Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

ශ්‍රී ලංකාව ජය මාවතට ගන්න උපරිම ශක්තිය යොදවනවා

තමාගේ සැලසුම් අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නැවත ජයග්‍රාහී මාවතට රැගෙන ඒමට සිය උපරිම ශක්තිය යොදවන බව ශ්‍රී ලකා ක්‍රිකට් පි‍ලේ නව පුහුණුකරු ලෙස වැඩ භාරගත් චන්දික හතුරුසිංහ මහතා ඊයේ (20දා) පැවැති මාධ්‍ය හමුවේදී පැවැසීය.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම විවිධ දක්ෂතාවලින් පිරි ක්‍රීඩකයන් රැසකගෙන් සමන්විත වන බවත්, ඔවුන් නිසි මාර්ගයට යොමු කිරීමට කටයුතු කිරීමෙන් මෙම ජයග්‍රහණ ලබාගත හැකි බවත් හතුරුසිංහ වැඩිදුරටත් පැවැසීය.
පසුගිය කාලයේදී තමා පිටින් සිට ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ හැකියාවන් දැකගත් බවත්, ඔවුන් නිසි මගට ගෙන තම කටයුත්ත සාර්ථකව කිරීමට හැකි බවට දැඩි විශ්වාසයක් පවතින බවත් හතුරුසිංහ පවසයි.
වර්තමානයේදී  ශ්‍රී ලංකා කණ්ඩායම වැටී ඇති තත්ත්වය පිළිබඳව අදහස් දැක්වූ හතුරුසිංහ පවසන්නේ හොඳ සැලසුමක් සහිතව පියවර කිහිපයක් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකාවට හැකියාවක් පවතින බවයි කොපමණ කාලයකින් ක්‍රිකට් කණ්ඩායම ගොඩ ගැනීමට හැකිදැයි විමසූ පැනයට පිළිතුරු දුන් හතුරුසිංහ පවසන්නේ ක්‍රීඩකයන්ට තමන්ගේ ක්‍රමයට හුරුවීමට කාලයක් ගතවන බැවින් අනාගතයේ ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුව වෙනුවෙන් වැඩ කිරීමට පියවර ගත යුතු බවයි.
ක්‍රිකට් සභාපතිවරයා සහ ජාත්‍යන්තර ක්‍රිකට් තරග ප්‍රධානී මතිවාන් මහතා සමග කළ සාකච්ඡාවලදී තමන්ට නිදහසේ කටයුතු කිරීමට අවස්ථාවක් ලබාදෙන බවට ‍පොරොන්දු වී ඇති බව හතුරුසිංහ පවසයි.
ශ්‍රී ලංකා පුහුණුකරුවන්ගේ සංචිතයට තිලාන් සමරවීර, රුමේෂ් රත්නායක, චමින්ද වාස්, අවිශ්ක ගුණවර්ධන, හෂාන් තිලකරත්න වැනි හිටපු විශිෂ්ට ක්‍රීඩකයන් සම්බන්ධ වී සිටින බැවින් සහායක පුහුණුකරු සංචිතය ඉතාමත් ශක්තිමත් වීම තම වැඩකටයුතුවලට පහසුවක් බව හතුරුසිංහ පවසයි.
අංශ තුනේ නායකයන් තේරීම සිදුකරන ආකාරය සහ ක්‍රීඩකයන් තේරීමේදී අනුගමනය කළ යුතු ක්‍රියා පිළිවෙත තේරීම් කමිටුව සමග ඉදිරියේදී සාකච්ඡා කර තීරණය කළ යුතු බවද හතුරුසිංහ පවසයි.
තමා බංග්ලාදේශ පුහුණුකරු ධුරයෙන් ඉවත් වීම පිළිබඳව ඔවුන්ගේ කැමැත්තක් නොතිබූ නමුත්, පෞද්ගලික හේතූන් මත ඉල්ලා අස්වීමට සිදුවූ බව පැවැසූ හතුරුසිංහ ඉදිරි බංග්ලාදේශ තරගාවලියේදී බංග්ලාදේශයට එරෙහිව සටන් වැදීම තමන්ටද අභියෝගයක් වන බව පවසයි.
“මගේ සැලසුම් ඔවුන් දන්නවා. ඔවුන්ගේ ක්‍රීඩා විලාශය මාත් දන්නවා. ඒ නිසා මේක හොඳ තරගයක් වේවි. මම තරගාවලියට අවශ්‍ය ආකාරයට මගේ සැලසුම් සකස් කරනවා. එවිට අපට සාර්ථක විය හැකිවේවි.” යැයි හතුරුසිංහ පැවසීය. 
ශ්‍රී ලංකාවේ ඉහළ තාක්ෂණයෙන් යුත් ඉහළ දක්ෂතා වර්ධන මධ්‍යස්ථානය ක්‍රීඩකයන්ට ඉතා වැදගත් බවත් මෙවන් මධ්‍යස්ථාන ඕස්ට්‍රේලියාවේද පවතින බැවින් ඔවුන්ගේ ක්‍රිකට් ඉතා ඉහළ මට්ටමක පවතින බැවින් ශ්‍රී ලංකාවට එය ඉතා වටිනා දෙයක් බවත් හතුරුසිංහ පවසයි.
තම රටේ ජාතික ක්‍රිකට් පුහුණුකරු වීමට මෙය නිවැරදි කාලය බව තමා තීරණය කළ බවත්, රටට ජයග්‍රහණ ලබා දීමට තමන්ට අවස්ථාව ලබාදීම පිළිබඳව ක්‍රිකට් සභාපතිවරයා ඇතුළු පාලක මණ්ඩලයට ස්තූතිය පළ කරන බව හතුරුසිංහ පවසයි.
මෙහිදී අදහස් දැක්වූ ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා පැවැසුවේ වර්තමානයේ ලොව සිටින හොඳම පුහුණුකරුවන් තිදෙනා අතරින් කෙනෙකු වන හතුරුසිංහ ශ්‍රී ලංකාවට එක්කර ගැනීමට හැකි වීම විශාල ජයග්‍රහණයක් බවයි.
පසුගිය ජූනි මාසයේ ප්‍රධාන පුහුණුකරු ඉවත් වීමෙන් පසු වැඩ බලන පුහුණුකරුවන් පත් කළ නමුත්, වත්මන් කණ්ඩායම ජයග්‍රාහී මාවතට ගැනීමට හැකි පුහුණුකරුවෙක් සෙවීම හතුරුසිංහ ලැබිමෙන් සම්පූර්ණ වූ බවත් සුමතිපාල මහතා පවසයි.
නූතන තාක්ෂණයට අනුව හසල දැනුමක් ඇති විද්‍යාත්මක පදනමින් ක්‍රීඩාවට අවතීර්ණ විය හැකි පුහුණුකරුවෙක් වන හතුරුසිංහ පුහුණුකරුවෙක් ලෙස පත් කිරීමට හැකිවීම ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතයට සුබදායක වන බවත් සුමතිපාල මහතා පැවැසීය. 
ඉදිරියේදී ක්‍රිකට් ව්‍යවස්ථාව වෙනස් කර පුහුණුකරුට තේරීම් කමිටුව සමග එක්වී කණ්ඩායම තේරීමට මැදිහත් වීමට අවස්ථාව ලබාදෙන බව සුමතිපාල මහතා පවසයි. 
ක්‍රිකට් ආයතනයෙන් හතුරුසිංහට කිසිදු බලපෑමක් සිදු නොවන බවත්, ඔහුට නිදහසේ කටයුතු කිරීමට සියලු ඉඩකඩ ලබාදෙන බවත් පැවැසූ සුමතිපාල මහතා ලොව හොඳම පුහුණුකරුවකු ලබා ගත්තානම් ඔහුට නිදහස දිය යුතු බව තම පෞද්ගලික මතය බව පවසයි.
ග්‍රැහැම් ෆෝඩ් ඉවත්ව යාමෙන් පසු මතෛක් කණ්ඩායම වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කළ වැඩබලන පුහුණුකරු නික් ‍පෝතාස් මහතාටද ස්තූතිවන්ත වන බව සුමතිපාල මහතා පැවැසීය.
හතුරුසිංහ ශ්‍රී ලංකාවේ පුහුණුකරු වීම පිළිබඳව ක්‍රීඩා ලෝලීන් තුළ විශාල බලා‍පොරොත්තුවක් තිබූ බවත්, එය දැන් ඉටුවී ඇති නිසා ශ්‍රී ලංකාව නැවතත් ජය මාවතට පිවිසෙනු ඇති බවත් ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා විශ්වාසය පළ කළේය.
“හතුරුසිංහ කලිනුත් සහාය පුහුණුකරු වෙලා හිටියා. ඒත් ඔහුට කලකිරීමෙන් යන්න වුණා. නමුත් රටට අවශ්‍ය මොහොතේ ඔහු වගකීම ගත්තා. ඔහු රටට කීර්තියක් අත්කර දෙන බව මට විශ්වාසයි.” යැයි ක්‍රීඩා ඇමැතිවරයා පැවැසීය. 
 
මංගල ධර්මප්‍රේම 
 
IMAGE

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 2462

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 2403

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 3912

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 4448

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 5279

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 3131

Please publish modules in offcanvas position.

X

Right Click

No right click