Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

ශ්‍රී ලංකා ක්‍රිකට් පි‍ලේ සුපිරි දඟ පන්දු යවන්නා වන රංගන හේරත් ආබාධයක් හේතුවෙන් තෙවැනි ටෙස්ට් තරගයෙන් විවේක ගැන්වීමට තීරණය වී තිබේ.
මේ අනුව ලබන සෙනසුරාදා පල්ලෙකැ‍ලේදී ආරම්භ වීමට නියමිත තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයට රංගන හේරත් ක්‍රීඩා නොකරයි.
අවසන් ටෙස්ට් තරග 3 දී පන්දුවාර 155ක් යවා ඇති රංගනගේ මෙම ආබාධය හේතුවෙන් ඉදිරි තරගාවලි පිළිබඳව අවධානය යොමුකර ඔහු විවේක ගැන්වීමට තීරණය කර තිබේ.
ශ්‍රී ලංකාව ලබන ඔක්තෝබර් මාසයේදී පාකිස්තානය සමග එමීර් රාජ්‍යයේදී ටෙස්ට් තරග 2ක් ක්‍රීඩා කිරීමට නියමිතව තිබේ.
ඉන්පසු නොවැම්බරයේ ඉන්දියාව සමග ඉන්දියාවේදී ටෙස්ට් තරග 3 කට ක්‍රීඩා කිරීමට නියමිතව තිබේ.
මේවන විට අසේල ගුණරත්න, නුවන් ප්‍රදීප් මෙන්ම සුරංග ලක්මාල් ද ආබාධවලට ගොදුරු වී කණ්ඩායමෙන් ඉවත් වී සිටින අතර, කුසල් ජනිත් ද ආබාධයක් හේතුවෙන් ක්‍රීඩා නොකරයි. 
තරග තහනමකට ලක්වූ රවීන්ද්‍ර ජඩේජා පල්ලෙකැ‍ලේ තෙවැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා නොකරන අතර, ඒ වෙනුවට කුල්දීප් යදාව් තරග වැදීමට සූදානමින් පසුවෙයි.
ශ්‍රී ලංකාව මේවන විට තරගාවලිය තරග 2-0කින් පරාජය වී සිටින අතර, ගෞරවය රැක ගැනීමට තෙවැනි තරගය ඉතා වැදගත් වී තිබේ. 
 
මංගල ධර්මප්‍රේම

දිමුත් කරුණාරත්න සහ කුසල් මෙන්ඩිස්ගේ දෙවැනි ඉනිමේ පිතිහරඹය විශිෂ්ට නමුත් සමස්ත පිතිකරණයේ දුර්වලතා හේතුවෙන් ටෙස්ට් තරගය පරාජය වූ බව ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් පැවැසීය.
“දිමුත්-කුසල් හොඳින් පන්දුවට පහර දුන්නා. දිමුත්ගේ ඉනිම මා දුටු හොඳම ඉනිමක්. ඒත් සෙසු පිතිකරුවන් දුර්වල වුණා. දෙවැනි ඉනිම වන විට පන්දුවට පහරදීමට අසීරු තණතීරුවේ දිමුත් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළා” යැයි චන්දිමාල් පවසයි.
කාසියේ වාසිය ද බලපෑමක් එල්ල කළ බව පැවැසූ චන්දිමාල් එක් වේග පන්දු යවන්නකුගෙන් ක්‍රීඩා කළේ කණ්ඩායමේ සමබරතාවය තබා ගැනීමට බව පවසයි.
අවසන් ටෙස්ට් තරගයට දින 4 ක් පමණ ඇති බැවින් නව සැලසුමක් අනුව තරග වැදීමට බලා‍පොරොත්තු වන බව පවසයි.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර කොළඹ එස්.එස්.සී. පිටියේ පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඉනිමක සහ ලකුණු 53 ක ජයක් වාර්තා කළ ඉන්දියාව එක් තරගයක් ඉතිරිව තිබියදී තරගාවලිය 2-0 ක් ලෙස ජය ගැනීමට සමත්විය.
ඉන්දියාව මුල් ඉනිම වෙනුවෙන් ලකුණු 622 ක් රැස් කළ අතර ශ්‍රී ලංකාව මුල් ඉනිමේ ලකුණු 183 කට දැවී ගිය අතර දෙවැනි ඉනිමේ ලබා ගත හැකිවූයේ ලකුණු 386 ක් පමණි.
ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේ සටන්කාමී පිතිහරඹයක නිරත වූ කුසල් මෙන්ඩිස් සහ දිමුත් කරුණාරත්න ශතක වාර්තා කළද එය ඉනිමක පරාජය වලක්වා ගැනීමට ප්‍රමාණවත් නොවීය.
ඉන්දියාව වෙනුවෙන් තුන් ඉරියව්වෙන්ම දස්කම් දක්වමින් අර්ධ ශතකයක් සහ ඉනිම දෙකේදීම කඩුලු 7 ක් බිඳ දැමූ රවීන්ද්‍ර ජඩේජා තරගයේ වීරයා සම්මානය දිනා ගත්තේය.
ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේදී කුසල් මෙන්ඩිස් පන්දු 135 කදී හතරේ පහර 17 ක් සහිතව ලකුණු 110 ක් වාර්තා කළ අතර දිමුත් කරුණාරත්න පන්දු 307 කදී හතරේ පහර 16 ක් සහිතව ලකුණු 141 ක් වාර්තා කළේය.
දිමුත් සහ කුසල් අතර දෙවැනි කඩුල්ල වෙනුවෙන් විශිෂ්ට ලකුණු 191 ක සම්බන්ධතාවක් වාර්තා විය.
මැතිව්ස් ලකුණු 36 ක්ද, පළමු ඉනිමේ ලකුණු 51 ක් ලැබූ දික්වැල්ල දෙවැනි ඉනිමේදී ලකුණු 31 ක්ද වාර්තා කළේය.
ඉන්දියාව වෙනුවෙන් පන්දුවෙන් විශිෂ්ට දස්කම් දැක්වූ අෂ්වින් පළමු ඉනිමේ ලකුණු 69 ට කඩුලු 5 ක් බිඳ හෙලූ අතර රවීන්ද්‍ර ජඩේජා දෙවැනි ඉනිමේ ලකුණු 152 ට කඩුලු 5 ක් බිඳ හෙළීය.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ලබන 12දා පල්ලෙකැ‍ලේදී ආරම්භ වෙයි.
 
මංගල ධර්මප්‍රේම

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර එස්.එස්.සී. පිටියේදී ඊයේ (3දා) ආරම්භ වූ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහර දුන් ඉන්දියාව දිනය අවසන් වන විට කඩුලු 3 ට ලකුණු 344 ක් ලබා ප්‍රබල තත්ත්වය පසුවිය.
ඉන්දීය ඉනිම ගොඩගනිමින් මෙවර තරගාවලියේදී සිය දෙවැනි ශතකය සහ ටෙස්ට් දිවියේ 13 වැනි ශතකය වාර්තා කළ චෙටස්වර් පුජාරා සහ සිය ටෙස්ට් දිවියේ 9 වැනි ටෙස්ට් ශතකය වාර්තා කළ අජින්ක්යා රහානේ පළමු දිනයේ වීරයන් බවට පත්විය.
ඊයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් දඟ පන්දු යවන්නන් තිදෙනකු ක්‍රීඩා කළද සාර්ථක ප්‍රතිපල අත් නොවූ අතර ටෙස්ට් වරම් දිනාගත් මලින්ද පුෂ්පකුමාරට කඩුල්ලක් දවාගත නොහැකි විය.
සිය 50 වැනි ටෙස්ට් තරගයේදී සිය 13 වැනි ටෙස්ට් ශතකය වාර්තා කළ පුජාරා මිනිත්තු 315 ක් කඩුල්‍ලේ රැඳී සිටිමින් පන්දු 224 කට මුහුණදී හතරේ පහර 10 ක් සහ හයේ පහරක් සහිතව නොදැවී ලකුණු 128 ක් ලබා ගත්තේය.
ඔහුට අනගි සහයක් දෙමින් සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 211 ක සම්බන්ධතාවයක් තැබිමට දායක වූ අජින්ක්යා මිනිත්තු 201 ක් කඩුල්‍ලේ රැඳී සිටි රහානේ පන්දු 168 කට මුහුණ දෙමින් හතරේ පහර 12 ක් සහිතව නොදැවී ලකුණු 103 ක් ලබා සිටියේය.
ෂිකර් ධවාන් සහ ලෝකේෂ් රාහුල් අතර පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 56 ක සම්බන්ධතාවක් වාර්තා වීමෙන් පසු ධවාන් ලකුණු 35 කට දවා ගැනීමට දිල්රුවන් පෙරේරා සමත්විය.
රාහුල් සහ පුජාරා එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 53 ක සම්බන්ධතාවක් තබා සිටියදී ලකුණු 57 ක් ලබා සිටි රාහුල් දුවද්දී දවා ගැනීමකට හසුකර ගැනීමට චන්දිමාල් සමත් වීමෙන් ලකුණු 109 දී දෙවැනි කඩුල්ල බිඳ වැටුණි.
නායක විරාත් කෝලි සහ පුජාරා පිටියේ එක්වුවද මැතිව්ස්ගේ විශිෂ්ට උඩ පන්දු රැකීම හමුවේ කෝලිගේ ඉනිම ලකුණු 13 කට සීමා විය.
එම කඩුල්ල රංගනට අයිති වූ අතර තෙවැනි කඩුල්ල ලකුණු 133 දී බිඳ වැටුණි.
ලකුණු 317 ට කඩුලු 3 ක් ලබා සිටියදී ශ්‍රී ලංකාව දෙවැනි නව පන්දුව ලබා ගත්තද ඉන් ප්‍රතිඵලයක් අත් කර ගැනීමට නොහැකි විය.
දෙවැනි නව පන්දුවෙන් පන්දු 4 ක් පමණක් යැවූ නුවන් ප්‍රදීප් පාදයේ ආබාධයකට ලක්වීමෙන් පිටියෙන් ඉවත්ව යාම ශ්‍රී ලංකාවට ප්‍රබල පාඩුවක් විය.
දිනය අවසන් වන විට පුජාරා නොදැවී ලකුණු 128 ක්ද රහානේ නොදැවී ලකුණු 103 ක්ද ලබා කඩුල්‍ලේ රැඳී සිටියහ.
ශ්‍රී ලංකාව වෙනුවෙන් රංගන සහ දිල්රුවන් එක් කඩුල්ල බැගින් බිඳ හෙළීය.
 
අද තරගයේ දෙවැනි දිනයයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ අවුරුදු 23න් පහළ අන්තර් පළාත් දෙදින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට මධ්‍යම පළාත සමත් විය.
ඊයේ අවසන් වූ දෙදින අවසන් මහා තරගයේදී මුලින්ම පන්දුවට පහර දුන් මධ්‍යම පළාත රැස් කළ ලකුණු 293ට
පිළිතුරු වශයෙන් බස්නාහිර උතුරට ලබාගත හැකිවූයේ ලකුණු 176ක් පමණි.
දෙවැනි ඉනිමේදී පන්දුවට පහර දුන් මධ්‍යම පළාත දිනය අවසන් වන විට කඩුලු 4ට ලකුණු 208ක් ලබා සිටියේය.
මේ අනුව මුල් ඉනිම ජයගත් රොන් චන්ද්‍රගුප්තගේ නායකත්වයෙන් යුත් මධ්‍යම පළාතට ශූරතාව හිමිවිය.
බස්නාහිර උතුර මුල් ඉනිම බිඳ දැමූ මොහොමඩ් ෂිරාස් ලකුණු 46ට කඩුලු 4ක් බිඳ දමමින් විශිෂ්ට පන්දු යැවීමක නිරත විය. ඔහුට අනගි සහයක් දුන් චරිත් උදාරක ලකුණු 17ට කඩුලු 2ක් බිඳ හෙළීය.
බස්නාහිර උතුර වෙනුවෙන් පිත්තෙන් දස්කම් දැක්වූ සම්මු අශාන් ලකුණු 33ක්ද, සහන් ආරච්චිගේ ලකුණු 32ක්ද, චරණ නානායක්කාර ලකුණු 32ක්ද ලබාගත් නමුත් දිගු ඉනිමක් ක්‍රීඩා කිරීමට කිසිදු පිතිකරුවකු සමත් නොවීය.
බස්නාහිර උතුරට දෙවැනි ඉනිම වෙනුවෙන් සාලින්ද උෂාන් (87) සහ සම්මු අශාන් (60) අර්ධ ශතක වාර්තා කළහ.
මධ්‍යම වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ වනිඳු හසරංග ලකුණු 42ට කඩුලු 2ක් බිඳ හෙළීය.
ලකුණු තත්ත්වය :-
මධ්‍යම පළාත මුල් ඉනිම - 293යි
බස්නාහිර උතුර මුල් ඉනිම - 176යි
සාලින්ද උෂාන් 14, කවීන් බණ්ඩාර 6, පැතුම් නිශ්ශංක 16, සම්මු අශාන් 33, සහන් ආරච්චිගේ 32, දක්ෂිණ රොද්‍රිගු 6, චරණ නානායක්කාර 32, බිනුර ප්‍රනාන්දු 24, නිශාන් පීරිස් 0, දුවිඳු තිලකරත්න 0, නුවන් තුෂාර (නොදැවී) 0, මොහොමඩ් ෂිරාස් 46/4, චරිත් උදාරක 17/2, ප්‍රමෝද්‍ය අබේකෝන් 35/1, ලහිරු සමරකෝන් 17/1, වනිඳු හසරංග 34/1, ලක්ෂාන් ප්‍රනාන්දු 20/1
බස්නාහිර උතුර දෙවැනි ඉනිම - 208/4යි
සාලින්ද උෂාන් 87, සම්මු අශාන් 60, පැතුම් නිශ්ශංක 25, කවීන් බණ්ඩාර 16, සහන් ආරච්චිගේ (නොදැවී) 7, වනිඳු හසරංග 42/2, ප්‍රමෝද්‍ය අබේකෝන් 14/1, රවීන් සේයර් 51/1

ගාල්ල ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා පිතිකරුවන් හෝ පන්දු යවන්නන් සුපුරුදු දස්කම් නොදැක්වීමෙන් පරාජය වීමට සිදුවූ බව ශ්‍රී ලංකා නායක රංගන හේරත් පරාජයෙන් පසු පැවැති මාධ්‍ය හමුවේදී පැවැසීය.
“මෙම තණතීරුව පිතිකරුවන්ට යෝග්‍ය බව මම මුලින්ම කිව්වා. අවසන් දින දෙකේදී දඟ පන්දු යවන්නන්ට වාසිදායක වන තත්ත්වයක් තිබුණේ. පිතිකරණයේදී පෙරපෙළ වගකීම භාරගත යුතුයි. කාටවත් දොස් කියලා වැඩක් නෑ. අපි අංශ දෙකෙන්ම දුර්වල වුණා. අපේ වැරදි අපි හදාගත යුතුයි.” යැයි හේරත් පැවැසීය.
ඉන්දියාවේ ධවාන් වගේම පුජාරා දිග ඉනිම් ක්‍රීඩා කළ බවත් ශ්‍රී ලංකා පිතිකරුවන් කිහිප දෙනෙකු හොඳින් ඉනිම ඇරඹුවත් දිගු ඉනිමක් ක්‍රීඩා කිරීමට අසමත් වූ බවත් තරගයේ දෙපි‍ලේ වෙනස එය බවත් රංගන පවසයි.
“ඔවුන් අපිට ලකුණු 600 ක් ගැහුවා. ලංකාවෙදි අපිට 600 ක් ගැහුවේ ගොඩාක් කාලෙකට පස්සේ. මීට වඩා අපි හොඳින් පන්දු යැවිය යුතුව තිබුණා” යැයි රංගන පැවැසීය. එහෙත් සතුටු විය හැකි එකම කරුණ නුවන් ප්‍රදීප් හොඳින් පන්දු යැවීම බවත් රංගන පවසයි.
ධවාන් දවා ගැනීමට සැලසුමක් තිබූ නමුත් එය වැරදී ගිය බව පවසන රංගන මීළඟ තරගයේදී හොඳ සටනක් ලබාදිය යුතු බව පවසයි.
 
IMAGE

55 වියැති බැංකු ලොක්කා 29 කන්තෝරු නෝනා සමඟ 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Nov 22 12:50
බැංකුවක උසස් නිලයක් දරන පනස්පස් හැවිරිදි සිය සැමියා වසර ගණනාවක් තිස්සේ විසිනව හැවිරිදි රජයේ...
Views - 2348

අහසේ සිට බිමට පනින එස්.ටී.එෆ්. යුවතියෝ

IMAGE 2017 Nov 22 10:55
අම්පාර උහන ගුවන් ධාවන පථයෙන් අහසට නැඟගත්, එම්. අයි. 17 වර්ගයේ හෙලිකොප්ටරය  නිලඹර දෙපළු කරමින්...
Views - 1550

මිහිදුම සහ වැස්ස ගැන 'කාලගුණ විද්‍යාවෙන්' බොරු කී‍වේ ඇයි?

IMAGE 2017 Nov 22 10:43
මේ දිනවල අළුයම් කාලයේ අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක දැඩි මිහිදුම් තත්ත්වයක් දක්නට ලැබුණු බව...
Views - 821

මුගාබේගේ බිරිඳ ද පක්ෂයෙන් නෙරපයි

IMAGE 2017 Nov 21 09:37
වසර 37  ක කාලයක් සිම්බාබ්වේ දේශය පාලනය කළ රොබට් මුගාබේ නිවාස අඩස්සියට ගනිමින් හමුදාව එරට...
Views - 1835

ඒ ආදර කතාව ඉවරයි මම දැන් සින්ගල්

IMAGE 2017 Nov 19 17:31
සිරස ජුනියර් සුපර් ස්ටාර් කියන්නේ මේ දවස්වල ප්‍රේක්ෂකයන් ආදරයෙන් වැළඳ ගත් රියැලිටි...
Views - 5471

කේන්ද්‍රයක මාරක අපල තිබීමටත් වඩා නොතිබීම භයානකය

IMAGE 2017 Nov 19 15:19
මහජන බැංකු විශ්‍රාමික සංගමයේ පිළියන්දල කැස්බෑව ශාඛාවේ අටවන සංවත්සරික සභාව පසුගිය...
Views - 3419

Please publish modules in offcanvas position.

Web Analytics