Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

ඉන්දියාවට එරෙහිව ලැබූ තරග 3-0 ක ටෙස්ට් තරගාවලි පරාජය තම ක්‍රිකට් දිවියේ ලැබූ දරුණුතම තරගාවලි පරාජය බව ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් පරාජයෙන් පසු පැවැති මාධ්‍ය හමුවේදී පැවැසීය.
“අපිට එක් තරගයක්වත් අවසන් දිනය දක්වා රැගෙන යාමට නොහැකි වුණා. මේ තරගයත් දින 3 න් අවසන් වුණා. ඒක කනගාටුදායක තත්ත්වයක්. මෙම තත්ත්වයෙන් ඉක්මනින්ම ගොඩ ආ යුතුයි.” යැයි චන්දිමාල් පැවැසීය.
නායකයා ලෙස මෙම පරාජයේ වගකීම තමන් භාර ගන්නා බව පැවැසූ චන්දිමාල් ක්‍රීඩා ලෝලීන්ට සිය කනගාටුව ප්‍රකාශ කරන බවද පැවැසීය.
තමා ඇතුළු ‍‍‍ජ්‍යෙෂ්ඨ පිතිකරුවන්ද දුර්වල වූ බව පැවැසූ චන්දිමාල් හොඳින් පුහුණුවීම් කළද බොහෝ සැලසුම් සකස් කළද ඒවා නිසි ලෙස ක්‍රියාත්මක නොවූ බව පවසයි.
“පිතිකරුවන් සිය වගකීම ඉටු කළේ නෑ. ආරම්භක පිතිකරුවන් දුර්වල වුණා. ඉන් අනෙක් පිතිකරුවන්ට පීඩනයක් එල්ල වුණා. මැද පෙලත් දුර්වල වුණා. පරාජයට හේතුව දුර්වල පිතිහරඹයයි” යැයි චන්දිමාල් පැවැසීය.
ලොව අංක 1 සිටි ඕස්ට්‍රේලියාව ශ්‍රී ලංකාවේදී තරග 3-0 කින් පරාජය කළ කණ්ඩායමම මෙවර ඉන්දියාවට 3-0 කින් පරාජය වීමට හේතුව විමසූ විට චන්දිමාල් පැවැසුවේ ආබාධ හේතුවෙන් ක්‍රීඩකයන් අහිමි වීම විශාල බලපෑමක් එල්ල කළ බවයි.
“අපි ඕස්ට්‍රේලියාව පරදවනකොට ටීම් එකම ෆුල් ෆිට් එකේ හිටියේ. ඒත් මෙවර පිතිකරුවන් මෙන්ම පන්දු යවන්නන්ද ආබාධවලට ලක්වී සිටියා. අපි ලොකු පසුබෑමකට ලක්වුණේ ඒ නිසයි. ඒත් පරාජය පිළිබඳව නිදහසට කරුණු කියන්න අවශ්‍ය නෑ. ඔවුන් අපිට වඩා හොඳින් ක්‍රීඩා කළා” යැයි චන්දිමාල් පැවැසීය.
මෙම පරාජයෙන් පාඩමක් ඉගෙන ගෙන ඉදිරි පාකිස්තානු තරගාවලියට සාර්ථකව මුහුණදිය යුතු බවත් තම තමන්ගේ වගකීම ඉටු කිරීමට සියලුම ක්‍රීඩකයන් වගබලා ගත යුතු බවත් චන්දිමාල් පවසයි.
තරගාවලිය පුරා ශ්‍රී ලංකාව දිරිමත් කළ ක්‍රීඩා ලෝලීන්ට ස්තූතිය පල කළ චන්දිමාල් තරගාවලිය පරාජය වීම පිළිබඳව කනගාටුව පල කරන බවද පැවැසීය.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පල්ලෙකැ‍ලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඉනිමක සහ ලකුණු 171 ක ජයක් වාර්තා කළ ඉන්දියාව තරගාවලිය 3-0 ක් ලෙස ජය ගැනීමට ඊයේ (14දා) සමත් විය.

ඉන්දියාව ශ්‍රී ලංකාවේදී ටෙස්ට් තරගාවලියක් 3-0 ක් ලෙස ජයගත් පළමු වතාව ලෙස මෙම ජය වාර්තා ‍පොතට එක්විය.
ඉන්දියා මුල් ඉනිම වෙනුවෙන් ලබාගත් ලකුණු 487 ට පිළිතුරු වශයෙන් ශ්‍රී ලංකාව මුල් ඉනිමේදී ලකුණු 135 කට දැවී ගිය අතර ශ්‍රී ලංකාවට දෙවැනි ඉනිමේදී ලබා ගත හැකි වූයේ ලකුණු 181 ක් පමණි.

ඉන්දියාව වෙනුවෙන් පිත්තෙන් දස්කම් දක්වමින් සිය ප්‍රථම ටෙස්ට් ශතකය වාර්තා කළ හාර්දික් පාන්ඩ්යා තරගයේ වීරයා සම්මානය දිනාගත් අතර තරගාවලිය පුරා පිත්තෙන් දස්කම් දැක්වූ ෂිකර් ධවාන් තරගාවලියේ වීරයා සම්මානය දිනා ගත්තේය.
ඊයේ පෙරවරුවේ අෂ්වින්ගේ පන්දුවක් හමුවේ දිමුත් ලකුණු 16 කට දැවී යාමත් කුසල් මෙන්ඩිස් ලකුණු 12 කට දැවී යාමත් සමග ඇතිවූ බිඳ වැටීම වළක්වා ගැනීමට නායක චන්දිමාල් සහ හිටපු නායක මැතිව්ස් ප්‍රබල උත්සාහයක් ගත්තද දිවා ආහාරයෙන් පසු ක්‍රියාත්මක වූ කුල්දීප් යදාව් සහ රවිචන්ද්‍රන් අෂ්වින් ඔවුන් දෙදෙනා දවා ගැනීමෙන් ශ්‍රී ලංකාවේ නියත පරාජය සනිටුහන් විය.

චන්දිමාල් සහ මැතිව්ස් අතර ලකුණු 65 ක සම්බන්ධතාවක් වාර්තා වූ අතර චන්දිමාල් ලකුණු 36 ක්ද මැතිව්ස් ලකුණු 35 ක්ද ලබා තිබුණි.
අනෙක් අන්තයේ කඩුලු බිඳ වැටෙද්දී ප්‍රහාරයක් දියත් කළ දික්වැල්ල පන්දු 51 දී ලකුණු 42 ක් ලැබිය.
පන්දුවෙන් දස්කම් දැක්වූ රවිචන්ද්‍රන් අෂ්වින් ලකුණු 68 ට කඩුලු 4 ක් බිඳ හෙලූ අතර ෂමී කඩුලු 3 ක්ද උමේෂ් යදාව් කඩුලු
2 ක්ද  බිඳ හෙළීය.

මංගල ධර්මප්‍රේම පල්ලෙකැ‍ලේ සිට

ස්වාභාවික විපත් හේතුවෙන් පීඩාවට පත් දරුවන්ට ආධාර පිණිස ආරාධිත ලෝක පිල සහ ආරාධිත ශ්‍රී ලංකා පිල අතර 20-20 ක්‍රිකට් තරගයක් පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු යොදා තිබේ.
ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතාගේ යෝජනාවකට අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ඒඩ් සංවිධානය කරන මෙම තරගය ලබන සැප්තැම්බර් 8 දා කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදී පැවැත්වෙන බව ක්‍රිකට් ප්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වා මහතා ඊයේ පැවැති මාධ්‍ය හමුවේදී අනාවරණය කළේය.
මෙම තරගාවලිය සඳහා වත්මන් සහ හිටපු ක්‍රීඩකයන් රැසකට ආරාධනා කර ඇති බවත් සුපිරි ක්‍රිකට් තරුවලින් සමන්විත කණ්ඩායම සති අන්තය වන විට නිවේදනය කරන බවත් ඈෂ්ලි ද සිල්වා මහතා පවසයි.
මෙම තරගාවලිය පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය දැනුවත් කර ඇති බවත් සියලුම රටවල ක්‍රිකට් ආයතනද දැනුවත් කර ඇති බවත් ඈෂ්ලි ද සිල්වා පවසයි.
මෙම තරගයෙන් ලැබෙන ආදායම අනුව දරුවන්ට මෙන්ම පසුගිය ගංවතුරින් මෙන්ම වත්මන් නියඟයෙන් පීඩාවට පත් ජනතවට ආධාර කිරීමට බලා‍පොරොත්තු වන බව ඈෂ්ලි පවසයි.
මෙම තරගය රූපවාහිනිය මගින් ලොව පුරා සජීවීව විකාශනය කිරීමටද කටයුතු යොදා ඇති අතර තරගය 8 දා ප.ව. 7.00 ට ආරම්භ වෙයි.
 
මංගල ධර්මප්‍රේම

ශ්‍රී ලංකා පිතිකරුවන් දිගු ඉනිමක් ක්‍රීඩා නොකර දැවී යාම පිළිබඳව කනගාටු වන බව ශ්‍රී ලංකා පිතිකරණ පුහුණුකරු හෂාන් තිලකරත්න ඊයේ පැවැති මාධ්‍ය හමුවේදී පැවැසීය.
“සියලුම පිතිකරුවන්ට අවශ්‍ය උපදෙස් දුන්නා. කළ යුතු දේ පැහැදිලි කළා. ඒත් මැදට ගිහින් ක්‍රීඩා කළ යුත්තේ ඔවුන්. අනවශ්‍ය පහරවල්වලින් කඩුලු බිඳ වැටුණා.” යැයි හෂාන් පවසයි.
පිතිකරු අංශයේ දෙන්නෙක්වත් දිගු ඉනිම් ක්‍රීඩා කළ යුතු බවත් එය ඕස්ට්‍රේලියානු තරගාවලියේදී සිදුවූ නමුත් මෙම තරගාවලියේදී එය සිදු නොවූ බවත් හෂාන් පැවැසීය.
ඉන්දියාව අංක 1 කණ්ඩායම බව අමතක නොකළ යුතු නමුත් එය නිදහසට කරුණක් කර නොගන්නා බවත්, පිතිකරණය මීට වඩා වගකීමකින් කළ යුතු බවත් හෂාන් පවසයි.
මෙම කණ්ඩායමේ ක්‍රීඩා කරන්නේ ශ්‍රී ලංකාවේ හොඳම පිතිකරුවන් බව පවසන හෂාන් ඔවුන් දිරිමත් කර ඉදිරියට රැගෙන යාම වැදගත් බව පවසයි. ශ්‍රී ලංකා පිල දෙවැනි ඉනිමේ වගකීමකින් යුතුව පන්දුවට පහරදෙනු ඇතැයි හෂාන් විශ්වාසය පල 
කළේය.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පල්ලෙකැ‍ලේදී පැවැත්වෙන තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී රවීන්ද්‍ර ජඩේජා වෙනුවට අක්ෂාර් පටෙල් කැඳවීමට ඉන්දීය ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර තිබේ.
විනය විරෝධී හැසිරීම හේතුවෙන් ජඩේජාට පල්ලෙකැ‍ලේ ටෙස්ට් තරගය අහිමි වී ඇති අතර, අක්ෂාර් පටෙල් කැඳවුවද ජඩේජාගේ ස්ථානය කුල්දීප් යදාව්ට හිමිවනු ඇතැයි පැවසේ.
තවමත් ටෙස්ට් තරගයකට ක්‍රීඩා කර නොමැති අක්ෂාර් පටෙල් එක්දින තරග 30කට සහ 20-20 තරග 7කට ක්‍රීඩා කර තිබේ. 

ශ්‍රී ලංකා මාධ්‍ය ක්‍රිකට් පිල සහ ඉන්දීය මාධ්‍ය ක්‍රිකට් පිල අතර සී.සී.සී. පිටියේ පැවැති 20-20 ක්‍රිකට් තරගයෙන් ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා මාධ්‍ය පිල සමත් විය.
ක්‍රීඩකයන් 15 දෙනකුට ක්‍රීඩා කළ හැකි මෙම තරගයේදී මුලින්ම පන්දුවට පහර දුන් ඉන්දීය මාධ්‍ය පිල පන්දුවාර 20දී ලකුණු 175ක් වාර්තා කළ අතර, ශ්‍රී ලංකා මාධ්‍ය පිල පන්දුවාර 17.4කදී ලකුණු 177ක් ලබමින් ජය ගත්තේය.
ශ්‍රී ලංකා මාධ්‍ය පිල වෙනුවෙන් කෝසල සුරේෂ්චන්ද්‍ර නොදැවී ලකුණු 33ක්ද, කසුන් කැලුම් ලකුණු 29ක්ද, සුමින්ද තාරක ලකුණු 25ක්ද, සංඛ විදානගම ලකුණු 21ක්ද වාර්තා කළේය.
ඉන්දීය පිල වෙනුවෙන් සුනානන් ලෙ‍ලේ ලකුණු 26ක්ද, විජයකුමාර් සහ කෞෂික් ලකුණු 14 බැගින්ද වාර්තා කළහ.
ශ්‍රී ලංකා මාධ්‍ය පිල වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ කෝසල සුරේෂ්චන්ද්‍ර ලකුණු 28ට කඩුලු 3ක්ද, කසුන් කැලුම් ලකුණු 20ට කඩුලු 2ක්ද බිඳ හෙළීය.
IMAGE

සැමියාගේ බිමත්කම සහ නොගැළපීම නිසයි විවාහය බිඳ වැටුණේ

IMAGE 2017 Nov 23 13:33
තිලකා රණසිංහගේ ජීවිතයේ වඩාත්ම සතුටු වූ අවස්ථාව හා වැඩියෙන්ම දුක් වූ අවස්ථාව සිහිපත් කරන්න...
Views - 1828

ලංකාව හැර ගිය නතාෂා ආපහු ඇවිත් කියපු කතාව

IMAGE 2017 Nov 23 08:03
නතාෂා පෙරේරා පහුගිය කාලයේ වැඩිපුර දකින්නට ලැබුණේ නැහැ. ඒ ඇය තමන්ගේ ආදරණීය සැමියා ප්‍රිහාන්...
Views - 2158

55 වියැති බැංකු ලොක්කා 29 කන්තෝරු නෝනා සමඟ 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Nov 22 12:50
බැංකුවක උසස් නිලයක් දරන පනස්පස් හැවිරිදි සිය සැමියා වසර ගණනාවක් තිස්සේ විසිනව හැවිරිදි රජයේ...
Views - 4964

අහසේ සිට බිමට පනින එස්.ටී.එෆ්. යුවතියෝ

IMAGE 2017 Nov 22 10:55
අම්පාර උහන ගුවන් ධාවන පථයෙන් අහසට නැඟගත්, එම්. අයි. 17 වර්ගයේ හෙලිකොප්ටරය  නිලඹර දෙපළු කරමින්...
Views - 2959

මිහිදුම සහ වැස්ස ගැන 'කාලගුණ විද්‍යාවෙන්' බොරු කී‍වේ ඇයි?

IMAGE 2017 Nov 22 10:43
මේ දිනවල අළුයම් කාලයේ අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක දැඩි මිහිදුම් තත්ත්වයක් දක්නට ලැබුණු බව...
Views - 1718

මුගාබේගේ බිරිඳ ද පක්ෂයෙන් නෙරපයි

IMAGE 2017 Nov 21 09:37
වසර 37  ක කාලයක් සිම්බාබ්වේ දේශය පාලනය කළ රොබට් මුගාබේ නිවාස අඩස්සියට ගනිමින් හමුදාව එරට...
Views - 2596

Please publish modules in offcanvas position.

Web Analytics