Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

චිලව් මේරියන්ස්ට එන්.සී.සී. පරදියි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ප්‍රිමියර් ලීග් අන්තර් ක්‍රීඩා සමාජ ක්‍රිකට් තරගාවලියේ පළමු සති අන්තයේ පැවැති තරගවලදී පූර්ණ ජය වාර්තා කිරීමට චිලව් මේරියන්ස්, කෝල්ට්ස් සහ බි.ආර්.සී. සමත් විය.
චිලව් මේරියන්ස් සහ එන්.සී.සී. අතර තරගයේ එක් දිනයක් ඉතිරිව තිබියදී දෙවැනි දිනයේදී එන්.සී.සී. ලකුණු 94ක පරාජයක් ලැබිම කැපී පෙනෙන සිදුවීමක් විය.
කෝල්ට්ස් හමුවේ බ්ලූම්ෆීල්ඩ් ඉනිමක සහ ලකුණු 55ක පරාජයක් ලැබූ අතර, බි.ආර්.සී. හමුවේ වරාය අධිකාරිය ලකුණු 35ක පරාජයක් ලැබිය.
කෝල්ට්ස් ජයග්‍රහණය වෙනුවෙන් නොදැවී ලකුණු 168ක් රැස් කළ හෂාන් දුමිඳු පළමු සති අන්තයේ ඉනිමකදී රැස් කළ වැඩිම ලකුණුලාභියා බවට පත්වූ අතර, පළමු ඉනිමේදී ලකුණු 26ට කඩුලු 7ක් සහ දෙවැනි ඉනිමේදී ලකුණු 56ට කඩුලු 4ක්  සමගින් මුළු තරගයේදී ලකුණු 82ට කඩුලු 11ක් බිඳ හෙලූ ප්‍රභාත් ජයසූරිය වැඩිම කඩුලු ලාභියා විය.
චිලව් මේරියන්ස් ජයග්‍රහණය වෙනුවෙන් එන්.සී.සී. පිතිකරුවන්ට ප්‍රබල තර්ජනයක් එල්ල කළ මලින්ද පුෂ්පකුමාර මුළු තරගයේදී කඩුලු 8ක් බිඳ හෙලූ අතර, සචිත්‍ර සේරසිංහ කඩුලු 5ක් බිඳ හෙළීය.
මෙම තරගයේදී එන්.සී.සී. පි‍ලේ ලසිත් ඇඹුල්දෙණිය ඉනිම දෙකේදී කඩුලු 10ක් බිඳ හෙළීම කැපී පෙනුණි.
පළමු සති අන්තයේදී ශතක රැස් කිරීමට පිතිකරුවන් 9 දෙනෙක් සමත් වීම කැපී පෙනුණි. එහිදී ඇන්ඩි සොලමන්ස් (සැරසන්ස් - 152), ප්‍රිමෝෂ් පෙරේරා (මුවර්ස් - 142), මනෝජ් සරත්චන්ද්‍ර (ටැමිල් යූනියන් - නොදැවී 119), දසුන් ශානක (එස්.එස්.සී. - නොදැවී 114), ඉරෝෂ් සමරසූරිය (මුවර්ස් - 111), ගමිඳු කණිෂ්ක (සැරසන්ස් - 108), යොහාන් ද සිල්වා (වරාය අධිකාරිය - 103) පැතුම් නිශ්ශංක (බදුරලිය - 100) ශතක රැස් කිරීමට සමත් වූහ.
චිලව් මේරියන්ස්-එන්.සී.සී.
චිලව් මේරියන්ස්: පළමු ඉනිම - 206 (පන්දුවාර 53) කසුන් විදුර 50, රුක්ෂාන් ප්‍රනාන්දු 37, සචිත්‍ර සේරසිංහ 26, ලසිත් ඇඹුල්දෙණිය 5/66, ඇන්ජෙලෝ පෙරේරා 2/34
එන්.සී.සී.: පළමු ඉනිම - 128 (පන්දුවාර 39.5) මහේල උඩවත්ත 46, ළහිරු කුමාර 24, සචිත්‍ර සේරසිංහ 3/21, අසිත ප්‍රනාන්දු 3/30, මලින්ද පුෂ්පකුමාර 3/40
චිලව් මේරියන්ස්: දෙවැනි ඉනිම - 132 (පන්දුවාර 20.2) තික්ෂිල ද සිල්වා 37, ඕෂධ ප්‍රනාන්දු 24, ෂෙහාන් ජයසූරිය 21, ලසිත් ඇඹුල්දෙණිය 5/57, ළහිරු කුමාර 4/40
එන්.සී.සී.: දෙවැනි ඉනිම - 116 (පන්දුවාර 28) සඳුන් වීරක්කොඩි 32, භානුක රාජපක්ෂ 19, මලින්ද පුෂ්පකුමාර 5/25, සචිත්‍ර සේරසිංහ 4/48
චිලව් මේරියන්ස්ට ලකුණු 94ක ජයක්.
බි.ආර්.සී.-වරාය අධිකාරිය  
බි.ආර්.සී.: පළමු ඉනිම - 187 (පන්දුවාර 65.5) විකුම් සංජය 51, චාමිකර එදිරිසිංහ නොදැවී 24, මධුක ලියනපතිරණගේ 3/41, චානක කොමසාරු 3/40
වරාය අධිකාරිය: පළමු ඉනිම - 192 (පන්දුවාර 65.3) යොහාන් ද සිල්වා 103, මධුක ලියනපතිරණගේ 30, යශෝධ ලංකා 26, චාමිකර එදිරිසිංහ 3/40, සුරාජ් රන්දිව් 3/49, ටී.එම්. සම්පත් 2/25
බි.ආර්.සී.: දෙවැනි ඉනිම - 126 (පන්දුවාර 48.3) ලසිත් ලක්ෂාන් 48, මධුක ලියනපතිරණගේ 3/16, අදීල් මලික් 2/22
වරාය අධිකාරිය: දෙවැනි ඉනිම - 86 (පන්දුවාර 38.5) යශෝධ ලංකා 24, ටී.එම්. සම්පත් 3/18, විකුම් සංජය 2/19, චාමිකර එදිරිසිංහ 2/24
බි.ආර්.සී.ට ලකුණු 35ක ජයක්.
කෝල්ට්ස්-බ්ලූම්ෆීල්ඩ්
කෝල්ට්ස්: පළමු ඉනිම - 400 (පන්දුවාර 148.5) හෂාන් දුමිඳු නොදැවී 168, දිල්රුවන් පෙරේරා 60, සංගීත් කුරේ 37, ඇන්ජෙලෝ ජයසිංහ 26, මලිත් ද සිල්වා 5/105, ළහිරු ප්‍රනාන්දු 3/92
බ්ලූම්ෆීල්ඩ්: පළමු ඉනිම - 151 (පන්දුවාර 54.3) නිසල් ප්‍රැන්සිස්කෝ 33, නිපුන් කරුණානායක 28, ප්‍රභාත් ජයසූරිය 7/26
බ්ලූම්ෆීල්ඩ්: දෙවැනි ඉනිම - 194 (පන්දුවාර 56.5)
රමේෂ් මෙන්ඩිස් 52, නිපුන් හග්ගල්ල 51, දිල්රුවන් පෙරේරා 4/69, ප්‍රභාත් ජයසූරිය 4/56
කෝල්ට්ස්ට ඉනිමක සහ ලකුණු 55ක ජයක්.
ටැමිල් යූනියන්-බදුරලිය
ටැමිල් යූනියන්: පළමු ඉනිම - 332 (පන්දුවාර 93.1) මනෝජ් සරත්චන්ද්‍ර නොදැවී 119, ජීවන් මෙන්ඩිස් 77, සිතාර ගිම්හාන 43, බොබි ප්‍රනාන්දු 40, අලංකාර අසංක 5/106, ඩි‍ලේෂ් ගුණරත්න 3/83, නසීර් මලික් 2/57
බදුරලිය: පළමු ඉනිම - 196 (පන්දුවාර 64.1) පැතුම් නිශ්ශංක 100, අසංක සිල්වා 23, රමිත් රඹුක්වැල්ල 6/40, බොබි ප්‍රනාන්දු 2/26
ටැමිල් යූනියන්: දෙවැනි ඉනිම - 182/5 (පන්දුවාර 48.4) දිනෙත් තිමෝද්‍ය 68, බිනුර ප්‍රනාන්දු 54, ඩි‍ලේෂ් ගුණරත්න 2/55
බදුරලිය: දෙවැනි ඉනිම - 167/6 (පන්දුවාර 52) ඩිල්හාන් කුරේ 55, රමිඳු ද සිල්වා 43, ජෙහන්ගිර් මිර්ෂා 34, රමිත් රඹුක්වැල්ල 2/62
තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය.
මුවර්ස්-සැරසන්ස්
සැරසන්ස්: පළමු ඉනිම - 432 (පන්දුවාර 102.3) ඇන්ඩි සොලමන්ස් 152, ගමිඳු
කණිෂ්ක 108, චතුර රන්දුණු 41, සචිත්‍ර පෙරේරා 33, තරිඳු රත්නායක 5/156, ශිරාන් ප්‍රනාන්දු 4/111
මුවර්ස්: පළමු ඉනිම - 375 (පන්දුවාර 103.2) ප්‍රිමෝෂ් පෙරේරා 142, ඉරෝෂ් සමරසූරිය 111, සහන් විජේරත්න 43, රොෂාන් ජයතිස්ස 4/53, සචිත්‍ර පෙරේරා 3/67, චතුර රන්දුණු 2/92
සැරසන්ස්: දෙවැනි ඉනිම - 208/7 (පන්දුවාර 57) නවිඳු නිර්මාල් නොදැවී 70, සචිත්‍ර පෙරේරා 50, සාලිය සමන් 34, ශිරාන් අප්‍රනාන්දු 2/21, සුපේෂල ජයතිලක 2/37, තරිඳු රත්නායක 2/105
තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය.
රාගම-එස්.එස්.සී.
රාගම: පළමු ඉනිම - 187 (පන්දුවාර 66.4) උදාර ජයසුන්දර 71, ෂෙහාන් ප්‍රනාන්දු 47, ජෙෆ්රි වැන්ඩසේ 5/63, සචිත්‍ර සේනානායක 3/25
එස්.එස්.සී.: පළමු ඉනිම - 307/6 (පන්දුවාර 76) දසුන් ශානක නොදැවී 114, මිලින්ද සිරිවර්ධන 60, කෞෂාල් සිල්වා 45, සම්මු අශාන් 23, අමිල අ‍පෝන්සු 4/129
රාගම: දෙවැනි ඉනිම - 156/5 (පන්දුවාර 52) ළහිරු මිලන්ත 61, ෂෙහාන් ප්‍රනාන්දු 50, චරිත් අසලංක 3/26
තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය.

පමෝද් ලසන්ත

IMAGE

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 1496

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 1775

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 3033

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 1620

SMS මිස්කෝල් ෆෙස්බුක් නිසා කාන්තාවන් 26%ක් ගුටිකති

IMAGE 2018 Jan 15 08:37
සැමියා පහරදීම නිසා කාන්තාවන්ගෙන් සියයට විසිහයක් හිංසනයට ලක්ව ඇත්තේ ජංගම දුරකථනවලට එන කෙටි...
Views - 1943

හැන්දෑවට හඩා වැටෙන සියඹලාගසේ භූතයා

IMAGE 2018 Jan 14 13:05
නිකවැරටියට ආසන්න පිටිසරබද ගම්මානයක භූතයකු අරක්ගත් සියඹලා ගසක් පිළිබඳව මීට වසර කිහිපයකට පෙර...
Views - 3517

Please publish modules in offcanvas position.

Web Analytics
X

Right Click

No right click