Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේදී හිටපු ශූර ඉන්දියාවට එරෙහිව ලකුණු 19ක පෙරළිකාර ජයක් වාර්තා කිරීමට නේපාල යොවුන් ක්‍රීඩකයෝ සමත් වූහ.

නැගෙනහිර ආසියානු කලාපයේ ශූරයන් වෙමින් මෙවර මලයාසියානු තරගාවලියට සුදුසුකම් ලබාගත් නේපාලය පළමුවෙන් පන්දුවට පහර දෙමින් පන්දුවාර 50දී කඩුලු 8ට ලකුණු 185ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාවට පන්දුවාර 48.1කදී සියලු දෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 166ක් පමණි.
නේපාල ජයග්‍රහණය වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ නායක දිපේන්ද්‍ර සිං අයිරී පන්දු 101කදී හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් සමගින් ලකුණු 88ක් සහ පන්දුවෙන්ද දස්කම් දක්වමින් ලකුණු 39ට කඩුලු 4ක් බිඳ හෙළමින් තරගයේ වීරයා බවට පත්විය.

ආරම්භක පිතිකරු ජිතේන්ද්‍ර සිං සහ (36) සහ නායක දිපේන්ද්‍ර සිං තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 49ක සම්බන්ධතාවක් ගොඩනංවමින් නේපාල ඉනිම ශක්තිමත් කළහ.
ඉන්දියාව වෙනුවෙන් නායක හිමන්ෂු රානා (46), මන්ජෝට් කල්රා (35) සහ අභිෂේක් ෂර්මා (27) පිත්තෙන් දස්කම් දැක්වුවද පරාජය වළක්වා ගැනීමට එය ප්‍රමාණවත් නොවීය.

මෙම තරගාවලියේ සහභාගි වූ පළමු තරගයෙන් ඉන්දියාව මලයාසියාවට එරෙහිව ලකුණු 202ක දැවැන්ත ජයක් වාර්තා කළ අතර, නේපාලය බංග්ලාදේශය හමුවේ ඩක්වර්ත් ලුවිස් ක්‍රමයට කඩුලු 2ක පරාජයක් ලැබිය.
නේපාලය අද (14දා) මලයාසියාව සමගද, ඉන්දියාව අද බංග්ලාදේශය සමගද තරග බිමට පිවිසෙයි.
ලකුණු තත්ත්වය :-
නේපාලය පන්දුවාර 50දී - 185/8යි
ජිතේන්ද්‍ර සිං 36, දිපේන්ද්‍ර සිං අයිරී 88, බි. ෂාර්කි 15, ආදිත්‍යා තකාරේ 33/2, අභිෂේක් ෂර්මා 38/2
ඉන්දියාව පන්දුවාර 18.1කදී - 166යි
හිමන්ෂු රානා 46, මන්ජෝට් කල්රා 35, අභිෂේක් ෂර්මා 27, අන්ජු රාවට් 18, දිපේන්ද්‍ර සිං 39/4, පවන් සරාෆ් 24/2,
ෂහාබ් අලාම් 11/2

මලයාසියාවේ පැවැත්වෙන අවු. 19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සහභාගි වූ තරග 2කම ජයගනිමින් අපරාජිතව පසුවන ශ්‍රී ලංකා පිල අද (13දා) කින්රාරා ඕවල් ක්‍රීඩාංගණයේදී පාකිස්තානය සමගින් තරග බිමට පිවිසෙයි.
තරගාවලියේ පළමු දිනයේදී (10දා) ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ එක්සත් අරාබි එමීර් රාජ්‍යය කඩුලු 7කින් පැරදවූ අතර, තරගාවලියේ දෙවැනි දිනයේදී (11දා) ශ්‍රී ලංකාව හමුවේ ඇෆ්ගනිස්ථානය ලකුණු 61ක පරාජයක් ලැබිය.
තරගාවලියේ පළමු දිනයේදී ප්‍රබල පාකිස්තානය පරාජය කළ ඇෆ්ගනිස්ථානය ශ්‍රී ලංකාව හමුවේ පරාජය ලැබිම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ජයග්‍රාහී මානසිකත්වයකින් අද තරගයට පිවිසෙනු ඇත.
අද (13දා) පැවැත්වෙන ශ්‍රී ලංකා-පාකිස්තාන් තරගයට අමතරව, බංගලිදේශය සහ මලයාසියාව අතර තරගය බයුමාස් ඕවල්හිදී පැවැත්වේ.
ශ්‍රී ලංකා අවු. 19න් පහළ පිල කමිඳු මෙන්ඩිස් විසින් මෙහෙයවනු ලබන අතර, හසන් ඛාන් පාකිස්තාන් පිල මෙහෙයවනු ලබයි.
 
ශ්‍රී ලංකා අවු. 19න් පහළ සංචිතය:
කමිඳු මෙන්ඩිස් (නායක), ජෙහාන් ඩැනියෙල් (උප නායක්), අශේන් බණ්ඩාර, හසිත බෝයගොඩ, ක්‍රිෂාන් සංජුල, තිසරු රශ්මික, ප්‍රවීන් ජයවික්‍රම, නිපුන් ධනංජය, ධනංජය ලක්ෂාන්, කළණ පෙරේරා, කෙවින් කොත්තිගොඩ, රන්දීර රණසිංහ, නිශාන් මධුෂ්ක, නුවනිඳු ප්‍රනාන්දු, තිලාන් ප්‍රශාන්
 
පාකිස්තාන් අවු. 19න් පහළ සංචිතය:
හසන් ඛාන් (නායක), මොහොමඩ් මොෂින් ඛාන්, සයිඩ් අලාම්, උමයිර් යුසුෆ්, හයිඩර් අලි, රොහායිල් නසීර්, අබ්දුල්ලා ෂෆික්, මොහොමඩ් හමාඩ් ඛාන්, අෂාර් ක්වෙරෙසි, මොහොමඩ් තහා, සාඩ් ඛාන්, මුසා ඛාන්, ෂහීන් ෂා, මොහොමඩ් අලි, මුනිර් රියාස්
 
ශ්‍රී ලංකා-එමීර් තරගය
ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර 10දා පැවැති තරගයේ පළමු පන්දුවෙන්ම කඩුල්ලක් දවාගත් වමත් ආරම්භක වේගපන්දු යවන තිසරු රශ්මික ලකුණු 17කට කඩුලු 4ක් බිඳ හෙළමින් තරගයේ වීරයා සම්මානය දිනාගත් අතර, ජෙහාන් ඩැනියෙල් ලකුණු 14ට කඩුලු 3ක් බිඳ හෙළීය.
ලකුණු තත්වය :-
එක්සත් අරාබි එමීර් රාජ්‍යය පන්දුවාර 22කදී සියලු දෙනා දැවී - 66යි 
සයිඩ් හයිඩර් 16, තිසරු රශ්මික 17/4, ජෙහාන් ඩැනියෙල් 14/3, ප්‍රවීන් ජයවික්‍රම 13/2, කළණ පෙරේරා 18/1
ශ්‍රී ලංකා පන්දුවාර 16කදී කඩුලු 3ක් දැවී - 68/3යි
කමිඳු මෙන්ඩිස් නොදැවී 27, ක්‍රිෂාන් සංජුල 15, නිපුන් ධනංජය නොදැවී 11, ෂා ෆයිසාල් 13/2
ශ්‍රී ලංකා අවු. 19න් පහළ පිලට කඩුලු 7ක ජයක්.
 
ශ්‍රී ලංකා-ඇෆ්ගනිස්ථාන තරගය
ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර 11දා පැවැති තරගයේදී පන්දුවෙන් දස්කම් දක්වමින් ලකුණු 17කට කඩුලු 5ක් බිඳ හෙලූ ප්‍රවීන් ජයවික්‍රම තරගයේ වීරයා ලෙස සම්මාන ලැබිය.
මෙම තරගයේදී ආරම්භක පිතිකරු හසිත බෝයගොඩ අර්ධ ශතකයක් (53) රැස් කරමින් ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කළේය. 
ලකුණු තත්ත්වය :-
ශ්‍රී ලංකාව පන්දුවාර 42කදී කඩුලු 8ක් දැවී 196යි 
හසිත බෝයගොඩ 53, ජෙහාන් ඩැනියෙල් 36, ධනංජය ලක්ෂාන් 24, නුවනිදු ප්‍රනාන්දු 19, ඉබ්රාහිම් සර්දාන් 24/2, නවීන් උල්හක් 57/2
ඇෆ්ගනිස්ථානය පන්දුවාර 33.5කදී සියලු දෙනා දැවී -  135 යි
දර්විස් රසූලි 50, ඉබ්රාහිම් සර්දාන් 27, ප්‍රවීන් ජයවික්‍රම 17/5, ජෙහාන් ඩැනියෙල් 20/2, කෙවින් කොත්තිගොඩ 29/1
ශ්‍රී ලංකා අවු. 19න් පහළ පිලට ලකුණු 61ක ජයක්.
(සටහන - පමෝද් ලසන්ත)

සංචාරක ශ්‍රී ලංකා පිල සහ ඉන්දීය ක්‍රිකට් සභාපතිගේ පිල අතර පැවැති දෙදින පුහුණු තරගය ජය පරාජයෙන් තොරව අවසන් වූ අතර, ඉන්දීය ක්‍රිකට් සභාපතිගේ පිල වෙනුවෙන් ශතකයක් වාර්තා කිරීමට සංජු සැම්සන් සමත් විය.
මෙම තරගයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් සධීර සමරවික්‍රම, දිමුත් කරුණාරත්න, ඇන්ජලෝ මැතිව්ස් සහ නිරෝෂන් දික්වැල්ල අර්ධ ශතක වාර්තා කිරීමට සමත් වූහ.
මුලින්ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව කඩුලු 9ට ලකුණු 411ක් ලබාගත් අතර, ඉන්දීය ක්‍රිකට් සභාපතිගේ පිල තරගය අවසන් වන විට කඩුලු 5ට ලකුණු 287ක් ලබා සිටියේය.
ඉන්දීය ක්‍රිකට් සභාපතිගේ පිල වෙනුවෙන් පිත්තෙන් දස්කම් දැක්වූ සංජු සැම්සන් පන්දු 143 කදී හතරේ පහර 19ක් සහ හයේ පහරක් සහිතව ලකුණු 128ක් ලබා ගත්තේය.
ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ ලහිරු තිරිමාන්න ලකුණු 22ට කඩුලු 2ක් බිඳ හෙළීය.
 
ලකුණු තත්ත්වය :- 
ශ්‍රී ලංකාව මුල් ඉනිම - 411/9යි
සධීර සමරවික්‍රම 74, දිමුත් කරුණාරත්න 50, ලහිරු තිරිමාන්න 17, ඇන්ජලෝ මැතිව්ස් 54, දිනේෂ් චන්දිමාල් 29, නිරෝෂන් දික්වැල්ල නොදැවී 73, දසුන් ශානක 2, දිල්රුවන් පෙරේරා 48, ධනංජය ද සිල්වා 10, රොෂේන් සිල්වා නොදැවී 36, රංගන හේරත් 3, සන්දීප් වැරියර් 60/2, අමිත් බන්ඩාරි 111/2
 
ඉන්දීය ක්‍රිකට් සභාපතිගේ පිල - 287/5යි
අග්‍රවාල් 16, ජිවන්ජොට් සිං 35, අමිත් බන්ඩාරි 3, සංජු සැම්සන් 128, ආර්. ප්‍රේම් 39, බි.පී. සංදීප් නොදැවී 33, ජේ. සක්සේනා නොදැවී 20, ලහිරු තිරිමාන්න 22/2, දිල්රුවන් 22/1, ධනංජය ද සිල්වා 35/1, සධීර සමරවික්‍රම 13/1

බංග්ලාදේශ ක්‍රිකට් පුහුණුකරු චන්දික හතුරුසිංහ සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයට ලබා දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
හතුරුසිංහ ලබාදී ඇති මෙම ලිපිය පිළිබඳව තවමත් බංග්ලාදේශ ක්‍රිකට් බලධාරීන්ගෙන් ප්‍රතිචාරයක් හිමි නොවී ඇති අතර, ඔහුගේ ඉදිරි කටයුතු අවිනිශ්චිත බව එම වාර්තාවල දැක්වේ.
මේ අතර ශ්‍රී ලංකා පි‍ලේ හිස්ව ඇති පුහුණුකාර ධුරය සඳහා හතුරුසිංහ සමග සාකච්ඡා පැවැත්වෙන බවට මාධ්‍ය වාර්තා පළ වී තිබුණි.
පසුගිය ඔක්තෝබර් මාසයේද හතුරුසිංහ මෙම තනතුරෙන් ඉවත් වීමට උත්සාහ ගත් නමුත් එහිදී බංග්ලාදේශ ක්‍රිකට් බලධාරීන් ඔහුගේ එම තීරණය පිළි නොගැනීම නිසා දිගටම තනතුරේ රැඳී සිටීමට සිදුවිය.
හතුරුසිංහ බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය සමග 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අවසන් වන තෙක් ගිවිසුම් ගතවී ඇති බැවින් ඔහුගේ ඉවත් වීමේදී ඇතිවන ප්‍රශ්න පිළිබඳව තවමත් වාර්තා නොවේ.
හතුරුසිංහ බංග්ලාදේශ ක්‍රිකට් පුහුණුකාර ධුරයට පත්වීමෙන් පසු 2015 ලෝක කුසලාන අර්ධ අවසන් පූර්ව වටයටද, 2017 චැම්පියන්ස් කුසලාන අවසන් පූර්ව වටයටද පැමිණීමට සමත් වූ අතර, සිය රටේදී ඉන්දියාව, පාකිස්තානය මෙන්ම දකුණු අප්‍රිකාවද පරාජය කිරීමට බංග්ලාදේශය සමත් විය.
එහෙත් පසුගිය මාසයේ අවසන් වූ දකුණු අප්‍රිකානු ටෙස්ට්, එක්දින මෙන්ම 20-20 තරගාවලි තුනෙන්ම අන්ත පරාජයකට පත් වීමට බංග්ලාදේශයට සිදුවිය.

ආසියානු ක්‍රිකට් සම්මේලනය විසින් සිව්වැනි වරටත් සංවිධානය කරනු ලබන අවු. 19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය අද (10දා) මලයාසියාවේදී ඇරඹේ.
තරගාවලියේ පළමු දිනයේදී කමිඳු මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා යොවුන් පිල එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමගින් අද (10) රෝයල් සැලෙන්ගාර් පිටියේදී තරග වදියි.
ආසියාවේ රටවල් 8ක් මෙම තරගාවලියේදී තරග වදින අතර, පසුගිය වසරේ ශූරයන් වූ ඉන්දියාව, බංගලිදේශය, සත්කාරක මලයාසියාව සහ නේපාලය ‘ඒ’ කාණ්ඩය යටතේ ද, පසුගිය වර අනුශූරතාව හිමිකරගත් ශ්‍රී ලංකාව, පාකිස්තානය, ඇෆ්ගනිස්තානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ‘බි’ කාණ්ඩය යටතේ ද පළමු වටයේදී තරග වදිනු ඇත.
ශ්‍රී ලංකා අවු. 19න් පහළ සංචිතය:
කමිඳු මෙන්ඩිස් (නායක), ජෙහාන් ඩැනියෙල් (උප නායක), අශේන් බණ්ඩාර, හසිත බෝයගොඩ, ක්‍රිෂාන් සංජුල, තිසරු රශ්මික, ප්‍රවීන් ජයවික්‍රම, නිපුන් ධනංජය, ධනංජය ලක්ෂාන්, කළණ පෙරේරා, කේ. කේ. කෙවින්, රන්දීර රණසිංහ, නිශාන්
මධුෂ්ක, නුවනිඳු ප්‍රනාන්දු, තිලාන් ප්‍රශාන්  
(සටහන - පමෝද් ලසන්ත)

අද (10දා) තරග
ඉන්දියාව සහ මලයාසියාව අතර කින්රාරා ඕවල්හිදී
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය අතර බයුමාස් ඕවල්හිදී
ශ්‍රී ලංකාව සහ එමීර් රාජ්‍යය අතර රෝයල් සැලෙන්ගාර්හිදී  
හෙට (11දා) තරග
බංගලිදේශය සහ නේපාලය අතර කින්රාරා ඕවල්හිදී
ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර  බයුමාස් ඕවල්හිදී

ඉන්දියාව සමග පැවැත්වෙන තරග 3 කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට සහභාගි වන දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා පිල ඊයේ (8දා) ඉන්දියාව බලා පිටත්ව ගියේය.
මෙම තරගාවලියට පෙර ශ්‍රී ලංකාව ලබන 11 සහ 12දා කල්කටාහිදී දෙදින පුහුණු තරගයකට සහභාගි වෙයි
තරගාවලියේ පළමු තරගය ලබන 16දා කල්කටාහි ඊඩ්න් ගාඩ්න් ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙයි.
ශ්‍රී ලංකාව පිටත්ව යාමට පෙර මාධ්‍යයට අදහස් දැක්වූ ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් පැවැසුවේ අසීරු ඉන්දීය ටෙස්ට් අභියෝගයට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සූදානමින් පසුවෙන බවයි. 
‘අපි පාකිස්තානය ටෙස්ට් තරගාවලියෙන් පරාජය කළා. දැන් සියලුම ක්‍රීඩකයන් හොඳ මානසික තත්ත්වයක ඉන්නවා. තරගාවලිය අසීරු වුණත් අපිට ජය ගැනීමට හැකියාවක් තියෙනවා’ යැයි චන්දිමාල් පවසයි.
සියලුම ක්‍රීඩකයන් සිය පෞද්ගලික දක්ෂතා අතරට පිවිසියහොත් ඉන්දියාව පරාජය කිරීමට හැකි බව පවසන චන්දිමාල් ක්‍රීඩකයන් සිය යුතුකම් ඉටු කරනු ඇතැයි විශ්වාසය පළ කළේය.
‘ඉන්දියාව ලොව අංක 1 කණ්ඩායම. මෙම තරගාවලියේදී පීඩනය ඇත්තේ ඔවුන්ට. අපි හොඳින් පුහුණු කටයුතු කළා. ඔවුන්ව පරාජය කරන්න පුළුවන් කියලා ක්‍රීඩකයන්ගේ ලොකු විශ්වාසයක් තියෙනවා’ යැයි චන්දිමාල් පවසයි.
ශ්‍රී ලංකාව කිසිදා ඉන්දියාවේදී ලබා නොමැති ටෙස්ට් ජය මෙවර තරගාවලියේදී ලබා ගැනීමට සියලුම ක්‍රීඩකයන් බලා‍පොරොත්තුවෙන් පසුවන බවද චන්දිමාල් පවසයි.
 
ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය
දිනේෂ් චන්දිමාල් (නායක), දිමුත් කරුණාරත්න, ධනංජය ද සිල්වා, සධීර සමරවික්‍රම, ඇන්ජලෝ මැතිව්ස්, ලහිරු තිරිමාන්න, රංගන හේරත්, සුරංග ලක්මාල්, දිල්රුවන් පෙරේරා, ලහිරු ගමගේ, ලක්ෂාන් සඳකැන්, විශ්ව ප්‍රනාන්දු, දසුන් ශානක, නිරෝෂන් දික්වැල්ල, රොෂේන් සිල්වා
 
මංගල ධර්මප්‍රේම
IMAGE

සැමියාගේ බිමත්කම සහ නොගැළපීම නිසයි විවාහය බිඳ වැටුණේ

IMAGE 2017 Nov 23 13:33
තිලකා රණසිංහගේ ජීවිතයේ වඩාත්ම සතුටු වූ අවස්ථාව හා වැඩියෙන්ම දුක් වූ අවස්ථාව සිහිපත් කරන්න...
Views - 4329

ලංකාව හැර ගිය නතාෂා ආපහු ඇවිත් කියපු කතාව

IMAGE 2017 Nov 23 08:03
නතාෂා පෙරේරා පහුගිය කාලයේ වැඩිපුර දකින්නට ලැබුණේ නැහැ. ඒ ඇය තමන්ගේ ආදරණීය සැමියා ප්‍රිහාන්...
Views - 4035

55 වියැති බැංකු ලොක්කා 29 කන්තෝරු නෝනා සමඟ 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Nov 22 12:50
බැංකුවක උසස් නිලයක් දරන පනස්පස් හැවිරිදි සිය සැමියා වසර ගණනාවක් තිස්සේ විසිනව හැවිරිදි රජයේ...
Views - 7098

අහසේ සිට බිමට පනින එස්.ටී.එෆ්. යුවතියෝ

IMAGE 2017 Nov 22 10:55
අම්පාර උහන ගුවන් ධාවන පථයෙන් අහසට නැඟගත්, එම්. අයි. 17 වර්ගයේ හෙලිකොප්ටරය  නිලඹර දෙපළු කරමින්...
Views - 4428

මිහිදුම සහ වැස්ස ගැන 'කාලගුණ විද්‍යාවෙන්' බොරු කී‍වේ ඇයි?

IMAGE 2017 Nov 22 10:43
මේ දිනවල අළුයම් කාලයේ අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක දැඩි මිහිදුම් තත්ත්වයක් දක්නට ලැබුණු බව...
Views - 2819

මුගාබේගේ බිරිඳ ද පක්ෂයෙන් නෙරපයි

IMAGE 2017 Nov 21 09:37
වසර 37  ක කාලයක් සිම්බාබ්වේ දේශය පාලනය කළ රොබට් මුගාබේ නිවාස අඩස්සියට ගනිමින් හමුදාව එරට...
Views - 3624

Please publish modules in offcanvas position.

Web Analytics