Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

රෙවාන්-සංදේශ් සහ ෂෙහාන්ගෙන් ශතක

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සිංගර් ශ්‍රී ලංකා සමාගමේ අනුග්‍රහය ඇතිව සංවිධානය කරන “සිංගර් කුසලාන” අවු. 19න් පහළ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේදී රෙවාන් කෙලී (කොළඹ ඩී.එස්.), පවන් සංදේශ් (දේවපතිරාජ) සහ ෂෙහාන් මලින්ද (දෙබරවැව ජාතික පාසල) ශතක වාර්තා කළ අතර, කෞමාල් නානායක්කාර (වේල්ස් කුමර) පන්දුවෙන් දස්කම් දැක්වීය.
රෙවාන් කෙලී කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයට එරෙහිව ලකුණු 121ක් රැස් කළ අතර, කෞමාල් නානායක්කාර කෑගල්ල ශා. මරියා විදුහලට එරෙහිව ලකුණු 36ට කඩුලු 7ක් බිඳ හෙළීය.
දේවපතිරාජ සහ දෙබරවැව ජාතික පාසල අතර තරගයේදී දේවපතිරාජය වෙනුවෙන් 14 හැවිරිදි පවන් සංදේශ් ලකුණු 121ක් වාර්තා කළ අතර, දෙබරවැව වෙනුවෙන් ෂෙහාන් මලින්ද ශතකයක් (100) වාර්තා කළේය.
කොළඹ ශා. ජෝශප් හමුවේ කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලය කඩුලු 7කින් පරාජය ලැබූ අතර, වේල්ස් කුමර විද්‍යාලය හමුවේ කෑගල්ල ශා. මරියා විද්‍යාලය ඉනිමකින් සහ ලකුණු 17කින් පරාජය ලැබිය.
ගංකන්ද මැදි විදුහලට එරෙහිව බණ්ඩාරවෙල මධ්‍ය මහා විදුහල ඉනිමක සහ ලකුණු 31ක ජයක් වාර්තා කළේය.  
 
ශා. ජෝශප්-කොළඹ ඩී. එස්. සේනානායක
ඩී. එස්. සේනානායක: පළමු
ඉනිම - 186 (පන්දුවාර 50.4) පසිඳු ආදිත්‍ය 41, දසුන් පෙරේරා 41, විහාන් ගුණසේකර 43, ශාලින්ද සෙනෙවිරත්න 5/45, අශේන් ඩැනියෙල් 5/61
ශා. ජෝශප්: පළමු ඉනිම - 258/8 (පන්දුවාර 66) රෙවාන් කෙලී 121, විරංග වික්‍රමගේ නොදැවී 46, සචින්ත රවිඳු 38, මෙතුෂාන් කුමාර 4/54, විහාන් ගුණසේකර 2/64 
ඩී. එස්. සේනානායක: දෙවැනි ඉනිම - 132 (පන්දුවාර 46) විහාන් ගුණසේකර 41, උවින් පීරිස් 36, ශාලින්ද සෙනෙවිරත්න 4/32, අශේන් ඩැනියෙල් 2/18
ශා. ජෝශප්: දෙවැනි ඉනිම - 61/3 (පන්දුවාර 17.5) කැමරන් දුරුගේ 20, මුදිත ලක්ෂාන් 2/21
කොළඹ ශා. ජෝශප් විද්‍යාලයට කඩුලු 7ක ජයක්.
 
වේල්ස් කුමර-කෑගල්ල ශාන්ත මරියා
වේල්ස් කුමර: පළමු ඉනිම - 177 (පන්දුවාර 48) විනුජ රන්පුල් 60, දේවක පීරිස් 51, සනෝජ් දර්ශික 20, අකලංක පෙතියාගොඩ 3/27, සංජය රංජිත් 3/28, සජීව රංජිත් 2/26, සුපුන් කුමාර 2/40
ශා. මරියා: පළමු ඉනිම - 75 (පන්දුවාර 25.3) නදුක ප්‍රනාන්දු 5/20, විනුජ රන්පුල් 2/24
ශා. මරියා: දෙවැනි ඉනිම - 85 (පන්දුවාර 45.3) සුජිත් කුමාර 21, කෞමාල් නානායක්කාර 7/36, සවිඳු පීරිස් 3/16
වේල්ස් කුමර විද්‍යාලයට ඉනිමක සහ ලකුණු 17ක ජයක්.
 
දෙබරවැව ජාතික පාසල-රත්ගම දේවපතිරාජ
දෙබරවැව: පළමු ඉනිම - 266 (පන්දුවාර 54.2) ෂෙහාන් මලින්ද 100, චානුක ආශිංසන 35, රවීන් යසස් 3/22, සුදීර වීරරත්න 2/11, පැතුම් මධුසංක 2/64
දේවපතිරාජ: පළමු ඉනිම - 108 (පන්දුවාර 36) පැතුම් මධුසංක 32, ජීවක ශෂීන් 19, සුදීර වීරරත්න 19, උෂාන් තිසාල් 5/18, චතුර  ජයනාත් 2/36
දේවපතිරාජ: දෙවැනි ඉනිම - 219/3 (පන්දුවාර 47) පවන් සංදේශ් 121, සුදීර වීරරත්න නොදැවී 32, ජීවක ශෂීන් 31, චතුර  ජයනාත් 3/73
තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය.
 
බණ්ඩාරවෙල මැදි විදුහල- ගංකන්ද මැදි විදුහල
බණ්ඩාරවෙල: පළමු ඉනිම - 179 (පන්දුවාර 39.4) චතුර සරත්චන්ද්‍ර 64, සදිත් රත්නායක 39, උදිත බණ්ඩාර නොදැවී 33, චතුරංග නයන 4/47, දිනූෂ සඳරුවන් 2/23, පුබුදු ශෂිමාල් 2/33
ගංකන්ද: පළමු ඉනිම - 52 (පන්දුවාර 24) ලක්ෂාන් ශාලින්ද 4/01, උදිත බණ්ඩාර 3/15, චරිත්‍ර බස්නායක 2/12
ගංකන්ද: දෙවැනි ඉනිම - 96 (පන්දුවාර 23.2) දිනූෂ සඳරුවන් 30, සචිත් මධුරංග 23, චරිත්‍ර බස්නායක 4/28, උදිත බණ්ඩාර 3/26, චතුර සරත්චන්ද්‍ර 2/28
බණ්ඩාරවෙල මැදි විදුහලට ඉනිමක සහ ලකුණු 31ක ජයක්.  
 
රාජකීය-ශා. සෙබස්තියන් 
ශා. සෙබස්තියන්: පළමු ඉනිම - 66 (පන්දුවාර 28.4) ඩිමාල් විජේසේකර 4/18, තරුෂ රුක්ෂාන් 3/19, කවිඳු මදරසිංහ 3/23
රාජකීය: පළමු ඉනිම - 245/9 (පන්දුවාර 61.2) භාග්‍ය දිසානායක 56, කවිඳු මදරසිංහ 48, කමිල් මිෂාර 42, අහන් වික්‍රමසිංහ 7, විනුජ රණසිංහ 3/69, තරුෂ ප්‍රනාන්දු 2/60
ශා. සෙබස්තියන්: දෙවැනි ඉනිම - 303/4 (පන්දුවාර 82) ශනෙල් ප්‍රනාන්දු 77, තරුෂ ප්‍රනාන්දු 75, සුඛිත ප්‍රසන්න 68, ජනුෂ්ක පෙරේරා 32
තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය.
 
රිච්මන්ඩ්-තර්ස්ටන් 
රිච්මන්ඩ්: පළමු ඉනිම - 226/9 (පන්දුවාර 71.2) අවිඳු තීක්ෂණ 64, ආදිත්‍ය සිරිවර්ධන 44, දිලුම් සුදීර 32, තවීෂ අභිෂේක් 22, නිපුන් ලක්ෂාන් 3/42, ශවන් ප්‍රභාෂ් 2/27, සඳරු ඩයස් 2/48
තර්ස්ටන්: පළමු ඉනිම - 132/3 (පන්දුවාර 31.3) යෙෂාන් වික්‍රමාරච්චි 66, යොහාන් සචිත 29, නිමේෂ් පෙරේරා 26, දිලුම් සුදීර 2/31
තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය.
 
පමෝද් ලසන්ත
IMAGE

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 2460

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 2402

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 3911

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 4447

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 5278

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 3130

Please publish modules in offcanvas position.

X

Right Click

No right click