Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

ධනංජය ඇතුළු පිතිකරුවෝ ශ්‍රී ලංකාවේ ගෞරවය රැක ගනිති

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර නවදිල්ලියේදී පැවැති තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය විශිෂ්ට සටනකින් පසු ජය පරාජයෙන් තොරව අවසන් කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.
ලකුණු 410ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකාව සිව්වැනි දිනය අවසන් වන විට ලකුණු 31ට කඩුලු 3ක් දැවී අසීරු තත්ත්වයකට පත්ව සිටියද ඊයේ (6දා) තියුණු සටනක් දුන් ශ්‍රී ලංකා පිතිකරුවෝ ගෞරවාන්විතව තරගය අවසන් කළහ.
මෙම ඉනිමේදී සුපිරි පිතිහරඹයක නිරත වූ ධනංජය ද සිල්වා සිය තෙවැනි ටෙස්ට් ශතකය වාර්තා කරමින් පන්දු 219කදී හතරේ පහර 15ක් සහ එක් හයේ පහරක් සහිතව ලකුණු 119ක් ලබා ආබාධයක් හේතුවෙන් පිටියෙන් ඉවත් විය.
ඊයේ පෙරවරුවේ ඇන්ජලෝ මතිව්ස් 1 ලකුණකට දැවී යාමත් සමග ලකුණු 35ක් තුළ කඩුලු 4ක් බිඳ වැටුණු නමුත් පිටියේ එක්වූ ධනංජය සහ චන්දිමාල් 5 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 112ක විශිෂ්ට සම්බන්ධතාවක් තැබිමට සමත් වූහ.
ඇෂ්වින්ගේ පන්දුවක් හමුවේ චන්දිමාල් ලකුණු 36කට දැවී යාමෙන් පසු ධනංජයට එක්වූ රොෂේන් සිල්වා ලකුණු 58ක සම්බන්ධතාවක් පවත්වමින් තිබියදී ධනංජය ආබාධයක් හේතුවෙන් පිටියෙන් ඉවත් විය.
ඉන්පසු ඉනිමේ වගකීම කරට ගත් රොෂේන් සිල්වා සහ නිරෝෂන් දික්වැල්ල 6 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 94ක නොබිඳුණු සම්බන්ධතාවක් තබමින් ශ්‍රී ලංකාවේ ගෞරවය රැක ගැනීමට සමත් වූහ.
සිය මංගල ටෙස්ට් තරගයේදී අර්ධ ශතකයක් වාර්තා කළ රොෂේන් සිල්වා පන්දු 154 කදී හතරේ පහර 11ක් සහිතව නොදැවී ලකුණු 74ක් ලබාගත් අතර,නිරෝෂන් දික්වැල්ල පන්දු 72කදී හතරේ පහර 6ක් සහිතව නොදැවී ලකුණු 44ක් ලබා සිටියේය.
ඉන්දියාව වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ රවින්ද්‍ර ජඩේජා ලකුණු 81ට කඩුලු 3ක් බිඳ හෙලූ අතර, මොහොමඩ් ෂමී සහ රවිචන්ද්‍රන් ඇෂ්වින් එක් කඩුල්ල බැගින් බිඳ හෙලූහ.
තරගයේ වීරයා සහ  තරගාවලියේ වීරයා ලෙස විරාත් කෝලි සම්මාන ලැබිය.

ලකුණු පුවරුව

ඉන්දියාව මුල් ඉනිම - 536/7යි
මුරලි විජේ 155, විරාත් කෝලි 243, රෝහිත් ෂර්මා 65,
ලහිරු ගමගේ 95/2, ලක්ෂාන් සඳකැන් 167/4
ශ්‍රී ලංකාව මුල් ඉනිම - 373යි
දිල්රුවන් පෙරේරා 42, ඇන්ජලෝ මැතිව්ස් 111,
දිනේෂ් චන්දිමාල් 164, සධීර සමරවික්‍රම 33, මොහොඩ් ෂමී 85/2, ඉෂන්ට් ෂර්මා 98/3, රවින්ද්‍ර ජඩේජා 86/2, රවිචන්ද්‍රන් ඇෂ්වින් 90/3
ඉන්දියාව දෙවැනි ඉනිම - 246/5යි
ෂිකර් ධවාන් 67, චෙටස්වර් පුජාරා 49,  විරාත් කෝලි 50, රෝහිත් ෂර්මා (නොදැවී) 50
ශ්‍රී ලංකාව දෙවැනි ඉනිම
දිමුත් කරුණාරත්න ඇ. සහා ප. ජඩේජා13
සධීර සමරවික්‍රම ඇ. රහානේ ප. ෂමී 5
ධනංජය ද සිල්වා (පිටියෙන් ඉවත්ව ගියා)119
සුරංග ලක්මාල් ප. ජඩේජා0
ඇන්ජලෝ මැතිව්ස් ඇ. රහානේ ප. ජඩේජා1
දිනේෂ් චන්දිමාල් ප. ඇෂ්වින් 36
රොෂේන් සිල්වා (නොදැවී)74
නිරෝෂන් දික්වැල්ල (නොදැවී)44
අතිරේක 7
මුළු ලකුණු (පන්දුවාර 103 කදී කඩුලු 5ක් දැවී)299
කඩුලු බිඳ වැටීම :- 1-14, 2-31, 3-31, 4-35, 5-147,  
පන්දු යැවීම :- ඉෂන්ට් ෂර්මා 13-2-32-0, මොහොමඩ් ෂමී 15-6-50-1, රවිචන්ද්‍රන් ඇෂ්වින් 35-3-126-1, රවින්ද්‍ර ජඩේජා 38-13-81-3, මුරලි විජේ. 1-0-3-0, විරාත් කෝලි 1-0-1-0

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

තනුජා සිරස හැර යයි

IMAGE 2017 Dec 17 12:25
පෞද්ගලික රූපවාහිනී නාලිකා මේ රටේ ඇති කළ වෙනස තුළ බිහි වූ ප්‍රබල චරිතයක් තමයි තනුජා ජයවර්ධන...
Views - 1711

මගේ ගීත ගායනා කරන්න එපා වික්ටර්ගෙන් පුතුන්ට නියෝගයක්

IMAGE 2017 Dec 17 11:32
නව පරපුරේ සංගීතවේදියකු වන ඉරාජ් වීරරත්න මීට මාස කිහිපයකට පෙර නිර්මාණය කළ දැණුනා නම්වූ...
Views - 1733

රුපියල් දහසේ නෝට්ටු මවන භූතයෙක්

IMAGE 2017 Dec 17 10:13
නිවෙස්වලට කඩාවැදී ගෙහිමියන්ට වින පමුණුවන භූතයන් ගැන අපි කොතෙකුත් අසා ඇත්තෙමු. එහෙත්,...
Views - 1014

ෆේස්බුක් එකෙන් ඔබේ හිතේ ලෙඩ ගැනත් කියන්න පුළුවන්

IMAGE 2017 Dec 15 10:42
ඔබටත් ෆේස්බුක් ගිණුමක් තිබෙනවාද? එසේ ගිණුමක් තිබෙනවා නම් ඔබ ඒ සඳහා දවසකට; සතියකට හෝ මාසයකට පැය...
Views - 2558

සුද්දන්ට උණවටුන එපා කරවන ඩිස්කෝ ඩාන්ස්

IMAGE 2017 Dec 14 07:56
ආචාර්ය ආතර් සී. ක්ලාක් විද්වතා පවසන ආකාරයට උණවටුන වෙරළ තීරය ලෝකයේ ඇති දර්ශනීය වෙරළ දොළහෙන්...
Views - 4015

ගැබිණි නිලධාරිනිය අධ්‍යක්ෂක හා 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Dec 13 10:33
ඔහු මෙරට ප්‍රමුඛතම සමාගමක අධ්‍යක්ෂ වරයෙකි. වයස අවුරුදු 40 ක් පමණ වන ඔහු දරු දෙදෙනෙකුගේ පියෙක්...
Views - 10165

Please publish modules in offcanvas position.