Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

කුක් 5 වැනි ද්විත්ව ශතකය රැස් කරයි

අළුබඳුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය යටතේ බෙල්බර්න්හිදී පැවැත්වෙන සිව්වැනි තරගයේදී ඇලිස්ටයාර් කුක් වාර්තා කළ ද්විත්ව ශතකය හේතුවෙන් එංගලන්තය ප්‍රබල තත්ත්වයක පසුවෙයි.
සිය 5 වැනි ද්විත්ව ශතකය වාර්තා කළ ඇලිස්ටයාර් කුක් තරගයේ තෙවැනි දිනය අවසන් වන විට පන්දු 409කදී හතරේ පහර 27ක් සමගින් නොදැවී ලකුණු 244ක් ලබා සිටියේය.
මෙම තරගාවලිය පුරා අසාර්ථකව සිටි ඇලිස්ටයාර් කුක්ගේ මෙම පිතිහරඹයත් සමගින් එංගලන්තය මේ වන විට ඕස්ට්‍රේලියානු මුල් ඉනිමට වඩා එක් කඩුල්ලක් අතැතිව ලකුණු 164ක් ඉදිරියෙන් පසුවෙයි.
ඩේවිඩ් වෝනර්ගේ ශතකය හේතුවෙන් ඕස්ට්‍රේලියාව මුල් ඉනිම වෙනුවෙන් ලකුණු 327ක් රැස් කළ අතර, එංගලන්තය මුල් ඉනිම වෙනුවෙන් කඩුලු 9ක් දැවී ලකුණු 491ක් ලබා සිටියි.
කුක්ගේ මෙම ඉනිමත් සමගින් වැඩිම ටෙස්ට් ලකුණු ලාබින්ගේ ලැයිස්තුවේ 6 වැනි ස්ථානයේ පසුවූ බ්‍රයන් ලාරා (11,953) 7 වැනි ස්ථානයට  පත්වූ අතර, කුක් 6 වැනි ස්ථානයට (11,956) පත් විය.
එම ලැයිස්තුවේ 5 වැනි ස්ථානයේ ශ්‍රී ලංකාවේ කුමාර් සංගක්කාර ද (12,400), සිව්වැනි ස්ථානයේ රාහුල් ඩ්‍රාවිඩ්ද (13,288), තෙවැනි ස්ථානයේ ජැක් කලිස් ද (13,289), දෙවැනි ස්ථානයේ රිකී ‍පොන්ටින්ද (13,378) පසුවන අතර, සචින් තෙන්ඩුල්කාර් ලකුණු 15,921ක් ලබා පළමු තැන රැඳී සිටියි.
ඕස්ට්‍රේලියාව මේ වන විට තරග 3-0ක් ලෙස අළුබඳුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ජය ලබා සිටියි.
ලකුණු තත්ත්වය :-
ඕස්ට්‍රේලියාව මුල් ඉනිම - 327යි
වෝනර් 103, ස්මිත් 76, මාර්ෂ් 61, බ්‍රෝඩ් 51/4, ඇන්ඩර්සන් 61/3, වෝක්ස් 72/2
එංගලන්තය මුල් ඉනිම - 491/9යි
කුක් (නොදැවී) 244, රූට් 61, බ්‍රෝඩ් 56, හේසල්වුඩ් 95/3, ලයන් 109/3, කමින්ස් 117/3

IMAGE

බ්‍රොයිලර් කාපුවාම හෘද රෝග-දියවැඩියාව හැදෙනවාමයි

IMAGE 2018 Jan 21 11:38
කුකුළු මස් සහ පීකුදු ආහාරයට ගැනීම පිළිබඳ මේ දිනවල සමාජයේ උණුසුම් කතිකාවක් ගොඩ නැගෙමින් පවතී....
Views - 59

‍ජ්‍යොතිෂය පට්ටපල් බොරුවක්

IMAGE 2018 Jan 21 10:29
ජ්‍යොතිෂය මිථ්‍යාවක් වන්නේ කෙසේද? යන මැයෙන් (පසුගිය ජනවාරි 16 අඟහරුවාදා කොළඹ 08, කොටා රෝඩ් හි...
Views - 216

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 6929

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 4547

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 6033

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 6722

Please publish modules in offcanvas position.

X

Right Click

No right click