Coss Ear2
lakbima.lk
COSS Ear 1

පෙරළිකාර ඇෆ්ගනිස්ථානයට ශ්‍රී ලංකාව ලකුණු 32කින් පරදියි

නවසීලන්තයේ පැවැත්වෙන අවු. 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ඊයේ (17දා) පැවැති ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර තරගයෙන් ඩක්වර්ත් ලුවිස් ක්‍රමයට ලකුණු 32ක ජයක් වාර්තා කිරීමට පෙරළිකාර ඇෆ්ගනිස්ථානය සමත් විය.
මේ අනුව ඇෆ්ගනිස්ථානය  ‘ඩී’ කාණ්ඩයේ පෙරමුණ ගනිමින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත් අතර. ශ්‍රී ලංකාවට අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීමට නම් පාකිස්තානය පරාජය කිරීම අනිවාර්ය වී තිබේ.
පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථානය පන්දුවාර 50දී කඩුලු 7ක් දැවී ලකුණු 284ක් රැස් කිරීමට සමත් විය.
වර්ෂාව හේතුවෙන් පන්දුවාර 38කදී ලකුණු  235ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකාවට සියලු දෙනා දැවී රැස්කර ගත හැකිවූයේ ලකුණු 202ක් පමණි.

ඇෆ්ගනිස්ථාන  ආරම්භක පිතිකරු ඉබ්‍රාහිම් සද්‍රාන් පන්දු 112කදී එක් හතරේ පහරක් සහ හයේ පහර 5ක් සමගින් ලකුණු 86ක් වාර්තා රැස් කිරීමට සමත් විය.
ඉබ්‍රාහිම් සද්‍රාන් සහ ඉක්රාම් අලි කිල් (55) දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 115ක විශිෂ්ට සම්බන්ධතාවක් ගොඩනැංවූ අතර, වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ ධර්විෂ් රසූලි පන්දු 44කදී හතරේ පහර 9ක් සහ එක් හයේ පහරක් සමගින් ලකුණු 63ක් රැස් කරමින් ඇෆ්ගනිස්ථාන ලකුණු පුවරුව ඉහළ නැංවූහ.
ශ්‍රී ලංකාව වෙනුවෙන් තිසරු රශ්මික සහ නිපුන් මාලිංග කඩුලු 2ක් බැගින් දවාලූහ.
ජයග්‍රහණය සඳහා ලකුණු 235ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකාව වෙනුවෙන් උප නායක ජෙහාන් ඩැනියෙල් ලකුණු 48ක්ද, ක්‍රිෂාන් සංජුල ලකුණු 41ක්ද, නායක කමිඳු මෙන්ඩිස් ලකුණු 32ක්ද රැස් කළ අතර, සෙසු පිතිකරුවෝ අසාර්ථක වූහ.
ඇෆ්ගනිස්ථාන නායක නවීන් උල් හක් ලකුණු 35කට කඩුලු 4ක් දවාලූ අතර, අස්මතුල්ලා ඔමාර්සායි සහ ක්වායිස් අහමඩ් කඩුලු 2ක් බැගින් දවාලූහ.
ඉබ්‍රාහිම් සද්‍රාන් තරගයේ වීරයා ලෙස සම්මාන ලැබිය.
මේ අතර ඊයේ (17දා) පැවැති සෙසු තරගවලදී ජය වාර්තා කිරීමට නවසීලන්තය, දකුණු අප්‍රිකාව සහ ඕස්ට්‍රේලියාව සමත් විය.
ඊයේ කෙන්යාවට එරෙහිව නවසීලන්තය කඩුලු 4ට ලකුණු 436ක් රැස් කරමින් අවු. 19න් පහළ ලෝක කුසලාන තරගාවලි ඉතිහාසයේ කණ්ඩායමක් රැස් කළ ඉහළම ලකුණු සංඛ්‍යාවේ හිමිකරුවන් බවට පත්වූ අතර, නවසීලන්තයේ ජේකොබ් බුලා (180) පිතිකරුවකු රැස් කළ ඉහළම ලකුණු සංඛ්‍යාව වාර්තා කළේය.
‘ඒ’ කාණ්ඩයෙන් තරග වදින නවසීලන්තය සහ දකුණු අප්‍රිකාව මේවන විටත් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා සිටියි.
අද (18දා) තවත් තරග 2ක් පැවැත්වේ.
ඇෆ්ගනිස්තානය-ශ්‍රී ලංකාව
ඇෆ්ගනිස්තානය: 284/7 (පන්දුවාර 50) ඉබ්‍රාාහිම් සද්‍රාන් 86, දාර්විස් රසූලි 63, ඉක්රම් අලි කිල් 55, නිසාර් වහදත් 25, තිසරු රශ්මික 64/2, නිපුන් මාලිංග 56/2, කමිඳු මෙන්ඩිස් 38/1
ශ්‍රී ලංකාව: 202 (පන්දුවාර 37.3) ධනංජය ලක්ෂාන් 2, නිපුන් ධනංජය 4, ක්‍රිෂාන් සංජුල 41, ජෙහාන් ඩැනියෙල් 48, කමිඳු මෙන්ඩිස් 32, නුවනිඳු ප්‍රනාන්දු 6, අශේන් බණ්ඩාර 38, සංතුෂ්
ගුණතිලක නොදැවී 12, නිපුන් මාලිංග 2, තිසරු රශ්මික 1, ප්‍රවීන් ජයවික්‍රම 1, නවීන් උල් හක් 35/4, අස්මතුල්ලා ඔමාර්සායි 37/2, ක්වායිස් අහමඩ් 37/2
ඇෆ්ගනිස්තානයට ඩක්වර්ත් ලුවිස් ක්‍රමයට ලකුණු 2ක ජයක්.
ඕස්ට්‍රේලියාව-සිම්බාබ්වේ
සිම්බාබ්වේ: 134 (පන්දුවාර 33.2) රොබට් චිම්හින්යා 27, ෂේවියර් බාට්ලීට් 20/3, විල් සදර්ලන්ඩ් 21/2, ලොයිඩ් ‍පොප් 31/2
ඕස්ට්‍රේලියාව: 135/3 (පන්දුවාර 18.2) මැක්ස් බ්‍රයන්ට් 44, ජැක් එඩ්වර්ඩ්ස් 40, ජේසන් සංගා 30
ඕස්ට්‍රේලියාවට කඩුලු 7ක ජයක්.
නවසීලන්තය-කෙන්යාව
නවසීලන්තය: 436/4 (පන්දුවාර 50) ජේකොබ් බුලා 180, රචින් රවින්ද්‍රා 117, ෆින් ඇලන් 90, ඩේල් ෆිලිප්ස් නොදැවී 26
කෙන්යාව: 193/4 (පන්දුවාර 50) අමාන් ගාන්ධි 63, තෝමස් ඔචින්ග් නොදැවී 39, රචින් රවීන්ද්‍රා 34/2
නවසීලන්තයට ලකුණු 243ක ජයක්.
දකුණු අප්‍රිකාව-බටහිර ඉන්දීය කොදෙව්
දකුණු අප්‍රිකාව: 282/8 (පන්දුවාර 50) වැන්ඩී මැක්වෙටු 99, ජිවේසන් පිල්‍ලේ 47, ජෙරාඩ් කොඒට්සි 29
බ.ඉ. කොදෙව්: 206 (පන්දුවාර 45.3) ඇලික් අත්නාසේ 6, කර්ස්ටන් කලිචරන් 44, හැරී රොෆ්ල්ස් 33/4
ද. අප්‍රිකාවට ලකුණු 76ක ජයක්.

අද (18දා) තරග
කැනඩාව සහ නැමීබියාව අතර සුට්ක්ලිෆ් ඕවල් පිටිය
බංගලිදේශය සහ එංගලන්තය අතර ක්වීන්ස් ටවුන්

(සටහන: පමෝද්)

IMAGE

අහිමි පෙම ඉල්ලා පෙම්වතියට ප්‍රසිද්ධියේ ගුටි ඇනලා

IMAGE 2018 Feb 23 10:42
පැරණි පෙම්වතියගෙන් අහිමි වූ ආදරය නැවත ඉල්ලා එය නොලැබුණු විට නාරාහේන්පිට ප්‍රදේශයේදී ඇයට...
Views - 175

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 2539

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 1436

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 5812

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 3386

ලංකාවේ අන්තිම රජු සැඟවූ නිධානය කෝ?

IMAGE 2018 Feb 19 11:34
මහනුවර රජ කළ රාජාධිරාජසිංහ රජුට බිසෝවරුන් කිහිප දෙනෙක්ම සිටියහ. ඔවුන් අතර අලමේලු අම්මා,...
Views - 5520

Please publish modules in offcanvas position.