Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

පාකිස්තානය ටෙස්ට් තරගාවලියේදී පරාජය කිරීම අති විශිෂ්ට ජයක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පාකිස්තානයට එරෙහිව ලැබූ ටෙස්ට් තරගාවලි ජය ඉතා විශිෂ්ට ජයග්‍රහණයක් බව ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් ඊයේ (31දා) ක්‍රිකට් ආයතනයේ පැවැති මාධ්‍ය හමුවේදී පැවැසීය.
මෙම ජයග්‍රහණය පිළිබඳව මුලින්ම තමන්ගේ සගයන්ට ස්තුතිය පිරිනමන බව පැවැසූ චන්දිමාල් ඔවුන් සියලු දෙනා තමන්ගේ වගකීම් හොඳින් ඉටුකළ බවද පවසයි.
එක්දින තරගාවලියේදී ලකුණු අතරට පැමිණීමට නොහැකි වීම පිළිබඳව සිය කනගාටුව ප්‍රකාශ කළ චන්දිමාල් තමන්ට මීට වඩා දෙයක් එක්දින කණ්ඩායමට ලබා දීමට තිබූ බවද සඳහන් කළේය.
තරගාවලියට පෙර ‘මෑණියන්’ කෙනෙකු ළඟට යාම පිළිබඳව මාධ්‍ය නැගූ පැනයකට පිළිතුරු දෙමින් චන්දිමාල් පවසා සිටියේ ඕනෑම අයෙකුට ඕනෑම ආගමක් ඇදහීමේ නිදහසක් ඇති බවත්, ඕනෑම පුද්ගලයකු ආශිර්වාද ලබා ගැනීම වරදක් නොවන බවත්, එම ‘මෑණියන්’ තම මිතුරකුගේ මවක් වන බැවින් ඇය වෙත ගොස් ආශිර්වාද ලබා ගත් බවයි. 
මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා එක්දින නායක උපුල් තරංග පවසා සිටියේ ශ්‍රී ලංකා පිල එක්දින තරගාවලිය ඉතාම දුර්වල විලාශයකින් ක්‍රීඩා කළ බවයි.
කිසිම පිතිකරුවකු තමන්ගේ වගකීම් ඉටු නොකළ බව පැවැසූ තරංග පන්දු යවන්නන් තමන්ගේ යුතුකම් මැනවින් ඉටු කරමින් හොඳින් ක්‍රීඩා කළ බව පවසයි.
තරගාවලියට පෙර පුහුණුකරු, කළමනාකරු සහ ‍‍‍ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් සාකච්ඡා කර සැලසුම් සකස් කළද ඒ සෑම සැලසුමක්ම අසාර්ථක වූ බව පැවැසූ උපුල් තරංග මේ වසරේදී එංගලන්තයේදී චැම්පියන්ස් කුසලාන දිනාගත් පාකිස්තානු කණ්ඩායම තුන් ඉරියව්වෙන්ම දක්ෂ කණ්ඩායමක් බව පවසයි.
පාකිස්තානයට එරෙහි 20-20 තරගාවලියේදී ශ්‍රී ලංකා පි‍ලේ නායකත්වය දැරූ තිසර පෙරේරා මෙහිදී අදහස් දක්වමින් පවසා සිටියේ තමන්ට ලැබුණු කණ්ඩායම පිළිබඳව සෑහීමකට පත්වන බවයි.
මෙම කණ්ඩායමේ 20-20 තරග 10කට වඩා ක්‍රීඩා කර සිටියේ තමන් ඇතුළුව තවත් ක්‍රීඩකයන් දෙදෙනකු පමණක් බව පැවැසූ තිසර පෙරේරා සෙසු ක්‍රීඩකයන්ට අත්දැකීම් තිබුණා නම් දෙවැනි 20-20 තරගය ජය ගත හැකිව තිබූ බව සඳහන් කළේය.
කණ්ඩායම නවකයන්ගෙන් සැදුම්ලත් වුවත් ඔවුන් ඉතා පරිණත බවක් පෙන්නූ බව පැවැසූ තිසර ලෝහෝර් තරගයට ලබාදුන් ආරක්ෂාව ඉතා ඉහළ මට්ටමක පැවැති බව පවසයි.
තරගාවලියට පෙර නවක ක්‍රීඩකයන් බොහෝ දෙනකු තමන්ගෙන් ලාහෝර් නගරයේ ආරක්ෂක තත්ත්වය පිළිබඳව විමසා සිටි බවත්, ඔවුන්ට ලාහෝර් නගරයේ ආරක්ෂක තත්ත්වය ඉතා යහපත් මට්ටමක පවතින බවට තමන් ලබාදුන් පිළිතුර පිළිබඳව නවක ක්‍රීඩකයන් විශ්වාසය තැබූ බවද සඳහන් කළේය.
මෙහිදී ශ්‍රී ලංකා පුහුණුකරු නික් ‍පෝතාස් මහතා සඳහන් කර සිටියේ පන්දු යැවීමේ අංශයෙන් ලෝකයේ අනෙක් රටවල් හා සමානව ශ්‍රී ලංකාව දස්කම් දැක්වුවත්,  පිතිකරණ අංශය පිළිබඳව ඉතාමත් කනගාටුවට පත්වෙන බවයි.
මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා සඳහන් කර සිටියේ ලබන 2018 වසරේ ජුනි මාසයේදී පාකිස්තානයේදී පැවැත්වීමට නියමිත ආසියානු කුසලාන අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලියට රටවල් 6ක් සහභාගි වීමට නියමිත බවත්, ඒ සඳහා ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ කණ්ඩායමක් සහභාගි කරවීමට සැලසුම්කර ඇති බවයි.
 
ප්‍රභාත් විදානපතිරණ 
IMAGE

බ්‍රොයිලර් කාපුවාම හෘද රෝග-දියවැඩියාව හැදෙනවාමයි

IMAGE 2018 Jan 21 11:38
කුකුළු මස් සහ පීකුදු ආහාරයට ගැනීම පිළිබඳ මේ දිනවල සමාජයේ උණුසුම් කතිකාවක් ගොඩ නැගෙමින් පවතී....
Views - 56

‍ජ්‍යොතිෂය පට්ටපල් බොරුවක්

IMAGE 2018 Jan 21 10:29
ජ්‍යොතිෂය මිථ්‍යාවක් වන්නේ කෙසේද? යන මැයෙන් (පසුගිය ජනවාරි 16 අඟහරුවාදා කොළඹ 08, කොටා රෝඩ් හි...
Views - 205

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 6927

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 4543

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 6031

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 6721

Please publish modules in offcanvas position.

X

Right Click

No right click