Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

ඉන්දියාවේදී කළ දස්කම් ගැන ක්‍රිකට් සභාපතිගෙන් පැසසුම්

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පසුගියදා අවසන් වූ ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දැක්වූ    උනන්දුව, කැපවීම ක්‍රීඩා කෞෂල්‍යය තමා ඉතාමත් අගය කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල  මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
ලෝකයේ අංක එක ස්ථානයේ රැඳී සිටින ඉන්දීය   ටෙස්ට් කණ්ඩායම හමුවේ  ඔවුන්ගේ රටේ ඔවුන්ගේම තණතිලිවල ඉතා දැඩි පීඩනයක් යටතේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දැක්වූ දක්ෂතාව, උනන්දුව, උත්සාහය, ආත්ම විශ්වාසයද විශේෂයෙන්ම ක්‍රීඩාවේ ජීවගුණය රැක ගැනීමට ක්‍රියා කළ ආකාරයද ලෝකයේ ඕනෑම කණ්ඩායමකට ආදර්ශයක් බවද සභාපතිවරයා මෙම නිවේදනයේ සඳහන් කර තිබේ.
පසුගියදා ඉන්දියාව සමග පැවැති තුන්වන ටෙස්ට් තරගය ජය පරාජයකින් තොරව අවසන් කිරීමත් සමගම ශ්‍රී ලංකාව ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල ප්‍රසාද ලකුණු දෙකක් ලබාගැනීමට සමත්වී ඇත. ඒ අනුව ශ්‍රී ලංකාව දැනට ලකුණු 96ක් ලබා තුන්වැනි ස්ථානයේ රැඳී සිටින එංගලන්තයට වඩා එක ලකුණක් පමණක් පසුපසින් සිටී. ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ඉන්දියාවේදී දැක්වූ දක්ෂතා දෙස බලන විට ලංකා කණ්ඩායමට ක්‍රිකට් වර්ගීකරණයන් අතර අංක එක අතරට සුළු කාලෙකින්ම ළඟා විය හැකි බවට තමාගේ විශ්වාසය බවද එහි තවදුරටත් සඳහන්ව තිබේ.
මෙම සංචාරයේ පළමු තරගයේ පළමු ඉනිමේදී සුරංග ලක්මාල්ගේ වාර්තාගත පන්දු යැවීමත් ශතක හා අර්ධ ශතක ලබමින් ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් ලකුණු අතරට පැමිණීමත් පැසසුමට ලක් කරන සභාපතිවරයා මේ සඳහා මනා සහයෝගයක් දුන් පුහුණුකරු නික් ‍පොතාස්ට සහ කළමනාකරු අසංක ගුරුසිංහ දෙපළටද තම ස්තූතිය පුදකර සිටින අතර ඉදිරි එක්දින තරග මාලාවේදී ශ්‍රී ලංකා කණ්ඩායම සුපුරුදු දක්ෂතා අතරට එනු ඇති බවට තම විශ්වාසය පළකර සිටී.
 

IMAGE

බ්‍රොයිලර් කාපුවාම හෘද රෝග-දියවැඩියාව හැදෙනවාමයි

IMAGE 2018 Jan 21 11:38
කුකුළු මස් සහ පීකුදු ආහාරයට ගැනීම පිළිබඳ මේ දිනවල සමාජයේ උණුසුම් කතිකාවක් ගොඩ නැගෙමින් පවතී....
Views - 56

‍ජ්‍යොතිෂය පට්ටපල් බොරුවක්

IMAGE 2018 Jan 21 10:29
ජ්‍යොතිෂය මිථ්‍යාවක් වන්නේ කෙසේද? යන මැයෙන් (පසුගිය ජනවාරි 16 අඟහරුවාදා කොළඹ 08, කොටා රෝඩ් හි...
Views - 205

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 6926

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 4543

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 6031

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 6721

Please publish modules in offcanvas position.

X

Right Click

No right click