Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

යෙසිත් සහ නුමුතුගෙන් වාර්තාගත පිතිහරඹයක්

වෙළෙඳ සේවා ක්‍රිකට් සංගමය 12වැනි වරටත් පවත්වනු ලබන “වෙළෙඳ සේවා ඇකඩමි කනිෂ්ඨ ක්‍රිකට් තරගාවලියේ අවු. 13න් පහළ තරගාවලියේදී ද්විත්ව ශතක වාර්තා කරමින් පළමු කඩුල්ලට ලකුණු 538ක නොබිඳුණු සම්බන්ධතාවයක් පැවැත්වීමට සී.සී.සී. ඇකඩමියේ යෙසිත් කළුපහන සහ නුමුතු ගුණවර්ධන සමත්වූහ.
මාලඹේ හොරයිසන් පිටියේ පැවැති තරගයේදී කෝල්ට්ස් ඇකඩමියට එරෙහිව ලකුණු 447ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට සී.සී.සී. ක්‍රිකට් ඇකඩමිය සමත්විය.
පන්දුවාර 30ක තරගයක් වූ මෙම තරගයේදී සී.සී.සී. පන්දුවාර 30දී කිසිවකු නොදැවී ලකුණු 538ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කෝල්ට්ස් ඉනිම පන්දුවාර 30දී ලකුණු 91කට සීමා විය.
සී.සී.සී. ආරම්භක පිතිකරුවන් වන යෙසිත් කළුපහන (පානදුර ලයිසියම් ජාත්‍යන්තර පාසල) පන්දු 90කදී හතරේ පහර 37ක් සහ හයේ පහර 18ක් සමගින් නොදැවී ලකුණු 287ක් රැස් කළ අතර, නුමුතු ගුණවර්ධන (බම්බලපිටිය ශා. පීතර) පන්දු 95කදී හතරේ පහර 22ක් සහ හයේ පහර 9ක් සමගින් නොදැවී ලකුණු 226ක් රැස් කළේය.
මෙම පිතිකරුවන් දෙදෙනා හතරේ සහ හයේ පහරවලින් පමණක් ලකුණු 398ක් (පන්දු 86කදී) රැස් කර තිබිම කැපී පෙනෙන සිදුවීමක් වන අතර, තරගයේ පන්දුවාරයකදී ලකුණු 18කට ආසන්න සාමාන්‍යයක් පවත්වා ගැනීමට සමත් වූහ.
 
ලකුණු තත්ත්වය :-
සී.සී.සී. ඇකඩමිය - කෝල්ට්ස් ක්‍රිකට් ඇකඩමිය සී.සී.සී. ක්‍රිකට් ඇකඩමිය: 538/0 (පන්දුවාර 30) යෙසිත් කළුපහන නොදැවී 287, නුමුතු ගුණවර්ධන නොදැවී 226
කෝල්ට්ස් ක්‍රිකට් ඇකඩමිය: 91 (පන්දුවාර 30) කෙවින් ගලගේපිටිය 26, මෙතිල් රුවන්පුර 24, විහාෂ් කරඳුවගේ 4/10, ප්‍රවාන් විලියම්ස් 3/15
සී.සී.සී. ක්‍රිකට් ඇකඩමියට ලකුණු 447ක ජයක්.
 
(පමෝද්)
IMAGE

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 5209

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 3628

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 5111

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 5732

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 6548

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 4048

Please publish modules in offcanvas position.

X

Right Click

No right click