Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

එංගලන්ත ප්‍රාන්ත පළමු පෙළ කාන්තා 20-20 ක්‍රිකට් තරගාවලිට එක්වී සිටින ශ්‍රී ලංකාවේ චමරි අතපත්තුගේ තුන් ඉරියව් දස්කම් හේතුවෙන් යෝක්ෂයර් ඩයමන්ඩ් පිලට ලකුණු 17ක ජයක් අත්විය.
යෝක්ෂයර් ඩයමන්ඩ් සහ ලාෆ්බොරොව් ලයිට්නින් අතර තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් යෝක්ෂයර් වෙනුවෙන් චමරි අතපත්තු පන්දු 40කදී හතරේ පහර 9ක් සහ හයේ පහර 2ක් සමගින් නොදැවී ලකුණු 66ක් වාර්තා කළ අතර, පන්දුවෙන්ද දස්කම් දක්වමින් ලකුණු 11කට කඩුලු 2ක් බිඳ හෙළමින් තරගයේ වීරවරිය බවට පත් වූවාය. 
වර්ෂාව හේතුවෙන් පන්දුවාර 13කට සීමා වූ මෙම තරගයේදී යෝක්ෂයර් ඩයමන්ඩ් කඩුලු 5ට ලකුණු 110ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ලාෆ්බොරොව්ට පන්දුවාර 13දී කඩුලු 5ක් දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 93ක් පමණි. 
එංගලන්ත පළමුපෙළ කාන්තා ක්‍රිකට් තරගාවලියකට සහභාගි වන පළමු ශ්‍රී ලංකා ක්‍රීඩිකාව වන්නේද චමරි අතපත්තුයි.

ලොව එක්දින අංක 3 සිටින ඉන්දියාව සමග තරග කර ශ්‍රී ලංකාව සිටින ස්ථානය ලොවට පෙන්වීමට මෙම එක්දින තරගාවලියේදී හොඳ අවස්ථාවක් හිමිවී ඇති බව ශ්‍රී ලංකා එක්දින හා 20-20 නායක උපුල් තරංග ඊයේ (16දා) පැවැති මාධ්‍ය හමුවේදී පැවැසීය. 
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරග 5 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ දඹුල්‍ලේදී ලබන 20දා පැවැත්වෙන පළමු එක්දින තරගයට පිටත්ව යාමට පෙර උපුල් තරංග මෙම අදහස් පළ කළේය.
‘අපි චැම්පියන්ස් කුසලානයේදී ඉන්දියාව පරාජය කළා. එංගලන්තයේදී අපි ලකුණු 320ක ඉලක්කයක් හඹාගොස් ජය ගත්තා. ඒ කණ්ඩායම තමයි මෙවරත් ක්‍රීඩා කරන්නේ. ඔවුන් පරාජය කරලා අපේ තැන පෙන්වන්න ඕන’ යැයි තරංග පැවැසීය.
ටෙස්ට් තරගාවලියේදී සුපුරුදු දස්කම් අතරට පැමිණීමට අසමත් වීමත් ආබාධයන් හේතුවෙන් පරාජය වීමට සිදුවූ බව පවසන තරංග එම පරාජය සම්පූර්ණයෙන්ම අමතක කර එක්දින තරගාවලියට මුහුණ දිය යුතු බව පවසයි.
තමන්ට හොඳ කණ්ඩායමක් තේරීම් කමිටුවෙන් ලැබි ඇති බව පැවසූ තරංග සියලුම ක්‍රීඩකයන් තරගාවලිය ජය ගැනීමට යහපත් මානසික තත්ත්වයකින් පසුවන බවද පැවැසීය.
ආබාධ හේතුවෙන් පන්දු යැවීමේ අංශයේ කුලසේකර, ප්‍රදීප් හා ලක්මාල් අහිමි වී ඇති බවත්, පන්දු යැවීමේ වැඩි වගකීම ලසිත් මාලිංග ඉටු කරනු ඇති බවත් තරංග විශ්වාසය පළ කළේය.
ටෙස්ට් තරගාවලියේදී ඉගෙන ගත් පාඩම්වලින් ක්‍රීඩකයන් එක්දින තරගාවලියේදී වෙනසක් ඇති කරනු ඇති බවට විශ්වාසය පළ කළ තරංග තරගාවලිය ජය ගැනීම තම පි‍ලේ එකම අරමුණ බව පැවැසීය.
පූර්ණ කාලීන එක්දින සහ 20-20 නායක ලෙස පත් කළ උපුල් තරංග මෙවර තරගාවලියේදී ශ්‍රී ලංකාව ජය මාවතට රැගෙන එනු ඇති බවට විශ්වාසය පළ කරන බව ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා පැවැසීය. 
දක්ෂතා පිරි ක්‍රීඩකයන් රැසක් ශ්‍රී ලංකා පි‍ලේ සිටින අතර, ටෙස්ට් තරගාවලියේ පසුබැසීම අපේක්ෂා නොකළ තත්ත්වයක් බවත්, එය එක්දින තරගාවලියේදී නිවැරදි කරගනු ඇති බවත් සුමතිපාල මහතා පැවැසීය.
‘වරින් වර මෙවන් පසුබැසීම් වෙලා තියෙනවා. අපි එතනින් නැගිටලා ඉදිරියට යන්න ඕන. උපුල් හොඳ සටන්කාමී නායකයෙක්. ඔහුට හොඳ කණ්ඩායමක් ලබාදීලා තියෙනවා. මෙම කණ්ඩායමම අපි එංගලන්තේදී ලකුණු 320ක් හඹා ගිහින් පරාජය කළා. පළමු තරගයෙන් සාර්ථක ආරම්භයක් ගත යුතුයි’ යැයි සුමතිපාල මහතා පැවැසීය.
මෙම එක්දින කණ්ඩායමේ ක්‍රීඩකයන් රැසක් ජාත්‍යන්තර අත්දැකීම් ඇති අය බවත්, ඔවුන් ටෙස්ට් තරගාවලියේදී බිඳී ගිය බලා‍පොරොත්තු ඉවතලා ජයග්‍රාහී ගමනක් යනු ඇතැයි විශ්වාස කරන බවත්, තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතා පැවැසීය.
තිසර පෙරේරාගේ තේරීම පිළිබඳව නැගූ පැනයට පිළිතුරු දුන් සනත් පවසන්නේ මැද පෙළට අත්දැකීම් පිරි තුන් ඉරියව් ක්‍රීඩකයකුගේ අවශ්‍යතාවය මත තිසර කණ්ඩායමට නම් කළ බවයි.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පළමු එක්දින ක්‍රිකට් තරගය ලබන 20දා දිවා/රාත්‍රී තරගයක් ලෙස දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. 
 
ශ්‍රී ලංකා එක්දින සංචිතය
 
උපුල් තරංග (නායක), ඇන්ජලෝ මැතිව්ස්, නිරෝෂන් දික්වැල්ල, ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, චාමර කපුගෙදර, මිලින්ද සිරිවර්ධන, මලින්ද පුෂ්පකුමාර, අකිල ධනංජය, ලක්ෂාන් සඳකැන්, තිසර පෙරේරා, වනිඳු හසරංග, ලසිත් මාලිංග, දුෂ්මන්ත චමීර, විශ්ව ප්‍රනාන්දු
 
ඡායාරූපය - ෆ්‍රෑන්ක් ද සොයිසා

සිංගර් ශ්‍රී ලංකා සමාගමේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අවු. 17න් පහළ අන්තර් පාසල් පළමු කොටසේ ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබිමට කටුගස්තොට ශා. අන්තෝනි සහ මාතර ශා. සර්වේෂස් සමත් විය.
 
කටුගස්තොට ශා. අන්තෝනි - ශා. සෙබස්තියන්
ශා. සෙබස්තියන්: 135 (පන්දුවාර 45.3) නිශිත අභිලාෂ් 54, ළහිරු ප්‍රනාන්දු 26, ජනිෂ්ක පෙරේරා 18, ගිහාන් අචින්ත 4/20, තමාෂන අබේකෝන් 3/31
ශා. අන්තෝනි: 136/6 (පන්දුවාර 38.3) නවෝද්‍ය විජේකුමාර නොදැවී 36, තමාෂන අබේකෝන් නොදැවී 35, තීක්ෂ ගුණසිංහ 27, ප්‍රවීන් කුරේ 4/23, තරිඳු සිල්වා 2/26
කටුගස්තොට ශා. අන්තෝනිට කඩුලු 4ක ජයක්.
 
ශා. සර්වේෂස්-ශා. තෝමස්
ශා. සර්වේෂස්: 215/8 (පන්දුවාර 50) කේෂර නුවන්ත 63, ශෂික දුල්ෂාන් 45, පුෂ්පිත ඩිල්ෂාන් 30, චිහාන් කළිඳු 27, රිශිර වීරසූරිය 19, කළණ පෙරේරා 2/41, ඩිලොන් පීරිස් 2/41
ශා. තෝමස්: 204/9 (පන්දුවාර 50) මොහොමඩ් ඉෂාක් 43, කළණ පෙරේරා 31, කිෂාන් මුණසිංහ 21, මනීෂ රූපසිංහ 19, කේෂර නුවන්ත 3/28, නවීන් සාහිත් 3/45, ච්ෙතක දෙනුවන් 2/46
ශා. සර්වේෂස්ට ලකුණු 11ක ජයක්.

ඉන්දියාවට එරෙහිව ලැබූ තරග 3-0 ක ටෙස්ට් තරගාවලි පරාජය තම ක්‍රිකට් දිවියේ ලැබූ දරුණුතම තරගාවලි පරාජය බව ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් පරාජයෙන් පසු පැවැති මාධ්‍ය හමුවේදී පැවැසීය.
“අපිට එක් තරගයක්වත් අවසන් දිනය දක්වා රැගෙන යාමට නොහැකි වුණා. මේ තරගයත් දින 3 න් අවසන් වුණා. ඒක කනගාටුදායක තත්ත්වයක්. මෙම තත්ත්වයෙන් ඉක්මනින්ම ගොඩ ආ යුතුයි.” යැයි චන්දිමාල් පැවැසීය.
නායකයා ලෙස මෙම පරාජයේ වගකීම තමන් භාර ගන්නා බව පැවැසූ චන්දිමාල් ක්‍රීඩා ලෝලීන්ට සිය කනගාටුව ප්‍රකාශ කරන බවද පැවැසීය.
තමා ඇතුළු ‍‍‍ජ්‍යෙෂ්ඨ පිතිකරුවන්ද දුර්වල වූ බව පැවැසූ චන්දිමාල් හොඳින් පුහුණුවීම් කළද බොහෝ සැලසුම් සකස් කළද ඒවා නිසි ලෙස ක්‍රියාත්මක නොවූ බව පවසයි.
“පිතිකරුවන් සිය වගකීම ඉටු කළේ නෑ. ආරම්භක පිතිකරුවන් දුර්වල වුණා. ඉන් අනෙක් පිතිකරුවන්ට පීඩනයක් එල්ල වුණා. මැද පෙලත් දුර්වල වුණා. පරාජයට හේතුව දුර්වල පිතිහරඹයයි” යැයි චන්දිමාල් පැවැසීය.
ලොව අංක 1 සිටි ඕස්ට්‍රේලියාව ශ්‍රී ලංකාවේදී තරග 3-0 කින් පරාජය කළ කණ්ඩායමම මෙවර ඉන්දියාවට 3-0 කින් පරාජය වීමට හේතුව විමසූ විට චන්දිමාල් පැවැසුවේ ආබාධ හේතුවෙන් ක්‍රීඩකයන් අහිමි වීම විශාල බලපෑමක් එල්ල කළ බවයි.
“අපි ඕස්ට්‍රේලියාව පරදවනකොට ටීම් එකම ෆුල් ෆිට් එකේ හිටියේ. ඒත් මෙවර පිතිකරුවන් මෙන්ම පන්දු යවන්නන්ද ආබාධවලට ලක්වී සිටියා. අපි ලොකු පසුබෑමකට ලක්වුණේ ඒ නිසයි. ඒත් පරාජය පිළිබඳව නිදහසට කරුණු කියන්න අවශ්‍ය නෑ. ඔවුන් අපිට වඩා හොඳින් ක්‍රීඩා කළා” යැයි චන්දිමාල් පැවැසීය.
මෙම පරාජයෙන් පාඩමක් ඉගෙන ගෙන ඉදිරි පාකිස්තානු තරගාවලියට සාර්ථකව මුහුණදිය යුතු බවත් තම තමන්ගේ වගකීම ඉටු කිරීමට සියලුම ක්‍රීඩකයන් වගබලා ගත යුතු බවත් චන්දිමාල් පවසයි.
තරගාවලිය පුරා ශ්‍රී ලංකාව දිරිමත් කළ ක්‍රීඩා ලෝලීන්ට ස්තූතිය පල කළ චන්දිමාල් තරගාවලිය පරාජය වීම පිළිබඳව කනගාටුව පල කරන බවද පැවැසීය.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පල්ලෙකැ‍ලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඉනිමක සහ ලකුණු 171 ක ජයක් වාර්තා කළ ඉන්දියාව තරගාවලිය 3-0 ක් ලෙස ජය ගැනීමට ඊයේ (14දා) සමත් විය.

ඉන්දියාව ශ්‍රී ලංකාවේදී ටෙස්ට් තරගාවලියක් 3-0 ක් ලෙස ජයගත් පළමු වතාව ලෙස මෙම ජය වාර්තා ‍පොතට එක්විය.
ඉන්දියා මුල් ඉනිම වෙනුවෙන් ලබාගත් ලකුණු 487 ට පිළිතුරු වශයෙන් ශ්‍රී ලංකාව මුල් ඉනිමේදී ලකුණු 135 කට දැවී ගිය අතර ශ්‍රී ලංකාවට දෙවැනි ඉනිමේදී ලබා ගත හැකි වූයේ ලකුණු 181 ක් පමණි.

ඉන්දියාව වෙනුවෙන් පිත්තෙන් දස්කම් දක්වමින් සිය ප්‍රථම ටෙස්ට් ශතකය වාර්තා කළ හාර්දික් පාන්ඩ්යා තරගයේ වීරයා සම්මානය දිනාගත් අතර තරගාවලිය පුරා පිත්තෙන් දස්කම් දැක්වූ ෂිකර් ධවාන් තරගාවලියේ වීරයා සම්මානය දිනා ගත්තේය.
ඊයේ පෙරවරුවේ අෂ්වින්ගේ පන්දුවක් හමුවේ දිමුත් ලකුණු 16 කට දැවී යාමත් කුසල් මෙන්ඩිස් ලකුණු 12 කට දැවී යාමත් සමග ඇතිවූ බිඳ වැටීම වළක්වා ගැනීමට නායක චන්දිමාල් සහ හිටපු නායක මැතිව්ස් ප්‍රබල උත්සාහයක් ගත්තද දිවා ආහාරයෙන් පසු ක්‍රියාත්මක වූ කුල්දීප් යදාව් සහ රවිචන්ද්‍රන් අෂ්වින් ඔවුන් දෙදෙනා දවා ගැනීමෙන් ශ්‍රී ලංකාවේ නියත පරාජය සනිටුහන් විය.

චන්දිමාල් සහ මැතිව්ස් අතර ලකුණු 65 ක සම්බන්ධතාවක් වාර්තා වූ අතර චන්දිමාල් ලකුණු 36 ක්ද මැතිව්ස් ලකුණු 35 ක්ද ලබා තිබුණි.
අනෙක් අන්තයේ කඩුලු බිඳ වැටෙද්දී ප්‍රහාරයක් දියත් කළ දික්වැල්ල පන්දු 51 දී ලකුණු 42 ක් ලැබිය.
පන්දුවෙන් දස්කම් දැක්වූ රවිචන්ද්‍රන් අෂ්වින් ලකුණු 68 ට කඩුලු 4 ක් බිඳ හෙලූ අතර ෂමී කඩුලු 3 ක්ද උමේෂ් යදාව් කඩුලු
2 ක්ද  බිඳ හෙළීය.

මංගල ධර්මප්‍රේම පල්ලෙකැ‍ලේ සිට

ස්වාභාවික විපත් හේතුවෙන් පීඩාවට පත් දරුවන්ට ආධාර පිණිස ආරාධිත ලෝක පිල සහ ආරාධිත ශ්‍රී ලංකා පිල අතර 20-20 ක්‍රිකට් තරගයක් පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු යොදා තිබේ.
ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතාගේ යෝජනාවකට අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ඒඩ් සංවිධානය කරන මෙම තරගය ලබන සැප්තැම්බර් 8 දා කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදී පැවැත්වෙන බව ක්‍රිකට් ප්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වා මහතා ඊයේ පැවැති මාධ්‍ය හමුවේදී අනාවරණය කළේය.
මෙම තරගාවලිය සඳහා වත්මන් සහ හිටපු ක්‍රීඩකයන් රැසකට ආරාධනා කර ඇති බවත් සුපිරි ක්‍රිකට් තරුවලින් සමන්විත කණ්ඩායම සති අන්තය වන විට නිවේදනය කරන බවත් ඈෂ්ලි ද සිල්වා මහතා පවසයි.
මෙම තරගාවලිය පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය දැනුවත් කර ඇති බවත් සියලුම රටවල ක්‍රිකට් ආයතනද දැනුවත් කර ඇති බවත් ඈෂ්ලි ද සිල්වා පවසයි.
මෙම තරගයෙන් ලැබෙන ආදායම අනුව දරුවන්ට මෙන්ම පසුගිය ගංවතුරින් මෙන්ම වත්මන් නියඟයෙන් පීඩාවට පත් ජනතවට ආධාර කිරීමට බලා‍පොරොත්තු වන බව ඈෂ්ලි පවසයි.
මෙම තරගය රූපවාහිනිය මගින් ලොව පුරා සජීවීව විකාශනය කිරීමටද කටයුතු යොදා ඇති අතර තරගය 8 දා ප.ව. 7.00 ට ආරම්භ වෙයි.
 
මංගල ධර්මප්‍රේම
IMAGE

ඒ ආදර කතාව ඉවරයි මම දැන් සින්ගල්

IMAGE 2017 Nov 19 17:31
සිරස ජුනියර් සුපර් ස්ටාර් කියන්නේ මේ දවස්වල ප්‍රේක්ෂකයන් ආදරයෙන් වැළඳ ගත් රියැලිටි...
Views - 2983

කේන්ද්‍රයක මාරක අපල තිබීමටත් වඩා නොතිබීම භයානකය

IMAGE 2017 Nov 19 15:19
මහජන බැංකු විශ්‍රාමික සංගමයේ පිළියන්දල කැස්බෑව ශාඛාවේ අටවන සංවත්සරික සභාව පසුගිය...
Views - 1813

නීල හරිත ෆුල් සූට් එක පෙන්වා අමුඩ කෙටිය ගලවා ගන්න එපා

IMAGE 2017 Nov 19 11:35
මෙවර අයවැය ලෝකයේ දියුණුම ආර්ථික සංකල්පයක් වන නීල-හරිත ආර්ථිකයට රට යොමු කරවන්නක් බව මුදල්...
Views - 1394

ඔහු නොවන්නට ලෝක ක්‍රිකට් මේ තරම් දියුණු නොවනු ඇත

IMAGE 2017 Nov 18 00:19
අද මට ඉතාමත් සතුටු දවසක්. ඉන්දියාවේ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ විරාත් කෝලි සහ ඔහුගේ කණ්ඩායමත්...
Views - 3544

මෙතේ බුදු පදවිය ලබන්නේ බැංකු කළමණාකරුවෙක්ද?

IMAGE 2017 Nov 17 12:13
ඔහු මධ්‍යම පළාතේ වාණිජ බැංකුවක කළමණාකරුවෙකි.  ඔහුගේ වයස අවුරුදු 45 ක් පමණ වේ. ක්‍රිස්තියානි...
Views - 5984

බොහෝ කලා කරුවන් තමන්ගේ පවුල් ජීවිත ගැන කියන්නේ බොරු

IMAGE 2017 Nov 16 11:31
වත්මන් ශ්‍රී ලාංකීය ජන සමාජයේ දික්කසාද වීම් සහ පවුල් අර්බුද පැන නැගීම සම්බන්ධයෙන් කලා...
Views - 5250

Please publish modules in offcanvas position.