Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

තියුණු සටනකට දෙපිලෙන්ම සැලසුම්

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය අද (13දා) මොහාලිහිදී පැවැත්වේ.
තරගය ශ්‍රී ලංකාවේ වේලාවෙන් පෙ.ව. 11.30ට ආරම්භ වීමට නියමිතව තිබුණද ධර්මසාලා සිට කණ්ඩායම් මොහාලි වෙත පැමිණීම ප්‍රමාද වීම හේතුවෙන් තරගය ප.ව. 1.30ට ආරම්භ වෙයි.
පළමු තරගයෙන් පසු ධර්මසාලාහි අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ගුවන් යානා ප්‍රමාද වීමෙන් දිනක් රැඳී සිටීමට කණ්ඩායම් දෙකටම සිදුවී තිබේ.
තරගාවලියේ පළමු තරගයෙන් විශිෂ්ට ජයක් හිමිකර ගත් ශ්‍රී ලංකාව මේ වන විට තරගාවලිය 1-0ක් ලෙස පෙරමුණේ පසුවෙයි. 
අද තරගය ජයගෙන තරගාවලිය ජය ගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා පිල සටනට අවතීර්ණ වෙයි. තරගාවලිය සමකර ගැනීමේ අරමුණින් ඉන්දියාව සටන් වදින බැවින් තියුණු තරගයක් අපේක්ෂා කෙරේ.
පළමු තරගයේ පරාජයෙන් පසු අදහස් දැක්වූ ඉන්දීය නායක රෝහිත් ෂර්මා පැවැසුවේ සිදුවූ වැරදි නිවැරදි කරගනිමින් දෙවැනි තරගයට මුහුණදෙන බවයි.
පළමු තරගය පරාජය වීම සියලුම ක්‍රීඩකයන්ගේ ඇස් ඇරවීමට සමත් වූ බවද ෂර්මා ප්‍රකාශ කර තිබුණි.
අද තරගයේදී ඉන්දීය පිතිකරණ අංශය ශක්තිමත් කිරීමට පළමු තරගයට ක්‍රීඩා නොකළ අජින්ක්යා රහානේ කණ්ඩායමට කැඳවන බව වාර්තා වේ. 
මේ අතර පළමු තරගයේ වීරයා වූ සුරංග ලක්මාල් අසනීප තත්ත්වයකට පත්වී ඇති බව වාර්තා වන අතර, ඔහු ක්‍රීඩා කිරීම 
පිළිබඳව අද පෙරවරුවේ තීරණය කිරීමට නියමිතව තිබේ.
ලක්මාල් ක්‍රීඩා නොකළහොත් එම ස්ථානය දුෂ්මන්ත චමීරට හිමිවන අතර, කුසල් ජනිත් හෝ සධීර සමරවික්‍රමට අද තරගයේදී ස්ථානයක් හිමිවීමට ඉඩකඩ ඇති බවද වාර්තා වේ.
කෙසේ වුවද තරගය ජයගත් කණ්ඩායමේ විශාල වෙනසක් සිදු නොවනු ඇතැයි විශ්වාස කෙරේ. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තෙවැනි එක්දින තරගය ලබන 17දා විශාඛාපට්නම්හිදී පැවැත්වේ. 
 
ශ්‍රී ලංකා එක්දින සංචිතය
තිසර පෙරේරා (නායක), ධනුෂ්ක ගුණතිලක, උපුල් තරංග, ඇන්ජලෝ මැතිව්ස්, නිරෝෂන් දික්වැල්ල, සධීර සමරවික්‍රම, අසේල ගුණරත්න, ධනංජය ද සිල්වා, ලහිරු තිරිමාන්න, සචිත් පතිරණ, චතුරංග ද සිල්වා, අකිල ධනංජය, සුරංග ලක්මාල්, 
දුෂ්මන්ත චමීර, නුවන් ප්‍රදීප්, කුසල් ජනිත් පෙරේරා 
 
ඉන්දීය එක්දින සංචිතය
රෝහිත් ෂර්මා (නායක), ෂිකර් ධවාන්, අජින්කෙයා රහානේ, ශ්‍රියාස් අයියර්, මනිෂ් පාන්ඩේ, කෙදර් ජදාව්, දිනේෂ් කාර්තික්, එම්.එස් දෝනි, හාර්දික් පාන්ඩ්යා, අක්ෂාර් පටෙල්, කුල්දීප් යදාව්, යස්වෙන්දර් චහාල්, ජස්ප්‍රිට් බුම්රා, බුවනේෂ්වර් කුමාර්, සිද්ධාර්ත් කවුල්
IMAGE

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 2460

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 2402

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 3911

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 4447

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 5278

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 3130

Please publish modules in offcanvas position.

X

Right Click

No right click