Coss Ear2
lakbima.lk
COSS Ear 1

වරායට ඉනිමක විශිෂ්ට ජයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේ දෙවැනි සති අන්තයේදී රාගමට එරෙහිව ඉනිමක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට වරාය අධිකාරිය සමත් විය.
මේ අතර සෙසු තරගවලදී ජය ගැනීමට චිලව් මේරියන්ස්, එස්.එස්.සී. සහ බි.ආර්.සී. සමත් විය.
මෙවර තරග වාරයේ කඩුලු 50 සීමාව ඉක්මවීමට චානක කොමසාරු (වරාය අධිකාරිය) සහ ළාබාල යොවුන් ක්‍රීඩක ලසිත් ඇඹුල්දෙණිය (එන්.සී.සී.) සමත්වූහ.
ලසිත් ඇඹුල්දෙණිය එස්.එස්.සී.ට එරෙහිව මුළු තරගයේදී ලකුණු 170ට කඩුලු 10ක් බිඳ හෙලූ අතර, චානක කොමසාරු රාගමට එරෙහිව මුළු තරගයේදී ලකුණු 111ට කඩුලු 9ක් බිඳ හෙළීය.
මිනෝද් භානුක (එස්.එස්.සී.) සහ ඇන්ජෙලෝ පෙරේරා (එන්.සී.සී.) මෙවර තරග වාරයේ සිය දෙවැනි ශතකය රැස් කිරීමට සමත්වූ වූහ.
වරාය අධිකාරියේ ගයාන් මනීෂාන් සති අන්තයේ වැඩිම ලකුණුලාභී පිතිකරු (නොදැවී 139) බවට පත්වූ අතර, ඉනිමක හොඳම පන්දු යැවීම වාර්තා කිරීමට (48/6) ප්‍රභාත් ජයසූරිය (කෝල්ට්ස්) සමත්විය.
සුපිරි 8 වටයේ තෙවැනි සති අන්තයට අදාළ තරග 4ක් අද (6දා) ආරම්භ කෙරේ.
චිලව් මේරියන්ස්-කෝල්ට්ස්
කෝල්ට්ස්: පළමු ඉනිම - 169 (පන්දුවාර 58) පසිඳු ලක්ෂංක 37, සදීර සමරවික්‍රම 28, මලින්ද
පුෂ්පකුමාර 40/5, ඉසුරු උදාන 31/3, අසිත ප්‍රනාන්දු 22/2
චිලව් මේරියන්ස්: පළමු ඉනිම - 162 (පන්දුවාර 37.5)
ෂෙහාන් ජයසූරිය 50, ඕෂධ ප්‍රනාන්දු 36, ප්‍රභාත් ජයසූරිය 48/6, මොහොමඩ් අලි 30/2, නිසල තාරක 52/2
කෝල්ට්ස්: දෙවැනි ඉනිම - 225 (පන්දුවාර 76) හෂාන් දුමිඳු 57, නිසල තාරක 52, විෂාඩ් රන්දික 35, ඉසුරු උදාන 18/2, සචිත්‍ර සේරසිංහ 29/2, ෂෙහාන් ජයසූරිය 51/2
චිලව් මේරියන්ස්: දෙවැනි ඉනිම - 234/6 (පන්දුවාර 48.4) ෂෙහාන් ජයසූරිය 95, කසුන් විදුර 57, සචිත්‍ර සේරසිංහ 23, මොහොමඩ් අලි 34/2, නිසල තාරක 46/2
චිලව් මේරියන්ස්ට කඩුලු 4ක ජයක්.
බි.ආර්.සී. - සැරසන්ස්
බි.ආර්.සී.: පළමු ඉනිම - 168 (පන්දුවාර 57.3) විකුම් සංජය 34, හෂේන් රාමනායක 30, රනිත ලියනාරච්චි 35/3, මොහොමඩ් ඩිල්ෂාඩ් 38/2
සැරසන්ස්: පළමු ඉනිම - 173 (පන්දුවාර 49.5) ගමිඳු කණිෂ්ක
51, තනුක දාබරේ 30, සුරාජ් රන්දිව් 12/3, ටී.එන්. සම්පත් 28/3, විකුම් සංජය 37/2
බි.ආර්.සී.: දෙවැනි ඉනිම - 294 (පන්දුවාර 81.5) දේශාන් ඩයස් 72, ලසිත් ලක්ෂාන් 47, හර්ෂ විතාන 45, විකුම් සංජය නොදැවී 41, සචිත්‍ර පෙරේරා 87/6, රනිත ලියනාරච්චි 68/2
සැරසන්ස්: දෙවැනි ඉනිම - 206 (පන්දුවාර 64.4) මින්හාජ් ජලීල් නොදැවී 90, තනුක දාබරේ 38, චාමිකර එදිරිසිංහ 69/5, ටී.එන්. සම්පත් 57/4
බි.ආර්.සී.ට ලකුණු 83ක ජයක්.  
එස්.එස්.සී.-එන්.සී.සී.
එස්.එස්.සී.: පළමු ඉනිම - 347 (පන්දුවාර 93.1) මිලින්ද සිරිවර්ධන 70, දසුන් ශානක 63, චරිත් අසලංක 56, සම්මු අශාන් නොදැවී 40, චාමර කපුගෙදර 33, ලසිත් ඇඹුල්දෙණිය 81/5, ෆර්වීස් මහරුෆ් 59/2, චාමික කරුණාරත්න 86/2
එන්.සී.සී.: පළමු ඉනිම - 298 (පන්දුවාර 82.2) ඇන්ජෙලෝ පෙරේරා 107, මහේල උඩවත්ත 46, සඳුන් වීරක්කොඩි 44, චතුරංග ද සිල්වා 38, ධම්මික ප්‍රසාද් 37/4, දසුන් ශානක 29/3, ජෙෆ්රි වැන්ඩර්සේ 113/2
එස්.එස්.සී.: දෙවැනි ඉනිම - 300 (පන්දුවාර 85.1) මිනෝද් භානුක 110, කවිඳු කුලසේකර 47, දසුන් ශානක 38, ලසිත් ඇඹුල්දෙණිය 89/5, චාමික කරුණාරත්න 39/2, තරිඳු කෞශාල් 69/2
එන්.සී.සී.: දෙවැනි ඉනිම - 155 (පන්දුවාර 45.5) තරිඳු කෞශාල් 37, සඳුන් වීරක්කොඩි 35, සචිත්‍ර සේනානායක 65/6, ජෙෆ්රි වැන්ඩර්සේ 30/3
එස්.එස්.සී.ට ලකුණු 194ක ජයක්.
වරාය අධිකාරිය-රාගම
රාගම: පළමු ඉනිම - 269 (පන්දුවාර 98) ළහිරු තිරිමාන්න 52, ශමින්ද ප්‍රනාන්දු 42, උදාර ජයසුන්දර 39, ළහිරු මිලන්ත 37, චානක කොමසාරු 66/5, මධුක ලියනපතිරණගේ 74/3, චරිත් ජයම්පති 70/2
වරාය අධිකාරිය: පළමු ඉනිම - 485/9 (පන්දුවාර 154.3) ගයාන් මනීෂාන් නොදැවී 139, ගිහාන් රූපසිංහ 66, යොහාන් ද සිල්වා 66, චරිත් ජයම්පති නොදැවී 62, නික් කොම්ප්ටන් 62, අමිල අ‍පෝන්සු 82/3, ළහිරු මිලන්ත 11/2, ඉෂාන් ජයරත්න 75/2
රාගම: පළමු ඉනිම - 174 (පන්දුවාර 72.4) චතුර පීරිස් 45, ළහිරු තිරිමාන්න 40, මධුක ලියනපතිරණගේ 85/5, චානක කොමසාරු 45/4
වරාය අධිකාරියට ඉනිමක සහ ලකුණු 42ක ජයක්.

අද ඇරඹෙන තරග (6දා සිට 9දා දක්වා)

එස්.එස්.සී. සහ බි.ආර්.සී. අතර ගාල්ලේදී
රාගම සහ මේරියන්ස් අතර පී. සරා  පිටියේදී
කෝල්ට්ස් සහ වරාය අතර එස්.එස්.සී. පිටියේදී
සැරසන්ස් සහ එන්.සී.සී. අතර කටුනායකදී

පමෝද් ලසන්ත

IMAGE

අහිමි පෙම ඉල්ලා පෙම්වතියට ප්‍රසිද්ධියේ ගුටි ඇනලා

IMAGE 2018 Feb 23 10:42
පැරණි පෙම්වතියගෙන් අහිමි වූ ආදරය නැවත ඉල්ලා එය නොලැබුණු විට නාරාහේන්පිට ප්‍රදේශයේදී ඇයට...
Views - 174

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 2539

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 1436

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 5812

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 3386

ලංකාවේ අන්තිම රජු සැඟවූ නිධානය කෝ?

IMAGE 2018 Feb 19 11:34
මහනුවර රජ කළ රාජාධිරාජසිංහ රජුට බිසෝවරුන් කිහිප දෙනෙක්ම සිටියහ. ඔවුන් අතර අලමේලු අම්මා,...
Views - 5520

Please publish modules in offcanvas position.