Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

රෝහිත්ගේ ද්විත්ව ශතකයෙන් ඉන්දියාවට ලකුණු 141ක ජයක්

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මොහාලිහි පැවැති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 141ක ජයක් ලැබූ ඉන්දියාව තරගාවලිය 1-1ක් ලෙස සම කිරීමට සමත් විය.
මුලින්ම පන්දුවට පහර දුන් ඉන්දියාව රෝහිත් ෂර්මාගේ ද්විත්ව ශතකයෙන්  පන්දුවාර 50දී කඩුලු 4ට ලකුණු 392ක් ලබාගත් අතර, ශ්‍රී ලංකාවට පන්දුවාර 50දී කඩුලු 8ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 251ක් පමණි.
මෙම තරගයේදී සිය එක්දින ක්‍රිකට් දිවියේ තෙවැනි ද්විත්ව ශතකය වාර්තා  කරමින් වාර්තා ‍පොතට එක්වූ රෝහිත් ෂර්මා පන්දු 153කදී හතරේ පහර 13ක් සහ හයේ පහර 12ක් සහිතව නොදැවී ලකුණු 208ක් ලබා ගැනීමට සමත් විය.
මීට පෙර රෝහිත් ශ්‍රී ලංකාවට සහ ඕස්ට්‍රේලියාවට එරෙහිව ද්විත්ව ශතක වාර්තා කර තිබූ අතර, ද්විත්ව ශතක තුනක් වාර්තා කළ පළමු පිතිකරුවා බවටද පත්විය.
මුලින්ම පන්දුවට පහර දුන් ඉන්දියාව වෙනුවෙන් රෝහිත් ෂර්මා සහ ෂිකර් ධවාන් මුල් කඩුල්ල වෙනුවෙන් ලකුණු 115ක සම්බන්ධතාවක් තැබූ අතර, පන්දු 67කදී හතරේ පහර 9ක් සහිතව ලකුණු 68ක් ලබා ගැනීමට ධවාන් සමත් විය.
ශ්‍රියාස් අයියර් සහ රෝහිත් ෂර්මා එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 213ක සම්බන්ධතාවක් වාර්තා කළ අතර, පන්දු 70කදී හතරේ පහර 9ක් සහ හයේ පහර 2ක් සහිතව ලකුණු 88ක් වාර්තා කිරීමට අයියර්ට හැකිවිය.
ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ තිසර පෙරේරා ලකුණු 80ට කඩුලු 3ක් බිඳ හෙලූ අතර, නුවන් ප්‍රදීප් ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින තරගයකදී පන්දුවාර 10කදී ලබාදුන් වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාවේ හිමිකරුවා විය.
ප්‍රදීප්ට එරෙහිව ලකුණු 106ක් ලබාගත් අතර, මීට පෙර මුරලිදරන්ට එරෙහිව පන්දුවාර 10දී ලකුණු 99ක් ලබා තිබුණි. 
ලකුණු හඹායාමේදී දුර්වල පිතිහරඹයක් පෙන්නූ ශ්‍රී ලංකා පිතිකරුවෝ කඩුලු සම්බන්ධතා පැවැත්වීමට අසමත් වීමෙන් සටනකින් තොරව පරාජය වීමට සිදුවිය.
හුදෙකලා සටනක නිරත වෙමින් පන්දු 132කදී හතරේ පහර 9ක් සහ හයේ පහර 3ක් සහිතව නොදැවී ලකුණු 111ක් වාර්තා කිරීමට ඇන්ජලෝ මැතිව්ස් සමත් වූ අතර, අසේල ගුණරත්න ලකුණු 34ක්ද, නිරෝෂන් දික්වැල්ල ලකුණු 22ක්ද වාර්තා කළහ.
දෙවැනි එක්දින ශතකය වාර්තා කළ ඇන්ජලෝ මැතිව්ස්  මෙම තරගයේදී එක්දින ලකුණු 5000 සීමාව පසු කිරීමටද සමත් විය.
ඉන්දියාව වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ යස්වෙන්දර් චහාල් ලකුණු 60ට කඩුලු 3ක් බිඳ හෙලූ අතර, ජස්ප්‍රිට් බුම්රා ලකුණු 43ට කඩුලු 2ක් බිඳ හෙළීය.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගාවලි ජය තීරණය කෙරෙන තීරණාත්මක අවසන් තරගය ලබන 17දා විශාකාපට්නම්හිදී පැවැත්වේ.
IMAGE

බස් එකේ ඉන්න කාගේ හරි චේන් එකක් කඩාගන්න මට හිතුණා

IMAGE 2018 Jan 21 12:54
ජීවිතේ අපි අත් විඳපු සමහර අත්දැකීම් අපේ හිත පතු‍ලේ හැංගිලා හිතටම කා වැදිලා හැමදාමත් තියෙනවා....
Views - 159

මේක විහිළුවක් නෙමෙයි සමහර විට යාළුකම් නැතිවෙන්නත්...

IMAGE 2018 Jan 21 12:30
මඟුල් කපුකම් කරනවාට වඩා තමන්ට ලැබෙන්න තියෙන මුදල් ටික එකතු කර ගත්තොත් හොඳයි කියලා හිතපු...
Views - 191

බ්‍රොයිලර් කාපුවාම හෘද රෝග-දියවැඩියාව හැදෙනවාමයි

IMAGE 2018 Jan 21 11:38
කුකුළු මස් සහ පීකුදු ආහාරයට ගැනීම පිළිබඳ මේ දිනවල සමාජයේ උණුසුම් කතිකාවක් ගොඩ නැගෙමින් පවතී....
Views - 297

‍ජ්‍යොතිෂය පට්ටපල් බොරුවක්

IMAGE 2018 Jan 21 10:29
ජ්‍යොතිෂය මිථ්‍යාවක් වන්නේ කෙසේද? යන මැයෙන් (පසුගිය ජනවාරි 16 අඟහරුවාදා කොළඹ 08, කොටා රෝඩ් හි...
Views - 440

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 7056

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 4632

Please publish modules in offcanvas position.

X

Right Click

No right click