Coss Ear2
lakbima.lk
COSS Ear 1

ක්‍රිකට් ‍ලේකම් ධුරයට රොෂාන් බියන්විල පත්වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඊයේ (7දා) උදෑසන පැවැති විශේෂ මහා සභා රැස්වීමේදී හිස්ව තිබූ ‍ලේකම් ධුරයට ගුවන් කොමදෝරු රොෂාන් බියන්විල ඒකඡන්දයෙන් තෝරා පත්කර ගත්බව ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා පැවැසීය.
ශ්‍රී ලංකා ක්‍රිකට් විශේෂ මහා සභා රැස්වීමෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී ක්‍රිකට් සභාපතිවරයා මේ බව අනාවරණය කළේය.
දේශීය ක්‍රිකට් තරගාවලි සඳහා නීති රීති සහ තරගාවලිවලට අවතීර්ණ වීමේ රෙගුලාසිද මෙහිදී අනුමත කරගත් බව සුමතිපාල මහතා පැවැසීය.
ක්‍රිකට් ව්‍යවස්ථාව වෙනස් කිරීමට අදාළව ක්‍රීඩා නීතියේ සංශෝධන පසුගිය වසරේදී ගෙන ආ බවත්, ක්‍රීඩා නීතිය පදනම් කර ගනිමින් ගෙන ආ සංශෝධන අනුමත කරගත් බවද සභාපතිවරයා පැවැසීය.
ශ්‍රී ලංකා ක්‍රිකට් මහ සභාවේදී පාසල් ක්‍රිකට් කමිටුවක් තෝරාගන්නා බවත්, එම කමිටුවේ සභාපති ධුරය දරන පුද්ගලයා ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුවේ සාමාජිකයකු බවටද පත්වන බව සභාපතිවරයා මෙහිදී අනාවරණය කළේය. මෙහිදී පාසල් ක්‍රිකට් සංගමයේ සභාපති මෙම කමිටුවේ සභාපති ලෙස පත්වන බවද අනාවරණය කළේය.
මේ අනුව 8 දෙනකුගෙන් සැදුම්ලත් මෙම කමිටුවට ක්‍රිකට් මහා සභාවෙන් පත්වන නියෝජිතයන් තිදෙනෙක්, පාසල් ක්‍රිකට් සංගමයේ සභාපති ඇතුළු තවත් නියෝජිතයන් දෙදෙනෙක්, ක්‍රිකට් උප භාණ්ඩාගාරික සහ උප ‍ලේකම්වරයකුගෙන් සමන්විත වන බව ක්‍රිකට් සභාපතිවරයා පැවැසීය.
කලින් ක්‍රිකට් නීතියට අනුව පාසල් සංගමයේ නියෝජිතයකු නිලධාරියකු ලෙස නම්කර තිබුණද, නිලධාරියා යන තනතුර ප්‍රමාණවත් නොවන බැවින් ඔහු විධායක කමිටුවේද සාමාජිකයකු ලෙස පත්කළ බව සුමතිපාල මහතා පැවැසීය.
ක්‍රීඩා නීතියට අනුව ඕනෑම ජාතික සංගමයකට වසර 4ක් දක්වා කාලය දීර්ඝ කිරීමට අවසර ලබා දී තිබුණද ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්ගේ ධුර දැරිය හැකි කාලය වසර දෙකකට සීමා කළ බවද සභාපතිවරයා පැවැසීය.
තරග සංචාරයකට පෙර පුහුණුකරු සිය උපායමාර්ග තේරීම් කමිටුවට ලබාදුන් පසු ක්‍රිකට් තේරීම් කමිටුව විසින් නායකයා සහ සංචිතය තෝරා ගන්නා බවත්, එම සංචාරය තුළදී කළමනාකරු, පුහුණුකරු සහ නායකයා තේරීම් කමිටුව ලෙස කටයුතු කරන බවත් සුමතිපාල මහතා සඳහන් කළේය.
මෙම ක්‍රියා පිළිවෙළ ඕනෑම  කාණ්ඩයක තරග සංචාරයකට ‍පොදු වන අතර, සංචාරයේදී තේරීම් කමිටුවේ සභාපති ලෙස කළමනාකරු කටයුතු කරන බව ක්‍රිකට් සභාපතිවරයා වැඩිදුරටත් පැවැසීය.
විශේෂ මහ සභාවේදී රෙගුලාසි කිහිපයක් සම්මත කරගත් බවත්, ක්‍රීඩකයන් තරගවලට අවතීර්ණ වූ පසු තරග පාවාදීමේ චෝදනාවලට ලක්වීම, විනය සහ හැසිරීම සම්බන්ධයෙන් ශක්තිමත් ආචාර ධර්ම පද්ධතියක් අනුමත කරගත් බවත් ඒ මහතා සඳහන් කළේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුවේ වසර දෙකකට ආසන්න කාලයක් සේවය කළ ගුවන් කොමදෝරු රොෂාන් බියන්විල මහතාව ‍ලේකම් ධුරයට තෝරාගත් බවත්, කලින් ‍ලේකම් ධුරයේ සිටි මොහාන් ද සිල්වා මහතාව ජයන්ත ධර්මදාස මහතාගේ ඉල්ලා අස්වීමෙන් හිස්ව පැවැති උප සභාපති ධුරයට පත්කරගත් බවත්, ජාත්‍යන්තර ක්‍රිකට් අංශය කේ. මතිවානන් මහතාටත්, දේශීය ක්‍රිකට් අංශය මොහාන්ද සිල්වා මහතාටත් පැවරූ බව සභාපතිවරයා සඳහන් කර සිටියේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් මහා සභාව මෙම වසරේ මැයි මාසයේ පවත්වන බවත්, එහිදී තවත් රෙගුලාසි කිහිපයක් අනුමත කර ගන්නා බවත්, මෙම වසර ක්‍රිකට් ආයතනයට ඉතා වැදගත් වසරක් බවත් සුමතිපාල මහතා පැවැසීය.
ඊයේ පැවැති මහා සභා රැස්වීමට සාමාජිකයන් 84න් 67ක් සහභාගි වූ බවත්, ‍ලේකම් ධුරයට එක් නමක් පමණක් යෝජනා වී තිබිම නිසා ඡන්ද විමසීමක් සිදු නොවූ බවත්, එක් ක්‍රීඩා සමාජයක් පමණක් ඡන්දය දීමෙන් වැළකී සිටි බව උප සභාපති මොහාන්ද සිල්වා මහතා සඳහන් කළේය.
 
ප්‍රභාත් විදානපතිරණ

 

IMAGE

නෙලා සමග ඔබ හමුවට එන බෙනට්ගේ පුතා

IMAGE 2018 Feb 25 14:21
අද වෙද්දී උදාර රත්නායක කියන්නේ නළුවෙක්ද? එහෙමත් නැතිනම් දේශපාලනඥයෙක්ද? නළුකම මගේ වෘත්තිය...
Views - 266

මගෙන් නම් සල්ලි ඉල්ලුවේ නෑ ඒත් මේ වගේ කතාවක් නම් කිව්වා

IMAGE 2018 Feb 25 14:08
මේ වෙද්දී ඉන්දිකාගේ කලා දිවිය දශක දෙකකටත් එහා ගිය එකක් නේද? ඔව්. මම මුලින්ම ක්‍ෂේත්‍රයට එකතු...
Views - 501

රනිල් සල් සපු නා හැර ගියේ ඇයි?

IMAGE 2018 Feb 25 13:52
“සල් සපු නා” ටෙලි නාට්‍යයේ දැන් රනිල්ව දකින්නට ලැබෙන්නේ නැහැ. ඇයි ඒ ? මම තාවකාලිකව ‘සල්...
Views - 451

තාත්තගේ අකමැත්තෙන් රඟපාන්න ආපු උපාසක අම්මා

IMAGE 2018 Feb 25 12:18
කොහොමද ඔබට අංජනා එහෙමත් නැත්නම් උපාසක අක්කා වෙන්න අවස්ථාව ලැබුණේ? මාව උපාසක අම්මා කළේ...
Views - 392

බසයේදී දුන් බොරු විවාහ පොරොන්දුවෙන් පවුල්ජීවිතේ 'හබක්'

IMAGE 2018 Feb 23 12:25
ඔහු අගනුවර ප්‍රසිද්ධ සමාගමක විධායක නිලධාරියෙකි. වයස අවුරුදු 40 ඉක්මවූ ඔහුට රූමත් බිරිඳක් සහ...
Views - 5022

අහිමි පෙම ඉල්ලා පෙම්වතියට ප්‍රසිද්ධියේ ගුටි ඇනලා

IMAGE 2018 Feb 23 10:42
පැරණි පෙම්වතියගෙන් අහිමි වූ ආදරය නැවත ඉල්ලා එය නොලැබුණු විට නාරාහේන්පිට ප්‍රදේශයේදී ඇයට...
Views - 3299

Please publish modules in offcanvas position.