Coss Ear2
lakbima.lk
COSS Ear 1

ක්‍රිකට් ක්‍රීඩකයන් ආබාධවලින් රැක ගැනීමේ වැඩපිළිවෙළක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් පළමු ශේ්‍රණියේ සහ නැගී එන ක්‍රිකට් ක්‍රීඩකයන් සඳහා ආබාධවලින් තොරව අඛණ්ඩව ක්‍රීඩාවේ නියැළීමට අවශ්‍ය ශාරීරික යෝග්‍යතාව සකස්කර ගැනීමේ වැඩපිළිවෙළක් සකස් කර ඇත.
මේ කර්තව්‍ය සාර්ථක කර ගැනීමට රට පුරා විසිර සිටින ප්‍රිමියර් හා නැගී එන ක්‍රිකට් සමාජ හා ක්‍රීඩකයන් දැනුවත් කිරීමට කටයුතු යොදන බව ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ උසස් තාක්ෂණ මධ්‍යස්ථානයේ ශාරීරික දක්ෂතා අංශයේ කළමනාකරු රොබ් චෙව් මහතා ප්‍රකාශ කරයි.
ක්‍රීඩා පිටිය තුළ ක්‍රීඩකයන් ක්‍රියාශීලීව දස්කම් දැක්වීමට ඔවුනට ශක්තිය ලබාදීමෙන් හා ශක්තිය දරා ගැනීමේ හැකියාව ප්‍රගුණ කිරීමෙන් ඔවුනගේ වේගයත්, දක්ෂතාවත් වැඩි වනු ඇතැයිද රොබ් චෙව් මහතා පැවැසීය.
මේ අරමුණ සාර්ථක කරගැනීමේ පියවරක් ලෙස ප්‍රිමියර් හා නැගී එන ක්‍රිකට් සමාජයන්හි පුහුණුකරුවන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් නොබෝදා ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයෙදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළේය. මේ අවස්ථාවට ප්‍රිමියර් සමාජ 14කත්, නැගී එන ක්‍රීඩා සමාජ 9කත් පුහුණුකරුවන් තිහක් එක්ව සිටියහ.සමබර දේශීය ආහාර වේලක් මගින් කාබෝහයිඩේ්‍රට්, ‍ප්‍රෝටීන් හා ‍පෝෂණය ලබා ක්‍රියාශීලී ක්‍රීඩකයන් බිහිකර ගැනීමට ඇති හැකියාව පිළිබඳවද මෙහිදී රොබ් චෙව් මහතා පෙන්වා දුන්නේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පුහුණු අධ්‍යයන ඒකකය මෙහෙය වූ මේ වැඩමුළුවට එම ඒකකයේ ප්‍රධානී හෙෂාන් ද මෙල්, චමිල ගමගේ, චානක දීගොඩගමගේ හා උසස් තාක්ෂණ මධ්‍යස්ථානයේ ප්‍රධානී සයිමන් විලිස් යන මහත්වරුද සහභාගි වූහ.

 

IMAGE

නෙලා සමග ඔබ හමුවට එන බෙනට්ගේ පුතා

IMAGE 2018 Feb 25 14:21
අද වෙද්දී උදාර රත්නායක කියන්නේ නළුවෙක්ද? එහෙමත් නැතිනම් දේශපාලනඥයෙක්ද? නළුකම මගේ වෘත්තිය...
Views - 427

මගෙන් නම් සල්ලි ඉල්ලුවේ නෑ ඒත් මේ වගේ කතාවක් නම් කිව්වා

IMAGE 2018 Feb 25 14:08
මේ වෙද්දී ඉන්දිකාගේ කලා දිවිය දශක දෙකකටත් එහා ගිය එකක් නේද? ඔව්. මම මුලින්ම ක්‍ෂේත්‍රයට එකතු...
Views - 793

රනිල් සල් සපු නා හැර ගියේ ඇයි?

IMAGE 2018 Feb 25 13:52
“සල් සපු නා” ටෙලි නාට්‍යයේ දැන් රනිල්ව දකින්නට ලැබෙන්නේ නැහැ. ඇයි ඒ ? මම තාවකාලිකව ‘සල්...
Views - 709

තාත්තගේ අකමැත්තෙන් රඟපාන්න ආපු උපාසක අම්මා

IMAGE 2018 Feb 25 12:18
කොහොමද ඔබට අංජනා එහෙමත් නැත්නම් උපාසක අක්කා වෙන්න අවස්ථාව ලැබුණේ? මාව උපාසක අම්මා කළේ...
Views - 569

බසයේදී දුන් බොරු විවාහ පොරොන්දුවෙන් පවුල්ජීවිතේ 'හබක්'

IMAGE 2018 Feb 23 12:25
ඔහු අගනුවර ප්‍රසිද්ධ සමාගමක විධායක නිලධාරියෙකි. වයස අවුරුදු 40 ඉක්මවූ ඔහුට රූමත් බිරිඳක් සහ...
Views - 5205

අහිමි පෙම ඉල්ලා පෙම්වතියට ප්‍රසිද්ධියේ ගුටි ඇනලා

IMAGE 2018 Feb 23 10:42
පැරණි පෙම්වතියගෙන් අහිමි වූ ආදරය නැවත ඉල්ලා එය නොලැබුණු විට නාරාහේන්පිට ප්‍රදේශයේදී ඇයට...
Views - 3433

Please publish modules in offcanvas position.