Coss Ear2
lakbima.lk
COSS Ear 1

නිපුන දේශාන්ගෙන් ද්විත්ව ශතකයක්

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සිංගර් ශ්‍රී ලංකා සමාගමේ අනුග්‍රහය ඇතිව සංවිධානය කරන “සිංගර් කුසලාන” අවු. 19න් පහළ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේදී අම්බලන්ගොඩ පී. ද එස්. කුලරත්න විද්‍යාලයට එරෙහිව ද්විත්ව ශතකයක් රැස් කිරීමට පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයේ නිපුන දේශාන් සමත්විය.
පන්දු 246කදී හතරේ පහර 33ක් සහ හයේ පහර 8ක් සමගින් ලකුණු 253ක් රැස් කළ  නිපුන දේශාන් සිය දෙවැනි ශතකය වාර්තා කළේය.
පානදුර රාජකීය විද්‍යාලයට එරෙහිව ඉනිමක සහ ලකුණු 83ක ජයක් ලැබූ කටුගස්තොට ශා. අන්තෝනි සිය 7 වැනි පූර්ණ ජයග්‍රහණය වාර්තා කළේය.
සෙසු තරගවලදී කළුතර සිරිකුරුස විද්‍යාලය දෙහිවල එස්. ද එස්. ජයසිංහ මධ්‍ය මහා විද්‍යාලයට එරෙහිව ඉනිමක සහ ලකුණු 4ක ජයක් ලැබිය.
මෙවර තරගාවලියේ සිය දෙවැනි ශතක රැස් කිරීමට කොළඹ ආනන්ද විද්‍යාලයේ දුෂාන් හෙට්ටිගේ සහ කළුතර සිරිකුරුස විද්‍යාලයේ මළින්ද ජයෝද් සමත් වූ අතර, ජනිඳු ඉඳුවර (ශ්‍රී සුමංගල පානදුර), දුලන්ත කවිඳු (පානදුර රාජකීය), නවෝද්‍ය විජේකුමාර (කටුගස්තොට ශා. අන්තෝනි) සහ සසංක පෙරේරා (කළුතර සිරිකුරුස) පන්දුවෙන් දස්කම් දැක්වූහ.
 
පානදුර ශ්‍රී සුමංගල අම්බලන්ගොඩ පී. ද එස්. කුලරත්න
ශ්‍රී සුමංගල: පළමු ඉනිම - 431/7 (පන්දුවාර 82) නිපුන දේශාන් 253, ජනිඳු ඉඳුවර 41, පසිඳු සුරංජිත් 35, මිහිරංග හර්ෂණ 27, තරණ ගන්ධාර 26, මනූෂ තීක්ෂණ 61/4
පී. ද එස්. කුලරත්න: පළමු ඉනිම - 109 (පන්දුවාර 47) ලඛිල ටෙහාන් 39, ජනිඳු ඉඳුවර 30/5
ශ්‍රී සුමංගල: දෙවැනි ඉනිම - 192/7 (පන්දුවාර 38) නිපුන දේශාන් 47, ඉසුරු උමයංග 38, කල්ප හර්ෂජිත් 51/3
තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය.
 
කටුගස්තොට ශා. අන්තෝනි-පානදුර රාජකීය
පානදුර රාජකීය: පළමු ඉනිම - 90 (පන්දුවාර 31.1) ධනංජය ප්‍රසාද් 28, දුෂාන්ත මධුසංක 21, කල්හාර සේනාරත්න 9/4, සතීෂ් වික්‍රමාරච්චි 16/2, නවෝද්‍ය විජේකුමාර 21/2
ශා. අන්තෝනි: පළමු ඉනිම - 253 (පන්දුවාර 53.3) නවෝද්‍ය විජේකුමාර 56, ඩියොන් ස්ටවුටර් 35, සතීෂ් 
වික්‍රමාරච්චි නොදැවී 31, තීක්ෂ ගුණසිංහ 26, ගිහාන් අචින්ත 24, දුලන්ත කවිඳු 50/5, අකිල ශනේෂ් 37/2
පානදුර රාජකීය: දෙවැනි ඉනිම - 80 (පන්දුවාර 30.5) රනේෂ් සිල්වා 40, නවෝද්‍ය විජේකුමාර 21/5, කල්හාර සේනාරත්න 10/4
කටුගස්තොට ශා. අන්තෝනිට ඉනිමක සහ ලකුණු 83ක ජයක්.
 
ආනන්ද-මහනුවර ශා. සිල්වෙස්තර
ශා. සිල්වෙස්තර: පළමු ඉනිම - 308 (පන්දුවාර 89.4) මනෝහරන් පවිත්‍රන් 85, නිම්සර අතරගල්ල 48, පසන් හෙට්ටිආරච්චි 24, නදීර බාලසූරිය 23, උසිඳු නිශ්ශංක 22, චාමික ගුණසේකර 44/2, ගිෂාන් විශ්වජිත් 49/2, ශාමල් හිරුෂාන් 52/2, අශේල් සිගේරා 79/2
ආනන්ද: පළමු ඉනිම - 374/5 (පන්දුවාර 67.2) දුෂාන් හෙට්ටිගේ 102, කමේෂ් නිර්මාල් 88, අශේල් සිගේරා 67, ළහිරු හිරණ්‍ය නොදැවී 39, කණිෂ්ක රන්තිලකගේ 31, නිම්සර අතරගල්ල 79/2
තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය.
 
ශා. සෙබස්තියන්-ඩී.එස්.
ශා. සෙබස්තියන්: පළමු ඉනිම - 331/8 (පන්දුවාර 88) ජනිෂ්ක පෙරේරා 82, ශනෙල් ප්‍රනාන්දු 81, තරුෂ ප්‍රනාන්දු 52, ප්‍රවීන් කුරේ 42, ගිහාන් සේනානායක නොදැවී 32, දසුන් පෙරේරා 31/2, මෙතුෂාන් කුමාර 55/2, පසිඳු ආදිත්‍ය 64/2
ඩී.එස්. සේනානායක: පළමු ඉනිම - 117 (පන්දුවාර 41.3) සඳරු චන්දිත 22, විනුජ රණසිංහ 34/4, තරුෂ ප්‍රනාන්දු 17/2, ගිහාන් සේනානායක 19/2
තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය.
 
තර්ස්ටන්-නාලන්දා
තර්ස්ටන්: පළමු ඉනිම - 278 (පන්දුවාර 101) ජනුෂ්ක ප්‍රනාන්දු 70, නිපුන් ලක්ෂාන් 30, නිමේෂ් ලක්ෂාන් 26, යෙෂාන් වික්‍රමාරච්චි 24, අයේෂ් හර්ෂණ 24, යොහාන් සචිත 20, මහිම වීරකෝන් 30/2, කවීෂ මධුරප්පෙරුම 38/2, ලක්ෂිත රසාංජන 2/57
නාලන්දා: පළමු ඉනිම - 179/6 (පන්දුවාර 62.4) 
අවීෂ්ක පෙරේරා 61, දිල්හාර ‍පොල්ගම්‍පොල 54, ලක්ෂිත රසාංජන 25, චමිඳු විජේසිංහ නොදැවී 22, ජනුෂ්ක ප්‍රනාන්දු 35/3
තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය.
 
කළුතර සිරිකුරුස-දෙහිවල එස්. ද එස්. ජයසිංහ
එස්. ද එස්. ජයසිංහ මැදි විදුහල: පළමු ඉනිම - 95 (පන්දුවාර 45.3) ඉසුරු උෂාන්ත 33, සසංක පෙරේරා 29/5, මළින්ද ජයෝද් 24/3, රුතිල අල්මේදා 10/2
සිරිකුරුස: පළමු ඉනිම - 273/2 (පන්දුවාර 32) මළින්ද ජයෝද් නොදැවී 151, කළණ හරීන්ද්‍ර 87
එස්. ද එස්. ජයසිංහ: දෙවැනි ඉනිම - 144 (පන්දුවාර 42.5) ඉසුරු උෂාන්ත 51, කාවින්ද ඩයස් 31, ඩිල්හාන් නානායක්කාර 68/4
කළුතර සිරිකුරුසයට ඉනිමක සහ ලකුණු 4ක ජයක්.

 

IMAGE

බසයේදී දුන් බොරු විවාහ පොරොන්දුවෙන් පවුල්ජීවිතේ 'හබක්'

IMAGE 2018 Feb 23 12:25
ඔහු අගනුවර ප්‍රසිද්ධ සමාගමක විධායක නිලධාරියෙකි. වයස අවුරුදු 40 ඉක්මවූ ඔහුට රූමත් බිරිඳක් සහ...
Views - 4096

අහිමි පෙම ඉල්ලා පෙම්වතියට ප්‍රසිද්ධියේ ගුටි ඇනලා

IMAGE 2018 Feb 23 10:42
පැරණි පෙම්වතියගෙන් අහිමි වූ ආදරය නැවත ඉල්ලා එය නොලැබුණු විට නාරාහේන්පිට ප්‍රදේශයේදී ඇයට...
Views - 2708

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 3776

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 2282

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 7525

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 4637

Please publish modules in offcanvas position.