Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

දෙපිලටම තීරණාත්මක දෙවැනි 20-20 සටන අද

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරග තුනකින් සමන්විත 20-20 ක්‍රිකට් තරගාවලියේ දෙපිළටම තීරණාත්මක දෙවැනි 20-20 තරගය අද (22දා) ඉන්දෝර්හිදී පැවැත්වේ.
පළමු තරගයෙන් අන්ත පරාජයකට පත්වූ ශ්‍රී ලංකාව අද තරගයේදී තරගාවලිය සම කිරීමේ අරමුණෙන් සටනට පිවිසී සිටියි.
පළමු තරගය පහසුවෙන් ජයගත් ඉන්දියාව මේ වන විට තරග 1-0ක් ලෙස පෙරමුණේ පසුවන අතර, තරගාවලිය ජය ගැනීමේ අරමුණෙන් සටනට පිවිසී සිටියි.
පළමු තරගයේදී ශ්‍රී ලංකාව තුන් ඉරියව්වෙන්ම දැඩි දුර්වලතා දැක්වූ අතර, කිසිදු පිතිකරුවෙකුට ලකුණු අතරට පැමිණීමට නොහැකි වීම කැපී පෙනුණි.
මේ අනුව අද තරගයට සධීර සමරවික්‍රම ක්‍රීඩා කිරීමට නියමිතව ඇති බවට වාර්තා පළවෙයි.
ඉන්දීය ‍‍‍ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් විවේක ගන්වා තිබියදී පළමු
තරගයෙන් අන්ත පරාජයකට පත්වීම පිළිබඳව දැඩි කතාබහක් ඇතිවී ඇති අතර, පළමු තරගයේදී සිදුවූ වැරදි නිවැරදි කර ගනිමින් අද සාර්ථක සටනක් දෙන බව ශ්‍රී ලංකා නායක තිසර පෙරේරා පවසා තිබේ.
පළමු තරගයේදී පන්දු යවන්නන්ගෙන්ද කණ්ඩායමට එතරම් සහයක් නොලැබුණු නමුත්, පන්දු යැවීමේ අංශයේ වැඩි වෙනසක් සිදු නොවන බවට වාර්තා පළවෙයි.
ඉන්දීය පිල අද තරගයේදීද පළමු තරගය ජයගත් කණ්ඩායමම යෙදවීමට නියමිතව ඇති බව ඉන්දියාවෙන් වාර්තා වෙයි.
තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 7.00ට ආරම්භ වෙයි.

ශ්‍රී ලංකා සංචිතය

තිසර පෙරේරා (නායක), උපුල් තරංග, ඇන්ජලෝ මැතිව්ස්, කුසල් ජනිත් පෙරේරා, දනුෂ්ක ගුණතිලක, නිරෝෂන් දික්වැල්ල, අසේල ගුණරත්න, සධීර සමරවික්‍රම, දසුන් ශානක, චතුරංග ද සිල්වා, සචිත් පතිරණ, අකිල ධනංජය, දුෂ්මන්ත චමීර, නුවන් ප්‍රදීප්, විශ්ව ප්‍රනාන්දු

ඉන්දීය සංචිතය

රෝහිත් ෂර්මා (නායක),
ලෝකේෂ් රාහුල්, මනිෂ් පාන්ඩේ, දිනේෂ් කාර්තික්, ශ්‍රියාස් අයියර්, එම්.එස්. දෝනි, බැසිල් තම්පි, ජස්ප්‍රිට් බුම්රා, යස්වෙන්දර් චහාල්, දීපක් හුඩා, කුල්දීප් යදාව්, මොහොමඩ් සිරාජ්, හාර්දික් පාන්ඩ්යා, ජයදේව් උනද්කට්, වොෂින්ටන් සුන්දර්

IMAGE

බස් එකේ ඉන්න කාගේ හරි චේන් එකක් කඩාගන්න මට හිතුණා

IMAGE 2018 Jan 21 12:54
ජීවිතේ අපි අත් විඳපු සමහර අත්දැකීම් අපේ හිත පතු‍ලේ හැංගිලා හිතටම කා වැදිලා හැමදාමත් තියෙනවා....
Views - 1493

මේක විහිළුවක් නෙමෙයි සමහර විට යාළුකම් නැතිවෙයි

IMAGE 2018 Jan 21 12:30
මඟුල් කපුකම් කරනවාට වඩා තමන්ට ලැබෙන්න තියෙන මුදල් ටික එකතු කර ගත්තොත් හොඳයි කියලා හිතපු...
Views - 1328

බ්‍රොයිලර් කාපුවාම හෘද රෝග-දියවැඩියාව හැදෙනවාමයි

IMAGE 2018 Jan 21 11:38
කුකුළු මස් සහ පීකුදු ආහාරයට ගැනීම පිළිබඳ මේ දිනවල සමාජයේ උණුසුම් කතිකාවක් ගොඩ නැගෙමින් පවතී....
Views - 1415

‍ජ්‍යොතිෂය පට්ටපල් බොරුවක්

IMAGE 2018 Jan 21 10:29
ජ්‍යොතිෂය මිථ්‍යාවක් වන්නේ කෙසේද? යන මැයෙන් (පසුගිය ජනවාරි 16 අඟහරුවාදා කොළඹ 08, කොටා රෝඩ් හි...
Views - 1575

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 7746

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 5130

Please publish modules in offcanvas position.

X

Right Click

No right click