Coss Ear2
lakbima.lk
COSS Ear 1

සිංගර් ශ්‍රී ලංකා සමාගමේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අවු. 13න් පහළ අන්තර් පාසල් පළමු කොටසේ ක්‍රිකට් තරගාවලියේ තරගයකදී විශ්ව පාරමී සහ නවිඳු රෂ්මිකගේ විශිෂ්ට පන්දු යැවීම හේතුවෙන්  වෙන්නප්පුව ශා. ජෝශප් වාස්ට ලකුණු 289ක ජයක් හිමිවිය.
ගිරිඋල්ල වික්‍රමශිලා ජාතික පාසලට එරෙහිව විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ විශ්ව පාරමී පළමු ඉනිමේදී ලකුණු 11ට කඩුලු 6ක්ද, දෙවැනි ඉනිමේදී ලකුණු 5ට කඩුලු 5ක්ද සමගින් මුළු තරගයේදී ලකුණු 16කට කඩුලු 11ක් බිඳ හෙළීය.
විශ්වට අනගි සහයක් ලබාදුන් නවිඳු රශ්මික මුල් ඉනිමේදී ලකුණු 4ට කඩුලු 4ක්ද, දෙවැනි ඉනිමේදී ලකුණු 13ට කඩුලු 5ක්ද සමගින් මුළු තරගයේදී ලකුණු 17කට කඩුලු 9ක් බිඳ හෙළීය.
විශ්ව සහ නවිඳුගේ පන්දු යැවීම හමුවේ ගිරිඋල්ල වික්‍රමශිලා ජාතික පාසල් පළමු ඉනිම ලකුණු 16කට සීමාවූ අතර, දෙවැනි ඉනිම ලකුණු 21කට සීමා විය.
 
ජෝශප් වාස්-ගිරිඋල්ල වික්‍රමශිලා
ශා. ජෝශප් වාස්: පළමු ඉනිම - 212/5 (පන්දුවාර 36) නෙත්මාල් ද සොයිසා 95, මෙනුෂ පෙරේරා 49, විශ්ව පාරමී 30, සිතිජය විජේසිංහ 2/54
වික්‍රමශිලා: පළමු ඉනිම - 16 (පන්දුවාර 11) විශ්ව පාරමී 6/11, නවිඳු රශ්මික 4/4
ශා. ජෝශප් වාස්: දෙවැනි ඉනිම - 114/5 (පන්දුවාර 25) මෙනුෂ් පෙරේරා 31, උවින් චන්දීප 34, රොෂේන් මධුසංක 3/51
වික්‍රමශිලා: දෙවැනි ඉනිම - 21 (පන්දුවාර 13) විශ්ව පාරමී 5/5, නවිඳු රශ්මික 5/13
ජෝශප් වාස් විද්‍යාලයට ලකුණු 289ක ජයක්.
 
කළුතර සිරිකුරුස-හෝමාගම ම.ම.වි
සිරිකුරුස: පළමු ඉනිම - 166/7 (පන්දුවාර 55) ෂොනාල් පෙරේරා නොදැවී 64, නිවින් කෙනුල 20, දුලංජය පීරිස් 3/40
හෝමාගම ම.ම.වි.: පළමු ඉනිම - 36/5 (පන්දුවාර 32) නිශාන් පෙරේරා 2/1, හංසජ බ්‍රයන් 2/2
තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය.
 
රිච්මන්ඩ්-බලපිටිය රේවත
රිච්මන්ඩ්: පළමු ඉනිම - 182/9 (පන්දුවාර 55) පෘතුවි ජයසූරිය 41, ඉමේෂ් සසිඳු 33, තරින්ද නිර්මාල් 26, කුෂාන් ද සිල්වා 2/27, තත්සර මෙන්ඩිස් 2/32
රේවත: පළමු ඉනිම - 70 (පන්දුවාර 25.2) තරින්ද නිර්මාල් 5/13, අහමඩ් අබ්දුල් 3/13
රේවත: දෙවැනි ඉනිම - 28/3 (පන්දුවාර 3) තරින්ද නිර්මාල් 2/6
රිච්මන්ඩ් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.
 
ධර්මරාජ-කිංග්ස්වුඩ්
කිංග්ස්වුඩ්: පළමු ඉනිම - 90 (පන්දුවාර 36.1) තේනුක විශාන් 20, විභාජිත් ඇහැ‍ලේ‍පොල 5/24, දුලාර බන්දුලසේන 3/12
ධර්මරාජ: පළමු ඉනිම - 205/1 (පන්දුවාර 38) විභාජිත් ඇහැ‍ලේ‍පොල නොදැවී 80, පුළිඳු පෙරේරා නොදැවී 62, ඉසුරු පන්නල 43
මහනුවර ධර්මරාජ විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.
 
ලුම්බිණි-කළුතර තිස්ස
ලුම්බිණි: පළමු ඉනිම - 105 (පන්දුවාර 45.3) උෂාන් පෙරේරා 36, නබිල් රාජුඩීන් 24, සජීව සිල්වා 5/27, කවිඳු සත්සර 2/1, අසේල ද සිල්වා 2/27
තිස්ස: පළමු ඉනිම - 100 (පන්දුවාර 50) දෙව්මිත් ද සිල්වා නොදැවී 62, යසිරු යුගත් 5/30, නබිල් රාජුඩීන් 2/19
ලුම්බිණි විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.
 
ගම්පහ බණ්ඩාරනායක-කෝට්ටේ ශා. තෝමස්
ශා. තෝමස්: පළමු ඉනිම - 117/3 (පන්දුවාර 55) තරුක්ෂ පෙරේරා නොදැවී 56, ජෝර්ඩ්න් මැතිව්ස් 32, ළකිඳු රණසිංහ 2/32
බණ්ඩාරනායක: පළමු ඉනිම - 76/3 (පන්දුවාර 16) ළකිඳු රණසිංහ නොදැවී 27, කුසල් කරුණාරත්න 26, කෙවින් රංජිත් 2/3
තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය.
 
ධර්මාශෝක-දේවපතිරාජ
දේවපතිරාජ: පළමු ඉනිම - 143 (පන්දුවාර 53.5) 
ෂෙහාන් හසරංග 47, මතීෂ සාරංග 32, සෙනුර ද සිල්වා 4/18, ඉෂාන් අනුරාධ 3/1
ධර්මාශෝක: පළමු ඉනිම - 165/8 (පන්දුවාර 48) චානක ජනංග නොදැවී 43, සෙනිත හැළඹගේ 33, සෙනුර ද සිල්වා 32, හොන් හසරංග 4/31, දර්ශක සංදීප් 2/8
අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.
 
මහනුවර විද්‍යාර්ථ-‍පොළොන්නරුව රාජකීය
රාජකීය: පළමු ඉනිම - 99 (පන්දුවාර 39.3) ජනිත් රත්නසිරි 33, විශ්ව සංකල්ප 26, මනුප්‍රිය නුගපිටිය 4/26, දිනුක ඉෂාන් 3/26                                                                             
විද්‍යාර්ථ: පළමු ඉනිම - 123/5 (පන්දුවාර 13) රවිඳු ෂෙහාන් 550, මලීෂ ෂෙහාන් 36, ශෂ්මික හේෂාන් නොදැවී 17, ජනිත් රත්නසිරි 2/23                                                                                                                                          
මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ජනාධිපති විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය සංවිධානය කරන ‘ලුතිනන් නලීන් කුරේ අනුස්මරණ කුසලාන’ ආදි ශිෂ්‍ය ක්‍රිකට් තරගාවලිය මේ මස 21දා කොම්පඤ්ඤ වීදිය මැ‍ලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
ලෙදර් පන්දු භාවිතා කරමින් පැවැත්වෙන මෙම සය සාමාජික ක්‍රිකට් තරගාවලියට විදුහ‍ලේ සියලුම ආදි සිසුන්ට සහාගි වන ලෙස සංවිධායකයින් ආරාධනා කර සිටී. තරගාවලිය පිළිබඳ වැඩි විස්තර 0711650062 (ඩිලාන්) හෝ  0777731308 (සංඛ) දුරකථන අංකයන්ට ඇමැතීමෙන් ලබාගත හැකියි.

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරග 5 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ තීරණාත්මක තෙවැනි එක්දින තරගය අද (18දා) අබුඩාබිහිදී පැවැත්වේ.
තරගාවලියට අවතීර්ණ වීමට අද තරගයේ ජය ශ්‍රී ලංකාවට අනිවාර්ය වී ඇති අතර, පාකිස්තානය ජය ගතහොත් තරගාවලි ජය පාකිස්තානයට හිමිවේ.
පළමු තරගයේදී මෙන්ම දෙවැනි තරගයේදීද පෙර පෙළ පිතිකරුවන් දැක්වූ දුර්වල පිතිහරඹය හේතුවෙන් පරාජය වැළඳ ගැනීමට ශ්‍රී ලංකාවට සිදුවිය.
පාකිස්තානු පන්දු රකින්නන් උඩ පන්දු 2ක් අත් හැරීමෙන් පසු සටනක් දුන් නායක උපුල් තරංග ශතකයක් රැස් කළද එය පරාජය වළක්වා ගැනීමට ප්‍රමාණවත් නොවීය.
තරංග ඉනිම අවසන් වනතුරු කඩුල්‍ලේ රැඳී සිටිමින් ශතකයක් රැස් කළ පළමු ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවා ලෙස වාර්තා ‍පොතට එක්විය.
අද තරගයේදී ශ්‍රී ලංකා පි‍ලේ වෙනස්කම් කිහිපයක් සිදුවනු ඇතැයි වාර්තා වන අතර, චාමර කපුගෙදර සහ සීක්කුගේ ප්‍රසන්න ක්‍රීඩා කිරීම පිළිබඳ අවධානය යොමුවී තිබේ.
ශ්‍රී ලංකා පන්දු යැවීමේ බළඇණිය සාර්ථක දස්කම් දැක්වුවද පිතිකරුවන්ගේ දුර්වලතා හේතුවෙන් පරාජය වීමට සිදුවී තිබේ.
මේ අතර අද තරගයටද පාකිස්තානය සුපුරුදු කණ්ඩායම ක්‍රීඩා කිරීමට නියමිතව ඇතත් ඉමාඩ් වසීම් වෙනුවට වේගපන්දු යවන්නෙකු ක්‍රීඩා කිරීම ගැනද අවධානය යොමුකර ඇති බව වාර්තාවේ.
පළමු තරග දෙකේදී ශතක රැස් කරමින් ලකුණු අතර සිටින බාබර් අසාම් ඉක්මනින් දවා ගැනීම ශ්‍රී ලංකාවට හිතකරවේ.
තරගය ශ්‍රී ලංකාවේ වේලාවෙන් ප.ව. 4.30ට දිවා/රාත්‍රී තරගයක් ලෙස පැවැත්වේ.
 
ශ්‍රී ලංකා එක්දින සංචිතය
 
උපුල් තරංග (නායක), දිනේෂ් චන්දිමාල්, නිරෝෂන් දික්වැල්ල, ලහිරු තිරිමාන්න, කුසල් මෙන්ඩිස්, මිලින්ද සිරිවර්ධන, චාමර කපුගෙදර, තිසර පෙරේරා, සීක්කුගේ ප්‍රසන්න, නුවන් ප්‍රදීප්, සුරංග ලක්මාල්, දුෂ්මන්ත චමීර, විශ්ව ප්‍රනාන්දු, අකිල ධනන්ජය, ජෙෆ්රි වැන්ඩසේ
 
පාකිස්තානු එක්දින සංචිතය
 
සෆ්රාස් අහමඩ් (නායක), අහමඩ් ෂෙෂාඩ්, ෆකාර් සමාන්, මොහොමඩ් හෆීස්, බාබර් අසාම්, ෂොයිබ් මලික්, ඉමාඩ් වසීම්, ෂඩාබ් ඛාන්, ෆහීම් අෂ්රෆ්, හසන් අලී, මොහොමඩ් අමීර්, රුමාන් රීස්, ජුනේඩ් ඛාන්, හැරිස් සොහෙල්, ඉමාම් උල් හක්

සිංගර් ශ්‍රී ලංකා සමාගමේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අවු. 13න් පහළ අන්තර් පාසල් දෙවැනි කොටසේ ක්‍රිකට් තරගාවලියේ පළමු ද්විත්ව ශතකය වාර්තා කිරීමට ‍පොරමඩුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ සුපුන් වඩුගේ සමත්විය.
මෙම තරගාවලියේ පළමු වටයේ තරගයකදී අකුරණ මදීනා විද්‍යාලයට එරෙහිව සුපුන් වඩුගේ පන්දු 166කදී හතරේ පහර 37ක් සහ හයේ පහර 3ක් සමගින් නොදැවී ලකුණු 225ක් වාර්තා කළේය.
අනෙක් අන්තයේ සිට සුපුන්ට අනගි සහයක් ලබා දුන් පී.එම්. ගුරුළුගොඩ පන්දු 100කදී හතරේ පහර 9ක් සහ හයේ පහර 5ක් සමගින් නොදැවී ලකුණු 103ක් රැස් කරමින් තෙවැනි කඩුල්ල සඳහා ලකුණු 313ක විශිෂ්ට සම්බන්ධතාවයක් ගොඩනැංවීය.
‍පොරමඩුල්ල මධ්‍ය මහා විද්‍යාලය අකුරණ මදීනා විද්‍යාලයට එරෙහිව ඉනිමක සහ ලකුණු 270ක ජයක් ලැබූ අතර, හොරණ ශ්‍රීපාලි විද්‍යාලය පානදුර ශ්‍රී සුමංගල ‘බි’ පිලට එරෙහිව කඩුලු 8ක ජයක් ලැබිය.
කොල්ලුපිටිය ශා. තෝමස් විද්‍යාලයේ ඩිරේන් ද සිල්වා තුන් ඉරියව් දස්කම් දැක්වූ අතර, අනුරාධ රාජසිංහ (මාත‍ලේ ශා. තෝමස්) ලකුණු 27කට කඩුලු 7ක් දවාලීය.
පොරමඩුල්ල-අකුරණ මදීනා
‍පොරමඬුල්ල ම.ම.වි.: පළමු ඉනිම - 404/2 (පන්දුවාර 50) සුපුන් වඩුගේ නොදැවී 225, පී.එම්. ගුරුළුගොඩ නොදැවී 103
මදීනා: පළමු ඉනිම - 60 (පන්දුවාර 20) දසුන් බණ්ඩාර 6/18, ආර්. බි. උඩුවෙල 2/23
මදීනා: දෙවැනි ඉනිම - 74 (පන්දුවාර 17) මොහොමඩ් ආතීෆ් 21, ඉසුරු මහගෙදර 5/22, එම්.එන්. රත්නායක 3/0
‍පොරමඩුල්ල මධ්‍ය මහා විද්‍යාලයට ඉනිමක සහ ලකුණු 270ක ජයක්.
 
සිරි පියරතන-ඩී.එස්. සේනානායක ‘බි’
සිරි පියරතන: පළමු ඉනිම - 174/9 (පන්දුවාර 54) අවිෂ්ක මලිත් 69, ඔමේෂ් උදාර 24, පූර්ණ සුලක්ඛණ 2/30, රන්දීෂ තරුණ 2/32, යෙවින් වත්තේවැව 2/52
ඩී.එස්. සේනානායක ‘බි’: පළමු ඉනිම - 108/8 (පන්දුවාර 53) චින්තක කරුණාරත්න නොදැවී 53, විරාජ් කුමාරනායක 28, ලෝචන නාඋල්ල 2/18, රුක්ෂාන් දේවින්ද 2/30
තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය.
 
රත්නපුර ශා. ඇලෝසියස් - බණ්ඩාරවෙල ශා. තෝමස්
ශා. ඇලෝසියස්: පළමු ඉනිම - 134 (පන්දුවාර 33) විහර අත්තනායක 73, කවිෂ්ක විමලසිරි 24, විරාන් ප්‍රනාන්දු 4/15, ඉෂිත ගිම්හාන 4/20, විෂාර වික්‍රමසිංහ 2/30
ශා. තෝමස්: පළමු ඉනිම - 50/7 (පන්දුවාර 20.3) චානුක අබේසේන 3/14, විහර අත්තනායක 2/7, 
කවිෂ්ක කලංසූරිය 2/27
තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය.
 
හොරණ ශ්‍රීපාලි-පානදුර ශ්‍රී සුමංගල ‘බි’
ශ්‍රී සුමංගල ‘බි’: පළමු ඉනිම - 62 (පන්දුවාර 25) පසඳුල් සේරසිංහ 29, සංගීත් සංකල්ප 4/19, හරිඳු නිම්සර 3/28
ශ්‍රීපාලි: පළමු ඉනිම - 133 (පන්දුවාර 34) ඉෂාන් තනුජ 58, උපේක අමන්ත නොදැවී 37, රසික ඩිල්ෂාන් 3/29
ශ්‍රී සුමංගල ‘බි’: දෙවැනි ඉනිම - 87 (පන්දුවාර 21) ක්‍රිෂාන් එරංග 36, පසඳුල් සේරසිංහ 33, හරිඳු නිම්සර 6/23, සංගීත් සංකල්ප 3/04
ශ්‍රීපාලි: දෙවැනි ඉනිම - 17/2 (පන්දුවාර 2) ඉෂාන් තනුජ නොදැවී 14
හොරණ ශ්‍රීපාලි විද්‍යාලයට කඩුලු 8ක ජයක්.
 
මාත‍ලේ ශා. තෝමස්-ගම්‍පොල වික්‍රමබාහු
ශාන්ත තෝමස්: පළමු ඉනිම - 104 (පන්දුවාර 39) එම්. සදිල් 31, සිතුල් විජේසේකර 20, අමන්ත ජයසේකර 4/29, තිදස් ද සිල්වා 3/23
වික්‍රමබාහු: පළමු ඉනිම - 102 (පන්දුවාර 39.5) කේ. සම්පත් 30, මිථිල 17, අනුරාධ රාජසිංහ 7/27, සිතුල් විජේසේකර 2/13
ශා. තෝමස්: දෙවැනි ඉනිම - 45/2 (පන්දුවාර 10) සිතුල් විජේසේකර නොදැවී 20, ආමන්ත ජයතිලක 2/24
මාත‍ලේ ශා. තෝමස් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.
 
ගම්පහ බණ්ඩාරනායක ‘බි’-සඳලංකාව
බණ්ඩාරනායක ‘බි’: පළමු ඉනිම - 39 (පන්දුවාර 30.3) යොහාන් ආලෝක 4/12, ඉරුෂ ඉමල්ෂාන් 2/5
සඳලංකාව ම.ම.වි.: පළමු ඉනිම - 135 (පන්දුවාර 34.3) තරුෂ ඉඳුමිණ 29, යොහාන් ආලෝක 29, අශේන් පෙරේරා 20, දිනුක සම්පත් 4/23, දහම් ඉඳුවර 3/29, කාවිංග ධනංජය 2/26
බණ්ඩාරනායක ‘බි’: දෙවැනි ඉනිම - 100/2 (පන්දුවාර 35) කාවිංග ධනංජය නොදැවී 37
සඳලංකාව මධ්‍ය මහා විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.
 
ශා. ජෝශප් ‘බි’-කොල්ලුපිටිය ශාන්ත තෝමස්
ශා. ජෝශප් ‘බි’: පළමු ඉනිම - 71 (පන්දුවාර 31.1) ඩිරේන් ද සිල්වා 5/22 
ශා. තෝමස්: පළමු ඉනිම - 119/5 (පන්දුවාර 30.3) ඩිරේන් ද සිල්වා 71, තිෂේන් ඇහැළියගොඩ නොදැවී 38, ස්ටෙෆාන් වැන්ෂූම්වෙක් 3/16
ශා. ජෝශප් ‘බි’: දෙවැනි ඉනිම - 53/4 (පන්දුවාර 32) රමිත් එල්ලාවල 4/7
කොල්ලුපිටිය ශා. තෝමස් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වීමට නියමිත තෙවැනි 20-20 ක්‍රිකට් තරගය ලබන 29දා පාකිස්තානයේ ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගණයේ පැවැත්වීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ස්ථිර කර තිබේ.
මේ පිළිබඳව නිවේදනය කරන ක්‍රිකට් ආයතනය පවසන්නේ ශ්‍රී ලංකා-පාකිස්තාන් රජයන් මෙන්ම ආරක්ෂක විශේෂඥයන්ගේද වාර්තා මත පාකිස්තානයේ සංචාරය කිරීම පිළිබඳ සෑහීමකට පත්වන බවයි. මෙය ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුවේද ඒකමතික තීරණය වී තිබේ.
20-20 තරගාවලියට සහභාගි කරවන ශ්‍රී ලංකා සංචිතය ලබන 20දා ප්‍රකාශයට පත් කරීමට නියමිතව ඇති බවද එම නිවේදනයේ දැක්වේ.
ශ්‍රී ලංකා කණ්ඩායම සමග ලාහෝර් තරගයට ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතාද එක්වන බව එම නිවේදනයේ දැක්වේ.

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සිංගර් ශ්‍රී ලංකා සමාගමේ අනුග්‍රහය ඇතිව සංවිධානය කරන “සිංගර් කුසලාන” අවු. 19න් පහළ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ තරගයකදී කඩුලු ත්‍රිත්වයක් සමගින් කඩුලු 10ක් බිඳ හෙලීමට ගල්කිස්ස ශා. තෝමස් විද්‍යාලයේ ඩිලොන් පීරිස් සමත්විය.
ඩිලොන් පීරිස් පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේදී කඩුලු ත්‍රිත්වයක් සමගින් ලකුණු 25ට කඩුලු 4ක්ද, දෙවැනි ඉනිමේදී ලකුණු 40ට කඩුලු 6ක්ද සමගින් මුළු තරගයේදී ලකුණු 65කට කඩුලු 10ක් බිඳ හෙළීය.
තවත් තරගයකදී කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර මහා විද්‍යාලයට එරෙහිව තුන් ඉරියව්වෙන් කැපී පෙනෙන දස්කම් දැක්වීමට කැලණිය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලයේ යුගීෂ ඩිෂාන් සමත්විය.
යුගීෂ ඩිෂාන් නොදැවී ශතකයක් සහ පන්දුවෙන් දස්කම් දක්වමින් කඩුලු 8ක් බිඳ හෙළීය.
ශා. තෝමස්-පන්නිපිටිය ධර්මපාල
ශා. තෝමස්: පළමු ඉනිම - 261/8 (පන්දුවාර 63.4) කළණ පෙරේරා 73, මනීෂ රූපසිංහ 52, සිතාර හපුහින්න 45, දිනෙත් කන්නංගර 28, තෙවින් ඊරියගම නොදැවී 15, ලක්ෂිත සඳරුවන් 2/22, චමිඳු සමරසිංහ 2/66
ධර්මපාල: පළමු ඉනිම - 115 (පන්දුවාර 40.2) මලිත් සඳකැන් 30, අවිෂ්ක හසරින්ද 24, චමිඳු සමරසිංහ 19, ලක්ෂිත සඳරුවන් 15, කළණ පෙරේරා 5/39, ඩිලොන් පීරිස් 4/25
ධර්මපාල: දෙවැනි ඉනිම - 90 (පන්දුවාර 45) චමිඳු සමරසිංහ 24, ඩිලොන් පීරිස් 6/40, කළණ පෙරේරා 2/6
ශා. තෝමස්ට ඉනිමක සහ ලකුණු 56ක ජයක්.
ධර්මාලෝක-ශ්‍රී ජයවර්ධනපුර ම.වි.
ශ්‍රී ධර්මාලෝක: පළමු ඉනිම - 103 (පන්දුවාර 30.5) මධුෂ්ක නදිෂාන් 33, මාධව නන්දිනහේවා 18, ඉරුෂ රාමනායක 17, සම්පත් නිශ්ශංක 5/44, ලිසුක දින්සර 3/14, ගවිෂ කළුආරච්චි 2/22
ශ්‍රී ජයවර්ධනපුර ම.වි.: පළමු ඉනිම - 47 (පන්දුවාර 29)
යුගීෂ ඩිෂාන් 6/14, කවිඳු මල්ෂාන් 3/12
ශ්‍රී ධර්මාලෝක: දෙවැනි ඉනිම - 266/8 (පන්දුවාර 62) යුගීෂ ඩිෂාන් නොදැවී 106, අචින්ත ප්‍රේමවික්‍රම නොදැවී 50, කවිඳු මල්ෂාන් 32, හරිත කරුණානායක 27, සම්පත් නිශ්ශංක 4/60
ශ්‍රී ජයවර්ධනපුර ම.වි.: දෙවැනි ඉනිම - 84 (පන්දුවාර 40) කවිඳු මල්ෂාන් 3/7, මාධව නන්දිනහේවා 3/14, යුගීෂ ඩිෂාන් 2/20, කවිඳු මල්ෂාන් 3/12
කැලණිය ශ්‍රී ධර්මාලෝකයට ලකුණු 238ක ජයක්.
බලංගොඩ ආනන්ද මෛත්‍රිය-බලංගොඩ ශ්‍රී බුද්ධ ජයන්ති
ශ්‍රී බුද්ධ ජයන්ති: පළමු ඉනිම - 142 (පන්දුවාර 41.5) හස්නන් අහමඩ් 42, අශේන් සචින්ත නොදැවී 20, රවිඳු ප්‍රවීන් 20, සම්ප්‍රනාත් විශ්වමෙත් 5/33, තිවංක කරුණාරත්න 4/20
ආනන්ද මෛත්‍රිය: පළමු ඉනිම - 310 (පන්දුවාර 59) චමෝද හංසක 76, ප්‍රවීන් ගොඩකුඹුර 61, චාමර මධුසංක 41, උදේෂ් වතුකාර 28, ලලන්ත විශ්වජිත් 21, ඉෂාර අබේසිංහ 6/91
ශ්‍රී බුද්ධ ජයන්ති: දෙවැනි ඉනිම - 105 (පන්දුවාර 39.2) රවිඳු ප්‍රවීන් 29, චමෝද හංසක 6/29
බලංගොඩ ආනන්ද මෛත්‍රිය මධ්‍ය මහා විද්‍යාලයට ඉනිමක සහ ලකුණු 63ක ජයක්.
කටුනේරිය ශා. සෙබස්තියන්-කටුගස්තොට ශා. අන්තෝනි
ශා. සෙබස්තියන්: පළමු ඉනිම - 254/9 (කවිඳු ඉරෝෂ් 60, දමිත් කෝසල 51, උදාර මෙන්ඩිස් 44, අයොන් හේෂර 40, නිම්නක ජයතිලක 4/56, ගිහාන් අචින්ත 3/43)
ශා. අන්තෝනි: පළමු ඉනිම - 188 (තමාෂන අබේකෝන් 35, තික්ෂ ගුණසිංහ 26, ශෙෂාන් දීමන්ත 4/41, අශේන් චාරුක 2/37)
ශා. සෙබස්තියන්: දෙවැනි ඉනිම - 120/8 (ෂෙහාන් ප්‍රනාන්දු 29, සමිත ඩිල්ෂාන් 20, නිම්නක ජයතිලක 6/50)
ශා. අන්තෝනි: දෙවැනි ඉනිම - 24/2
තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය.
ජා ඇල ක්‍රිස්තුරාජ - කොච්චිකඩේ ලොයොලා
ලොයොලා: පළමු ඉනිම - 65 (පන්දුවාර 23.3) තුෂාන් තරුෂික 29, මලින්ද පෙරේරා 5/13, මධුසංක ප්‍රනාන්දු 2/12
ක්‍රිස්තුරාජ: පළමු ඉනිම - 126 (පන්දුවාර 25.1) මලිත් නවාංජන 44, ධනංජය ප්‍රනාන්දු 34, දිනිඳු මධුෂාන් 3/56, සමිඳු නෝනිස් 2/20, අමිල දේවින්ද 2/23,
ෂෙහාන් අරවින්ද 2/26
ලොයොලා: දෙවැනි ඉනිම - 103 (පන්දුවාර 25.5) ලක්ෂිත ඩිල්ෂාන් 25, සුදීර සොයිසා 23, මාලින්ද පෙරේරා 3/14, ඉසුරු ලක්ෂාන් 2/22, නිසල් මාලින්ද 2/25
ක්‍රිස්තුරාජ: දෙවැනි ඉනිම - 47/2 (පන්දුවාර 14.5) සමිඳු නෝනිස් 2/21
ජා ඇල ක්‍රිස්තුරාජයට කඩුලු 8ක ජයක්.

පමෝද් ලසන්ත

IMAGE

මට දැන් තාත්තා ගැන තියෙන්නේ අනුකම්පාවක් විතරයි

IMAGE 2018 Feb 18 10:28
ආචාර්ය  වික්ටර් රත්නායකයන්ගේ පුතුන් දෙදෙනා වන ජයන්ත සහ ලෙලුම් ගැන අද වෙද්දී මුළු රටම...
Views - 33

ග්‍රැන්ඩ්පාස් ගොඩනැගිල්ල කඩා වැටීම සොයුරාගේ සැලසුමක් -...

IMAGE 2018 Feb 16 13:54
හත්දෙනෙකුට මරු කැඳවමින් පසුගිය (14) දා ග්‍රැන්ඩ්පාස් ගොඩනැගිල්ල කඩා වැටීමේ සිද්ධිය...
Views - 2968

මනාලයාගේ 'දෙනෙත් උඩ රැන්දූ' මනාලියගේ රැකියාව

IMAGE 2018 Feb 16 12:26
අනුරාධපුරයට ආසන්න නිකැලැල් චරිතවත් යුවතියක සඳහා මනාලයෙකු සොයන බව මීට සති කිහිපයකට ඉහත ඉරිදා...
Views - 6225

හෙදිය සමූහ දූෂණයට විනයාරක්ෂක කපිතාන් අල්ලයි

IMAGE 2018 Feb 14 23:55
රංචු ගැසී පුද්ගලික රෝහලක හෙදියක් සමූහ දූෂණයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ‍පොලීසියට...
Views - 5201

ඡන්ද ප්‍රතිඵල වලින් පස්සෙ සමහරුන් බුම්මාගෙන ඉන්නේ ඇයි?

IMAGE 2018 Feb 14 13:39
මෙවර පළාත් පාලන ඡන්දයේ දී මෙන්ම  සෑම මැතිවරණයකදීම කිසියම් පිරිසක් ජයග්‍රහණය කරන විට ඊට...
Views - 3115

හොර හැඳුනුම් පතක් ගෙන ප්‍රේම ලෝකයට බසින 'වැලන්ටයින්'

IMAGE 2018 Feb 14 09:22
පෙම්වතුන් පෙම්වතියන් අතර හෝ අඹු සැමියන් අතර පවත්නා ආදරය ලිංගිකත්වය හා අනුරාගය මත පදනම් වූ...
Views - 3069

Please publish modules in offcanvas position.