Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

ප්‍රිමෝෂ් පෙරේරා දෙවැනි ශතකය වාර්තා කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ප්‍රධානතම තරගාවලිය වන අන්තර් ක්‍රීඩා සමාජ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සති අන්තයේදී සිය දෙවැනි ශතකය රැස් කිරීමට මුවර්ස් ක්‍රීඩා සමාජයේ ප්‍රිමෝෂ් පෙරේරා සමත්විය.
ප්‍රිමෝෂ් පෙරේරා සී.සී.සී.ට එරෙහිව ලකුණු 121ක් වාර්තා කළේය.
දෙවැනි සති අන්තයේදී ඉනිමකදී වැඩිම ලකුණු සංඛ්‍යාව රැස් කිරීමට කුසල් මෙන්ඩිස් (සී.සී.සී.) සමත් වූ අතර, හොඳම පන්දු යැවීම වාර්තා කිරීමට මලින්ද පුෂ්පකුමාර (චිලව් මේරියන්ස්) සමත්විය.
කුසල් මෙන්ඩිස් මුවර්ස්ට එරෙහිව පන්දු 278කදී හතරේ පහර 11ක් සහ හයේ පහර 5ක් සමගින් ලකුණු 177ක් රැස් කළ අතර, මලින්ද පුෂ්පකුමාර බි.ආර්.සී.ට එරෙහිව තරගයේදී ලකුණු 153කට කඩුලු 10ක් බිඳ හෙළීය.
දෙවැනි සති අන්තයේදී සැරසන්ස් කඩුලු 7කින් පරදවමින් සිය දෙවැනි ජය වාර්තා කිරීමට එස්.එස්.සී.  සමත්වූ අතර, ටැමිල් යූනියන්ට  එරෙහිව කඩුලු 10ක ජයක් වාර්තා කිරීමට එන්.සී.සී. සමත්විය.
සෙසු තරගවලදී මිලින්ද සිරිවර්ධන (එස්.එස්.සී.), සම්මු අශාන් (එස්.එස්.සී.), ප්‍රිමෝෂ් පෙරේරා (මුවර්ස්) සහ රුමේෂ් බුද්ධික (බි.ආර්.සී.) ශතක රැස් කළ අතර, ලසිත් ඇඹුල්දෙණිය (එන්.සී.සී.), තරිඳු රත්නායක (මුවර්ස්), ප්‍රමෝද් මධුෂාන් (ටැමිල් යූනියන්), සුරාජ් රන්දිව් (බි.ආර්.සී.) සහ නිසල තාරක (කෝල්ට්ස්) පන්දුවෙන් දස්කම් දැක්වූහ.
 
එස්.එස්.සී.-සැරසන්ස්
එස්.එස්.සී.: පළමු ඉනිම - 444/4 (පන්දුවාර 94) මිලින්ද සිරිවර්ධන නොදැවී 137, සම්මු අශාන් 107, දිමුත් කරුණාරත්න 83, කෞෂාල් සිල්වා 42, කවිඳු කුලසේකර නොදැවී 39
සැරසන්ස්: පළමු ඉනිම - 238 (පන්දුවාර 61) හර්ෂ කුරේ 90, සචිත්‍ර පෙරේරා 33, ඇන්ඩි සොලමන්ස් 27, මින්හාජ් ජලීල් 25, ධම්මික ප්‍රසාද් 4/66, විමුක්ති පෙරේරා 2/45, ජෙෆ්රි වැන්ඩර්සේ 2/80
සැරසන්ස්: දෙවැනි ඉනිම - 258 (පන්දුවාර 71.3) ප්‍රමෝද් මධුවන්ත 63, මින්හාජ් ජලීල් 58, ගමිඳු කණිෂ්ක 42, රිස්වාන් හයිඩර් 33, ජෙෆ්රි වැන්ඩර්සේ 4/72, මිලින්ද සිරිවර්ධන 2/48
එස්.එස්.සී.: දෙවැනි ඉනිම - 55/3 (පන්දුවාර 6.4) සම්මු අශාන් නොදැවී 31, සාලිය සමන් 2/33
එස්.එස්.සී.ට කඩුලු 7ක ජයක්.
 
එන්.සී.සී.-ටැමිල් යූනියන් 
ටැමිල් යූනියන්: පළමු ඉනිම - 117 (පන්දුවාර 38.3) මනෝජ් සරත්චන්ද්‍ර 33, තරිඳු කෞශාල් 2/19, චාමික කරුණාරත්න 2/19, ළහිරු කුමාර 2/21, ලසිත් ඇඹුල්දෙණිය 2/25 ලසිත් මාලිංග 2/24
එන්.සී.සී.: පළමු ඉනිම - 234 (පන්දුවාර 75) ළහිරු උදාර 45, මහේල උඩවත්ත 38, සඳුන් වීරක්කොඩි 34, මාලිංග අමරසිංහ 29, ළහිරු කුමාර 27, තරිඳු කෞශාල් 24, චාමික කරුණාරත්න 20, ප්‍රමෝද් මධුෂාන් 5/69
ටැමිල් යූනියන්: දෙවැනි ඉනිම - 221 (පන්දුවාර 67.1) දිනෙත් තිමෝද්‍ය 71, ජීවන් මෙන්ඩිස් 67, ලසිත් ඇඹුල්දෙණිය 5/55, තරිඳු කෞශාල් 4/86
එන්.සී.සී.: දෙවැනි ඉනිම - 105/0 (පන්දුවාර 10.5) සඳුන් වීරක්කොඩි නොදැවී 52, ළහිරු උදාර නොදැවී 51
එන්.සී.සී.ට කඩුලු 10ක ජයක්.
 
චිලව් මේරියන්ස්-බි.ආර්.සී.
චිලව් මේරියන්ස්: පළමු ඉනිම - 293 (පන්දුවාර 87.2) සචිත්‍ර සේරසිංහ 63, ඕෂධ ප්‍රනාන්දු 47, මලින්ද පුෂ්පකුමාර 34, කසුන් විදුර 30, රෝහිත් දමෝදරන් 23, සුරාජ් රන්දිව් 6/90
බි.ආර්.සී.: පළමු ඉනිම - 316 (පන්දුවාර 81.1) රුමේෂ් බුද්ධික 123, ටී.එම්. සම්පත් 96, ලසිත් ලක්ෂාන් 40, හර්ෂ විතාන 27, මලින්ද පුෂ්පකුමාර 5/102, සචිත්‍ර සේරසිංහ 4/76
චිලව් මේරියන්ස්: දෙවැනි ඉනිම - 117 (පන්දුවාර 43.4) සචිත්‍ර සේරසිංහ 53, පුලින තරංග 28, හිමේෂ් රාමනායක 5/34, චාමිකර එදිරිසිංහ 3/17
බි.ආර්.සී.: දෙවැනි ඉනිම - 94 (පන්දුවාර 43.1) හර්ෂ විතාන නොදැවී 35, මලින්ද පුෂ්පකුමාර 5/51, සචිත්‍ර සේරසිංහ 4/31
තරගය ලකුණු සම වීමෙන් අවසන් විය.
 
කෝල්ට්ස්-රාගම
රාගම ක්‍රි.ස.: පළමු ඉනිම - 401/9 (පන්දුවාර 106.1) සමීර ද සොයිසා 86, ඉෂාන් ජයරත්න 62, ශමින්ද ප්‍රනාන්දු 55, ජනිත් ලියනගේ 51, රොෂේන් සිල්වා 36, ළහිරු මිලන්ත 33, නිසල තාරක 5/110, කවිෂ්ක අංජුල 2/82
කෝල්ට්ස්: පළමු ඉනිම - 190 (පන්දුවාර 60.3) අවිෂ්ක ප්‍රනාන්දු 30, ඇන්ජෙලෝ ජයසිංහ 24, කවිෂ්ක අංජුල 24, අමිල අ‍පෝන්සු 4/47, චතුර පීරිස් 2/25 
කෝල්ට්ස්: දෙවැනි ඉනිම - 73/2 (පන්දුවාර 14) ප්‍රියමාල් පෙරේරා නොදැවී 37, ඇන්ජෙලෝ ජයසිංහ නොදැවී 19
තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය.
 
සී.සී.සී.-මුවර්ස් 
මුවර්ස්: පළමු ඉනිම - 444/6 (පන්දුවාර 118.5) ප්‍රිමෝෂ් පෙරේරා 121, ශානුක දුලාජ් නොදැවී 62, සහන් විජේරත්න 45, ඉරෝෂ් සමරසූරිය 41, පබසර වඩුගේ 32, ලක්ෂාන් සඳකැන් 2/100 
සී.සී.සී.: පළමු ඉනිම - 388 (පන්දුවාර 101.4) කුසල් මෙන්ඩිස් 177, කවීන් බණ්ඩාර 60, අශාන් ප්‍රියංජන් 53, මලින්ද වර්ණපුර 39, තරිඳු රත්නායක 5/118, ශිරාන් ප්‍රනාන්දු 3/98
මුවර්ස්: දෙවැනි ඉනිම - 26/1 (පන්දුවාර 8) දෙනුවන් රාජකරුණා 17
තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය.
 
යුද හමුදාව-වරාය අධිකාරිය
යුද හමුදාව: පළමු ඉනිම - 224 (පන්දුවාර 98) ලියෝ ප්‍රැන්සිස්කෝ 57, කසුන් ද සිල්වා 40, නවෝද් ඉළුක්වත්ත 27, දුෂාන් විමුක්ති 27, චානක කොමසාරු 3/28, අදෙල් මලික් 2/30, මධුක ලියනපතිරණගේ 2/43
වරාය අධිකාරිය: පළමු ඉනිම - 272 (පන්දුවාර 85.3) යොහාන් ද සිල්වා 76, ප්‍රශාන් වික්‍රමසිංහ 61, අදීල් මලික් 29, යශෝධ ලංකා 26, නුවන් ලියනපතිරණ 3/72, සංජික රිද්ම 2/13, ලක්ෂාන් මධුසංක 2/32
යුද හමුදාව: දෙවැනි ඉනිම - 143/5 (පන්දුවාර 43) කසුන් ද සිල්වා නොදැවී 46, දුෂාන් විමුක්ති 27, විරාජ් පුෂ්පකුමාර 24, නවෝද් ඉළුක්වත්ත 17, තරිඳු දර්ශන නොදැවී 13 
තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය.
 
පමෝද් ලසන්ත
IMAGE

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 2460

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 2402

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 3911

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 4447

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 5278

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 3130

Please publish modules in offcanvas position.

X

Right Click

No right click