Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

කඩුලු 3ක් බිඳ වැටුණු ශ්‍රී ලංකාවට අද අසීරු අභියෝගයක්

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දිල්ලියේදී පැවැත්වෙන තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය වූ ඊයේ (5දා) ලකුණු 410ක ඉලක්කයක් හඹා යන ශ්‍රී ලංකාව දිනය අවසන් වන විට කඩුලු 3කට ලකුණු 31ක් ලබා අසීරු තත්ත්වයකට පත්ව සිටියේය.
ඊයේ පෙරවරුවේ ශ්‍රී ලංකා මුල් ඉනිම ලකුණු 373කට සීමා වූ අතර, දිනේෂ් චන්දිමාල් සිය ටෙස්ට් දිවියේ වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා කරමින් ලකුණු 164ක් රැස් කිරීමට සමත් විය.
සිය දෙවැනි ඉනිම ඇරඹූ ඉන්දියාව කඩුලු 5ට ලකුණු 246ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවමින් ශ්‍රී ලංකාවට ලකුණු 410ක ඉලක්කයක් ලබා දුන්නේය.
ලකුණු හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා පි‍ලේ පළමු කඩුල්ල ලෙස සධීර සමරවික්‍රම ලකුණු 5කට පිටියෙන් ඉවත් කිරීමට මොහොමඩ් ෂමී සමත් වූ අතර, ඉනිමේ 16 වැනි පන්දුවාරයේදී දිමුත් කරුණාරත්න ලකුණු 13කට දවාගත් රවින්ද්‍ර ජඩේජා සුරංග ලක්මාල්ව ලකුණු නොලබාම දවා ගැනීමෙන් කඩුලු 3ක් ලකුණු 31ක් තුළ බිඳ වැටුණි.
දිනය අවසන් වන විට ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 13ක්ද, ඇන්ජලෝ මැතිව්ස් ලකුණු නොලබාද කඩුල්‍ලේ රැඳී සිටියි.
ඉන්දීය දෙවැනි ඉනිම වෙනුවෙන් ෂිකර් ධවාන්, විරාත් කෝලි සහ රෝහිත් ෂර්මා වේගවත් අර්ධ ශතක වාර්තා කිරීමට සමත් වූ අතර, ලකුණු 49ක් ලැබූ පුජාරාට අර්ධ ශතකය අහිමි විය.
මුරලි විජේ ලකුණු 9කට දවා ගැනීමට ලක්මාල් සමත් වූ අතර, යළිත් අසාර්ථක වූ අජින්කෙයා රහානේ ලකුණු 10කට පිටියෙන් ඉවත් කිරීමට දිල්රුවන් පෙරේරා සමත් විය.
ඉන්පසු පිටියේ එක්වූ ෂිකර් ධවාන් සහ පුජාරා තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 77ක සම්බන්ධතාවක් තැබිමෙන් පසු ධනංජයගේ පන්දුවක් හමුවේ පුජාරා ලකුණු 49කට දැවී ගියේය.
ඉන්පසු ක්‍රියාත්මක වූ ලක්ෂාන් සඳකැන් පන්දු 91කදී හතරේ පහර 5ක් සහ එක් හයේ පහරක් සහිතව ලකුණු 67ක් ලැබූ ෂිකර් ධවාන් දවා ගැනීමෙන් ඉන්දියාවේ සිව්වැනි කඩුල්ල ලකුණු 144දී බිඳ වැටුණි.
ඉන්පසු පිටියේ එක්වූ නායක කෝලි සහ රෝහිත් ෂර්මා 5 වැනි කඩුල්ල වෙනුවෙන් වේගවත් ලකුණු 90ක සම්බන්ධතාවක් තැබූ අතර, පන්දු 58කදී ලකුණු 50ක් ලැබූ කෝලි දවා ගැනීමට ලහිරු ගමගේ සමත් විය.
පන්දු 49කදී හතරේ පහර 5ක් සහිතව නොදැවී ලකුණු 50ක් ලබා ගැනීමට රෝහිත් 
ෂර්මා සමත් වීමත් සමගම ඉනිම අත්හිටුවීමට විරාත් කෝලි තීරණය කළේය.
අද තරගයේ අවසන් දිනයයි.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

තනුජා සිරස හැර යයි

IMAGE 2017 Dec 17 12:25
පෞද්ගලික රූපවාහිනී නාලිකා මේ රටේ ඇති කළ වෙනස තුළ බිහි වූ ප්‍රබල චරිතයක් තමයි තනුජා ජයවර්ධන...
Views - 1711

මගේ ගීත ගායනා කරන්න එපා වික්ටර්ගෙන් පුතුන්ට නියෝගයක්

IMAGE 2017 Dec 17 11:32
නව පරපුරේ සංගීතවේදියකු වන ඉරාජ් වීරරත්න මීට මාස කිහිපයකට පෙර නිර්මාණය කළ දැණුනා නම්වූ...
Views - 1733

රුපියල් දහසේ නෝට්ටු මවන භූතයෙක්

IMAGE 2017 Dec 17 10:13
නිවෙස්වලට කඩාවැදී ගෙහිමියන්ට වින පමුණුවන භූතයන් ගැන අපි කොතෙකුත් අසා ඇත්තෙමු. එහෙත්,...
Views - 1014

ෆේස්බුක් එකෙන් ඔබේ හිතේ ලෙඩ ගැනත් කියන්න පුළුවන්

IMAGE 2017 Dec 15 10:42
ඔබටත් ෆේස්බුක් ගිණුමක් තිබෙනවාද? එසේ ගිණුමක් තිබෙනවා නම් ඔබ ඒ සඳහා දවසකට; සතියකට හෝ මාසයකට පැය...
Views - 2558

සුද්දන්ට උණවටුන එපා කරවන ඩිස්කෝ ඩාන්ස්

IMAGE 2017 Dec 14 07:56
ආචාර්ය ආතර් සී. ක්ලාක් විද්වතා පවසන ආකාරයට උණවටුන වෙරළ තීරය ලෝකයේ ඇති දර්ශනීය වෙරළ දොළහෙන්...
Views - 4015

ගැබිණි නිලධාරිනිය අධ්‍යක්ෂක හා 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Dec 13 10:33
ඔහු මෙරට ප්‍රමුඛතම සමාගමක අධ්‍යක්ෂ වරයෙකි. වයස අවුරුදු 40 ක් පමණ වන ඔහු දරු දෙදෙනෙකුගේ පියෙක්...
Views - 10165

Please publish modules in offcanvas position.