Coss Ear2
lakbima.lk
COSS Ear 1

ශ්‍රී ලංකා-බංග්ලාදේශ තීරණාත්මක දෙවැනි ටෙස්ට් සටන අද ඇරඹේ

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ තීරණාත්මක දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අද (8දා) ඩකාහිදී ආරම්භ වෙයි.
චිතගොංහි පැවැති පළමු ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් වීම නිසා මෙම තරගයෙන් ජය ගන්නා පිලට තරගාවලියේ ජය හිමිවෙයි.
පළමු ටෙස්ට් තරගයට සකස් කර තිබූ තණතීරුව පිළිබඳව අයි.සී.සී.යේ දැඩි දෝෂ දර්ශනයට ලක්වූ අතර, අද තරගයට සමබර තණතීරුවක් හිමිවනු ඇතැයි පැවසේ.
මේ අනුව තණතීරුව අනුව දෙපි‍ලේම පන්දු යැවීමේ සංයුතිය වෙනස් වීමට බොහෝ දුරට ඉඩකඩ ඇති බව වාර්තාවේ. 
පළමු තරගයට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා පිතිකරු ලැයිස්තුවේ වෙනසක් සිදු නොවන බව වාර්තා වන අතර, ලහිරු කුමාර වෙනුවට දුෂ්මන්ත චමීර ක්‍රීඩා කිරීමේ වැඩි ඉඩකඩක් ඇති බව වාර්තාවේ.
පළමු තරගයේදී ශ්‍රී ලංකාව දඟ පන්දු යවන්නන් තිදෙනකුගෙන් ක්‍රීඩා කළ අතර, අද පෙරවරුවේ තණතීරුව පරීක්ෂා කිරීමෙන් පසු මෙම තරගයටද දඟ පන්දු යවන්නන් තිදෙනෙකු ක්‍රීඩා කිරීම තීරණය වෙයි.
මේ අතර බංග්ලාදේශ පිල පළමු තරගයට ක්‍රීඩා කළ සන්සමුල් ඉස්ලාම් වෙනුවට සංචිතයට සබිර් රහමන් කැඳවා තිබේ.
එහෙත් එම ස්ථානයට සබිර් ක්‍රීඩා කිරීම හෝ වේගපන්දු යවන්නෙකු ක්‍රීඩා කිරීම අද පෙරවරුවේ තීරණය කිරීමට නියමිතව තිබේ.
බංග්ලාදේශය මේ දක්වා  ශ්‍රී ලංකාවට එරෙහිව සිය රටේදී ටෙස්ට් ජයක් ලබා නොමැති අතර, මෙම තරගය ඔවුන්ට ඉතා වැදගත් වේ.
තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පෙ.ව. 9.00ට ආරම්භ වෙයි.
 
ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය
දිනේෂ් චන්දිමාල් (නායක), සුරංග ලක්මාල් (උප නායක) දිමුත් කරුණාරත්න, ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, නිරෝෂන් දික්වැල්ල, රොෂේන් සිල්වා, රංගන හේරත්, දිල්රුවන් පෙරේරා, අකිල ධනංජය, ලක්ෂාන් සඳකැන්, දුෂ්මන්ත චමීර, ලහිරු ගමගේ, ලහිරු කුමාර
 
බංග්ලාදේශ ටෙස්ට් සංචිතය
මහමදුල්ලා (නායක), තමීම් ඉක්බාල්, ලිට්න් දාස්, මුෂ්ෆිකර් රහීම්, ඉම්රුල් කේයස්, මොමිනුල් හක්, මොසඩෙක් හොසේන්, ටයිජුල් ඉස්ලාම්, මුෂ්ටාෆිසූර් රහමන්, කම්රුල් ඉස්ලාම්, මෙහෙදි හසන්, නයිම් හසන්, තන්වීර් හයිඩර්, අබ්දුල් රසාක්, සබිර් රහමන්

IMAGE

අහිමි පෙම ඉල්ලා පෙම්වතියට ප්‍රසිද්ධියේ ගුටි ඇනලා

IMAGE 2018 Feb 23 10:42
පැරණි පෙම්වතියගෙන් අහිමි වූ ආදරය නැවත ඉල්ලා එය නොලැබුණු විට නාරාහේන්පිට ප්‍රදේශයේදී ඇයට...
Views - 141

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 2522

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 1427

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 5785

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 3367

ලංකාවේ අන්තිම රජු සැඟවූ නිධානය කෝ?

IMAGE 2018 Feb 19 11:34
මහනුවර රජ කළ රාජාධිරාජසිංහ රජුට බිසෝවරුන් කිහිප දෙනෙක්ම සිටියහ. ඔවුන් අතර අලමේලු අම්මා,...
Views - 5502

Please publish modules in offcanvas position.