Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

ඉන්දියාව 20-20 සටන 3-0කින් ජය ගනියි

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මුම්බායිහි පැවැති තෙවැනි 20-20 ක්‍රිකට් තරගයෙන් කඩුලු 5ක ජයක් වාර්තා කළ ඉන්දියාව තරගාවලිය 3-0ක් ලෙස ජය ගැනීමට සමත් විය.
මුලින්ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව පන්දුවාර 20දී කඩුලු 7ට ලකුණු 135ක් වාර්තා කළ අතර, ඉන්දියාව පන්දුවාර 19.2කදී කඩුලු 5ට ලකුණු 139ක් වාර්තා කරමින් ජය ගත්තේය.
මෙම තරගය අවසන් පන්දුවාරය තෙක් තියුණු මුහුණුවරක් ගත් අතර, ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ දුර්වලතා හේතුවෙන් අවසානයේදී ඉන්දියාවට ජය හිමි විය.
ශ්‍රී ලංකා ඉනිම ආරම්භයේදීම පිතිකරුවන්ගේ දුර්වලතා හේතුවෙන් කඩුලු 3ක් ලකුණු 18ක් තුළ බිඳ වැටුණු අතර, ඉන්පසු සධීර සමරවික්‍රම සහ අසේල ගුණරත්න ඉනිම ගොඩනැංවීමේ ප්‍රබල උත්සාහයක නිරත වූහ.
සධීර ලකුණු 21ක් ලබාගත් අතර, අසේල පන්දු 37කදී හතරේ පහර 3ක් සහිතව ලකුණු 36ක් වාර්තා කළේය. 
අවසන් පන්දුවාර කිහිපයේදී ප්‍රහාරයක් දියත් කළ දසුන් ශානක නොදැවී ලකුණු 29ක් වාර්තා කිරීමට සමත් විය.
ඉන්දියාව වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ උනඩ්කට් සහ හාර්දික් පාන්ඩ්යා කඩුලු 2 බැගින් බිඳ හෙලූහ.
ලකුණු හඹායාමේදී ඉදීය පෙර පෙළ කඩුලු 2ක් ලකුණු 39ක් තුළ බිඳ වැටුණු අතර, ශ්‍රියාස් අයියර් සහ මනිෂ් පාන්ඩේ ඉන්දීය ඉනිම ගොඩනගමින් තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 40ක සම්බන්ධතාවක් තැබිමට සමත් වූහ.
ශ්‍රියාස් අයියර් ලකුණු 30කට දැවී යාමෙන් පසු හාර්දික් පාන්ඩ්යා අසාර්ථක වූ අතර, මනිෂ් පාන්ඩේ ලකුණු 32 කට දැවී යාමෙන් ශ්‍රී ලංකාව යළිත් සටනට අවතීර්ණ විය.
ඉන්පසු පිටියේ එක්වූ දිනේෂ් කාර්තික් සහ එම්.එස්. දෝනි අභියෝගයට සාර්ථකව මුහුණ දෙමින් අවසන් පන්දුවාරයේදී ඉන්දියාව ජයග්‍රහණය කරා රැගෙන ගියේය.
දිනේෂ් කාර්තික් නොදැවී ලකුණු 18ක් ලබා සිටි අතර, මහේන්ද්‍ර සිං දෝනි නොදැවී ලකුණු 16ක් ලබා සිටියේය.
තරගයේ වීරයා සහ තරගාවලියේ වීරයා ලෙස ජයදේව් උනඩ්කට් නම් කෙරුණු ලැබිය.
IMAGE

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 1498

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 1777

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 3034

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 1621

SMS මිස්කෝල් ෆෙස්බුක් නිසා කාන්තාවන් 26%ක් ගුටිකති

IMAGE 2018 Jan 15 08:37
සැමියා පහරදීම නිසා කාන්තාවන්ගෙන් සියයට විසිහයක් හිංසනයට ලක්ව ඇත්තේ ජංගම දුරකථනවලට එන කෙටි...
Views - 1945

හැන්දෑවට හඩා වැටෙන සියඹලාගසේ භූතයා

IMAGE 2018 Jan 14 13:05
නිකවැරටියට ආසන්න පිටිසරබද ගම්මානයක භූතයකු අරක්ගත් සියඹලා ගසක් පිළිබඳව මීට වසර කිහිපයකට පෙර...
Views - 3518

Please publish modules in offcanvas position.

Web Analytics
X

Right Click

No right click