Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඉන්දියාවට ඉනිමක ජයක්

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර නාග්පූර්හි පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඉනිමක සහ ලකුණු 239ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට ඉන්දියාව ඊයේ (27දා) සමත් විය.
ලකුණු 405ක් පසුපසින් සිට දෙවැනි ඉනිම ඇරඹූ ශ්‍රී ලංකා පිතිකරුවන්ට ඊයේ දෙවැනි ඉනිම වෙනුවෙන් ලබාගත හැකිවූයේ ලකුණු 166ක් පමණි.
මේ අනුව ඉන්දියාව තරග 3කින් සමන්විත තරගාවලිය තරග 1-0ක් ලෙස පෙරමුණ ගෙන සිටියි.මෙම තරගයේදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් ඉනිම දෙකේදීම කඩුලු 8ක් බිඳ හෙලූ රවිචන්ද්‍රන් ඇෂ්වින් ලොව වේගයෙන්ම කඩුලු 300 සීමාව පසුකළ පන්දු යවන්නා බවට ඊයේ පත්විය.
ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේදී සාර්ථක ඉනිමක් ක්‍රීඩා කළ එකම පිතිකරුවා වූ දිනේෂ් චන්දිමාල් පන්දු 82කදී හතරේ පහර 10ක් සහිතව ලකුණු 61ක් වාර්තා කිරීමට සමත් විය.චන්දිමාල් සහ ලක්මාල් අතර 9 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 58ක සම්බන්ධතාවක් වාර්තා වූ අතර, ලක්මාල් නොදැවී ලකුණ 31ක් ලබා සිටියේය.
ඉන්දියාව වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ රවිචන්ද්‍රන් ඇෂ්වින් ලකුණු 63ට කඩුලු 4ක් බිඳ හෙලූ අතර, ඉෂන්ට් ෂර්මා, රවින්ද්‍ර ජඩේජා සහ උමේෂ් යදාව් කඩුලු 2 බැගින් බිඳ හෙලූහ.
මෙම තරගයේදී සිය පස්වැනි ද්විත්ව ශතකය වාර්තා කළ ඉන්දීය නායක විරාත් කෝලි තරගයේ වීරයා ලෙස නම් කරනු ලැබිය.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තෙවැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ලබන 2දා දිල්ලියේදී ආරම්භ වෙයි.

ලකුණු පුවරුව
ශ්‍රී ලංකාව මුල් ඉනිම - 205 යි
දිමුත් 51, චන්දිමාල් 57, ඇෂ්වින් 67/4, ජඩේජා 56/3,
ෂර්මා 37/3
ඉන්දියාව මුල් ඉනිම - 610/6යි
මුරලි විජේ 128, පුජාරා 143, කෝලි 213,
ෂර්මා (නොදැවී) 102, දිල්රුවන් 202/3
ශ්‍රී ලංකාව දෙවැනි ඉනිම
සධීර සමරවික්‍රම ප. ෂර්මා0
දිමුත් කරුණාරත්න ඇ. විජේ. ප. ජඩේජා 18
ලහිරු තිරිමාන්න ඇ. ජඩේජා ප. යදාව් 23
ඇන්ජලෝ මැතිව්ස් ඇ, ෂර්මා ප. ජඩේජා 10
දිනේෂ් චන්දිමාල් ඇ. ඇෂ්වින් ප. යදාව් 61
නිරෝෂන් දික්වැල්ල ඇ. කෝලි ප. ෂර්මා 4
දසුන් ශානක ඇ. රාහුල් ප. ඇෂ්වින් 17
දිල්රුවන් පෙරේරා ක.මු.ක. ප. ඇෂ්වින් 0
රංගන හේරත් ඇ. රහානේ ප. ඇෂ්වින් 0
සුරංග ලක්මාල් (නොදැවී) 31
ලහිරු ගමගේ ප. ඇෂ්වින් 0
අතිරේක 2
මුළු ලකුණු (පන්දුවාර 49.3කදී සියලු දෙනා දැවී)166
කඩුලු බිඳ වැටීම :- 1-0, 2-34, 3-48, 4-48, 5-75, 6-102, 7-107, 8-107, 9-165, 10-166
පන්දු යැවීම :- ඉෂන්ට් ෂර්මා 12-4-43-2, රවිචන්ද්‍රන්
ඇෂ්වින් 17.3-4-63-4, රවින්ද්‍ර ජඩේජා 11-5-28-2,
උමේෂ් යදාව් 9-2-30-2

IMAGE

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 4587

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 3298

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 4784

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 5392

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 6217

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 3796

Please publish modules in offcanvas position.

X

Right Click

No right click