Coss Ear2
lakbima.lk
COSS Ear 1

මොමිනුල්ගේ සුපිරි ඉනිමෙන් බංග්ලාදේශය ප්‍රබල තත්ත්වයක

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර චිතගොන්හිදී ඊයේ (31දා) ඇරැඹි පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී මුලින්ම පන්දුවට පහර දුන් බංග්ලාදේශය දිනය අවසන් වන විට කඩුලු 4ට ලකුණු 374ක් ලබා ප්‍රබල තත්ත්වයක පසුවිය.
පිතිකරුවන්ට වාසිදායක වූ තණතීරුවේ කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහර දීමට මහමදුල්ලා තීරණය කළ අතර, එයට යහපත් ප්‍රතිචාරයක් දැක්වූ පෙර පෙළ පිතිකරුවෝ විශිෂ්ට පිතිහරඹයක නිරත වූහ.
බංග්ලාදේශය වෙනුවෙන් සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ මොමිනුල් හක් පන්දු 203කදී හතරේ පහර 16ක් සහ එක් හයේ පහරක් සහිතව නොදැවී ලකුණු 175ක් ලබමින් පළමු දිනයේ වීරයා බවට පත්විය.
මෙය මොමිනුල් හක්ගේ 5 වැනි ටෙස්ට් ශතකය වූ අතර, ටෙස්ට් තරගයකදී පළමු දිනයේදී වැඩිම ලකුණු සංඛ්‍යාවක් වාර්තා කළ පිතිකරුවා ලෙසද වාර්තා ‍පොතට එක්විය.
මොමිනුල් සිය ශතකය පන්දු 96කින් වාර්තා කළ අතර, එයද ටෙස්ට් තරගයකදී බංග්ලාදේශ පිතිකරුවකු වාර්තා කළ දෙවැනි වේගවත්ම ශතකය ලෙසද වාර්තා ‍පොතට එක්විය.
මොමිනුල් හක් සහ මුෂ්ෆිකර් රහීම් අතර තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 236ක විශිෂ්ට සම්බන්ධතාවක් වාර්තා වූ අතර, එය ශ්‍රී ලංකාවට එරෙහිව මෙන්ම ඕනෑම රටකට එරෙහිව තෙවැනි කඩුල්‍ලේ වාර්තාවක් ලෙස සටහන් විය.
ඊයේ බංග්ලාදේශ ආරම්භක පිතිකරුවන් පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 72ක් වාර්තා කළ අතර, පන්දු 53කදී හතරේ පහර 6ක් සහ එක් හයේ පහරක් සහිතව ලකුණු 52ක් ලැබූ තමීම් ඉක්බාල් දිල්රුවන්ගේ පන්දුවක් හමුවේ පළමු කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් විය.
ලකුණු 40ක් ලබාගත් ඉම්රුල් කේයස් සඳකැන් හමුවේ දැවී යාමෙන් පසු මොමිනුල් හක් සහ මුෂ්ෆිකර් රහීම්ගේ විශිෂ්ට සම්බන්ධතාව වාර්තා විය.
පන්දු 192කදී හතරේ පහර 10ක් සහිතව ලකුණු 92ක් ලබා සිටි මුෂ්ෆිකර් රහීම් දෙවැනි නව පන්දුව ලබා ගැනීමෙන් පසු දවා ගැනීමට සමත් වූ සුරංග ලක්මාල් ඊළඟ පන්දුවේදී ලිට්න් දාස් දවා ගැනීමෙන් බංග්ලාදේශයේ සිව්වැනි කඩුල්ල ලකුණු 356දී බිඳ වැටුණි.
දිනය අවසන් වන විට මොමිනුල් හක් නොදැවී ලකුණු 175ක්ද, නායක මහමදුල්ලා නොදැවී ලකුණු 9ක්ද ලබා පිටියේ රැඳී සිටියි.
පන්දුවෙන් සාර්ථක ප්‍රතිඵල නෙලාගත් සුරංග ලක්මාල් ලකුණු 43ට කඩුලු 2ක් බිඳ හෙලූ අතර, දිල්රුවන් පෙරේරා සහ ලක්ෂාන් සඳකැන් එක් කඩුල්ල බගින් බිඳ හෙලීය. ශ්‍රී ලංකාවේ සුපිරි දඟ පන්දු යවන්නා වන රංගන හේරත්ට ඊයේ දිනයේ කිසිදු කඩුල්ලක් හිමි නොවීම කැපී පෙනුණි.
අද තරගයේ දෙවැනි දිනයයි.

 

IMAGE

නෙලා සමග ඔබ හමුවට එන බෙනට්ගේ පුතා

IMAGE 2018 Feb 25 14:21
අද වෙද්දී උදාර රත්නායක කියන්නේ නළුවෙක්ද? එහෙමත් නැතිනම් දේශපාලනඥයෙක්ද? නළුකම මගේ වෘත්තිය...
Views - 419

මගෙන් නම් සල්ලි ඉල්ලුවේ නෑ ඒත් මේ වගේ කතාවක් නම් කිව්වා

IMAGE 2018 Feb 25 14:08
මේ වෙද්දී ඉන්දිකාගේ කලා දිවිය දශක දෙකකටත් එහා ගිය එකක් නේද? ඔව්. මම මුලින්ම ක්‍ෂේත්‍රයට එකතු...
Views - 776

රනිල් සල් සපු නා හැර ගියේ ඇයි?

IMAGE 2018 Feb 25 13:52
“සල් සපු නා” ටෙලි නාට්‍යයේ දැන් රනිල්ව දකින්නට ලැබෙන්නේ නැහැ. ඇයි ඒ ? මම තාවකාලිකව ‘සල්...
Views - 693

තාත්තගේ අකමැත්තෙන් රඟපාන්න ආපු උපාසක අම්මා

IMAGE 2018 Feb 25 12:18
කොහොමද ඔබට අංජනා එහෙමත් නැත්නම් උපාසක අක්කා වෙන්න අවස්ථාව ලැබුණේ? මාව උපාසක අම්මා කළේ...
Views - 559

බසයේදී දුන් බොරු විවාහ පොරොන්දුවෙන් පවුල්ජීවිතේ 'හබක්'

IMAGE 2018 Feb 23 12:25
ඔහු අගනුවර ප්‍රසිද්ධ සමාගමක විධායක නිලධාරියෙකි. වයස අවුරුදු 40 ඉක්මවූ ඔහුට රූමත් බිරිඳක් සහ...
Views - 5191

අහිමි පෙම ඉල්ලා පෙම්වතියට ප්‍රසිද්ධියේ ගුටි ඇනලා

IMAGE 2018 Feb 23 10:42
පැරණි පෙම්වතියගෙන් අහිමි වූ ආදරය නැවත ඉල්ලා එය නොලැබුණු විට නාරාහේන්පිට ප්‍රදේශයේදී ඇයට...
Views - 3426

Please publish modules in offcanvas position.