකදී මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයට එරෙහිව කොළඹ රාජකීය විද්‍යාලයේ සඳුන් අප්පුහාමි ශතකයක් සහ කඩුලු 5ක් බිඳ හෙළමින් තුන් ඉරියව්වෙන් දස්කම් දැක්වූ අතර, කොළඹ රාජකීය විද්‍යාලයේ කවිඳු පතිරත්න සිය දෙවැනි ශතකය රැස් කිරීමට සමත්විය.
 
මහින්ද-මලියදේව
මලියදේව: පළමු ඉනිම - 94 (පන්දුවාර 39.5) පසන් ප්‍රභාෂ්වර 43, කුෂාන් මධූෂ 6/14, නවෝද් පරණවිතාන 3/19
මහින්ද: පළමු ඉනිම - 185/2 (පන්දුවාර 27) නවෝද් පරණවිතාන 65, කෝසල උදයංග නොදැවී 35, සිතිරු ගුරුගේ 32, සදෙව් ඉඳුවර 30
මලියදේව: දෙවැනි ඉනිම - 51 (පන්දුවාර 33.5) කුෂාන් මධූෂ 6/9, නවෝද් පරණවිතාන 4/19
මහින්දයට ඉනිමක සහ ලකුණු 40ක ජයක්.
 
රාජකීය-විද්‍යාර්ථ 
රාජකීය: පළමු ඉනිම - 267/2 (පන්දුවාර 41.2) කවිඳු පතිරත්න නොදැවී 105, සඳුන් අප්පුහාමි නොදැවී 100
විද්‍යාර්ථ: පළමු ඉනිම - 121 (පන්දුවාර 48) හේෂාන් ජයවර්ධන 31, සඳුන් අප්පුහාමි 5/40, කනික දයාරත්න 2/13, ගිහාන් බාලසූරිය 2/22
විද්‍යාර්ථ: දෙවැනි ඉනිම - 52/6 (පන්දුවාර 18) උෂාන් බෝරුප්ප 3/8
රාජකීය විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.
 
මාතර ශා. තෝමස්-ආනන්ද
ආනන්ද: පළමු ඉනිම - 121 (පන්දුවාර 49.2) විනුජ විජේබණ්ඩාර 23, නවිඳු මානෙත් 5/46, සචිර රශ්මික 2/25
ශා. තෝමස් පළමු ඉනිම - 153 (පන්දුවාර 47.5) සචිර රශ්මික නොදැවී 48, වෝෂිත අමරසිංහ 48, සජිත් ද සිල්වා 4/45
මාතර ශා. තෝමස්ට පළමු ඉනිමේ ජයක්.
 
මහානාම-දේවපතිරාජ 
මහානාම: පළමු ඉනිම - 241/5 (පන්දුවාර 54.2) පසන් ගුණවර්ධන 76, පවන් රත්නායක 50, සමිත් යශෝධන 49, ජීවක ශෂීන් 2/64
දේවපතිරාජ: පළමු ඉනිම - 184 (පන්දුවාර 57) සුධීර වීරරත්න 76, ජීවක ශෂීන් නොදැවී 62, දෙවිඳු මනිෂ්ක 5/44, ශකිත් සේනානායක 2/18, සචිර රශ්මිත 2/33
මහානාමයට පළමු ඉනිමේ ජයක්.
 
ඉසිපතන-ශ්‍රී ජයවර්ධනපුර ම.වි.
ශ්‍රී ජයවර්ධනපුර: පළමු ඉනිම - 112 (පන්දුවාර 37.1) චමෝද් සුපුන් 27, සම්පත් නිශ්ශංක 22, ලෝමිත රවින්දිත් 3/26, තනුජ ශෂ්මිත 2/23
ඉසිපතන: පළමු ඉනිම - 160/7 (පන්දුවාර 33.3) ළිසුර වීනාත් 41, තෙවිඳු දික්වැල්ල 32, බනුල පෙරේරා 2/8, බිහාන් සිරිවර්ධන 2/12
ශ්‍රී ජයවර්ධනපුර: දෙවැනි ඉනිම - 148/5 (පන්දුවාර 45) චමෝද් සුපුන් 81, කවිෂ්ක ගිහාන් 28, ලෝමිත රවින්දිත් 3/16
ඉසිපතනයට පළමු ඉනිමේ ජයක්.
 
ත්‍රිත්ව-ශා. තෝමස්
ත්‍රිත්ව: පළමු ඉනිම - 237/6 (පන්දුවාර 60) පවන් පතිරාජ 76, කවිෂ් අභිෂේක් 48, රනුද සෝමරත්න නොදැවී 36, පසන් ගනේගොඩ 22, රයන් ප්‍රනාන්දු 2/27
ශා. තෝමස්: පළමු ඉනිම - 120/8 (පන්දුවාර 42) රයන් ප්‍රනාන්දු 28, ඔමායිල් රයිසාන් 3/32, කවිෂ් අභිෂේක් 2/19, මෙල්වින් සිල්වා 2/26
තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය.
 
පමෝද් ලසන්ත

කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ දස්කම් වර්ධනය වූ බව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පුහුණුකරු හේමන්ත දේවප්‍රිය මහතා පවසයි.
මතෛක් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ ප්‍රහාරක වේගය අඩු මට්ටමක පැවැති නමුත් මෙවර තරගාවලියේදී එය වර්ධනය කර ගැනීමෙන් තරග රැසකදී සටනක් දීමට හැකිවූ බවත් දේවප්‍රිය මහතා පවසයි.
ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ පන්දු රැකීම සහ ශාරීරික යෝග්‍යතාව වර්ධනය කරගතයුතු බව පවසන දේවප්‍රිය මහතා උඩපන්දු 6 ක් පමණ අත්හැරීමෙන් කොදෙව් තරගය පරාජය වීමට සිදුවූ බව පැවැසීය.
ඉදිරියේදී නවක දක්ෂ ක්‍රීඩිකාවන් ආදේශ කර ගනිමින් සාර්ථක කණ්ඩායමක් නිර්මාණය කළ යුතු බවද දේවප්‍රිය මහතා පවසයි.
නායිකා ඉනෝකා රණවීර පවසන්නේ මෙවර තරගාවලියේදී ක්‍රීඩිකාවන් රැසකගේ පෞද්ගලික දක්ෂතා වර්ධනයවී ඇති බවයි.
චමරි අතපත්තු, දිලානි මනෝදරා, චන්දිමා ගුණරත්න සහ ශෂිකලා සිරිවර්ධන තරගාවලිය පුරා දස්කම් දැක්වූ බවත් කණ්ඩායමේ දක්ෂතා පිළිබඳව සෑහීමකට පත්වන බවත් නායිකා ඉනෝකා පැවැසුවාය.
මැද පෙළ පිතිකාරිනියන්ගේ දක්ෂතා තවත් වර්ධනය විය යුතු බව පවසන ඉනෝකා තරගාවලියට පෙර සිටම ක්‍රිකට් ආයතනයෙන් සියලුම පහසුකම් හිමිවූ බවද පැවැසුවාය.

සිම්බාබ්වේට එරෙහිව වාර්තාගත ලකුණු සංඛ්‍යාවක් හඹා ගොස් ටෙස්ට් තරගය ජය ගැනීම ශ්‍රී ලංකාවේ ඉදිරි ගමනට ඉතා වැදගත් බව ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් ජයග්‍රහණයෙන් පසු පැවැති මාධ්‍ය හමුවේදී පැවැසීය.
“මෙම තරගය දෙපැත්තටම දෝලනය වුණා. ලකුණු 388 ක් හඹා යාම අසීරු කාර්යයක්. ඒත් හැම පිතිකරුවෙකුම ජයගන්න සූදානමින් හිටියේ. අවසානයේ ජය හිමිවුණා” යැයි චන්දිමාල් පැවැසීය.
“ඊයේ උදේ මම අසේලට කිව්වා ඔයා 100 ක් ගහනවා කියලා. එතකොට මට අසේල කිව්වා චන්දි මම නොදැවී 70 ක් ගහලා මැච් එක දිනවලා දෙනවා කියලා. ඒ වගේම අසේල අපිට මැච් එක දිනවලා දුන්නා” යැයි චන්දිමාල් පවසයි.
ශ්‍රී ලංකා පි‍ලේ සියලුම ක්‍රීඩකයන්ට තම වගකීම පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබාදුන් බව පවසන චන්දිමාල් අසේල, දික්වැල්ල, කුසල් මෙන්ම සෙසු ක්‍රීඩකයන්ද ජයග්‍රහණය වෙනුවෙන්ම ක්‍රීඩා කළ බව පවසයි.
සිම්බාබ්වේ ක්‍රිකට් දැන් ගොඩක් දියුණුවී ඇති බව පවසන චන්දිමාල් ඔවුන් හොඳ සටනක් ලබාදුන් බව පවසයි. විශේෂයෙන්ම රංගන වැනි සුපිරි පන්දුයවන්නෙක් සිටියදී ඉනිම දෙකේදීම ලකුණු 350 ට වඩා ලබා ගැනීම අගය කළ යුතු බව චන්දිමාල් පවසයි.
මෙම ජයග්‍රහණයත් සමගම කණ්ඩායමේ මානසිකත්වය ඉහළ නැංවුණු බව පවසන චන්දිමාල් ඉදිරි ඉන්දීය තරගාවලියට නව සැලසුමකින් සටන් වදින බව පැවැසීය.
මෙහිදී අදහස් දක්වූ තරගයේ වීරයා වූ අසේල ගුණරත්න පැවැසුවේ දික්වැල්ල සමග කතා කරමින් ඔහු ලවා ලකුණු පුවරුව ඉහළ නංවා ගත් බවයි. තම ආබාධය එතරම් දරුණු නොවන බව පවසන අසේල ඉදිරියේදී නිත්‍ය පන්දු යවන්නෙකු වීම තම අපේක්ෂාව බව පවසයි. 
 
පරාජය වීම ගැන කනගාටුයි ලබා දුන් සටන ගැන සතුටුයි
 
සිම්බාබ්වේ නායක ක්‍රීමර් කියයි
 
ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් සටන පරාජය වීම පිළිබඳව කනගාටුවන නමුත් ලබාදුන් සටන පිළිබඳව සතුටු වන බව සිම්බාබ්වේ නායක ග්‍රැහැම් ක්‍රීමර් පරාජයෙන් පසු පැවැසීය.
“අපි හොඳ සටනක් දුන්නා. ඊයේ කඩුලු 3 ක් වගේම අද උදේ කඩුලු 2 ක් ගත්තා. ඒත් පන්දු රැකීමේ දුර්වලතා හේතුවෙන් සටන අඩපණ වුණා” යැයි ක්‍රීමර් පවසයි.
ශ්‍රී ලංකා පිතිකරුවන් සැලසුමකට අනුව ලකුණු හඹාගිය බව පවසන ක්‍රීමර් ලකුණු 388 ක ඉලක්කය හඹා යාම අසීරු අභියෝගයක් බවද පවසයි.
කඩුලු රැකීමට මුවර් වෙනුවට චකබ්වා යොදා ගැනීම පිළිබඳව අදහස් දැක්වූ ක්‍රීමර් පවසන්නේ මුවර්ට පිතිකරුවකු ලෙස වැඩි වගකීමක් පැවැරීමට එම තීරණය ගත් බවයි.
මෙවර තරගාවලියේදී එක්දින තරගාවලිය ජයගෙන ටෙස්ට් තරගයේදී සටනක් ලබා දීමට හැකි වීම පිළිබඳව සතුටු වන බවද ක්‍රීමර් පැවැසීය.

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ලකුණු 388 ක වාර්තාගත ඉලක්කයක් හඹා යන ශ්‍රී ලංකාව දිනය අවසන් වනවිට කඩුලු 3 ට ලකුණු 170 ක් ලබා සිටියේය.
මේ අනුව අද දිනයේදී ජයග්‍රහණය වෙනුවෙන් පන්දුවාර 90 දී තවත් ලකුණු 218 ක් ලබා ගැනීමේ අභියෝගය කුසල් මෙන්ඩිස්, මැතිව්ස් සහ ශ්‍රී ලංකා මැද පෙළ පිතිකරුවන්ට පැවැරී ඇති අතර සිම්බාබ්වේට ජයග්‍රහණය වෙනුවෙන් කඩුලු 7 ක් ලබා ගැනීමට සිදුවී තිබේ.
මෙම ඉලක්කය හඹා ගියහොත් එය ශ්‍රී ලංකාව තුළ හඹාගිය ඉහළම ඉලක්කය වන අතර මීට පෙර 2015 දී පල්ලෙකැ‍ලේදී පාකිස්තානය ලකුණු 382 ක් හඹා ගොස් ජයග්‍රහණය කර තිබේ.
ලකුණු හඹා යාමේදී තරංග සහ දිමුත් කරුණාරත්න ලකුණු 58 ක සම්බන්ධතාවක් තැබූ අතර ක්‍රීමර් ක්‍රියාත්මක වීමෙන් තරංග ලකුණු 27 කට පිටියෙන් ඉවත් විය.
දිමුත් සහ කුසල් එක්ව ලකුණු 50 ක සම්බන්ධතාවක් වාර්තා කිරීමෙන් පසු විලියම්ස්ගේ තියුණු ලෙස දඟ කැවුණු පන්දුවක් කෙලින්ම කඩුල්‍ලේ වැදීමෙන් දිමුත්ගේ ඉනිම ලකුණු 49 කට සීමාවිය.
සිය දෙවැනි කඩුල්ල ලෙස චන්දිමාල් ලකුණු 15 කට දවා ගැනීමට ක්‍රීමර් සමත්වීමෙන් ශ්‍රී ලංකාවේ තෙවැනි කඩුල්ල ලකුණු 133 දී බිඳ වැටුණි.
සාර්ථක පිතිහරඹයක නිරත වූ කුසල් මෙන්ඩිස් දිනය අවසන් වන විට නොදැවී ලකුණු 60 ක් ලබා සිටි අතර ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 17 ක් ලබා සිටියේය.
පන්දුවෙන් දස්කම් දැක්වූ ක්‍රීමර් කඩුලු 2 ක්ද, විලියම්ස් එක් කඩුල්ලක්ද බිඳ හෙළීය.
ඊයේ සිය දෙවැනි ඉනිම වෙනුවෙන් ලකුණු 377 ක් ලබා ගැනීමට සිම්බාබ්වේ සමත්වූ අතර සිකන්දර් රාසා සිය පළමු ටෙස්ට් ශතකය වාර්තා කළේය.
රාසා මිනිත්තු 342 ක් කඩුල්‍ලේ රැඳී සිටිමින් හතරේ පහර 10 ක් සහ හයේ පහරක් සහිතව ලකුණු 127 ක් ලබා ගත් අතර රාසා සහ වොලර් අතර 7 වැනි කඩුල්‍ලේ සම්බන්ධතාව ලකුණු 144 ක් විය.
සාර්ථක පිතිහරඹයක නිරත වූ වොලර් මිනිත්තු 163 ක් කඩුල්‍ලේ රැඳී සිටිමින් හතරේ පහර 8 ක් සහිතව ලකුණු 68 ක් වාර්තා කළ අතර සාර්ථක ඉනිමක් ක්‍රීඩා කළ නායක ක්‍රීමර් ලකුණු 48 ක් ලබා අවසන් පිතිකරුවා ලෙස දැවී ගියේය.
සිය ටෙස්ට් දිවියේ 31 වැනි වරටත් ඉනිමක කඩුලු 5 ක් ලබා ගැනීම සනිටුහන් කළ රංගන හේරත් ලකුණු 133 ට කඩුලු 6 ක් බිඳ දමමින් තරගයේදී කඩුලු 11 ක් ලබා ගත්තේය.
මෙය රංගන කඩුලු 10 ක් ලබාගත් 8 වැනි අවස්ථාව වන අතර ඔහුට ඉහළින් මුරලිදරන් 22 වරක්ද
ෂේන් වෝන් 10 වරක්ද රිචඩ් හැඩ්ලි 9 වරක්ද මෙම දස්කම කර තිබේ.
දිල්රුවන් පෙරේරා ලකුණු 95 ට කඩුලු 3 ක් බිඳ හෙලූ අතර අද තරගයේ අවසන් දිනයයි.


මංගල ධර්මප්‍රේම

IMAGE

සැමියාගේ බිමත්කම සහ නොගැළපීම නිසයි විවාහය බිඳ වැටුණේ

IMAGE 2017 Nov 23 13:33
තිලකා රණසිංහගේ ජීවිතයේ වඩාත්ම සතුටු වූ අවස්ථාව හා වැඩියෙන්ම දුක් වූ අවස්ථාව සිහිපත් කරන්න...
Views - 3877

ලංකාව හැර ගිය නතාෂා ආපහු ඇවිත් කියපු කතාව

IMAGE 2017 Nov 23 08:03
නතාෂා පෙරේරා පහුගිය කාලයේ වැඩිපුර දකින්නට ලැබුණේ නැහැ. ඒ ඇය තමන්ගේ ආදරණීය සැමියා ප්‍රිහාන්...
Views - 3624

55 වියැති බැංකු ලොක්කා 29 කන්තෝරු නෝනා සමඟ 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Nov 22 12:50
බැංකුවක උසස් නිලයක් දරන පනස්පස් හැවිරිදි සිය සැමියා වසර ගණනාවක් තිස්සේ විසිනව හැවිරිදි රජයේ...
Views - 6706

අහසේ සිට බිමට පනින එස්.ටී.එෆ්. යුවතියෝ

IMAGE 2017 Nov 22 10:55
අම්පාර උහන ගුවන් ධාවන පථයෙන් අහසට නැඟගත්, එම්. අයි. 17 වර්ගයේ හෙලිකොප්ටරය  නිලඹර දෙපළු කරමින්...
Views - 4128

මිහිදුම සහ වැස්ස ගැන 'කාලගුණ විද්‍යාවෙන්' බොරු කී‍වේ ඇයි?

IMAGE 2017 Nov 22 10:43
මේ දිනවල අළුයම් කාලයේ අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක දැඩි මිහිදුම් තත්ත්වයක් දක්නට ලැබුණු බව...
Views - 2567

මුගාබේගේ බිරිඳ ද පක්ෂයෙන් නෙරපයි

IMAGE 2017 Nov 21 09:37
වසර 37  ක කාලයක් සිම්බාබ්වේ දේශය පාලනය කළ රොබට් මුගාබේ නිවාස අඩස්සියට ගනිමින් හමුදාව එරට...
Views - 3370

Please publish modules in offcanvas position.

Web Analytics