Coss Ear2
lakbima.lk
COSS Ear 1

ඕස්ට්‍රේලියාවේ අලුත්ම ක්‍රිකට් තරුව ඉන්දියාවේ පරම්

සාමාන්‍යයෙන් සංචාරක පිලක පන්දු යවන්නෙකු විකට්ටුවක් දවා ගැනීම සත්කාරක රටේ ප්‍රේක්ෂකයකුගේ සතුටට හේතුවන්නේ නැත.  එහෙත් මෙයින් වසර පහළොවකට පමණ පෙර ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඉන්දියානු සංචාරයක යෙදුණු මොහොතේ චන්දිගාර් නුවරට ආසන්න නිවෙසක එක්තරා පැංචෙකු, ක්‍රිකට් ගැන හරිහැටි අවබෝධයක් හෝ නොවූ කොලුවෙකු, ඕස්ට්‍රේලියානු පන්දු යවන්නකු විකට්ටුවක් ගත් සෑම මොහොතකම අත්‍පොළසන් දෙමින් උඩපනින්නට වූයේය. ඒ දෙස ඇස යොමා සිටි සියලු දෙනාගේම පාහේ අදහස වූයේ මේකා කවදහරි ඕස්ට්‍රේලියාවෙ තමයි නවතින්නේ යන්නය.
සැබැවින්ම එය එසේම විය. ඔහු ඕස්ට්‍රේලියාවේ පදිංචියට ගියා පමණක් නොව ජාත්‍යන්තර මට්ටමින් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ජර්සියද අඳින්නට වාසනාව උදාකරගත්තේය. ඒ අන් කවරකු හෝ නොව ඕස්ට්‍රේලියානු 19න් පහළ කණ්ඩායමේ නිත්‍ය ක්‍රීඩක පරම් උප්පාල්ය.
පරම්ගේ පියා දේවේන්දර් උප්පාල් මහ උසාවියේ නීතිඥයකු වූ අතර පරම්ගේ මව් පාර්ශ්වයේ ඥාති සබඳතාව මත උප්පාල් පවුල සිඩ්නි නුවරට සේන්දු වූයේ වඩා යහපත් අනාගතයක් ගොඩ නගා ගැනීමේ අරමුණින් යුතුවය. ක්‍රීඩා සමාජ මට්ටමින් ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදී තිබුණු දේවේන්දර් උප්පාල් සිය පුතු ක්‍රිකට් ක්‍රීඩාවට යොමු කළේ ආවාට ගියාට නොවේ.
එයා පුංචි දවස්වල මං එක්ක සම්පූර්ණ තරගයක් වුණත් එක දිගට බලන්න පුරුදුවෙලා හිටියා. ඕන නම් ‍පොඩි එකෙක් පැයක් එක තැනක ඉඳගෙන ක්‍රිකට් මැච් එකක් බලයි. ඒත් හරි පුදුමයි අවුරුදු හතක්වත් නැති පරම් මා එක්ක මුළු තරගයම ඉවර වෙනකම් උනන්දුවෙන් ක්‍රිකට් බැලුවා. එතැනදීයි මට තේරුම් ගියේ ඔහුයි ක්‍රිකට් ක්‍රීඩාවයි අතරේ මොකක් හරි බැඳීමක් තියෙනවා කියලා.
තවත් දෙවසරකින් පසුව ක්‍රිකට් පිටියකට බසින්නට පරම්ට අවස්ථාවක් උදාවූයේය. ඒ කෙලිවිල් ක්‍රිකට් සමාජයේ 
කනිෂ්ඨ ක්‍රිකට් ඇකඩමියේ පුහුණු සඳහා ලියාපදිංචි වීමත් සමගය. තාත්තාගේත් පුතාගේත් ක්‍රිකට් පිස්සුව අම්මාට නම් ඒ හැටි හිතට ඇල්ලුයේ නැති සැටියකි.
පාසල් ගුරුවරියක් හැටියට මං දැනගෙන හිටියා ක්‍රීඩාවත් අධ්‍යාපනයත් එකට කරගෙන යන්නට තියෙන අසීරුව. ඒ නිසා මට අවශ්‍ය වුණේ ඔහු අධ්‍යාපන කටයුතුවලට අවධානය යොමු කරනවා දකින්නයි.
ඕස්ට්‍රේලියාවට පැමිණි පරම් ක්‍රිකට්වලින් ඈත් වූයේ නැත. අවුරුදු දහහතර වෙද්දී පරම් 
විශිෂ්ටයකු වීමේ ගමන් මගේ 
පළමු ඉඟිය පෙන්වන්නට සමත් වූයේ ඉන්දියාවෙන් පැමිණි උප්පාල් පවුලට ප්‍රදේශයේ සුදු හම ඇත්තවුන් අතින් ගෞරවයක් ලබන්නටද ඉඩ පාදමිනි. ඒ ඔහුට ස්වකීය ප්‍රාන්තයේ හොඳම 
කනිෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයා වශයෙන් නම් කරනු ලැබිමෙනි. පරම්ගේ පියා දේවේන්දර් වටිනාම තීරණය ගත්තේ මෙහිදීය. සිය පුතු ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉහළටම යන්නට අවැසි දක්ෂතාවලින් යුතු බව හඳුනාගත් හේ පුතු පෞද්ගලික ක්‍රිකට් පුහුණුවක් ලබාදෙන්නට තීරණය කෙළේය.
ඔහුගේ දක්ෂතාවල හැඩ වැඩ දැකගන්නට ඉඩ ලැබුණේ ඉන් අනතුරුවය. 16න් පහළ කාණ්ඩයේ තරගාවලියේදී පිට පිට ශතක තුනක් රැස්කළ පරම් 
පළමු කාණ්ඩයේ වැඩිහිටි තරගයකදී අගනා අර්ධ ශතකයක් රැස් කෙළේය. ඕස්ට්‍රේලියානු 19න් පහළ කණ්ඩායමට තෝරා ගැනීම පරම් සැමරුයේ සිය කුළුඳුල් තරගයේදීම ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමට එරෙහිව ශතකයක් වාර්තා කරමිනි.
2015 ලෝක කුසලානය නරඹද්දී මම ඇඳගෙන හිටියෙ ඉන්දියාවේ ෂර්ට් එක. පරම් ඕස්ට්‍රේලියානු ජර්සිය. ඒත් 2018  19 න් පහළ අවසාන මහා තරගයේදී නම් මං ඕස්ට්‍රේලියාවටයි ජය පතන්නේ.
දේවේන්දර් උප්පාල් පැවැසුයේ අවසාන මහා තරගයට දින කිහිපයකට පෙරය. අවසාන මහා තරගය පහසුවෙන්ම ජයගෙන ජය පැන් බොන්නට ඉන්දියානු 19න් පහළ කණ්ඩායම සමත් වූ නමුදු චන්දිගාර් නගරයේ සිට ඕස්ටේලියානු මැද පෙළ ශක්තිමත් කළ පරම් උප්පාල් පිළිබඳ වූ උනන්දුව ක්‍රිකට් ලෝලීන් වෙතින් දුරස්ව ගියේ නැත. 
 
පාලිත ජයකොඩි
 

 

IMAGE

බසයේදී දුන් බොරු විවාහ පොරොන්දුවෙන් පවුල්ජීවිතේ 'හබක්'

IMAGE 2018 Feb 23 12:25
ඔහු අගනුවර ප්‍රසිද්ධ සමාගමක විධායක නිලධාරියෙකි. වයස අවුරුදු 40 ඉක්මවූ ඔහුට රූමත් බිරිඳක් සහ...
Views - 4082

අහිමි පෙම ඉල්ලා පෙම්වතියට ප්‍රසිද්ධියේ ගුටි ඇනලා

IMAGE 2018 Feb 23 10:42
පැරණි පෙම්වතියගෙන් අහිමි වූ ආදරය නැවත ඉල්ලා එය නොලැබුණු විට නාරාහේන්පිට ප්‍රදේශයේදී ඇයට...
Views - 2699

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 3771

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 2273

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 7515

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 4631

Please publish modules in offcanvas position.